"සභාව නූතන පවුලේ අභියෝග දෙස බැලිය යුත්තේ කාරුණික හදවතින්" - පවුල් කතිකාවේ මාර්ගෝපදේශ ලියවිල්ල කියයි

"Families need the Church's message of mercy"



(2015 ජුනි 23)
මේ වසරේ පැවැත්වෙන පවුල පිලිබඳ රදගුරු කතිකාවේ  මාර්ගෝපදේශක ලේඛනය ඊයේ (ජුනි 23 අඟහරුවාදා) වතිකානය විසින් නිකුත් කෙරිණි. පවුල පිළිබඳව පන නැගී ඇති අතිශය උණුසුම් සහ ඇතැම්  විට ආන්දෝලනාත්මක ද වන මාතෘකා කිහිපයක් ද එම ලේඛනය මගින් පෙන්වා දී තිබේ. සමලිංගිකත්වය  හා දික්කසාද වී යළි විවාහ වූ පවුල් ඒ අතර ඇති මාතෘකා කිහිපයකි. සෑම පවුලකටම කතෝලික සභාවෙන් අවශ්‍ය වන්නේ දයා කරුණාව දැක්වීම මේ සමස්ත ගැටළු වලදී සභාවේ මෙහෙවර බව එම ලේඛනය කියයි.

"කතෝලික සභාව අද කල යුත්තේ නුතන පවුලේ ප්‍රායෝගික තත්වයන්ගෙන්  පටන් ගැනීමයි.අතිශයින්ම දුක් විඳින පවුල් වල සිට සියල්ලන්ට දයා කරුණාව අවශ්‍ය" යයි එහි සඳහන් වේ.

මෙවැනි ගැටළු ගැන කතා කිරීමේ දී සභාවේ විශ්වාස ධර්මය, ශීල ධර්මය වැනි ඉගැන්වීම් වල තරයේ එල්බගෙන, නූතන ගැටළු දෙස කරුණා දෙනෙතින් බැලීම ප්‍රතිඛේප කරන කොටස් වෙත ද  මෙම ලේඛනය මගින් පණිවිඩයක් ඉදිරිපත් කර තිබේ.

"දයා කරුණාව සභාවේ ඉගැන්වීම් පදනම් වී ඇති අනිවාර්ය සත්‍යතා වලට පටහැනි නොවේ. එසේ වුවද එය වඩාත් හොඳින් සන්නිවේදනය කල හැකිය. විශේෂයෙන් වෙන්වීම්, දික්කසාද සහ මිශ්‍ර විවාහ වැනි අසාමාන්‍ය පවුල් තත්ත්වයන් වලදී කරුණාව වඩා හොඳින් සන්නිවෙනාදය කල යුතුය. සභාවේ භූමිකාව වන්නේ,  එම්මාවුස් ගමට යන පාරේ දී   ක්‍රිස්තුන් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනා සමග ගමන් කළා සේ ගැටළු සහිත පවුල් කැටුව යාමයි."

"සභාව ගමන් සගයකු ලෙස පවුල් වලට සමීප වීම යනු විවිධාකාර හා ප්‍රඥාවන්ත  ආකල්ප ආරෝපණය කර ගැනීමයි.මෙහිදී සෑම පවුලකම ප්‍රීති සන්තෝෂ හා අපේක්ෂා ද ශාරීරික හා මානසික දුක් වේදනා ද දයාබරව බෙදා ගැනීමට සභාවට හැකි විය යුතු" යැයි  ලේඛනය සඳහන් කරයි.

“Instrumentum Laboris,” යනුවෙන් නම් කර ඇති මෙම ලේඛනය පවුල පිලිබඳ ලෝක රදගුරු කතිකාවේ කාර්ය සාධක ලියවිල්ල ලෙස සැලකේ. එනම් රදගුරු හිමිවරුන් ගේ සාකච්ඡාවලට කිසියම් සැලැස්මක් ඒ මගින් ඉදිරිපත් කරයි. එය සකස් කරන ලද්දේ වතිකානයේ රදගුරු කතිකාව සංවිධාන කිරීම භාර අංශය විසිනි.

දික්කසාද වූ පවුල් වලට හා සමලිංගික සම්බන්ධතා යොමුවක් ඇති අයට සභාවේ දයාවේ පණිවිඩය වඩා පැහැදිලිව සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව පසුගිය වසරේ පැවැති අතිවිශේෂ රදගුරු කතිකාව මගින් පෙන්වා දෙනු ලැබිණි. එම අවශ්‍යතාව යළි තහවුරු කරන මෙම ලේඛනය, මෙවැනි තත්ත්ව වල සිටින පුද්ගලයන්ට තමන් සභාවෙන් බැහැර කරනු ලැබ  ඇතැයි  යන හැඟීම ඇතිවීම වැළක්විය යුතු බව සඳහන් කරයි.

මේ වසරේ රදගුරු කතිකාව ඔක්තෝබර 4 සිට 25 වැනිදා දක්වා වතිකානයේ දී පැවැත්වේ."ක්‍රිස්තුන් වහන්සේ පවුලේ කැඳවීම සහ අබිරහස අනාවරණය කරන සේක" යන්නේ කතිකාවේ තේමාවයි. ලොව පුරා නියෝජිත රදගුරු හිමිවරුන් 200 දෙනකු පමණ ඊට සහභාගී වීමට නියමිතයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය