Posts

Showing posts from November, 2017

සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ මහා සංඝරත්නය හමුවෙයි; "සංස්කෘතික, වාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරමු": උන්වහන්සේලාගෙන් ඉල්ලයි

Image
Pope appeals to Buddhists and Catholics in Myanmar: "Be united to surmount all forms of misunderstanding, intolerance, prejudice and hatred.” පාප් වහන්සේ  අති පූජ්‍ය ආචාර්ය බුද්ධන්ත කුමාරාභීවංශ මහානායක ස්වාමීන් වහන්සේට ආචාර කළ අවස්ථාව  (2017 නොවැම්බර 29) "කාලාන්තරයක් පුරා විවිධ සංස්කෘතික, ජනවාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරන්නැයි"  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්යන්මාවේ බෞද්ධ සහ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම එක්සත් කම හා සමගිය ඇතිකරගැනීම සඳහා "සියලු ආකාරයේ වැරදි වටහා ගැනීම්, නොරිස්සීම්,  පූර්ව විනිශ්චයන් සහ වෛරය ජයගත යුතුව ඇති බව" එතුමා පෙන්වා දෙයි. මේ වන විට ම්‍යන්මාවේ අපෝස්තලික ගමනක යෙදී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එරට මහා සංඝරත්නයට නායකත්වය දෙන රාජ්‍ය කමිටුවේ නායක ස්වාමීන්වහන්සේ හමු වූ අවස්ථාවේය. මෙම හමුවට රාජ්‍ය බෞද්ධ නායක කමිටුවේ මහා නායක ස්වාමීන්වහන්සේ 47 නමක් වැඩම කර සිටියහ. 1980 දී මෙම නායක කමිටුව පිහිටුවන ලද්දේ එවකට පැවැති මිලිටරි රෙජීමය විසිනි. දැනට ම

සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ හමුදාපති මුණගැසෙයි: අධික උණුසුම නොතකා එතුමන් පිළිගන්නට විශාල ජනතාවක්

Image
Pope begins his Myanmar Apostolic Visit: Meets the powerful Military Commander  (2017 නොවැම්බර 27) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය අපෝස්තලික සංචාරය ආරම්භ කරමින් නොවැම්බර 27 වැනිදා  දහවල් යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ම්යන්මාවට පැමිණියේය. එහිදී එරට දේශපාලන සහ සභා නායකයන් විසින් පිළිගනු ලැබූ එතුමා යැංගොන් ගුවන් තොටුපලේ සිට අගරදගුරු නිවෙස දක්වා ගමන් කලේ රථ පෙරහරකිනි. එතුමන් පිළිගැනීම සඳහා මෙම මාර්ගය දෙපස  අගරදගුරු නිවෙස දක්වාම විශාල ජනතාවක්  රැස්ව සිටියහ. රට පුරා සෑම ප්‍රදේශයකින්ම ඔවුන් පැමිණ සිටි බව වතිකාන රේඩියෝව කියයි.ඔව්හු ම්යන්මා ජාතික කොඩි සහ වතිකාන  කොඩි ලෙලදෙමින් සුදොතුම් පියතුමන්ට ආචාර කරනු දක්නට පවතියි. ජනතාව රැස්ව සිටියේ එම අධික සුර්යතාපයද නොතකමිනි. ම්‍යන්මාවට පැමිණි ප්‍රථම පාප් වහන්සේ ලෙස එතුමා ඉතිහාසයට එක් වනු ඇත. කළින් සකස් කර තිබූ කාලසටහනට අනුව පාප්වහන්සේට මෙම ප්‍රථම දිනයේ කිසිදු වැඩසටහනක් යොදා තිබුනේ නැත. පැය 10ක ගුවන් ගමනකින් පසුව එතුමා සඳුදා සන්ධ්‍යාවේ  අගරදගුරු නිවසේදී විවේක ගනු ඇතැයි අපේක්ෂා කෙරින. එහෙත් එම සන්ධ්‍යාවේ  එතුමා ඉතා වැදගත් කාර්යයක නිරත

සුදොතුම් පියතුමා අතිශය සංවේදී අපෝස්තලික ගමනක් අරඹයි: ම්‍යන්මාවේ දී රෝහින්ග්‍යාවන්ට හිංසා කරන මිලිටරි නායකයාත් බංගලි දේශයේ දී රෝහින්ග්‍යා සරනාගතයනුත් මුණගැසෙයි

Image
Holy Father begins a highly sensitive Apostolic Journey in the Peripheries: meets controversial Military Chief in Myanmar and Rohingya refugees in Bangladesh  (2017 නොවැම්බර 26) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (නොවැම්බර 26) රෝමයේ වේලාවෙන් රාත්‍රී 7.40ට සිය පාප් ධුර කාලයේ අතිශය සංවේදීම අපෝස්තලික ගමනට ආරම්භ කරයි. එතුමා සඳුදා (27) ම්‍යන්මාවට සැපත් වන අතර එහි දින තුනක් ගත කොට නොවැම්බර් 30 වනදා එහි සිට බංගලි දේශය බලා පිටත්වෙයි. බංගලිදේශ චාරිකාව අවසන් වන්නේ දෙසැම්බර 2 සවස 4. 45ටයි. මෙම අපෝස්තලික ගමන සැලකෙන්නේ එතුමන් බොහෝ සෙයින් ආදරය කරන කතෝලික සභාවේ පර්යන්ත කරා ගමන් කිරීමක් ලෙසයි. මේ රටවල කතෝලික ජනගහනය ඉතා සුළුය. එසේම ඔව්හු විවිධ හිංසාවලට ද ලක්වෙති. එහෙත් ප්‍රැන්සිස් සුදතුම් පියතුමා මේ රටවලට සැපත් වන්නේ  නොසන්සුන් සහ සංවේදී අවස්ථාවකට මේ රටවල් දෙකම මුහුණ දී සිටිය දී  ය. එනම් රෝහින්ග්‍යා ජනයා අරභයා හටගෙන තිබෙන වාතාවරණයයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝහින්ග්යාවන්ට එල්ල කෙරෙන දැඩි හිංසා වලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැගු ආගමික නායකයෙකි. අනෙක් අතින් රෝහින්ග්‍යාවන්ට එරෙහිව දැඩි මර්දනකාරී මෙහෙය

පාප් වහන්සේගේ ලැම්බෝගිනිය වෙන්දේසියට - අරමුදල් අසරණයන් හා පීඩාවට පත්වූවන් වෙනුවෙන්

Image
Pope's newest gift to the poor, persecuted and the downtrodden - A "Papal Lamborghini"   (2017 නොවැම්බර 15) 'සුපිරි' ලැම්බෝගිනි මෝටර රථ 'සංවර්ධනය වෙමින් පවතින' ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන් හා ඔවුන් ගේ දරුවන් පරිහරණය කරන ලම්බෝගිනිය  පාප් වහන්සේට කදිම "පෝප් මොබයිල්" රථයක් බවටත්  පත්විය හැකිය.  ඉතාලියේ ලැම්බෝගිනි මෝටර රථ නිෂ්පාදකයන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට නොවැම්බර 15 වනදා අලුත්ම ලැම්බෝගිනි හුරකාන් රථයක් පිරිනැමුවේ මේ අරමුණිනි. එය භාරගෙන ඉතාලියේ ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමකට භාරදුන් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ එය වෙන්දේසි කොට එම මුදල තමාට ලබා දෙන ලෙසයි. මෙයින් ලැබෙන අරමුදල තමන් යටතේ ක්‍රියාත්මක වන දයා සේවා තුනකට පිරිනමීමට සුදොතුම් පියතුමා තීරණය කර තිබෙන බව වතිකානය අද ප්‍රකාශ කළේය. මෙම සුඛෝපභෝගී  මෝටර රථය පාප් වහන්සේ ගේ නිල වර්ණ වන ධවල පැහැය හා රන් රේඛා වලින් සමන්විතය. නොවැම්බර 15 දා බදාදා පොදු හමුවට පැමිණීමට පෙර ලැම්බෝගිනි නිෂ්පාදක සමාගමේ නියෝජිතයෝ මෙම රථය එතුමනට පිරිනැමුහ. එහි බොනට්ටුව මත සිය අත්සන යෙදූ එතුම

පළමුවන ජුවාම් පාවුළු-"සිනාසෙන පාප් තුමා"- ශාන්තුවර මගට; එතුමා "වන්දනීය" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි

Image
Pope declares John Paul I "Venerable"; Opens the way to Sainthood (2017 නොවැම්බර 9) "සිනාසෙන පාප් තුමා" යන ලබැඳි නාමයෙන්  හැඳින්වුණු පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා "කිතුනු ධර්මගුණ වික්‍රමාන්විත අයුරින්" ගත කර ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිල වශයෙන් පිළිගෙන තිබේ. එතුමා මෙම තීරණය නොවැම්බර 9 වන දින ප්‍රකාශයට පත් කල බව වතිකාන මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේය. මේ අනුව පළමුවන ජුවාම් පාවුළු පාප්තුමන් "වන්දනීය" නාමයෙන් හැඳින්වීමට ලොව පුරා කතෝලිකයනට අවකාශ ලැබේ. මෙය එතුමා සාන්තුවරයට පත් කිරීමේ ගමනේ ප්‍රධාන පියවරකි. ඊළඟට එතුමා භාග්‍යවරයට එසැවීම සඳහා එතුමන් ගේ මැදිහත් කමින් සිදු වූ ප්‍රාතිහාර්යයක් සුදොතුම් පියතුමා විසින් පිළිගත යුතු අතර ඉන්පසුව එතුමන් ශුද්ධවරයට එසවීම සඳහා තවත් ප්‍රාතිහාර්යයක් අවශ්‍ය වනු ඇත. එතුමන් ගේ ශාන්තුවර කෘත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ස්ටෙෆානියා ෆැලස්කා පවසන්නේ එතුමන් ගේ මැදිහත්කම ඇතිව සිදුකෙරුණු බව පැවසෙන "අසාමාන්‍ය සුවපත්වීම්" දෙකක් ගැන දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි.එහෙත් සභා නීතිය අනුව සාන්තුවරයට පත්කිරීමට යෝජ

ගිහි කාන්තාවෝ දෙදෙනෙක් වතිකාන පරිපාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරෙති

Image
Pope appoints two lay women to high ranking positions in the Roman Curia (2017 නොවැම්බර් 08)  වතිකානයේ සහ සභාවේ ඉහලම පරිපාලන ව්‍යුහය වන රෝම  කියුරියාවේ ඉහළ තනතුරු දෙකකට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතාලි ජාතික ගිහි කාන්තාවන් දෙදෙනෙකු පත්කර තිබේ. මහාචාර්ය ගාබ්‍රියෙලා ගැම්බිනෝ සහ ආචාර්ය ලින්ඩා ඝිසෝනි එම කාන්තා විද්වතුන් දෙදෙනායි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ජීවිතය පිලිබඳ කාර්යාලයේ උප ලේකම්වරිය ලෙස  මහාචාර්ය ගැම්බිනෝ මහත්මිය පත් කරනු ලැබ ඇති බව වතිකාන මාධ්‍ය කාර්යාලය ඉකුත් අඟහරුවාදා නිවේදනය කළේය. ආචාර්ය ලින්ඩා ඝිසෝනි මහත්මිය පත් කරනු ලැබ  සිටින්නේ එම දෙපාර්තමේන්තුවේම ගිහියා පිලිබඳ කාර්යාලයේ උප ලේකම් ලෙසය. මෙම තනතුරු දෙක එම දෙපාර්තමේන්තු නායකත්ව ධුරාවලියේ  තුන් වන තනතුරයි. ගිහි කාන්තාවන් රෝම කියුරියාවේ මෙතරම් ඉහල තනතුරකට පත්කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම පත්කිරීම් කාන්තාවනට රෝම පරිපාලනය තුළ ඉහල නායකත්වයක් ලබා දීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුල වන අධිෂ්ඨානය තව දුරටත් තහවුරු කරන්නක් බව  නිරීක්ෂකයෝ පවසති. මිලානෝ විශ්ව  ව

"යුද්ධයේ ඵලය මරණයයි; යළිත් යුද්ධයක් එපා!" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මළවුන් සිහිපත් කරමින් කියයි

Image
"The Fruit of war is death; Let there be no more war" - Pope prays for the end of war on All Souls Day (2017 නොවැම්බර 05) යුද්ධය විසින් ගෙන එනු ලබන ප්‍රචණ්ඩත්වය හා විනාශය අවසන් කරන්නැයි අප දෙවියන් වහන්සේට කන්නලව් කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. විශේෂයෙන් ම ලෝකය තවත් ගැටුමකට සූදානම් වෙමින් සිටින බව පෙනෙන්නට ඇති මෙම කාලයේ තවත් යුද ගැටුමකින් ලොව ගලවන්නැයි දෙවි හිමියනට කන්නලව් කරන ලෙස එතුමා සියලු කිතුනුවන් ගෙන් ඉල්ලා සිටියි. "ලෝකය යළිත් යුද්ධයකට මුහුණලා සිටියි. එය සූදානම් වන්නේ වඩා දරුණු යුද්ධයකට යාමටයි.එපා සමිඳුනි! යළිත් යුද්ධයක් එපා! යුද්ධයේ දී ලෝකයට සියල්ල අහිමි වෙයි......මළවුන් සිහිපත් කරන අප  අද කිව යුත්තේ මෙයයි.. විශේෂයෙන් ම යුද්ධයේ දී මියගිය යෞවන  යෞවනියන්  සිහිපත් කරන මෙතන දී අප කිව යුත්තේ යාච්ඥා කල යුත්තේ මේ සඳහායි..." යයි එතුමා කියා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනාව කලේ නොවැම්බර 2 වන දින මළවුන් ගේ මංගල්‍යය නිමිත්තෙන් පැවැති දිව්‍ය පුජා යාගයේ දීය. මෙවර සියලු ආත්මයන් ගේ දිනය හෙවත් මළවුන් ගේ දිනයේදී ප්‍රැන්සිස් ස

"සාන්තුවරු පරිපූර්ණ අය නොවේ. පාපයට එරෙහිව සටන් කරමින් දෙවියන් වහන්සේට සිය ජීවිත ස්පර්ශ කිරීමට ඉඩ දුන් අයයි" - සියලු සාන්තුවරයන් ගේ දින අනුශාසනය

Image
"Saints embraced the Light of God and passed it on to the world in different shades, fighting hard against stains of sin" - Pope's All Saints day Angelus meditation  (2017 නොවැම්බර 4) සාන්තුවරුනට අප ගෞරව කරන්නේ ඔවුන් සර්ව සම්පූර්ණ පුද්ගලයන් වූ නිසා හෝ ඔවුන් සියලු දේ නිවැරදිව කල නිසා නොවන බව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා පෙන්වා දෙයි. ඔවුන් අපගේ ගරු බුහුමනට පාත්‍ර වන්නේ ඔවුන් දෙවියන් වහන්සේට සිය ජීවිත ස්පර්ශ කිරීමට ඉඩදීම හා පාපයට එරෙහිව දැඩිව සටන් කල නිසා බව එතුමා පවසයි. "සියලු සාන්තුවරයන් ගේ ගාම්භීර මංගල්‍යය 'අපගේ'  මංගල්‍යයයි. ඒ  අප යහපත් පුද්ගලයන් නිසා නොවේ. එහෙත් දෙවියන් වහන්සේගේ සුපරිශුද්ධභාවය  අපගේ ජීවිත ස්පර්ශ කර ඇති නිසා" යැයි එතුමා  කියා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ නොවැම්බර 1 වැනිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය අනුශාසනය කරමිනි. සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය නිමිත්තෙන් ඉතාලියේ රජයේ නිවාඩු දිනයක් වන මෙදින මධ්‍යාහ්නයේ සුදොතුම් පියතුමා ගේ තුන්කාල ආරාධනා යැදුමට සහභාගී වීම සඳහා දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන