Posts

Showing posts from December, 2015

ප්‍රැන්සිස් පාප් වහන්සේ භාවනා කළ ප්‍රැන්සිස් අසීසි තුමාගේ පරිසර අනිමිසලෝචනය

Image
Pope Francis' meditation on St. Francis' intimate relationship with the nature  (2015 දෙසැම්බර 31) 2016  උදා විය. නව වසරක උදාව අපට මතක් කර දෙන්නේ අපේ සුන්දර සොබා දහම හා එහි අසමසම මැවුම් කාරයාණන්වහන්සේ ය. එසේම  මේ සුන්දර නිර්මල සොබා දහම ආරක්ෂා කිරීමේ වගකීම එහි මැවුම්කරු දෙවියන් වහන්සේ විසින් අපට පවරා දී ඇති බව නව වසර අපට මතක් කර දෙයි. සොබා දහම ආරක්ෂා කිරීම අරමුණු කරගත් අතිශය වැදගත් සිද්ධි දෙකක් ඉකුත් වසරේ දී සිදුවිය. ඉන් පළමුවැන්න පාප් වහන්සේ නමක් විසින් ලියන ලද පරිසර විශ්ව ලේඛනය "Laudato Si" හෙවත් "ප්‍රශංසා වේ",  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු ලැබීමය. එය කිතුනු නායකත්වය සහිත රටවලට බලපෑම් කල ලේඛනයක් විය. පැරිස් නුවර පැවැති ජගත් සංවිධාන කාලගුණ සමුළුවේදී පරිසර දූෂණය පාලනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ සම්මුතියකට ඒමට ලෝක නායකයන් පෙළඹවීමට එය සමත් විය. පාප් වහන්සේ  සිය  "වේ ප්‍රසංසා"  විශ්ව ලේඛනය මගින් පෙන්වා දුන්නේ පරිසර ගරුත්වය හා මානව ගරුත්වය එකම කාසියේ දෙපැත්ත බවයි. මානවයා නොරැක,පරිසරය රැකිය

පවුල් ජීවිතය සෙනෙහසේ සහ යාච්ඥාවේ වන්දනා ගමනක් - ශුද්ධවූ පවුලේ මංගල්‍ය දින භාවනාව

Image
 "Family life is a pilgrimage of life and prayer" - Pope's meditation on the Feast of the Holy Family  2015 දෙසැම්බර 28 "පවුල් ජීවිතය සෙනෙහසේ සහ යාච්ඥාවේ දෛනික වන්දනා ගමනකි. තේරුම් ගැනීම, සමාවදීම හා විවෘත වීම තුළ එම ගමන වඩා සුන්දර වෙයි." දෙසැම්බර් 27 වැනිදා ඉරිදාට යෙදුනු ජේසු-මරිය-ජුසේ ශුද්ධවූ පවුලේ මංගල්‍යය නිමිත්තෙන්පැවැති දිව්‍ය පූජාවේ ධර්මදේශනය කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. "පවුලක සියලු සාමාජිකයන් එක් ඉලක්කයක් කරා එකට ගමනේ යෙදීම කෙතරම් වැදගත් ද? එකට ගමන් කිරීම සඳහා අපට මාර්ගයක් ඇති බව අප දන්නවා. මේ මාර්ගයේ දුෂ්කරතා හා ප්‍රශ්න අපට හමුවෙනවා. එහෙත් ඒ ගමන තුළ අප සතුට සහ සැනසීම රසවිඳින අවස්ථා අපමණයි," සාන්ත පීතර බැසිලිකාවේ පැවැති මෙහෙයේ දී පාප් වහන්සේ පෙන්වා දුන්හ. පවුල් ජීවිතය නමැති වන්දනා ගමන ජීවිතය පුරා ජීවත් කල යුත්තක් බව එතුමා කියා සිටියේ ය: "අප අපගේ ගමනාන්තය වෙත පැමිණි පමනින්  වන්දනාගමනක් අවසන් නොවේ. එහෙත් එය පුර්ණත්වයට පැමිණෙන්නේ, අප යළිත් අපගේ ගෙදරට පැමිණ අපගේ දෛනික ජීවිතය ආරම්භ කර,  වන්දනා ගමනින් අප

"සමාව දීම: ලොව සුවපත් කොට ඉදිරියට යා හැකි මාර්ගය" - සාන්ත ස්තේවන් මංගල්‍ය දින සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

Image
"Forgiveness is the way forward from Christmas" - Pope says on the Feast of St. Stephen (2015 දෙසැම්බර 27) නත්තල් දාට පසුදා -දෙසැම්බර් 26 වැනිදා- සැමරෙන්නේ සාන්ත ස්තේවන් තුමා ගේ මංගල්‍ය දිනයයි. සාන්ත ස්තෙවන් තුමා ප්‍රථම කිතුනු ප්‍රාණ පරිත්‍යාගී වරයායි. එනම්, ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහනයෙන් පසුව ස්වකීය ක්‍රිස්තියානි විශ්වාසය නිසාත් එය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් කිතුනු විරෝධීන් විසින් මරා දමන ලද ප්‍රථම ක්‍රිස්තු අනුගාමිකයා ස්තේවන් තුමායි. ඔහු ප්‍රාණ පරිත්‍යාගී වරයට ලක් කරන ලද්දේ ගල් ගසා මරා දැමීමෙනි. එතුමන් ගේ මංගල දින සාන්ත පීතර චතුරශ්‍රයේ පැවති තුන්කාල ආරාධනා යාච්ඥාවේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්නේ නත්තලේ සිට ඉදිරියට යා හැකි මාර්ගය සාන්ත ස්තේවන් තුමාගේ ප්‍රාණපරිත්‍යාගී භාවය තුළ ගැබ්ව ඇති බවයි. තමන් වද හිංසාවට ලක් කරන්නන්ට සමාව දෙන්නැයි එතුමන් කල සිත් හරවන යැදුම හා එම ක්‍රියාව තුළ මෙම නත්තලේ මාර්ගය ගැබ්ව ඇති බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "විශ්වාසයෙන් ඉදිරියට ගමන් කිරීමට නම්, ප්‍රථමයෙන් ම අප දෙවියන් වහන්සේගෙන් සමාව  ලබා ගත යුතුයි. ස

"රුදුරු බියකරු නපුරෙන් ලොව ගලවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණි" - නත්තල් දා “urbi et orbi” දේශනය

Image
"Only God can overcome 'monstrous' evil in the world : Pope says at "urbi et orbi" blessing  (2015 දෙසැම්බර 26) 2015 දෙසැම්බර් 25 නත්තල් දා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය පුරා නත්තල් සිරියත් නත්තල් බැතියත් ගලා යමින් තිබුනේය. එහෙත්  වෙනදා දක්නට නොලැබෙන විශේෂත්වයක් මෙවර  එහි තිබුනේය. එනම් චතුරශ්‍ර පුරා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන් අයුරු පැහැදිලිව දක්නට ලැබීමයි. කෙසේ නමුත්, නත්තලට වතිකානයට පැමිණෙන වන්දනාකරුවන් බියගැන්වීමට එම ආරක්ෂක විධිවිධාන සමත්ව තිබුනේ නැත. නත්තල් දා මධ්‍යාහ්නය වන විට 50,000කට අධික වන්දනා කරුවන් පිරිසක් පාප්වහන්සේගේ නත්තල් “urbi et orbi” විශේෂ ආශීර්වාදය ලබා ගැනීමට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ. මෙය පාප් වහන්සේ නත්තල් දිනයේ "නගරයට හා ලෝකයට" දෙන විශේෂ ආශීර්වාදයයි. මෙවර “urbi et orbi” ආශීර්වාදයට පෙර සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කල දේශනයේ දී ලෝකයේ ගැටුම් පවතින ප්‍රදේශ වෙනුවෙන් හා ත්‍රස්තවාදයෙන් හා දුප්පත්කමින් දුන් විඳින ජනතාව වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කළහ. උන්වහන්සේ අවධාරණය කලේ රුදුරු නපුර පරාජය කළ හැක්කේ දෙවියන් වහ

"සුඛවිහරණයෙන් මත් වූ ලොවක් තුළ සරල, සන්සුන්, ධාර්මික ජීවිතයකට සාක්ෂි දරමු" නත්තල් මැදියම් රෑ දේශනයෙන් පාප් වහන්සේ ඉල්ලා සිටිති

Image
"In a society intoxicated by consumerism and extravagance, this Child calls us to act soberly" (2015 දෙසැම්බර 25) "පාපයට ඉඩදෙන අතර පව්කාරයාට අකාරුණික ලෙස සලකන අපේ ලෝකය තුළ, උදාසීනත්වයටත් සැකයටත් ප්‍රවිරුද්ධව ක්‍රියා කිරීමේ බලය ජේසු සමිඳුන් ගේ උපත තුළ ගැබ්ව ඇති"  බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. "සැකයට කිසිදු ඉඩක් නැත. සැකකිරීම, සෑම දෙයක්ම තර්කයට හා බුද්ධියට පමණක් සීමා කිරීම නිසා කිසිදාක සත්‍යය සොයා නොගන්නා  සංශයවාදීන්ටත් හේතු ඵලවාදීන්ටත් අපි භාර කරමු. එසේම යමක් අපට අහිමි වේ යැයි සිතීම නිසා ප්‍රේම කිරීමට නොහැකි හදවත් ඇති අයගේ උදාසීනත්වයට  ද කිසිදු ඉඩක් නොමැත. .......මෙම රාත්‍රියේ අබිරහස පැමිණෙන්නේ දෙවියවහන්සේ ගෙන් ම පමණකි. මේ රාත්‍රියේ දී  අපට ලැබුණු ආනන්දයේ හා ප්‍රීතියේ පණිවිඩය ඒ බව ඔප්පු කෙරෙන ප්‍රබලම සාක්ෂියයි.." වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී 2015 නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජා යාගය ඔප්පු කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව පැවසූහ. මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවේ දී ප්‍රකාශ වූ ලූක් සුබ අස්නේ එන ජේසු උපතේ කත

පාප්වහන්සේට සාමය පිලිබඳ කීර්තිමත් ෂාලමේන් ත්‍යාගය පිරිනැමේ

Image
Pope Francis awarded the prestigious Charlemagne prize for peace work  (2015 දෙසැම්බර 23) 2016 යුරෝපීය ෂාලමේන් ත්‍යාගය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේට පිරිනැමීමට එම ත්‍යාග කමිටුව තීරණය කර තිබේ. ලෝක සාමය හා සංස්කෘතීන් අතර අවබෝධය ගොඩනැංවීම සඳහා පාප් වහන්සේ ගන්නා ප්‍රයත්නය වෙනුවෙන් මෙම ත්‍යාගය එතුමනට පිරිනැමීමට තීරණය  කල බව ත්‍යාග කමිටුව අද,දෙසැම්බර් 23 බදාදා, දහවල් ජර්මනියේ ආහන් නුවර දී ප්‍රකාශ කළේය. යුරෝපයේ කීර්තිමත් සාම ත්‍යාගය ලෙස සැලකෙන ෂාලමේන් ත්‍යාගය පිරිනැමෙන්නේ ජර්මනියේ ආහන් නගරය විසිනි. ලෝක සාමය, මානුෂවාදය, ජාතීන් හා සංස්කෘතීන් අතර සුහදතාව ගොඩ නැංවීම සඳහා සහ යුරෝපයේ සාමය හා එක්සත් කම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරන පුද්ගලයන්ට වාර්ෂිකව මෙම ත්‍යාගය පිරිනැමේ. ප්‍රැන්සිස් පාප් වහන්සේට 2016 ෂාලමේන් ත්‍යාගය පිරිනැමීමේ පුවත වතිකාන ප්‍රකාශක ජේසු නිකායික ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා තහවුරු කළේය. මෙම ගෞරවය පිළිගැනීමට පාප්වහන්සේ තීරණය කර ඇති බව ද එතුමා අනාවරණය කළේය. මෙවැනි ත්‍යාග හෝ ගෞරව පිළිගැනීම පාප් වහන්සේගේ සිරිතක් නොවන නමුත් ලෝකය පුරා විවිධ ප්‍රදේශවල සාමය වෙනුවෙන් කැපවී කටය

"ගවලෙන: දේව දයාවේ සජීවී සංකේතය" - පාප් වහන්සේගෙන් ගවලෙන ගැන භාවනාවක්

Image
We contemplate God's Mercy in the Nativity Scene - Pope Francis' meditation on the Crib  (2015 දෙසැම්බර 23) ක්‍රිස්තුන් වහන්සේ ගව ලෙනක් තුළ උපත ලැබීම අපට පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේ කිසිවිටක තමන් වහන්සේව බලහත්කාරයෙන් අපවෙත නොපවරන බවයි. ගවලෙන ඉදිරියේ අප භාවනා කරන්නේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවයි. වතිකාන චතුරශ්‍රයේ ඉදිවූ නත්තල් ගවලෙන හා නත්තල් ගස විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේ මෙහෙයට සහභාගී වෙමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කල භාවනාවේ සාරාංශයයි ඒ. නත්තලේ සම්ප්‍රදායන් දෙකක් වන මෙම සංකේත විවෘත කොට වතිකාන චතුරශ්‍රය නත්තල් සිරිය ගෙන ඒමේ මෙහෙය දෙසැම්බර් 18 වනදා පැවැත්වින. "ඇත්ත වශයෙන්ම ජේසු සමිඳුන් ඉතා සරලව පොළොව මත දර්ශනය වුවා නොවෙයි. එසේ නැතහොත් උන්වහන්සේ ගේ කාලයෙන් සුළු වේලාවක් අප වෙනුවෙන් වෙන් කළා  ද නොවෙයි" දේව පුත්‍රයාණන් ගේ මෙලොව උපත ගැන භාවනා කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. "ඇත්ත වශයෙන් ම සිදුවූයේ, අප සමග, අප වෙනුවෙන් ජීවත් වීමට උන්වහන්සේට අවශ්‍ය වූ නිසා, තවමත් අවශ්‍යව පවතින නිසා, අපේ ජීවිතය බෙදා ගැනීමටත්, අපගේ ප්‍රාර්ථන

"පොළොව කොටන තැන-පාර හදන තැන -හාමත්, රෝගී ,පීඩිත දන තුළ දෙවියෝ වැඩ ඉන්නේ...." නිවාස රහිත වුවන්ගේ නිවහනකත් ජුබිලි ශුද්ධ දොරටුවක් විවෘත කෙරේ

Image
"Look for God in the poverty, the sick and the hungry" - Pope opens a Holy Door at a homeless shelter සුදොතුම් පියතුමා ගෙවල් නැති අයගේ නිවහනේ ශුද්ධවූ දොරටුව විවෘත කල අවස්ථාව  (2015 දෙසැම්බර 19) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (දෙසැම්බර 18 සිකුරාදා) තවත් ප්‍රබල සංකේතාත්මක කාර්යයක් කළහ. එනම්, රෝමයේ ගෙදරක් නොමැති ජනතාව සඳහා වන තාවකාලික නිවහනක (Shelter for the Homeless) දයාවේ ජයන්ති වසර වෙනුවෙන් ශුද්ධ ද්වාරයක් විවෘත කිරීමයි. ජේසු සමිඳුන් ගේ යටහත් පහත් සහ නිහතමානි උපත පෙන්නුම් කරන්නේ මානව  වර්ගයාට දෙවියන් වහන්සේ සොයා ගත හැක්කේ දුප්පත්කම තුළ බව යැයි එය විවෘත කිරීමේ මෙහෙයේ දී පාප් වහන්සේ පැවසුහ. කතෝලික සභාවේ ජයන්ති වසර වලදී ශුද්ධ දොරටුවක් විවෘත කිරීම සම්ප්‍රදායයකි. විශ්වාසිකයනට ගැලැවීම ලබා ගැනීමේ තවත් මාර්ගයක් විවෘත කිරීම ශුද්ධ දොරටුව විවෘත කිරීමේ අරමුනයි. මෙම දොරටුව ඔස්සේ ගමන් කරන විශ්වාසකයනට සුවිශේෂ ගැලවීමේ ඵල ලබා ගත හැකි බව සභාව උගන්වයි. සභා ඉතිහාසය තුළ මේ දක්වා ශුද්ධ ද්වාරයක් විවෘත වුයේ රෝමයේ පංච මහා බැසිලිකා දෙව්මැදුරුවල පමණි. එහෙත් දයාවේ ශුද්ධ වසරේ දී ලො

එය දැන් ස්ථිරයි! කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරයට!

Image
Praise the Lord! Mother Theresa is going to be canonized  (2015  දෙසැම්බර 18) වසර ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිට, මාස ගණනක් පුරා මුවින් මුව කටකතාවක් සේ ගලා ගිය ඒ ප්‍රාර්ථනය දැන් ඉටු වී තිබේ. කල්කටාවේ තෙරේසා මව් තුමිය ගේ මැදිහත්කමින් සිදු වූ දෙවැනි ප්‍රාතිහාර්යය නිල වශයෙන් පිළිගනිමින් එතුමිය සාන්තුවරයට එසවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ තීරණය කර තිබේ. පාප් වහන්සේ මෙම තීරණය ගත්තේ උන්වහන්සේ ගේ උපන් දිනය ද  යෙදී තිබූ දෙසැම්බර 17 වනදා  වතිකානයේ සාන්තුවර ක්‍රියාමාර්ග භාර පර්ෂදයේ ප්‍රධානී අති උතුම් ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය. තෙරේසා මව් තුමිය ඉක්මණින් සාන්තුවරයට එසැවෙනු ඇතැයි මෑතක සිට උණුසුම් කතා බහක් සිදුවෙමින් තිබිණ. මෙම කතා බහ වඩාත් උණුසුම් වූයේ එතුමියගේ මැදිහත්කමින් සිදුවූ බවට ප්‍රකාශ වූ දෙවැනි ප්‍රාතිහාර්යයක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වීමත් සමග ය. බ්‍රසීල ජාතිකයකු කලක් තිස්සේ පීඩා විඳිමින් සිටි ප්‍රතිකාර මගින් සුව කල නොහැකි බව ප්‍රකාශ වී තිබූ මොලයේ විස්ඵොටයක් විස්තර කල නොහැකි ලෙස සුවපත් වීම මෙම ප්‍රාතිහාර්යයි. මෙම බලාපොරොත්තු විරහිත මොහොතේ

මරණ දඬුවම අහෝසි කරන්න; රාජ්‍ය ණය සමා කරන්න; විරැකියාවට විසඳුම් සොයන්න" - පාප්වහන්සේ සාම දින පණිවිඩයෙන් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලති

Image
Holy Father appeals to global leaders: abolish death penalty, forgive debt, find solutions to unemployment  (2015  දෙසැම්බර 16) සමාජයේ ඉහළම අවශ්‍යතාවන්ගෙන් පෙළෙන කණ්ඩායම් කෙරෙහි සැලකිල්ල දක්වන එඩිතර තීරණ ගන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක නායකයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් කරති. විශේෂයෙන් සිරකරුවන්, සාංක්‍රමනිකයන්, රැකියා විරහිත වූවන් හා රෝගීන්ගේ අවශ්‍යතා සැලසීම සම්බන්ධයෙන්   මෙම තීරණ ගන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති. මරණ දඬුවම අහෝසි කිරීම සහ බදු බරින් පීඩිත ජාතීන් ජාත්‍යන්තර බදු වලින් නිදහස් කිරීම ද උන්වහන්සේ ලොව පුරා රාජ්‍ය හා ආණ්ඩු  නායකයන්ගෙන් කල ඉල්ලීම අතර වේ. පාප් වහන්සේ මෙම ඉල්ලීම කර ඇත්තේ 2016 ජනවාරි පළමුවැනි දා සැමැරෙන ලෝක සාම දිනය වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. එම වසරේ දී ලොව පුරා කතෝලිකයන් සමරන "දයාවේ ජයන්ති වසර" පාදක කර ගනිමින් පාප් වහන්සේ මෙවර සාම දින පණිවිඩය  නිකුත් කර තිබේ. එම පණිවිඩයට එතුමා අත්සන් කර ඇත්තේ ජයන්ති වසර ආරම්භ වූ දෙසැම්බර් 8 වැනිදා ය. 2016 ලෝක සාම දින පණිවිඩය එතුමන් නම් කර ඇත්තේ "උදාසීනත්වය පරාජය කොට සාමය ජය ගනිමු" යනුව

ශුද්ධ දොරටුවෙන් ඇතුළුවීමේ අභියෝගය: පියාණන් සේ කරුණාබර වීම

Image
The commitment of crossing the Gate of Mercy: To be merciful, like the Father (2015  දෙසැම්බර 15) ජේසු සමිඳුන් ගේ උපත සියලු දුක් කඳුළු පරාජය කරයි. උන්වහන්සේ ගේ උපත වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හටගන්නා දුක් වේදනා හා සිත්තැවුල් නිවයි. එබැවින් ජේසු සමිඳුන් ගේ උපත හා අප සමග වැඩසිටීම තුළ අපට දුක් වීමට ඉඩක්  නැත. උන්වහන්සේ සිටින තැන පවතින්නේ  ප්‍රීතියයි. පසුගිය ඉරිදා (දෙසැම්බර 13) රෝමයේ සාන්ත ජෝන් ලැටෙරන් බැසිලිකා දෙව් විමනේ පැවැත්වූ දිව්‍ය  පුජාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කල ධර්ම දේශනයේ සාරාංශයයි ඒ. "ප්‍රීතියේ ඉරුදින" ලෙස හැඳින්වුණු මෙම ඉරුදින ලතින් බසින් කියවෙන්නේ Gaudete Sunday යනුවෙනි. දිව්‍ය පුජාවට පෙර සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පංච මහා බැසිලිකා දේවස්ථානවලින් එකක් වන සාන්ත ජෝන් ලැටෙරන් බැසිලිකාවේ ශුද්ධ ද්වාරය විවෘත කළහ. දිව්‍ය පුජාවේදී එතුමන් සිය ධර්මදේශනයට පාදක කර ගත්තේ එදිනට නියමිත දේව වචනය හා සුබ අස්නයි. "නත්තල ආසන්න වත්ම අප විඩාවට හෝ අසහනයට අප යටපත් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. මේ කාලයේ අප කැළඹීමට හා කම්පනයට පත් කරමින් මානව සංහතියට රිදවන ප

"දයාවෙන් තොර වූ සභාව සිය ආයතනවල වහලෙක් පමණයි" - බදාදා පොදු හමුව

Image
"If the Church forgets mercy even for a moment, all its work is totally useless" - General Audience (2015  දෙසැම්බර 12) දෙවියන් වහන්සේ ගේ දයාව කේන්ද්‍ර කරගැනීමකින් තොරව  කතෝලික සභාව තුළ සිදුකිරීමට උත්සාහ කෙරෙන කවර ප්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් වුවද නිෂ්ඵල ප්‍රයත්නයක්  වන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. "දීප්තිමත් වන්නේ කරුණාබර සභාවක් පමණයි" යැයි උන්වහන්සේ අවධාරණය කරති. ශුද්ධ වසර උදාවීමෙන් පසු ප්‍රථම වරට පසුගිය දෙසැම්බර 9 වන බදාදා සතිපතා පොදු හමුවට එක්වෙමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. මෙවර පොදු හමුවේ දී  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ධර්මෝපදේශ දේශනයට පාදක වූයේ දයාවේ ශුද්ධ වසරයි. මෙහිදී එතුමා පෙන්වා දුන්නේ දෙවියන්වහන්සේ දයාව වන්නා සේ ම සභාව ද සභාවේ සෑම සාමාජිකයකුම ද දයාවන්ත හා කරුණාබර විය යුතු බවයි. නුතන ලෝකය වෙනස් කල හැක්කේ ඒ මගින් බව එතුමා  අවධාරණය කළේය. "මෙම අතිවිශේෂ මොහොතේ දී කතෝලික සභාවට වැදගත් කාර්යයක් තිබේ. ගැඹුරු වෙනස්කම් සිදුවෙමින් පවතින අපගේ යුගයේ දී කතෝලික සභාව ද සිය සුවිශේෂී දායකත්වය ඊට ලබා දීමට කැඳවීම් ලබා සිටියි. එම කැ

දයාවේ ශුද්ධ වසර ඇරඹේ !

Image
The Year of Mercy begins today! (2015  දෙසැම්බර 8) දයාවේ ශුද්ධ වසර අද ඇරඹේ. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නියම කර ඇති ආකාරයෙන් මේ වසර ආරම්භ වන්නේ දේව මාතාවන් වන මරිය මෑණියන්ගේ නිර්මල පිළිසිඳීමේ මහා මංගල්‍යය  දී ඇති අද දින ය.පාප් වහන්සේ වතිකානයේ පවත්වන විශේෂ දේව මෙහෙයකින් පසු ජයන්ති වසරේ ශුද්ධ ද්වාරය විවෘත කිරීමත් සමග ශුද්ධ වසරට මුල පිරේ. පාප් වහන්සේ ගේ උපදෙස් මත මෙම වසර සැබෑ ශුද්ධ වසරක් කර ගැනීම සඳහා වතිකානයේ නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනය විසින් පුළුල් වැඩ පිළිවෙලක් හා ආධ්‍යාත්මික වැඩසටහන් ගණනාවක් සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන් ලොව පුරා රදගුරු පදවි මට්ටමින් සිදු කෙරේ. දයාවේ වසරක් ඇයි? ඇත්තෙන්ම සමස්ත මානව වර්ගයාටම දේව දයාව අතවශ්‍ය බව හා සෑම මනුෂ්‍යයකුම තම සහෝදර මනුෂ්‍යයනට දයා කරුණාව දැකිවිය යුතු බව පවසන්නට ආගමක් කෙරෙහි විශ්වාසයක් අවශ්‍යම නොවේ. වෛරය, තේරුම් නොගැනීම, ඊර්ෂ්‍යාව, අහංකාරකම වැනි විවධ හේතුන් නිසා ලොව පුරා දැනට ඇවිලෙමින් ඇති යුද ගිනි පමණ වුව දයාවේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ ය. එහෙත් දයා කරුණාව හුදෙක් ස්වයංජාතව පවතින්නක් නොවේ. එය හුදෙක් මිනිසාගේ උත්සාහයෙන්

"පාප් වහන්සේට තර්ජනය කල පිරිසක් අත්අඩංගුවට; ඒත් නිශ්චිත කුමන්ත්‍රණයක් නොවේ" - ඉතාලි පොලිසිය

Image
Suspected Jihadists arrested for threats against Pope Francis -Italian police  අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රැන්සිස් පාප්වහන්සේට තර්ජනය කල පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය අද පැවසීය. ජිහාඩ්වාදීන් වන මොවුන් "අතිශයින් අනතුරුදායක " පුද්ගලයන් බව පොලිසිය සඳහන් කෙළ්ය. එහෙත් එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ඔවුන් "නිශ්චිත කුමන්ත්‍රණයක හවුල්කරුවන් බවට " මෙතෙක් හෝඩුවාවක් නොමැති බවයි. දෙසැම්බර පළමුවැනිදා ඉතාලියේ සහ කොසෝවෝවේ  දී  පොලිසිය කල වැටලීම් වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත්  බව උතුරු ඉතාලි  පොලිසියේ ප්‍රධානී  කාමිනේ එස්පොසිටෝ ප්‍රකාශ කළේය. බ්‍රෙසියා, වින්සෙන්සා සහ පෙරුගියා යන නගරවල දී මෙම වැටලීම් සිදු කෙරින. එස්පොසිටෝ කියා සිටියේ මෙම සැකකරුවන් කණ්ඩායම ඉතා අනතුරුදායක කණ්ඩායමක් බවයි. ඔවුන් සමාජ ජාල ඔස්සේ ජිහාඩ් යුද්ධ ප්‍රචාරය කරමින් සිටි බව ඔහු සඳහන් කළේය. ඔවුන්ට සිරියාවේ ජිහාඩ්වාදීන් සමග සම්බන්ධතා තිබූ බවට ද සැක මතු වී තිබේ. ඇමෙරිකාවේ FBI විමර්ශන අංශය විසින් ලබා දුන් තොරතුරක් මත ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතරින් දෙදෙනකු ඉතාලියෙන් ප

"කිතුනුවන් හා මුස්ලිම්වරුන් යනු සොයුරු සොයුරියන්; ඔවුන් එක්සත්ව වෛරයත් ප්‍රචණ්ඩ ක්‍රියාත් ප්‍රතික්ෂේප කල යුතුයි" මධ්‍යම අප්‍රිකා ජනරජයේ මුස්ලිම් පල්ලියක දී පාප් වහන්සේ කල ආරාධනය

Image
"Christians and Muslims are brothers and sisters; They must unite to say 'no' to violence" Pope says at Bagui mosque (2015 දෙසැම්බර 2) "දෙවියන්වහන්සේ ගේ වත මඬල විකෘති කරන ඉගැන්වීම් හා ක්‍රියා, සාමය ප්‍රවර්ධනය කිරීම මගින් පරාජය කිරීම සඳහා කිතුනුවන් හා මුස්ලිම්වරුන් එක්සත්විය යුතු යැ" යි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. "දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන බව ප්‍රකාශ කරන්නන් සාමයේ මිනිසුන් සහ කාන්තාවන් විය යුතුයි. කිතුනුවන්, මුස්ලිම්වරුන් හා සාම්ප්‍රදායික ආගම් අදහන්නන් ඈත ඉතිහාසයේ සිට මේ දේශය තුළ සාමකාමීව ජීවත්වී තිබේ. මෑත කාලය තුළ ඔබගේ මේ රට සසල කළ ප්‍රචණ්ඩ ක්‍රියා සැබෑ ආගමික අරමුණුවලින් හටගත් ඒවා නොවන බව අපි හොඳින් දනිමු. එබැවින් ඒවා පරාජය කොට සාමය ඇති කිරීමට අපි සියල්ලොම අත්වැල් බැඳ ගනිමු" යි උන්වහන්සේ ඇරයුම් කරති. ඉකුත් සතියේ අප්‍රිකාවේ රටවල් තුනක අපෝස්තලික ගමන් වල යෙදුනු පාප් වහන්සේ එම ගමන අවසන් කලේ මධ්‍යම අප්‍රිකානු ජනරජයෙනි. එහි ගතකල අවසන් දිනයේ (නොවැම්බර 30 දා) එතුමා එරට  අගනුවර වන බන්ගීහි  කුඩෝකු මුස්ලිම් පල්ලිය බැහැදකින්නට ගිය