Posts

Showing posts from February, 2017

"අතීතය ඉවත දමා සමිඳුන්ගේ දයාව ප්‍රකාශ කිරීමට සූදානම් ද?"- සුදොතුම් පියතුමා කතෝලික-ඇංග්ලිකාන ජනතාවට අභියෝග කරයි.

Image
"Are we ready to leave everything from the past behind to love and proclaim the Lord?"- Pope Challenges to Catholics and Anglicans  සුදොතුම් පියතුමා සියලු සාන්තුවරයන්ගේ ඇන්ග්ලිකාන දෙව්මැදුරේ දී  (2017 පෙබරවාරි 27) කිතුනු සභා අතර පූර්ණ එක්සත්භාවය සඳහා යන ගමනේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ 'බැහැපත්කම' බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "බැහැපත්කම යනු හුදෙක් සුන්දර ධර්මගුණයක් පමණක් නොවේ. එය අනන්‍යතාවයේ ද ප්‍රශ්නයකි. කොරින්තියේ ජනතාවට ධර්මදානය කිරීමේදී ශු. පාවුළු අපෝස්තුළුතුමා ගත් මාර්ගය බැහැපත්කමේ මාර්ගයයි. පාවුළු තුමා තමන්ව දැක්කේ සේවකයකු ලෙසයි. තමාව නොව ස්වාමීන් වන ක්‍රිස්තුන් ජේසුන් වහන්සේ ප්‍රකාශ කරන සේවකයකු ලෙසයි. එතුමා මෙම   සේවාව, මෙම දූත මෙහෙවර කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ තමන්ට දැක්වූ දයා කරුණාව තුළයි. මෙම දූත මෙහෙවර කරගෙන යන්නේ එතුමන් ගේ ම හැකියාව හෝ ශක්තිය මත නොව දෙවියන් වහන්සේ තමන් දෙස බලා සිටින්නේ ය යන විශ්වාසය සහ උන්වහන්සේ තමන් ගේ දුර්වලතාව උන්වහන්සේ ගේ දයා කරුණාවෙන් පෝෂණය කරන්නේ ය යන විශ්වාසය මතයි" යැයි සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ප්‍රැන

පාප් වහන්සේ රෝමයේ එංගලන්ත සභා දෙව්මැදුරේ ඓතිහාසික සංචාරයක

Image
Holy Father visits All Saints Anglican Church in Rome:An Historic visit (2017 පෙබරවාරි 27) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ (පෙබරවාරි 26 ඉරිදා) සන්ධ්‍යාවේ රෝමයේ පිහිටි ඇන්ග්ලිකාන සභා (එංගලන්ත සභා) දේවස්ථානය වන සියලු සාන්තුවරයන් ගේ දේවස්ථානය බැහැදැකීමට ගියේය. මෙය අතිශයින් ඓතිහාසික අවස්වථාවක් විය. ඊට හේතුව පාප්වහන්සේ නමක් සිය රදගුරු පදවිය වන රෝමයේ පිහිටි එංගලන්ත සභා දෙව්මැදුරට සපැමිණි   ප්‍රථම අවස්ථාව  මෙය බැවිනි. යුරෝපයේ එංගලන්ත සභාවේ  රදගුරු රොබර්ට් ඉන්ස් බිෂොප් තුමා ද මෙම අවස්ථාවට එක්  වී සිටියේ ය. මෙම සියලු සාන්තුවරයන් ගේ දෙව්මැදුර මේ වසරේ සිය 200 වැනි ජයන්තිය සමරයි.  "සදාතනික නගරය" යන  විරුදය ලද රෝමයේ ඇන්ග්ලිකාන මීසමක් පිහිටුවා මේ වසරට වසර 200ක් සම්පුර්ණ වේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවන් මොහොතක එම දෙව්මදුරට පැමිණීම විශේෂ වැදගත්කමක් දරයි. සුදොතුම් පියතුමා එහිදී රොබර්ට් ඉන්ස් බිෂොප් තුමන් හා එක්ව එම දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ ගායනයෙන් මාධූර්ය වූ සැන්දෑ ගීතිකා මෙහෙයකටද සහභාගී  වීම විශේෂ සිද්ධියක් වූයේය. තවත් වැදගත් හා ඓතිහාසික අවස්ථාවක් වූයේ එම දෙව්මැදුරේ ස

"පියවරුනි, විවාහක යුවල්වල ජීවිතයේ 'ගමන් සගයකු' වන්න" - සුදොතුම් පියතුමන් ගෙන් මීසම් සේවක පියවරුනට අනුශාසනා

Image
"Let faithful see you as a brother who listens and understands, not an expert in bureaucracy and juridical norms.": Holy Father advises Parish Priests   (2017 පෙබරවාරි 25) මීසම් සේවක පියවරුන් සිය මීසම් ජනතාවගේ විවාහක  ජීවිතය පුරා ඔවුන් ගේ 'ගමන් සගයකු' බවට පත් විය යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. යුවලක් විවාහයට සුදානම් වන අවස්ථාවෙන් පටන් ගෙන විවාහ මංගල දිව්‍ය පූජාව ඔස්සේ ඔවුන් ගේ ජීවිතයේ මුණගැසෙන අභියෝග හා අර්බුදවලදී සහාය වෙමින් ත්‍රිත්වයික ප්‍රේමයෙන් ඔවුන්  ගේ විවාහ ජීවිත පොහෝණි කිරීමෙහි ලා මීසම් පියවරුන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කල යුතුව ඇති බව  එතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සතියේ රෝමයේ පැවැති මීසම් සේවක පියවරුන් ගේ වැඩමුළුවක දී ය. විවාහ අවලංගු කිරීමට අදාළ කතෝලික සභාවේ නව ක්‍රියාමාර්ග හා විවාහය සම්බන්ධ වෙනත් නෛතික කරුණු පිළිබඳව මීසම් සේවක පියවරුන්ට පුහුණුවක් දීම සඳහා පෙබරවාරි 22-25 දිනවල මෙම වැඩමුළුව පැවැත්විණි. එය සංවිධාන කරන ලද්දේ ශුද්ධාසනයේ ඉහළම අභියාචනාධිකරණය වන "රෝමානු රෝතාව" (Roman Rota) විසින

ආගමික ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට වතිකානය සහ සුන්නි මුස්ලිම් නායකත්වය එක්වෙයි

Image
Vatican and Al-Azhar Grand Mosque join hands to counter religious justification of violence  අල් ටායෙබ් ඉමාම් තුමා වතිකානයේ දී සුදොතුම් පියතුමා මුණගැසුණු අවස්ථාව (2017 පෙබරවාරි 21) ප්‍රචණ්ඩ ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය යොදා ගන්නා ආගමික අන්තවාදයට විරුද්ධව එකාබද්ධව කටයුතු කිරීමට ශුද්ධාසනය (වතිකානය) සහ සුන්නි ඉස්ලාම් නායකත්වය සුදානම් වෙයි. මේ සඳහා වතිකානය සමග අත්වැල් බැඳගැනීමට සැරැසෙන්නේ සුන්නි ඉස්ලාමයේ ඉහළම අධිකාරියක් ලෙස ලොව පුරා එම ආගමික බැතිමතුන් පිළිගන්නා ඊජිප්තුවේ අල් -අෂර් අග්‍ර දේවස්ථානය හා සබැඳි අල්-අෂර් විශ්ව විද්‍යාලයයි. මේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රනයකට සහභාගී වීම සඳහා අන්තර් සාමයික සංවාදය සඳහා වන ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් ජන්-ලුයී  ටෝරන් හිමි ඊජිප්තුව බලා පිටත් වීමට නියමිත බව වතිකානය අද (පෙබරවාරි 21) නිකුත් කල නිවේදනයක සඳහන් වේ. මෙම මන්ත්‍රණ සභාවේ ලේකම් මිගෙල් අයුසෝ ගුයික්සෝ රදගුරු තුමන් සහ එහි ඉස්ලාම් දහම පිලිබඳ කාර්යාලයේ ප්‍රධානී ඛලෙඩ් අකාෂේ මාහිමිපාණෝ  ද ඊජිප්තුවේ වතිකාන තානාපති අගරදගුරු තුමා ද මෙම සම්මන්ත්‍රණ

"මුස්ලිම් ත්‍රස්තවාදයක් නැත; ....කිසිදු ජනතාවක් මත හංවඩු නොතබන්න" සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
"No Such Thing as 'Islamic Terrorism'": Holy Father re-iterates: "Classification will beget more violence" 2016 ග්‍රීසියේ ලෙස්බොස් දුපතට හදසි චාරිකාවක නිරත වූ සුදොතුම් පියතුමා එහි සිටි මුස්ලිම් සරණාගත දරුවන්ට සෙනෙහස පෑ මොහොතක්  (2017 පෙබරවාරි 19) "ක්‍රිස්තියානි ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. ජුදෙව් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එමෙන් ම මුස්ලිම් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එවැනි දේ නැත. සියලු ජනතාව අතර සහ සියලු ආගම් තුළ මූලධර්මවාදීන් සහ ප්‍රචණ්ඩ පුද්ගලයෝ සිටිති." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සතියේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවැති ලොව පුරා තෘණ මූල සංවිධාන හා සමාජ ව්‍යාපාර ක්‍රියාධරයන් ගේ සමුළුවකට පණිවිඩයක් යවමිනි. ජගත් ජනතා ව්‍යාපාරවල එක්සත් ජනපද කලාපීය  හමුව යනුවෙන් හැඳින්වෙන  මෙම සමුළුව කැලිෆෝනියාවේ මොඩෙස්ටෝහිදී පෙබරවාරි 16 වනදා පැවැත්වින. මීට  කලින් මෙම සමුළුව පවත්වන ලද්දේ රෝමයේ සහ බොලීවියාවේ දීය. සුදොතුම් පියතුමා වෙනුවෙන් මෙම සමුළුවේ දී මෙම පණිවිඩය කියවන ලද්දේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ ශුද්ධාසන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන

කතෝලික පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර වලට සුදොතුම් පියතුමා "බැහැපත්ව" සමාව ඉල්ලයි.

Image
"I humbly ask pardon for the horrendous sin of clerical abuse": Holy Father කතෝලික පූජකවරුන් විසින් ලිංගික අපචාරයට ලක් කරන ලද අයගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් "මම බැහැපත්ව සමාව ඉල්ලා සිටිමි"යි සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කරති. ක්‍රිස්තුන් වහන්සේගේ සහ උන්වහන්සේ ගේ සභාවේ සේවයට කැපවූ පුදැදුරු වරයකු මෙබඳු කුරිරු නපුරක් කරන්නේ කෙසේද? කුඩා දරුවන්ට  දෙවියන් වහන්සේ වෙතට යාමට මඟ පෙන්වීම වෙනුවෙන්  සිය ජීවිතය කැපකළ  තැනැත්තෙකු, ඒ වෙනුවට, මේවාට ගොදුරු වන්නන් ද ඒ සමගම සභාවේ ජීවිතය ද විනාශ කරන මෙවැනි  'පාපිෂ්ට යාගයක්' තුළින් එම දරුවන් ගිල දමන්නේ කෙසේ ද?" යයි එතුමා ප්‍රශ්න කරයි. කතෝලික සභාවට මහත් අපකීර්තියක් ගෙනා පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙලෙස ඉතා දැඩි වචන වලින් කතා කර ඇත්තේ මෙවැනි  අපචාර සම්බන්ධයෙන් ලියවුනු පොතක් සඳහා පූර්විකාව ලියමිනි.  "පියතුමෙනි, මම ඔබට සමාව දෙමි" ( I Forgive You, Father)   නම් එම පොතේ ලේඛකයා බාල කාලයේ දී පූජකවරයකු විසින් ලිංගික අපචාරයට ලක් කරන ලද ඩැනියෙල් පියෙට් ය. ඔහු ගේ වි

යුද්ධයට, ලේ වැගිරීම්වලට හේතුව සහෝදරත්වය මැඩගෙන වැඩෙන ඊර්ෂ්‍යාව හා අයිති කර ගැනීමේ ආශාවයි..."

Image
The lack of brotherhood leads to war and bloodshed (2017 පෙබරවාරි 14) සහෝදර ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් යටපත් වූ තැන එය උතුරා ගොස් ලේ වැගිරවීම් සහ ජීවිත විනාශ කිරීම් ඇති වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. ආදරය වෙනුවට බිම් කඩක් හෝ දේශයක් වැනි වස්තුවකට ලොබ බැඳුනු විට විශාල මානව් ඛේදවාචක සහිත යුද්ධ ඇති වන බව එතුමා පෙන්වා දෙයි. පෙබරවාරි 13 වන සඳුදා උදාසන වතිකානයේ සාන්තා මාර්තා තානායම් ගෙදර පුංචි පල්ලියේ දිව්‍ය පූජා යාගයේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මෙම පණිවිඩය ලබා දුන්නේය. මෙදින දිව්‍ය  පූජාවේ  පළමුවන දේව ප්‍රකාශනයෙන් කියැවුනේ කායින් සහ ආබෙල් යන ප්‍රථම සහෝදරයන් දෙදෙනා ගේ කතා පුවතයි. කායින් ධාන්‍ය ගොවිතැනේ යෙදුනු ගොවියකු වූ අතර ආබෙල් බැටළුවන් ඇති කලේ ය. ආබෙල් තමන් සතු යහපත් ම දේ දෙවියන් වහන්සේට ඔප්පු කල බැවින් ඔහුගේ පඬුර උන්වහන්සේට ප්‍රසන්න විය. එහෙත් කායින් ගේ පඬුර දෙවියන් වහන්සේට ප්‍රසන්න වූයේ නැත. මේ නිසා සිය සොහොයුරා සමග කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් සිටි කායින් ඔහු පාලු තනකාට් රැගෙන ගොස් මරා දැමීම හා ඉන් පසුව දෙවියන් වහන්සේ හා කායින් අතර වූ සංවාදය මෙම පළමු දේව

සුදොතුම් පියතුමා විහිලුවට ලක්කරමින් වතිකාන පුවත්පතේ "ව්‍යාජ" මුද්‍රණයක් රෝමයේ බෙදා හැරේ

Image
Fake Vatican Newspaper Pokes Fun at the Holy Father ව්‍යාජ පුවත්පත - Credit NCR Onlline (2017 පෙබරවාරි 12) මේ දිනවල රෝමයේ සිදුවෙමින් පවතින්නේ සිතට ශාන්තිය ගෙන දෙන, අසන්නට සතුට දෙන පුවත් නොවේ. අමිහිරි පුවත් ය. එහෙත් ශ්‍රී ලාංකික කතෝලිකයන් සේ ම සමස්ත වෙබ් පාඨකයා මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය යැයි සිතෙන බැවින් එම පුවත් "වතිකාන සුළඟ"ට මුසු කෙරේ. ගිය සතියේ අප ඇසුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහිව කැලෑ පත්තරයක් රෝමය පුරා අලවා තිබූ පුවතකි. ඉන් සතියක් ගත වන්නටත් පෙර වතිකානයේ අර්ධ-නිල පුවත් පත වන "L'Osservatore Romano" (ලොසවතොරේ රොමානෝ හෙවත් "The Roman Observer") පුවත් පත ආකාරයටම මුද්‍රණය කල ව්‍යාජ පුවත් පතක් (Fake newspaper) රෝමයේ බෙදා හැර තිබුනේ ය. පුවත් පතේ නම වන "L'Osservatore Romano" යන්න මුද්‍රණය කර ඇත්තේ හරියටම සැබෑ පුවත් පත ලෙසින් මය. එහි පිටු සැකැස්ම ද සැබෑ පුවත් පත ලෙසින් ම සිදු කර තිබිණි. මෙම පුවත් පතේ ප්‍රධාන සිරස්තලය ලෙස යොදා තිබුනේ "එතුමා පිළිතුරු දෙයි" යන්නයි. "කාදිනල් වරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු

සභාවේ ගතානුගතිකවාදීන් ලෞකික දේශපාලන බලවතුන් සමග ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක?

Image
Church Conservatives in an alliance with secular political powers to topple Pope Francis’ Christ-Centred Mission: Report "පේදුරු, නුඹ පර්වතයක් ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගමි. නිරා දොරටු එය ජය නොගන්නේ ය." (2017 පෙබරවාරි 11) දුප්පතුන්, පෑගෙන පොඩිවෙන මිනිසුන්, පව්කාරයන් හා පව්කාරියන් සමග ඇසුරු කරමින් ඔවුන් වෙනුවෙන් කතා කළා වූ ද, තම දොරකඩවල හිඳිමින් තමන්ගෙන් වැටෙන පාන් කැබලි අනුභව කරන "ලාසරස් ලා " බොජුන් මේසයට ගන්නා ලෙස 'ධනවතුනට' අභියෝග කළා වූ ද, (මිනිසත් බව ගත මහා පරාක්‍රම දෙවියන් වහන්සේ වන) නාසරෙතයේ ජේසු නමැති තරුණයා ගේ අභියෝගාත්මක ඉගැන්වීම පිළිගැනීමට  එදා සමාජයේ  බලය දරා සිටිමින්, දයා කරුණාව වෙනුවට මෝසස් ගේ  ටෝරාව නමැති නීති පද්ධතියෙන් හිස පිරී, බලයෙන් ධනයෙන් හා තනතුරුකාමයෙන් මත් වූ පරිසිවරුන්, ලේකම්වරුන්, නීතිවේදීන් සහ නායක පූජකයන් යන කණ්ඩායමට නොහැකි විය. ඔවුන්  කලේ  අසත්‍ය චෝදනා නගා ජේසු තරුණයා කුරිරු කුරුසියේ මරණයට පත් කිරීමය. ඉන් වසර 2000කට පසුව ජේසු තරුණයාගේ අග්‍රශ්‍රාවක පේදුරු තුමන්ගේ ස්ථානග්‍රාහකයා වන ප්‍රැන්සිස් පාප් වහන්සේට ද එවැනි තර්ජනය

වතිකාන කලා ප්‍රදර්ශනයේ ආදායම මධ්‍යම අප්‍රිකාවේ දුප්පත් ළමා රෝහලකට

Image
Proceeds of Vatican Art Project to be donated to Pediatric Hospital in CAR (2017 පෙබරවාරි 7) ප්‍රැන්සිස් පාප් වහන්සේ 2015 දී කළ අපෝස්තලික සංචාරයේ දී එතුමන් ගේ සිත පිළිසිඳගත් අරමුණක් අනුව වතිකානයේ පැවැති කළා ප්‍රදර්ශනයකින් එකතු වූ මුළු මුදල  මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ළමා රෝහලක් වෙත පිරිනැමීමට නියමිතය. දයාවේ ජුබිලි වසර නිමිත්තෙන් 2016 මැයි  මාසයේ වතිකානයේ දී පැවැති මෙම කළා ව්‍යාපෘතිය නම් කර තිබුණේ "ක්‍රිස්ටෝගේ මංජුසාව; කලාව සහ දයාව අතර, බැන්ගී වලට තිළිණයක්" යනුවෙනි. වතිකාන කෞතුකාගාරයේ දී මෙම කලා උළෙල පැවැත්විණි. මෙහිදී සිදුවූයේ බල්ගේරියාවේ උපන් ඇමෙරිකානු කලාකරුවකු වන ක්‍රිස්ටෝ ගේ සමකාලීන කලා නිර්මාණ ප්‍රදර්ශනයකි. ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගෙන තිබුණේ පුනරුද සමය සුන්දර කල ත්‍රිත්ව කලා කරුවන් ගෙන් කෙනෙකු වන රෆායෙල් ගේ කලා කෘති ය. මෙම කලා ව්‍යාපෘතියෙන් යුරෝ දෙලක්ෂයක (E 200,000.00) මුදලක් එකතු කරගන්නා ලදැයි වතිකාන ගුවන් විදුලිය පෙබරවාරි 6 වන සඳුදා වාර්තා කළේය. එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියේ එම මුදල සම්පූර්ණයෙන් මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට භාර දෙන ලද බවයි. උන්වහන

කැළෑ පත්තරවලින් නොසැලී සුදොතුම් පියතුමා සන්සුන්

Image
Pope Francis "Serene" after critical pastors appeared in Rome (2017 පෙබරවාරි 6) රෝමයට 2017 පෙබරවාරි 5 ඉරිදා උදා වූයේ වෙනස් ආකාරයෙනි. ප්‍රැන්සිස් පාප් වහන්සේ විවේචනය කරන පෝස්ටර ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබෙනු දුටු රෝම වැසියෝ පුදුමයටත් කම්පනයටත් පත් වුහ. කෙසේ නමුදු තමාට විරුද්ධව දැඩි වචන භාවිත කරමින් පල කර තිබූ මෙම කැළෑ පත්තරය ගැන දන ගැනීමෙන් පසුවත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "ප්‍රශාන්තව සන්සුන්ව" සිටිනු දක්නා ලදැයි වතිකානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  පෝස්ටර පිලිබඳ පුවත එතුමන් පිළිගත්තේ "සන්සුන්ව, තැන්පත්ව සහ විරාගීව" බව අන්සා ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරයි. මෙම පෝස්ටරයේ භාෂාව ඉතාලි බස නොවේ. රෝමයේ පැරැණි භාෂාව වන රෝමානාෂියෝ (Romanaccio) බසිනි. මේ නිසා මෙය සම්ප්‍රදාය මතවාදීන් ගේ නිර්මාණයක් බවට විශ්වාස කල හැකියැයි වතිකාන ආරංචි මාර්ග කියයි. කැළෑ පත්තර කතාව මෙතනින් කියවන්න: පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක (අලුත් තොරතුරු සමග)

පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක (අලුත් තොරතුරු සමග)

Image
Conservatives intensify attack on the Holy Father: Mysterious posters appear in Rome criticizing  Pope  (2017 පෙබරවාරි 5) සභාවේ දැඩි ගතානුගතික මත වාදීහු (හෙවත් සංස්ථිතික මතවාදීහු: Conservatives ) ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමනට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් ආරම්භ කරති. ඔවුන් ගේ අළුත්ම ප්‍රහාරය වී ඇත්තේ පාප් වහන්සේ විවේචනය කරන පෝස්ටර රෝමය  පුරා ප්‍රදර්ශනය කිරීමයි. රෝම කම්කරුවන් ගේ බසින් ලියවුනු මෙම කැළෑ පත්තර පෙබරවාරි 5 වන ඉරිදා උදෑසන වන විට වතිකානයේ තාප්පවල අලවා තිබිණි. ඔරවාගත් මුහුණක් සහිතව 'ෆොටෝ ෂොප්' කරන ලද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ විශාල ප්‍රමාණයේ සේයාරුවක් එම පෝස්ටරයේ මුද්‍රණය කර  තිබේ. " "ආ ප්‍රැන්සිස්, ඔබ නයිට්ස් ඔෆ් මෝල්ටා සේනාංකය අංගවිකල කර කාදිනල්වරුන් නොසලකා හැර තිබෙනවා....කෝ ඔබේ කරුණාව?"  යැයි එම සේයාරුවට පහලින් විශාල අකුරින් මුද්‍රණය කර තිබිණි. මෙම පෝස්ටර සුදු කඩදාසිවලින් වසා දැමීමට නගර අධිකාරීහු පියවර ගත්හ. ඔවුන් කියා සිටියේ මේවා නීති විරෝධීව හා අවසරයකින් තොරව අලවා ඇති බවයි. නගරයේ පෝස්ටර ප්‍රදර්ශනය කිරීම සඳහා රෝම නගර  අධිකාරීන්ගේ නිසි අවසර

"සමාජ-ආර්ථික ක්‍රීඩාවේ නීතිවල වෙනසක් අවශ්‍යයි": සල්ලි දෙවියන් කරගත් ධනවාදී ආර්ථික ක්‍රමය ගැන සුදොතුම් පියතුමා ප්‍රබල විවේචනයක

Image
Work to change the rules of the socio-economic system: Pope tells the EoC Movement   (2017 පෙබරවාරි 4) "සමාජ ආර්ථික ක්‍රීඩාවේ නීතිවල වෙනසක් අවශ්‍ය" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. දුප්පත් කමට තව දුරටත් පැවතීමට ඉඩ හරින දානපතිභාවයෙන් හෝ මානව හිතවාදීත්වයෙන් ඵලක් නොමැති බව ද උන්වහන්සේ කියා සිටිති. ලාබ බෙදා ගන්නාවූ, දුප්තුන් ඇතුළත් කර ගනිමින් සහභාගී කම ගොඩ නගන්නාවූ නව සමාජ ආර්ථික රටාවක් බිහි කල යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. ධනේශ්වර ආර්ථික ක්‍රමයට  ප්‍රබල විවේචනයක් මෙන් ම අභියෝගයක් ද එළිපිට ම එල්ල කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 4 වන සෙනසුරාදා වතිකානයේ පැවැති ඉහල පෙලේ රැස්වීමක දීය. මෙම උත්සවය පැවැත්වුනේ "සහභාගිත්වයේ ආර්ථිකය" ("Economy of Communion") ව්‍යාපාරය ආරම්භ කොට වසර 25ක් ගත වීම නිමිත්තෙනි. "සහභාගිත්වයේ ආර්ථික" ව්‍යාපාරය ආරම්භ  කරන ලද්දේ 1930 ගණන් වල ට්‍රෙන්ට් නුවර දී "ෆොකලෙයාර්  ව්‍යාපාරයට" ("Focolare Movement") උපත දුන් චියාරා ලුබිච් නමැති දෙවිඳුනට කැප වූ කාන්තාව විසිනි. ඕ 1991

"ජේසු සමිඳුන් සැලකිලිමත් වන්නේ ඔබ හා මා ගැනයි. ජනප්‍රියත්වය ගැන නොවේ."

Image
 "Jesus was concerned with people; not popularity": Pope Francis  (2017 පෙබරවාරි 2 දා) "ජේසු සමිඳුන්  උන්වහන්සේ ගේ ජනප්‍රියත්ව ජනමත විමසුම් ප්‍රතිඵල ගැන කරදර වෙමින් සිටියේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ සෑම මොහොතකම සැලකිල්ල යොමු කලේ  සෑම මානව පුද්ගලයකුම වෙතයි. ඇතැම් විට එක් එක් පුද්ගලයන් ගේ ඉතා කුඩා, ඉතා  නොවැදගත් යයි අප සිතන දේත් දකිමින් උන්වහන්සේ සෑම පුද්ගලයකු ගැනම සැලැකිලිමත් වෙනවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. එතුමා මෙම මෙනෙහි කිරීම කලේ ඉකුත් ජනවාරි 31 වැනිදා උදාසන සාන්ත මාර්තා තානායමේ පුංචි දෙව්මැදුරේ සිය දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව පවත්වමිනි. " 'ජේසු ගුරුතුමා ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබේ' යැයි පැවසීමට සංඛ්‍යා ලේඛන කරුවන් සුදානමින් සිටින්නට ඇති. එහෙත් ජේසු සමිඳුන් සොයා ගියේ වෙනත් දෙයකි. උන්වහන්සේ සොයා ගියේ ජනතාව ය. ජනතාව ද උන්වහන්සේ සොයා ගියහ. ජනතාව ගේ බැල්ම උන්වහන්සේ වෙත යොමු වී තිබුනේ ය. උන්වහන්සේ ගේ බැල්ම ද ජනතාව වෙතට  යොමු වී තිබුනේ යැ"යි  මාර්කු තුමා ගේ සුබ අස්න පහදමින් සුදොතුම් පියතුමා කීවේය. "ඔව්. 'ජේසු සමි