Posts

Showing posts from September, 2022

සුදොතුම් පියතුමා ගේ දාන අංශයේ ප්‍රධානී කාදිනල් හිමියන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසලදී වෙඩි ප්‍රහාරයක්

Image
 Pope's almoner shot at while delivering aid in Ukraine  කාදිනල් ක්‍රව්ජෙස්කි හිමි යුක්රේනයේ සිය 'සහායකයන්' සමග  (2022 සැප්තැම්බර 18) ප්‍රැන්සිස්   සුදොතුම් පියතුමා ගේ දානාධිකාරී තුමා, එනම් සසුන් පිය දාන ආයතනයේ නායක කාදිනල් හිමිපාණන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසල දී වෙඩි තැබීමකට  මුහුණ දීමට සිදු වූ බව වතිකාන නිල ප්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.   "සසුන් පිය දානාධිකාරී" යන කෙටි නමින් පතළ, වතිකානයේ දයා සේවා දෙපාර්තමේන්තුවේ නායක  කාදිනල් කොන්රඩ් ක්‍රව්ජෙස්කි හිමිපාණන් මේ බියකරු අවස්ථාවට මුහුණ දුන්නේ සුදොතුම් පියතුමා ගේ ආහාර සහ වෙනත් සැපැයුම් ඇතුළත්  ආධාර තොගයක් රැගෙන ඒවා බෙදා දීම සඳහා  යුක්‍රේනයේ රුසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි සැපොරිෂ්ෂියා නගරයට පැමිණි අවස්ථාවේ දී ය.  "සසුන් පිය සෙනෙහස" බෙදීම  මෙය කාදිනල් ක්‍රව්ජෙස්කි හිමිපාණන් සුදොතුම් පිය ආහාර සහ සැපැයුම් රැගෙන යුක්රේනයට ගිය තුන් වැනි වතාවයි.  මේ කාලය තුළ තමන්ට පැවරී  ඇති මෙහෙවර යුද්ධයට මැදි වී සිටින යුක්රේන ජනතාවට අත්‍යවශ්‍ය සැපැයුම් බෙදා දෙන අතර, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ නියෝජිතයා ලෙස, එතුමා ගේ සමී

"මිනිස් බල පිපාසය වෙනුවෙන් ධර්මය ප්‍රාණ ඇපකාරයෙකු නොකරමු" ජගත් ආගමික නායක සමුළුව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි; ධර්මයන් ගේ නාමයනට පහර දෙන අන්තවාදයන් සහ මූලධර්ම වාදයන්ගෙන් මිදෙමු."

Image
“It is time to realize that fundamentalism defiles and corrupts every creed" Holy Father says in his address to World Religious Leaders Congress සුදොතුම් පියතුමා ආගමික නායක සමුළුව අමතයි  (2022 සැප්තැම්බර් 15) "ආගමික නායකයන් වන  අපි ප්‍රචණ්ඩත්වය අනුමත නොකළ යුත්තෙමු. ..අපි අපවම අයහපතින්, නපුරෙන් පවිත්‍ර කර ගනිමු. ...බලය සඳහා වූ මිනිස් පිපාසය වෙනුවෙන් ධර්මය (දෙවියන් වහන්සේ) ප්‍රාණ අපකාරයෙකු කර නොගනිමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින සියලු ආගමික නායකයන්ට ආයාචනා කරයි.  "ආගම ගැටළුවක් නොව සමාජයේ  වැඩි ප්‍රසංවාදී ජීවිතයක් සඳහා වූ විසඳුමේ කොටසකි." එතුමා මේ දේශනය කළේ කසක්ස්ථානයේ නූර්-සුල්ටාන් අගනුවර පැවැත්වෙන ජගත් නායකයන් සහ සාම්ප්‍රදායික ආගමික නායකයන් ගේ සත් වැනි ලෝක මහ සමුළුව අමතමිනි. එම සමුළුවට ලොව පුරා රටවල් 50 කින් ආගමික නායකයෝ සිය දෙනෙක් පමණ සහභාගී වෙමින් සිටිති. බෞද්ධ, ඉස්ලාම්, ජුදෙව්, ඕතොඩොක්ස් ක්‍රිස්තියානි, ප්‍රොතෙස්තන්ත ඇතුළු වෙනත් සාම්ප්‍රදායික ආගමික නියෝජිතයෝ ඒ අතර වෙති.   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කසාක්ස්ථානයේ සිය පළමු දිනය ආරම්භ කළේ රුසි

"යුක්රේනය ආක්‍රමණය නිරර්ථක සහ ඛේදජනක යුද්ධයක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කසාක්ස්ථාන සංචාරය අරඹමින් කියයි. "යුද්ධය වෙනුවට සංවාදයට, රාජ්‍යතාන්ත්‍රික භාවයට කැප වූ නායකයන් ඕනෑ කර තිබේ."

Image
Starting Apostolic Journey in Kazakhstan, Pope Francis condemns 'senseless and tragic' Ukraine war සුදොතුම් පියතුමා කසාක් ජනාධිපති විසින් පිළිගනු ලැබ ... (2022 සැප්තැම්බර 14) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සැප්තැම්බර 13 වැනි දා කසාක්ස්ථානයේ තුන් දින අපෝස්තලික සංචාරයක් ආරම්භ කළේය.  ලොව පුරා ජනතාව දැඩි අවධානයකින් සිටින මෙම සංචාරය එතුමා ආරම්හ කළේ රුසියාවේ "නිරර්ථක සහ ඛේදනීය යුක්රේන ආක්‍රමණය" දැඩි ලෙස හෙලාදකිමිනි.  සුදොතුම් පියතුමා ගේ මේ සංචාරය හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි.  එම සංචාරයේ ප්‍රධාන අරමුණ සැප්තැම්බර 14-15 දෙදින එරට නූර්-සුල්ටාන් අගනුවර දී පැවැත්වෙන  ජගත් සහ සාම්ප්‍රදායික ආගම්වල නායකයන් ගේ සත් වැනි මහ සමුළුවට සහභාගී වීමයි.  එතුමා කසාක්ස්ථානයට පැමිණෙන්නේ එම ප්‍රදේශයේ යුද්ධයක් පවතින  අවස්ථාවක  වීම තවත් වැදගත් කරුණකි. කසාක්ස්ථානයේ උතුරු දිග සම්පූර්ණයෙන් මායිම් වන්නේ රුසියාවට ය. එම මායිමේ දිග සැතපුම් 5000කි. නැගෙනහිර දිගින් කුඩා දුරක් යුක්රේනයට මායිම් වේ. මේ නිසා එරටට රුසියා-යුක්‍රේන යුද උණුසුම තදින් දැනේ.  සාම්ප්‍රදායික ආගමික නායකයකු ලෙස රුසියාවේ ඕතොඩොක්ස් සභාවේ නා

"සැලසුම් නොකළ අවස්ථා, අහඹු අකරතැබ්බ සහ අප්‍රසන්න සිද්ධි ඔස්සේ කතා කරන දෙවිඳුන්ට සවන් දෙන්න. එය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකියි." සුදොතුම් පියතුමා ප්‍රවිචකරණය පිලිබඳ ශාන්ත ඉග්නේෂස් ඉගැන්වීම පහදා දෙයි

Image
"God works through unplannable events, and also through mishaps" - Holy Father explains Ignatian discernment at Wednesday Public Audience Catechesis   (2022 සැප්තැම්බර 11) දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ප්‍රවිච කිරීම (Discerning the will of God) යනු ජීවිතයේ අනපේක්ෂිත අවස්ථා සහ සිද්ධි වල දී කෙනෙකු ගේ හදවතේ ඇසෙන දෙවියන් වහන්සේ ගේ හඬට සවන් දීම සහ ඒ සිද්ධිය සහ අවස්ථාව තුළ උන්වහන්සේ ගේ වැඩසිටීම හඳුනා ගැනීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කරයි.  ජේසු නිකායේ නිර්මාතෘ ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමා ගේ සිත් හැරීම ආරම්භ වූයේ යුද්ධයේ දී එතුමා තරමක් බරපතල තුවාල ලැබීමෙන් පසුව සුවය ලබමින් සිටින විටයි. ඒ අවස්ථාවේ ප්‍රවිචකිරීම මගින් එතුමා මේ සිත්මාරුව හා නව අත්දැකීම තුළ නැවුම් මගක් සොයා ගැනීමට එතුමාට හැකි විය. එතුමා සේ සියලු කිතුනුවනට ප්‍රවිචය මගින්  "අනපේක්ෂිත, ඇතැම් විට අප්‍රසන්න තත්වයන් සහ සිද්ධි තුළ ඇති සලකුණු ඔස්සේ  සමිඳුන් තමන් ප්‍රකාශ කරන ආකාරය හඳුනා ගත හැකි " බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.  "එවැනි මොහොතක සමස්ත ජීවිතය වෙනස් කෙරෙන මුණගැසීමක්  සිදු විය හැකිය. - අතිශය සු

"මරණ දඬුවම ලොව පුරා නීතියෙන් ම තහනම් කිරීම් සඳහා බල මුළු ගැන්වෙමු." සැප්තැම්බර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

Image
 "Let's mobilize for the abolition of the death penalty throughout the world" Pope invites people of good will through his prayer intention for September 2022 (2022 සැප්තැම්බර 7) 2022 සැප්තැම්බර් මාසය සඳහා ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  ලොව පුරා සෑම රටකම නීත්‍යනුකුලව ම මරණ දඬුවම තහනම් කරවීම සඳහා බල මුළු ගැන්වෙන්නැයි ද ඒ වෙනුවෙන් දෙවිඳුන් යදින්නැයි එතුමා  එම වීඩියෝ පණිවිඩය මගින් ලොව  පුරා වෙසෙන යහපත් සිත් ඇති සියලු ජනතාවට ආරාධනා කරයි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ජීවිතය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධව පෙනී සිටි කෙනෙකි. පාප් තුමන් ලෙස තේරී පත් වීමෙන් පසුව එතුමා මේ ගැන දිගින් දිගටම නොබියව ඉගැන්නුවේ ය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය.  කතෝලික සභාවේ  ධර්මෝපදේශය  ද සංශෝධනය කල එතුමා මරණ දඬුවම කතෝලික ඉගැන්වීමට පටහැනි බවත්, මේ නිසා එය නොපිළිගතහැකි දඬුවමක් බවත් දැක්වෙන නව වගන්තියක් ඊට එකතු කළේය. මෙම ඉගැන්වීම තව දුරටත් අවධාරණය කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  "සියල්ලෝ සොහොයුරෝ"  නමැති සිය අලුත්ම විශ්ව ලේඛනයේ 

පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා භාග්‍යවරයට: "ආත්මයේ සිනහව අපට ලබා දෙන ලෙස එතුමන් යදිමු" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්ම දේශනය: "සිය දොරවල් කිසි දා නො වසන, කිසි දා සිය හදවත් දැඩි කර නො ගන්නා සභාවක් කෙතරම් සුන්දර ද?"

Image
Pope John Paul I is now a Blessed: "'The smiling pope' showed God's goodness"  Pope Francis says: "Let us pray for the Smile of the Soul"     (2022 සැප්තැම්බර් 6) "සිනාසෙන පාප්තුමා" යන විරුදයෙන් ලොව පුරා ජනතාවගේ ආදරයට ලක් වූ පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා භාග්‍යවරයට ඔසවනු ලබයි.  භාග්‍යවර විශේෂ දේව මෙහෙය පවත්වන ලද්දේ සැප්තැම්බර් 3 වැනි දා, සෙනසුරාදා, වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පවත්වන ලද විශේෂ දිව්‍ය පූජා මෙහෙය අතරතුර ය.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය පූර්ව ගාමියකු  වූ, තමන් සේම "දුප්පත් සභාවක් - දුප්පතුන් වෙනුවෙන් වූ සභාවක්" වෙනුවෙන් ඉඟි කළ පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා කතෝලික සභාවේ අලුත්ම භාග්‍යවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.    දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පැවැත්වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙවියන් වහන්සේ ගේ යහපත්කම  ලෝකයටම ප්‍රදර්ශනය කිරීමත් කිසිදු හෙට්ටු කිරීමකින් තොරව සුබ අස්න ජීවත් කිරීමත් පිළිබඳව පළමුවන ජුවාම් පාවුළු පාප් තුමාට ප්‍රශංසා කළේය.   "අපේ නව භාග්‍යවරයා ජීවත් වුණේ එහෙමයි: සුබ අස්නේ ආනන්දයෙන්, කිසිදු හෙට්ටු