Posts

Showing posts from October, 2023

"විවෘත වූ දොරවල් ඇති සභාවක සිහිනයක්" සමග සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාව සමාප්තියට! "අප දකින්නට කැඳවා ඇති සිහිනය 'සියල්ලන් ගේ සේවකයා වන සභාවක්. ... උණුසුමින් පිළිගන්නා , සේවාව කරන, ප්‍රේම කරන, සමාව දෙන සභාවක්." සුදොතුම් පියතුමා අනුශාසනා කරයි.

Image
Holy Father closes the Synod on Synodality with the 'Dream' for a "Servant Church - a Church with doors wide open".  (2023 ඔක්තෝබර 29) ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමන් විසින් විවර කරන ලද    "විවෘත වූ දොරවල් ඇති සභාවක සිහිනයක්" සමග සාංගමනිකත්වය පිලිබඳ සාංගමනික කතිකාවේ ප්‍රථම සැසිවාරය  2023 ඔක්තෝබර 29 වැනි ඉරිදා සමාප්තියට පත් විය.   එහි සමාප්ති ස්තෝත්‍ර යාගික මහෝත්සවයේ අනුශාසනය කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පෙන්වා දුන්නේ"සභාව ප්‍රතිසංස්කරණය කිරීම යනු දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථානයේ තබා උන්වහන්සේට වන්දනා කිරීම සහ අන්‍යයන්ට ප්‍රේම කිරීම සහ සේවාව කිරීම" බවයි. "අප සිහින දකින්නට කැඳවනු ලැබ ඇති සභාව මෙයයි: සියල්ලන් ගේ සේවකයා වබ සභාවක්, අප ගේ සහෝදර සහෝදරියන්ගෙන් අල්ප ම වන අය ගේ සේවකයා වන සභාවක්; තමන් ගේ 'යහපත් හැසිරීම' ගැන සහතික කිරීමක් ඉල්ලා නො සිටින, එහෙත් උණුසුමින් පිළිගන්නාවූ , සේවය කරන්නා වූ, ප්‍රේම කරන්නා වූ සහ සමාව දෙන්නාවූ සභාවක්; සිය දොරවල් පුළුල්ව විවෘත කර ඇති, දයා කරුණාවේ ක්ෂේම භූමියක් වන සභාවක්" යැයි ප්‍රතිජීවනය වූ සභාවක නැව