Posts

Showing posts from April, 2016

ඇතැම් රටවලට දෙව්මැදුරු "තිළිණ කරන බව" කියන චීනයේ සැබෑ "කිතු දහම් ප්‍රේමය": කිතුනු කතක් පණ පිටින් වලලා දැමේ

Image
 A Christian woman bulldozed to death in China  (2016 අප්‍රේල්  29) ශ්‍රී ලංකාවේ කතෝලික සභාව  'බැටළුවන්' නොහොත් 'කිතුනු හිතවාදී දානපතීන්' ලෙස හඳුනාගෙන සිටින  චීන ආණ්ඩුව සිය රටේ කිතුනුවන්  කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිය එරට තුළ දිනෙන් දින සිදුවෙමින් පවතින සිදුවීම වලින් තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට බැසිලිකා දෙව්මැදුර ප්‍රතිසංස්කරණය "චීන රාජ්‍යයේ තිළිණයක්" ලෙස දෙන බව කියන චීන රජය, ක්‍රම ක්‍රමයෙන් සිය රටේ කිතුනු දෙව්මැදුරු බිමට සමතලා කරමින් සහ කිතුනුවන්ට පීඩා කෙරෙන නව නීති හඳුන්වා දෙමින් සිටියි. ඊට විරෝධය දක්වන කිතුනුවන් පණ  පිටින් වලලා දැමීමට වුව ද බලධාරීහු පසුබට නොවෙති. මේ සම්බන්ධ අලුත්ම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මධ්‍යම චීනයේ හේනා පළාතේ ෂුමාඩියාන් නගරයෙන් බව එම සිද්ධිය වාර්තා කරන කතෝලික ප්‍රවෘත්ති ඒජන්සිය කියයි. එම නගරයේ බීටු කිතුනු දෙව්මැදුර අත්පත් කරගැනීමට රජයට අයත් ප්‍රාදේශීය සංවර්ධන ආයතනයකට අවශ්‍යව තිබිණ. මේ අනුව එම දෙව්මැදුර කඩා ඉවත් කිරීම රජයට අයත් බිඳහෙළීම් සමාගමකට පවරනු ලැබිණ. එම සමාගමේ බිඳහෙළීම් කණ්ඩායමක් දෙව්මැදුර සමතලා කිර

සභාවේ පූජක අධිපතීත්වය ගැන පාප් වහන්සේ ගෙන් තද දෙහි කැපිල්ලක්: "ආත්මයාණෝ පුජකවරුන් ගේ 'බුදලයක්' නොවේ. ගිහියාට නියෝග දීම ඔවුන් ගේ භූමිකාව අවතක්සේරු කිරීමක්"

Image
 Holy Father blasts Clericalism in the Church (2016 අප්‍රේල්  27) පූජක අධිපති වාදය සභාව තුළ විශාල විකෘතීන් ඇති කරන බවට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ යලිත් අනතුරු අඟවති. මේ හේතුවෙන් ගිහි ජනතාවගේ දායකත්වය අවතක්සේරුවටත්  හීන කිරීමටත් ලක්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති. ලොව පුරා සිටින විශ්වාසයේ ජනතාව ඊට අභියෝග කළ යුතු  බව උන්වහන්සේ අවධාරණය කරති. ප්‍රැන්සිස් පාප් වහන්සේ  සභාවේ පවතින 'පූජක අධිපති වාදය' (Clericalism) ගැන ඉතා දැඩි ස්වරයෙන් මෙවර කතා කර ඇත්තේ ලතින් ඇමෙරිකානු සභාවට ලියුමක් ලියමිනි. අප්‍රේල් 26 වන දා දාතමින් යුත් මෙම ලියුම එතුමන් විසින් ලතින් ඇමෙරිකාව පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සභාපති අති උතුම් මාක් ඖලේ කාදිනල් හිමියන් වෙත  යවනු ලැබ  තිබේ. සිය ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට ගිහියනට අයිතිවාසිකමක් ඇතැ යි සුදොතුම් පියතුමා මෙම ලියුමේ ඉතා දැඩි ස්වරයෙන් පවසා තිබේ. "ශුද්ධාත්මයාණන් වහන්සේ ගිහියන් තුළ  ද ක්‍රියා කරන බව පූජකවරුන් විශ්වාස කල යුතු ය. උන්වහන්සේ හුදෙක් පූජක වරුන්ට පමණක් අයිති දේපලක් නොවේ." "සභාව යනු පූජකවරුන්, කැපවූ ජීවිත ගත කරන පැවිද්දන් සහ රදගුරු

"සැබෑ ආදරය හා සතුට 'ඇප්' එකකින් 'ඩවුන්ලෝඩ්' කරගත නොහැකියි" සුදොතුම් පියතුමා යෞවන යෞවනියනට දෙන පණිවිඩය

Image
 Pope to teens: There isn't a phone app for love and happiness (2016 අප්‍රේල්  25) සැබෑ නිදහස හා සතුට අපට ලැබෙන්නේ අපට අයිතිව පවතින හෝ අප සතු වටිනා දේ වලින් හෝ නොවේ. අපට අවශ්‍ය දේ කිරීමෙන් හෝ අපට නිදහස නොලැබේ. සැබෑ නිදහස අපට ලැබෙන්නේ ජේසු සමිඳුන් ගේ ප්‍රේමයෙන් පමණි. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  මෙම පණිවිඩය දුන්නේ ඉරිදා (2016 අප්‍රේල් 24) උදාසන වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ දස දහස් සංඛ්‍යාත යෞවන යෞවනියන්ට ය. "ඔබගේ සතුට මිල කල නොහැකිය"යි දිව්‍ය  පූජාවේ ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කීවේ ය. "සතුට මිල දී  නොහැකියි. එය ඔබගේ දුරකථනවලට බා ගත හැකි 'ඇප්' එකක් ද නොවේ. අලුත් ම 'අප්ඩේට්' එක විසින් ඔබට සතුට හෝ ආදරයේ ඓශ්චර්යය ලබා නොදේ. ඒ මන්ද, ආදරය යනු විවෘත හදවතක් ඉල්ලා සිටින නිදහස් තිළිණයක් බැවිනි. එය ජීවිත කාලය පුරා පවත්නා උතුම් වගකීමකි. එය විශිෂ්ට සිහින සැබෑ කරගත හැකි අය ඉටුකරන  දෛනික කටයුත්තකි." පසුගිය ඉරුදින පැවැත්වුනේ "යෞවන යෞවනියන් ගේ දයාවේ ජයන්තියයි." ඒ නිමිත්තෙන් පැවැත්වුණු දිව්‍ය පූජාව සඳහා එක් වූ 90,000 ක

එළිසබෙත් මහ රැජිනගේ උපන් දිනය වෙනුවෙන් වතිකාන-රජ ගෙදර ක්‍රිකට් තරගයක්

Image
 Cricket in Vatican for Queen's birthday  (2016 අප්‍රේල්  22) බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ 90 වන උපන් දිනය වෙනුවෙන් වතිකාන ක්‍රිකට් කණ්ඩායම සහ බ්‍රිතාන්‍ය රජ ගෙදර කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයක් අද (2016 අප්‍රේල් 23  සෙනසුරාදා වතිකානයේ දී පැවැත්වෙයි. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍ය කිරුල දැරූ රාජකීයයා ලෙස දැනටමත් වාර්තාවක් තබා සිටින මහ රැජින ගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 21) 90 වන වසරට පා තැබුවාය. ඇය එම අවස්ථාව සමරුවේ වින්ඩ්සර්හි රැජින පටුමගේ සිහිවටන පුවරුවක් නිරාවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එදින මහ රැජිනට බුහුමන් ලෙස පවත්වන ලද කාලතුවක්කු වෙඩි මුර 21 මුළු රට පුරාම අසන්නට  ලැබිණි. මේ නිමිත්තෙන් බ්‍රිතාන්‍යය පුරා උත්සව මාලාවක් පැවැත්වීමට නියමිතය. මෙම උත්සව මාලාව අවසන් වන්නේ සාම්ප්‍රදායික ලෙස ජුනි 11 දා පැවැත්වෙන මහා රැජින ගේ "නිල උපන් දින උත්සවයෙනි". (මෙම නිල උපන දින උත්සවය 2 වැනි ජෝර්ජ් මහා රජ තුමාගේ සිට පැවතගෙන එන්නක් බව බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසය කියයි. අනූ වන උපන් දිනය නිමිත්තෙන් රැජිනට සුබ පැතීම සඳහා තමන් ද එක්වීමට වතිකානය තීරණය කර තිබේ.වතිකානය මෙම සුබපැතී

"ජේසු සමිඳාණෝ: විමුක්තියට එකම දොර; එකම මාර්ගය."

Image
 "Jesus:  The only door for salvation"  (2016 අප්‍රේල්  21) වෙන කිසිවෙකු නොව ක්‍රිස්තුන් වහන්සේ තුළින්  පමණක් විමුක්තිය සොයන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මන්ද, ගැලවීමේ එකම දොරටුව උන්වහන්සේ පමණක් බැවිනි. ඉකුත් දා සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැති උදාසන දිව්‍ය පුජාවේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. එතුමන් එදින සිය භාවනාව කළේ මේ සතියේ සුබ අස්න මගින් කියැවෙන යහපත් එඬේරා පිලිබඳ ජේසු සමිඳුන් ගේ දේශනය පාදක කර ගනිමිනි. "බැටළු රැල වෙත දොරටුවෙන් ඇතුළු නොවන කවරෙක් නමුදු එඬේරා නොව සොරෙකු" බව ජේසු සමිඳුන් වදාළ බව මෙම සුබ අසුන් පණිවිඩයේ කියැවේ. එබැවින් "ජේසු සමිඳුන් හැර වෙනත් දොරටුවක් නැතැයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.  'සමිඳුන් ඉතා පැහැදිලිව පවසනවා, දොර නොවන වෙනත් කිසිදු ප්‍රවේශයක්  මගින් සදාතන ජීවිතයට අතුලු  විය නොහැකි බව. මේ දොර නම් ජේසු සමිඳාණන් ම යි.එබැවින් උන්වහන්සේ නොවන මගකින්  සදාතන ජීවිතයට ඇතුළු විය නොහැකියි. අපගේ ජීවිතයේ දොර ද උන්වහන්සේ මයි. එනම්, සදාතන ජීවිතයේ පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතයේ

"යුක්තිසහගත යුද්ධය" සභාවේ වැරැදි ඉගැන්වීමක්; වහා එය වෙනස් කල යුතුයි.සියලු යුද්ධ විනාශකාරියි." ඉහළපෙලේ වතිකාන සමුළුවක් කියයි.

Image
 High level Vatican conference blasts "Just War" theory: Appeals for promotion of nonviolence instead   "සියලු යුද්ධ විනාශකාරියි": හිරෝෂිමාවට පරමාණු බෝම්බය  හෙළීමෙන් පසු.......(1945) (2016 අප්‍රේල්  18) කතෝලික සභාව ශත වර්ෂ ගණනාවක් පුරා දැරූ න්‍යායක් වූ "සාධාරණ හෙවත් යුක්තිසහගත යුද්ධය" යන ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීමට වතිකානයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයෝ තීරණය කරති. ඔවුන්  පෙන්වා දෙන්නේ  අර්බුද ප්‍රචණ්ඩව හා යුද්ධයෙන් විසඳා ගැනීම යුක්තිසහගත කිරීම සඳහා  සභාවේ එම මතය දීර්ඝ කාලයක් පුරා අවභාවිත කරනු ලැබ  ඇති බවයි.  වැරැදි සහගත වූ මෙම ඉගැන්වීම අත්හැර දමා ජේසු සමිඳුන් ගේ අවිහිංසාවේ ඉගැන්වීම වෙත හැරීම කෙරෙහි සභාව සිය අවධානය යොමු කල යුතු බව ඔව්හු අවධාරය කරති. එපමණක් නොව, යුද්ධය හා ප්‍රචණ්ඩත්වය පිලිබඳ සභාවේ ඉගැන්වීම නව මං ගැන්වෙන විශ්ව ලේඛනයක් හෝ එබඳු ප්‍රධාන පෙළේ ලියවිල්ලක්  නිකුත් කරන ලෙස ද ඔව්හු ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලා සිටිති.  මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ යුක්තිය හා සාමය පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සංවිධායකත්වයෙන් තුන් දිනක් පුරා වත

සුදොතුම් පියතුමා සසල කල කිතුනු තරුණියක හා විවාහ වී සිටි සිරියානු මුස්ලිම් තරුණයා ගේ කතාව - (එතුමා ග්‍රීසියේ දී ලද අත්දැකීම්)

Image
"The pain of the Muslim youth who was married to a Christian girl...." Pope shares stories of refugees සුදොතුම් පියතුමා සරණාගතයන්ගේ අත්දැකීම් වලට සවන් දෙමින් - Pope Francis listening to their stories (2016 අප්‍රේල්  17) සරණාගතයන් රඳවා සිටින ග්‍රීසියේ කඳවුරුවල දක්නට ඇත්තේ අති මහත් දුක් වේදනා බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. ග්‍රීසියේ සිදුකල හදිසි කෙටි සංචාරයෙන් දිනකට පසු, අප්‍රේල් 17 ඉරිදා, තුන්කාල ආරාධනා යැදුම සඳහා වතිකාන චතුරශ්‍රයට රැස්වූ ජනතාව හමුවේ එතුමා මේ බව කියා සිටියේය. එදින සිය සුපුරුදු මෙනෙහි කිරීමට පෙර සුදොතුම් පියතුමා ග්‍රීසියේ සිය අත්දැකීම වන්දනාකරුවන් සමග බෙදා ගත්තේය.. "මා එහි දුටුවේ දැඩි වේදනාවක්" එතුමා කීවේය. "සරණාගතයන්ටත් ග්‍රීක ජනතාව වෙතත් මම සභාවේ සහෝදරත්වය සහ සහයෝගිතාව රැගෙන ගියා. කොන්ස්තන්තිනොපලයේ ග්‍රීක කතෝලික නායක බර්තොලොමිව් පෙත්රියාක් තුමාත් ඇතන්ස් නුවර දෙවන ඉරෝනිමස් අගරදගුරු තුමාත් සමගයි මා මේ අවස්ථාවට සහභාගී වුනේ. මේ මගින් අපට අවශ්‍ය වුනේ දෙවියන් වහන්සේගේ ජනතාව දයාවේ ක්‍රියාවලදී එක්සත්ව සමගිව කටයුතු කරන බව ස

ග්‍රීසියේ දුක්විඳින සිරියානු මුස්ලිම් සරණාගතයන් 12 දෙනෙක් සුදොතුම් පියතුමා තම යානයෙන් ම වතිකානයට කැටුව එයි

Image
Pope returns home from Greece with 12 Syrian refugees   (2016 අප්‍රේල්  16) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ග්‍රීසියේ  සිට ආපසු වතිකානයට එන ගමනේ දී සරණාගතයන් 12 දෙනෙකුද තමන් සමග රැගෙන යති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සෙනසුරාදා (2016 අප්‍රේල් 16) ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනේ හදිසි චාරිකාවක නිරත විය. එතුමා එහි ගියේ එහි රැඳී සිටින සරණාගතයන් බැහැදැකීම සඳහාය. ඔවුන් සමග  ගත කරන සුළු කාලය තුළින්, තම උන් රටත් ඉන්නට සිටින්නට තැනකුත් නොමැතිව සිටින මෙම සරණාගතයන් පිළිගැනීමට යුරෝපයේ රටවල්වලට කිසියම් බලපෑමක් කිරීම එතුමන් ගේ අරමුණ වී තිබිණ. ඉරාකය සහ සිරියාව යන රටවල පවතින යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් පළා එන සරණාගතයන් යුරෝපයට ඇතුළුවන මුවදොර වී ඇත්තේ ග්‍රීසියේ  ලෙස්බොස් දූපතයි. කිසියම් රටක් විසින් තමන් පිළිගන්නා තෙක් සිය දරුවන් ද කරපින්නා ගෙන ඔවුන් රැඳී සිටින්නේ මේ දිවයිනේ යි. සෙනසුරාදා සුදොතුම් පියතුමා දිවයිනට පැමිණි විට මෙම සරණාගතයෝ විවිධාකාරයෙන් එතුමාට ප්‍රතිචාර දැක්වූහ. පසුව එහි මොයිරා කඳවුරේ රඳවනු ලැබ සිටින සරණාගතයන් ඇමතූ පාප් වහන්සේ " ඔබ තනිවී නොමැති බව සිතන්න" යයි ඔවුන්ගෙන

සුදොතුම් පියතුමා ගේ "ප්‍රේමයේ ආනන්දය"නිකුත් වෙයි (Latest)

Image
 "Joy of Love": Pope's Apostolic Exhortatuin on the family is out (2016 අප්‍රේල්  8) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දෙවැනි අපෝස්තලික හසුන වන "ප්‍රේමයේ ආනන්දය" (Amoris Laetitia or The Joy of Love) අද , 2016 අප්‍රේල් 8 දා , වතිකානයේදී නිකුත් කෙරින. නූතන පවුල මුහුණ දෙන අභියෝග හා  ගැටළු හා ඒවාට කතෝලික සභාව ලබා දිය යුතු "එඬේරික" ප්‍රතිචාරය ගැන සුදොතුම් පියතුමා මෙම මෙම අපෝස්තලික හසුනෙන්  (Apostolic Exhortation) උපදෙස් දෙයි. වැදගත් -එසේම දැඩි මතධාරී කතෝලික පණ්ඩිතවරුන් ගේ විවේචනයට ලක් විය හැකි - මෙම ලේඛනය තුළ "ප්‍රැන්සිස් භාෂාව හා මුද්‍රාව" පැහැදිලි ලෙස දක්නට ලැබේ. එනම්, කතෝලික සභාව සතුව පවුල සම්බන්ධයෙන් වූ වෙනස් කල නොහැකි දැඩි ඉගැන්වීම් රැසක් තිබුනේ වුවද, නූතන පවුල මුහුණ දෙන අනේක විධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම ගැටළු වලට මුහුණ දෙන ජනයා දෙස "මහා කාරුණික එඬේරාණන් වන ජේසු සමිඳුන් ගේ දෑසින් හා හදවතින් බලා කටයුතු කරන ලෙස" සභාවේ රදගුරු-පූජක නායකත්වයෙන් කෙරෙන දැඩි ඉල්ලීමක් ඊට ඇතුළත් වී තිබීමයි. සුදොතුම් පියතුමා සභාවේ දේව ධ

ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් බැලීමට සුදොතුම් පියතුමා ග්‍රීසියේ හදිසි සංචාරයක

Image
  Pope Francis decides to travel to Greece to meet refugees   ග්‍රීසියට පැමිණි දසලක්ෂ සංඛ්‍යාත සරණාගතයන්ගෙන් කොටසක් (2016 අප්‍රේල්  7) සුදොතුම් ප්‍රැන්සිස් ප්‍රැන්සිස් පාප් වහන්සේ  ග්‍රීසියේ හදිසි සංචාරයක දීමට තීරණය කර තිබේ. මෙම සංචාරයේ ප්‍රමුඛතම අරමුණ මේ වන විට (උපන් රටත් ඉන්නට රටකුත් නොමැතිව) ග්‍රීසියේ ලෙස්බොස් දූපතේ රැඳී සිටින සරණාගතයන් හමුවීමයි. වතිකාන මාධ්‍ය අංශය මාර්තු 7 බ්‍රහස්පතින්දා මේ බව නිවේදනය කළේය. ශුද්ධාසන මාධ්‍ය කාර්යාල ප්‍රධානි ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා කියා සිටියේ සුදොතුම් පියතුමා අප්‍රේල් 16 සෙනසුරාදා ග්‍රීසියට යන බවයි. මෙය අසාමාන්‍ය ලෙස හදිසියේ යොදාගන්නා ලද චාරිකාවකි. එරටට පැමිණෙන ලෙස කොන්ස්තන්තිනෝපලයේ කිතුනු සභා නායක බර්තොලොමිව් පේත්‍රියාක් තුමන් සහ එරට ජනාධිපති ප්‍රොස්කොපිස් පැව්ලොපුලොස් මහතා විසින් කරන ලද ආරාධනයක් පිළිගනිමින් සුදොතුම් පියතුමා මෙම ගමන යොදා ගෙන තිබේ. ග්‍රීසියේදී ප්‍රැන්සිස් පාප් වහන්සේ එරට ලෙස්බොස් දිවයිනට යාමට නියමිතයි. එහිදී උන්වහන්සේ බර්තොලොමිව් පේත්‍රියක් උතුමන් හා ඇතැන්ස් නුවර සහ සමස්ත ග්‍රීසියේ අගරදගුරු 2 වැනි ජෙරොම් උතුමන් සමග එහි

තෙරේසා මව්තුමියගේ ජීවිතය පෙලූ දැඩි "ආධ්‍යාත්මික අන්ධකාරය........"

Image
"Mercy is an open book; it is our task to write it.": Homily on the Feast of the Divine Mercy  දයාවේ මංගල්‍ය දින දිව්‍ය පූජාව   (2016 අප්‍රේල්  3) ජේසු සමිඳුන් සහ අපොස්තුළුවරුන් මුලපිරූ "දයාවේ සුබ අස්න" තවමත් අවසන් කොට නැත. එය විවෘත පොතකි. අප එකිනෙකා අපගේ ක්‍රියා සහ වචන මගින් එය ලියන්නට කැඳවීම් ලැබ සිටින්නෙමු. කතෝලික ජනතාව දේව දයාවේ මංගල්‍යය සැමරූ ඊයේ (2016 අප්‍රේල් 3) සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කියා සිටියේය. පාස්කු ඉරිදාට පසු එළඹෙන පළමු ඉරිදා දේව දයාවේ මංගල්‍යය ලෙස නම් කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. පෝලන්ත ජාතික පවුස්තිනා කන්‍යා සොහොයුරියට ජේසු සමිඳුන් දර්ශනය වී දුන් උපදෙස් අනුව දේව දයාවේ බැතිය සහ දේව දයාවේ මංගල්‍යය ගොඩ නැගී තිබේ.  දයාවේ ජුබිලි වසර වීම නිසා මෙවර එම මංගල්‍යයේ අරුත තවත් වැඩි වර්ධනය වී ඇත. එම මංගල්‍යය වෙනුවෙන් පැවැත්වුණු දිව්‍ය පූජාව සඳහා රැස්වූ බැතිමතුන්ගෙන් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය  අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබිණි. "සුබ අස්න යනු දෙවියන් වහන්සේ ගේ ද

"දයාවේ සුබ අස්න අවසන් නැති පොතක්. එය ඔබ සහ මා විසින් තව දුරටත් ලියන්නට විවෘතයි." දයාවේ මංගල්‍ය දින ධර්ම දේශනය

Image
"Mercy is an open book; it is our task to write it.": Homily on the Feast of the Divine Mercy  දයාවේ මංගල්‍ය දින දිව්‍ය පූජාව   (2016 අප්‍රේල්  3) ජේසු සමිඳුන් සහ අපොස්තුළුවරුන් මුලපිරූ "දයාවේ සුබ අස්න" තවමත් අවසන් කොට නැත. එය විවෘත පොතකි. අප එකිනෙකා අපගේ ක්‍රියා සහ වචන මගින් එය ලියන්නට කැඳවීම් ලැබ සිටින්නෙමු. කතෝලික ජනතාව දේව දයාවේ මංගල්‍යය සැමරූ ඊයේ (2016 අප්‍රේල් 3) සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කියා සිටියේය. පාස්කු ඉරිදාට පසු එළඹෙන පළමු ඉරිදා දේව දයාවේ මංගල්‍යය ලෙස නම් කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. පෝලන්ත ජාතික පවුස්තිනා කන්‍යා සොහොයුරියට ජේසු සමිඳුන් දර්ශනය වී දුන් උපදෙස් අනුව දේව දයාවේ බැතිය සහ දේව දයාවේ මංගල්‍යය ගොඩ නැගී තිබේ.  දයාවේ ජුබිලි වසර වීම නිසා මෙවර එම මංගල්‍යයේ අරුත තවත් වැඩි වර්ධනය වී ඇත. එම මංගල්‍යය වෙනුවෙන් පැවැත්වුණු දිව්‍ය පූජාව සඳහා රැස්වූ බැතිමතුන්ගෙන් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය  අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබිණි. "සුබ අස්න යනු දෙවියන් වහන්සේ ගේ ද

මහා සන්නිවේදකයා හා පෙමින් බැඳුනු "ශ්‍රී වචනයේ මාධ්‍යවේදිනිය" සගපුර දිනයි (UPDATED)

Image
 Mother Anjelica: The faithful Bride of the greatest communicator (2016 අප්‍රේල්  2) කතෝලික ජන සන්නිවේදන සේවාව තුළ  කිසිදා නොමැකෙන දැවැන්ත මෙහෙවරක් කළ සාන්තුවරියක් බඳු පැවිදිවරියක් අද සග සුව ලැබුවාය. ඕ  මේ වන විට ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවද හොඳින් දන්නා හඳුනන EWTN (Eternal Word Television) සේවාවේ නිර්මාතෘ ඇමෙරිකාවේ ඇන්ජලිකා මව් තුමියයි. වයස අවුරුදු 92ක් වූ ඇය 2001 සිට අංශබාග රෝගය සමග සටන් වදිමින් සිටි අතර ඉකුත් ඉරිදා -එනම් පාස්කු ඉරිදා - (මාර්තු 27 දා) ස්වර්ගස්ථ වුවාය. එතුමියගේ අවමංගල උත්සව දිව්‍ය පූජාව අද (අප්‍රේල් 1) ඇමෙරිකාවේ පිලදෙල්පියාවේ  හැන්සවිල්හි දිව්‍ය සත්ප්‍රසාද සිද්ධස්තානයේ දී පැවැත්විණි. 2000කට වැඩි ජනකායක් සහභාගී වූ එම දිව්‍ය පූජාව පවත්වන ලද්දේ පිලදෙල්පියාවේ චාල්ස් චපුට් අගරදගුරු හිමිපාණන් විසිනි. ඇන්ජලිකා මව්තුමියගේ ජීවිතය ජේසු සමිඳුන් විසින් කැඳවන ලදුව, ඊට ප්‍රතිචාර ලෙස ඇය ජේසු සමිඳුනට මහත් ප්‍රේමයෙන් උන්වහන්සේ වෙනුවෙන් කැපවීමෙන් සියල්ල කල ජීවිතයක් බව EWTN වාර්තා ප්‍රකාශ කරයි. කුඩා කාලයේදීම  ඇයගේ දෙමාපියන් දික්කසාද වීම නිසා ඇයටත් ඇයගේ මවටත් කුසගින්න, දුක වේද

සරණාගත වූ ඉරාක කිතුනුවනට පාප් වහන්සේගෙන් සෙනෙහසේ තිළිණ

Image
 Iraqi Christians get Vestments and financial aid from Pope Francis (2016 අප්‍රේල්  1) සිය සෙනෙහසේ සහ සමීපබවේ සංකේතයක් ලෙස එර්බිල්හි අවතැන්ව සිටින ඉරාක කිතුනුවනට ජනවන්දනා ඇඳුම් සහ මුදල් ආධාරයක් යැවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. අද සිට ඉරාකයේ සංචාරයක යෙදෙන ප්‍රමුඛතම කතෝලික දයා සේවාවක් වන  Aid to the Church in Need (ACN) නියෝජිත කණ්ඩායම අත මෙම සෙනෙහසේ තිලිණ යැවීමට  එතුමා තීරණය කර ඇත. සුදොතුම් පියතුමා මෙම තීරණය ගෙන ඇත්තේ එම නියෝජිත කණ්ඩායම ඉරාක කුර්දිස්ථානයට යන බව දැනගැනීමෙන් පසුවයි. නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වන කාර්පි හි රදගුරු ප්‍රැන්සෙස්කෝ කැවිනා හිමිපාණන් වෙත සුදොතුම් පියතුමා මෙම තිළිණ යවා තිබේ. එම තිලිණ සමග ලිපියක් ද යවන එතුමා කියා සිටියේ "විපතට පත් අපගේ මෙම සහෝදර සහෝදරියන් ගේ කඳුළු වියලීමටත්, ශාරීරික හා මානසික තුවාල සුවපත් කිරීමටත් වේදනාවට පත්ව ඇතැම්විට  අතරමංවී ඇති ඔවුන් ගේ හදවත් සැනසීමටත් ඔවුන් වෙත අප නැමිය යුතු බව දයා කරුණාව අපට උගන්වන" බවයි. "මෙය හුදෙක් දයාවේ ක්‍රියාවක් පමණක් නොවේ. එය ඔබගේ 'දේහයට' ද සහනයකි. අත් උදව්වකි&qu