Posts

Showing posts from April, 2018

වතිකානයේ ප්‍රබලම දෙපාර්තමේන්තුවට ගිහි කාන්තාවන් තුන් දෙනෙක් - සභාවේ කාන්තා නියෝජනය සම්බන්ධ තවත් ඓතිහාසික 'එකක්'

Image
Three women appointed as consultants to the Congregation for the Doctrine of the Faith - Another historical first by Pope Francis සුදොතුම් පියතුමා කාන්තාවක් ආසිරි ගන්වමින් - Christian Today වෙබ් අඩවියෙනි  (2018 අප්‍රේල් 22) වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ උපදේශක මණ්ඩලයට ගිහි කාන්තාවෝ තිදෙනෙක් පත්කෙරෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  විසින් මෙම පත්වීම් සිදුකරන ලද බව වතිකානය ඉකුත් සෙනසුරාදා (අප්‍රේල් 21) ප්‍රකාශ කළේය. සභාවේ සහ ශුද්ධාසනයේ ඉහලම පරිපාලන ව්‍යුහය වන රෝම කියුරියාව තුළ  කාන්තා භූමිකාව ප්‍රවර්ධනය කිරීමට සුදොතුම් පියතුමා ගන්නා ප්‍රයත්නයේ තවත්  පියවරක් ලෙස  මෙම පත්වීම්  සිදුකර ඇති බවද වතිකානය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. C.D.F. යන කෙටි නමින් හැඳින්වෙන (Congregation for the Doctrine of the Faith) විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ උපදේශිකාවන් ලෙස පත් කරනු ලැබ ඇති කාන්තාවන් වන්නේ  ආචාර්ය ලින්ඩා ඝිසෝනි, මහාචාර්ය මිචෙලිනා ටෙනස් සහ මහාචාර්ය ලැටීෂියා කැල්මේන් යන තිදෙනාය. මේ අතරින් දෙදෙනෙකු ඉතාලි ජාතිකයන් වන අතර තෙවැන්නිය බෙල්ජියන් ජාතිකයෙකි. ඔවුන් සමග රෝමයේ ග්‍රෙගෝරියාන  විශ්ව

"අපේ තාත්තා අදේවවාදියෙක්. එයා දැන් ස්වර්ගයේ ඇතිද?" පුංචි කැකුලු මලක් අඬමින් සුදොතුම් පියතුමාගෙන් අසයි (වීඩියෝ)

Image
"My dad was a nonbeliever. Is he in heaven?" Little boy asks pope (2018 අප්‍රේල් 21) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයේ රදගුරු තුමා ලෙස එම පදවියේ මීසම් බැහැදකින්නට යාම සාමාන්‍ය සිද්ධියකි. එලෙස සුපුරුදු ලෙස පසුගිය සතියේ එතුමා රෝමයේ තදාසන්න ප්‍රදේශයක ඇති කුරුසියේ ශාන්ත පාවුළු (St. Paul of the Cross) මීසම බැහැදකින්නට ගියේය. මීසමේ ඇති ගරාවැටෙමින් පවතින නිවාස සංකීර්ණයක් වටා යමින් මීසම් වාසීන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ආසිරි ගන්වමින් ගිය එතුමා ඉන් පසුව තමන් බොහෝ සේ සිත් ගත් කාර්යයක  නියැලුණේය. එනම් මීසමේ දරුවන් සමග ආධ්‍යාත්මිකව සුන්දර හෝරාවක් ගත කිරීමයි. මේ මීසමේ දී එම කාලය අතිශයින් භාවාත්මක එකක් වූයේය. මෙහිදී එම දරුවෝ "ඔබ පාප්තුමන් ලෙස තේරී පත්වූ විට ඔබට මොනවද සිතුනේ?" වැනි සුපුරුදු ප්‍රශ්න සුදොතුම් පියතුමාගෙන් ඇසූහ. ඊළඟට ආවේ එමානුවෙල් ගේ වාරයයි. ඔහු සුදොතුම් පියතුමා සමග සිනාසෙමින් මයික්‍රොපෝනය වෙත පැමිණියේය. ඔහු සිය ප්‍රශ්නය අසන්නට උත්සාහ ගත්තේය. සැනෙකින් එය අසන්නට නොහැකිව ගල් ගැසුනේය. ඔහු සිය හිස දෙපසට සෙළවුයේය. "බැහැ. මට ඒක අහන්න  බැහැ..." ඔහු මය

ප්‍රේමයට සහ සේවක-නායකත්වය ට කෙරෙන අභියෝගාත්මක කැඳවීම: “Paul, Apostle of Christ” සිනමා නිර්මාණය (වීඩියෝ )

Image
The movie "Paul, Apostle of Christ"- A Challenging Call to Love and Servant-Leadership පාවුළු සහ ලූක් සිර කුටිය තුළ  (2018 අප්‍රේල් 19) සෑම වසරකම පාස්කු මංගල්‍ය සමයට ශුද්ධ ලියැවිල්ල හෝ ක්‍රිස්තු ධර්මය පදනම් කරගත් සිනමා කෘතියක්  ලෝක සිනමාවට එක්වෙයි. ක්‍රිස්තු චරිතය, ශුද්ධ බයිබලයේ චරිත සහ කතා මෙන්ම ක්‍රිස්තු ධර්මයේ අභියෝගාත්මක ඉගැන්වීම්,  සාර්ථක සිනමා නිර්මාණ වලට අවශ්‍ය මූල බීජ  නොකඩවා සපයන බවට මෙය සාක්ෂියකි. ලෞකිකකරණය වී ඇති බටහිර හා උතුරු ඇමෙරිකානු සිනමා රසිකයන් අතර ද මෙම සිනමා නිර්මාණ ජනප්‍රිය වීමට ගතවන්නේ ක්ෂණයකි. 2018 පාස්කු මංගල්‍ය සමයේ බටහිර රිදී තිරවල දිගහැරුණු අලුත්ම සිනමා නිර්මාණය ඇන්ඩෘ හයට් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “Paul, Apostle of Christ” (“ක්‍රිස්තු අපෝස්තුළු- පාවුළු”) චිත්‍රපටයයි. සෑම කිතුණුවකුම නැරඹිය යුතු ඉහළ නිර්මාණශීලි අගයෙන් යුත් චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම කෘතියට පදනම් වී ඇත්තේ නීරෝ අධිරාජයාගේ පාලන සමයේ රෝමයේ ජීවත් වූ ක්‍රිස්තියානින් ගේ ජීවිත අරගලයයි. ශු. පාවුළු තුමන් සහ එතුමන් ගේ සහායක සුවිශේෂක ශු. ලූක් තුමන් එම දුක් විඳින ස

"ජේසු සමිඳුන් සමග සම්බන්ධතාව අපේ පෞද්ගලික පෙම් කතාවයි" - දේව දයාවේ ඉරිදා ප්‍රේම භාවනාව- "දයා කරුණාව දෙවියන් වහන්සේ ගේ එක් ගති ලක්ෂණයක් නොව උන්වහන්සේ ගේ හද ගැස්මයි"

Image
"Relationship with Jesus is our own personal love story": Mercy Sunday Homily- "Mercy is not simply one of his qualities among others, but the very beating of his heart."  (2018 අප්‍රේල් 8) ජේසු සමිඳුන් සමග ඇති සම්බන්ධය උන්වහන්සේ ගේ ප්‍රේමයෙන් හා දයා කරුණාවෙන් පිරුණු  අපගේ පෞද්ගලික පෙම් කතාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මෙය ශා. තෝමස් අපෝස්තුළු තුමා කී සේ "මාගේ සමිඳුනි, මාගේ දෙවියනි" යි ප්‍රකාශ කරන්නට   අප යොමු කරයි. " ජේසු සමිඳුන් ගේ ශ්‍රී තුවාල තුළට ඇතුළුවීම යනු උන්වහන්සේ ගේ හදවතින් ගලා එන අසීමිත ප්‍රේමය ගැන මෙනෙහි කිරීමයි; මා වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, අප සියල්ලන් වෙනුවෙන් වන උන්වහන්සේ ගේ හර්ද ස්ඵන්දනය අවබෝධ කරගැනීමයි." "එවිට ආදර කතාවක සේ  දෙවියන් වහන්සේට මෙසේ පැවසීමට අපට හැකිවනු ඇත: 'ඔබ මා වෙනුවෙන් මිනිසත් බව ගත්තා. ඔබ මා වෙනුවෙන් ජීවිතය  පුදා උත්ථාන වුනා. මේ නිසා ඔබ දෙවියන් වහන්සේ පමණක් නොවේ. ඔබ මගේ දෙවියෝයි; ඔබ මගේ ජීවිතයයි. ඔබ තුළ මට මා සොයන ආදරය හමුවී තිබේ. ඇත්තෙන්ම ඔබ තුළ  මා සොයන ආදරයත්, මට කිසිදා සිතාගත න

"රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට, කුරිරු වනු වෙනුවට, සේවක-නායකත්වය පිලිබඳ ජේසු සමිඳුන් ගේ ආදර්ශය තේරුම් ගත්තා නම් යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුනාද?" - මහ බ්‍රහස්පතින්දා ධර්ම දේශනය

Image
" If many heads of state had understood Jesus' teaching on service instead of ruling and being cruel,  how many wars would not have been fought?" Poe asks at the Holy Thursday Mass  සුදොතුම් පියතුමා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළා - Vatican Media වෙතින් නිකුත් කෙරිණි  (2018 අප්‍රේල් 2) ජේසු සමිඳුන් අපගේ පව් මල දෝවනය කර අප පිරිසිදු කිරීමට නිතර අප ඉදිරියේ ප්‍රේමයෙන් බලා සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "ජේසු අප සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම අවදානමක් ගන්නවා. මෙය මතක තබා ගන්න: ජේසුගේ නම ජේසුස්, පොන්සියු පිලාත්තු නොවේ. අප අතහැර දමා සිය දෑත් සෝදා ගන්නට ජේසු සමිඳුන් දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ අප වෙනුවෙන් අවදානමක් ගන්නට පමණයි." එතුමා මේ ඔවදන් දුන්නේ මාර්තු 29 වැනිදා, මහා බ්‍රහස්පතින්දා සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ දිව්‍ය පුජාවේ පාද දෝවන පිළිවෙතට පෙර, සිරකරුවන් අමතා සිය  ධර්ම දේශනය කරමිනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ "රෙජිනා චේලි" (Regina Coeli) බන්ධනාගාරයේ දීය. එහි සිටින ස

"මවිතය, කඩිනම සහ ප්‍රශ්නය: උත්ථානයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?" - සුදොතුම් පියතුමා පාස්කු ඉරිදා අසයි

Image
"What is your response to the resurrection?" Pope Francis asks on Easter Sunday  ඕලන්දයේ වසන්ත මලින් සැරසුණු සාන්ත පීතර චතුරශ්‍රය තුළ සුදොතුම් පියතුමන් පාස්කු ඉරිදා දිව්‍ය පූජාව ඔප්පු කළා  (2018 අප්‍රේල් 1. පාස්කු ඉරිදා) දෙවියන් වහන්සේ සිය ප්‍රකාශනයන් (දැනුම් දීම්) සිදුකරන්නේ සිය ඉලක්ක ග්‍රාහකයා මවිතයට පත්කරමින් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.ආබ්‍රහම් තුමාගේ සිට ගැලවීමේ ඉතිහාසය පුරා මෙය දකින්නට ලැබේ. එම දැනුම් දීම ලබන ග්‍රාහකයා කිසිවක් ප්‍රශ්න නොකොට වහාම - ලහි ලහියේ - එම ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වන බව එතුමා පෙන්වා දෙයි. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීමේ ආරංචිය ප්‍රකාශ කරන ලද්දේ ද උන්වහන්සේ ගේ සමීපතම ශ්‍රාවකයන් මවිත කරමිනි. එහෙත් මෙම මවිතයත්, කම්පනයත් තුළ, ඔව්හු ඉතා කඩිනමින් ඊට ප්‍රතිචාර දැක්වූහ. "එහෙත් අද ජීවත් වන ඔබ ක්‍රිස්තු උත්ථානයේ ප්‍රීතිමත් සුබාරංචියට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? " මෙම ප්‍රශ්නය තමන්ගෙන් විමසන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.  එතුමා  මෙම ආරාධනය කලේ පාස්කු ඉරිදා උදාසන පාස්කු මංගල්‍ය