"ISIS වෙතින් අප ගලවා ගන්න"- ඉරාක අගරදගුරු හිමි ලෝකයෙන් ඉල්ලයි

"Save us from ISIS" - Mosul Archbishop's plea to the international community

මොසුල්හි සිට පලා ආ කිතුනුවන්


(2015 ජුනි 14)
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිසිස් (ISIS ) පරාජයට පත්කොට ඉරාක කතෝලිකයනට තම උපන් බිම යලි ලබා දෙන්නැයි ඉරාක කතෝලික අගරදගුරු හිමි බටහිර ලෝකයෙන් ඉල්ලයි.

පීඩාවට ලක් වූ කතෝලික රටවලට ආධාර කරන ප්‍රමුඛ කතෝලික දයා සේවාවක් වන Aid to the Church in Need ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්චාවකදී මෙම ඉල්ලීම කර ඇත්තේ සිරියානු කතෝලික අගරදගුරු අති උතුම් යෝහන්නා මුෂේ හිමිපාණෝ ය. ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් කිතුනුවන් පලවා හැර මේ සතියට වසරක් සම්පුර්ණ  විය. Church in Need ආයතනය, මුෂේ අගරදගුරු හිමිපාණන් හා සාකච්ඡා කලේ ඒ නිමිත්තෙනි.

ඉරාක කිතුනු ජනතාව තමන් උපන් හා හැදුනු වැඩුණු  ගම්  බිම් වලට ආපසු යාමට මහත් ආශාවෙන් බලා සිටින බව එතුමා පැවසීය.එබැවින් තම ජනතාව ගලවා ගැනීමට ඉදිරිපත් වන ලෙස මේ පිලිබඳ වගකීම ඇති සියල්ලනට ආයාචනා කරන්නේ යයි  එතුමා සඳහන්  කලේ ය. මේ සඳහා ඉතිරිව ඇති "හොඳම විසඳුම හමුදා ක්‍රියාමාර්ගයක් " බව අගරදගුරු හිමි පෙන්වා දුන්නේ ය. "මේ අරමුණින් කිතුනු ජනයා ගේ ගම් බිම් නිදහස් කර දෙන ලෙස ඒ පිලිබඳ වගකීමක් සහිත සියලු පාර්ශව වලට බලපෑම් කරන්නැයි ඔබ සියල්ලන් ගෙන් මම ඉල්ලා සිටිමි.ඒ අනුව අපගේ ජනතාවට යලිත් තම ගෙදර අවුත් සාමයෙන් දිගටම එහි ජීවත් වීමට හැකිවනු ඇතැ "යි  එතුමා සඳහන් කළේය.

ISIS තර්ජනයට විසදුම් ලෙස "හමුදා ක්‍රියාමාර්ගයක්" අනුගමනය කරන ලෙස මැද  පෙරදිග කිතුනු නායකයකු ඉල්ලීමක් කල ප්‍රථම අවස්ථාව මෙයයි. මෙතෙක් ඔවුන් වෙනත් විසඳුම් ගැන මිස යුද පිළිවෙතකට විරෝධය පල කළහ. මෙයින් පෙනී යන්නේ  ISIS ත්‍රස්තවාදීන් ගේ ක්‍රියා මාර්ග ගැන  සේම එම ගැටලුවට විසඳුම් දීමට ජාත්‍යන්තර ප්‍රජාව පසුබට වීම ගැනද ඉරාක කිතුනු නායකයන් අසහනයට පත්ව ඇති බව යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

" මා මේ කතා කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවටයි," යැයි අගරදගුරු යෝහන්නා මුෂේ හිමි පැවසීය. "ඔවුනට අපව ආරක්ෂා කර ගත නොහැකි නම්, අපට වෙනත් තැනක නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ඔවුන් මැදිහත් විය යුතුය. එහෙත් අප වඩාත් කැමති ආරක්ෂාව සහිතව අපේ ගෙදර වන ඉරාකයේම ජීවත් වීම "යැයි එතුමා අවධාරණය කෙළේ ය.

රටක්, ගෙයක් දොරක් ස්ථිර වාසස්ථානයක් නොමැතිව ගත කරන මෙම ජීවිතය තම ජනතාවට රාත්‍රියේ බියකරු සිහිනයක් මෙන් වී ඇති අගරදගුරු තුමා පෙන්වා දුන්නේය


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය