Posts

Showing posts from January, 2020

"ශුද්ධ වූ බයිබලය දෙවියන් වහන්සේ ගේ පෙම් හසුනක්": දේව වචනයේ ඉරුදින සමරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි: "ඔබේ ජංගම දුරකථනවලින් එය කියවන්න"

Image
"Bible is a ‘love letter’ from God": Pope Francis says celebrating the Word of God Sunday (2020 ජනවාරි 26) ශුද්ධවූ බයිබලය දෙවියන් වහන්සේ මානව ප්‍රජාව වෙත එවූ "පෙම් හසුනක්" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ජේසු  සමිඳුන් අනුගමනය කරන්නන් එය දිනපතා කියවිය යුතු ය. එය අපේ අතේම, අපගේ ජංගම දුරකථනවල තබාගෙන , උන්වහන්සේ ගේ වචනයට අප විවෘත විය යුතු" යැයි එතුමා කියා සිටියේ ය. "ජේසු සමිඳුන් අනුගමනය කිරීමට හුදෙක් යහපත් ක්‍රියා කිරීම පමණක් නොසෑහේ. අප දිනපතා උන්වහන්සේ ගේ කැඳවීමට සවන් දිය යුතු ය. අපව හොඳින් ම දන්නා එක ම තැනැන්වහන්සේ ද අපට සම්පූර්ණයෙන් ප්‍රේම කරන එ ක ම තැනැන්වහන්සේ ද වන උන්වහන්සේ ඒ මගින් ජීවිතයේ ගැඹුර වෙත යන්නට අපට මග පෙන්වන සේක ." "අපට උන්වහන්සේ ගේ වචනය අවශ්‍ය වන්නේ ඒ නිසා ය. එවිට, අපගේ එදිනෙදා ජීවිතයේ ඇසෙන දහස් සංඛ්‍යාත වෙනත් වචන අතර, දේවල් ගැන නොව ජීවිතය ගැන කතා කරන එම එකම වචනය ඇසෙනු ඇත" යි සුදොතුම් පියතුමා කීවේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කළේ එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථම දේව වච

"විවාහක පූජක වරුන් සභා පිළිවෙතට පටහැනියි": විශ්‍රාමික පාප්තුමාගේ පොතෙන් සසුන් නායකත්වය, ගුරු බලය, සහ "විශ්‍රාමික සසුන් පිය" පදවිය ගැන ගැටළු මතුවෙයි

Image
While Pope Francis considers married priests Pope Emeritus reaffirm priest celibacy in a new book: "Need to rethink norms for retired popes" - Analysts  (2020 ජනවාරි 18) විවාහක පිරිමින්ට පුදැදුරුවරය දානය කිරීමට සිය සම්පූර්ණ විරෝධය පළ කරමින් වතිකානයේ දේව වන්දනාව  පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි රොබට් සේරා කාදිනල් හිමියන් සමග එක්ව සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප්තුමා සම කර්තෘත්වය දරමින් පලකිරීමට යන පොත හේතුවෙන් කතෝලික සභාවේ සසුන් පිය  පදවිය සහ සභාවේ ගුරු බලය මෙන්ම  "විශ්‍රාමික පාප් වහන්සේ " යන තනතුර සහ භූමිකාව යන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ගැටළු හටගෙන තිබේ. මෙම තත්වය හටගත්තේ  ප්‍රැන්සිස් සසුන් පිය විරෝධීන් ගේ නායකයකු වන කාදිනල් සේරා හිමියන් විශ්‍රාමික පාප් තුමන් සමග සම කර්තෘත්වය දරමින් නිකුත් කල පොත පිලිබඳ තොරතුරු ප්‍රංශ පුවත්පතක් විසින් හෙළිදරව් කරන ලද අවස්ථාවේ දී ය. පසුබිම ඉකුත් ඔක්තෝබර මාසයේ වතිකානයේ දී පවත්වන ලද මහා ඇමසෝනියාන රදගුරු සිනොඩ් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනා සහ නිර්දේශ පාදක කරගනිමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය අපෝස්තලික අනුශාසනා පත්‍රය

"නැතිවූවන් හා පීඩිත වූවන් වෙනුවෙන් කැපවූ සභාවක්; සමගි සන්ධානයේ පාලම වූ සභාවක්": ශු. ජුසේ වාස් පියතුමා සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සසුන් අභියෝගය

Image
"A Church for the Lost and the Least; A Church for Reconciliation"- An analytical comparison of the Ministries of St. Joseph Vaz and Pope Francis (කර්තෘ සටහන: මෙය "2017 ජුසේ වාස් වසර" පරිසමාප්තියට පත් කරමින් 2017 ඔක්තෝබර අවසන පවත්වන ලද "ජාතික ජුසේ වාස් දිනය" නිමිත්තෙන් 2017 ඔක්තෝබර 29 දින "වතිකාන සුලඟේ" පළවුණු ලිපියයි.  මෙම ලිපිය තවමත් එක සේ කාලීන ය.  2020 ජනවාරි 16ශු. ජුසේ වාස් පිය මංගල්‍යය නිමිත්තෙන් මෙය යළිත් පළ කෙරේ. )  (2020  ජනවාරි 16  ) ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ ශු. ජුසේ වාස් පිය වසර ලෙසය. නොවැම්බර 4 වැනිදා ජාතික ජුසේ වාස් පිය දිනය ලෙස ද නම් කර තිබේ. කතෝලික පාරිභාෂිත වදන් භාවිතය අනුව "ශ්‍රී ලංකාවේ අපොස්තුළුවරයා" යන විරුදය අනිවාර්යයෙන් ම ලැබිය යුතු මෙම ගෝවාන පියතුමාට ලක්දිව කතෝලිකයෝ සම්පූර්ණයෙන් ම ණය  ගැතිය.  දැඩි ඕලන්ද පීඩනය හේතුවෙන් ලක්දිව කතෝලිකයන් නිදහසේ සිය විශ්වාසය ජීවත් කිරීමට නොහැකිව, සැඟවී බියෙන් සිටින බව දැනගත් මෙම පියතුමා  ඔවුනට සරණ වීම සිය ජීවිත අභිලාෂයත් දේව මෙහෙවරත් කරගත්තේය. 

"යුද්ධය වපුරන්නන් කිතුනුවන් නොවේ" - සාන්තා මාර්තා භාවනාව:"ඔබේ හදවතේ යුද ගිණි දල්වන්නට යක්ෂයාට ඉඩ දෙන්න එපා!"

Image
"Don’t let the devil light ‘fire’ of war in your heart"- Meditation at Santa Martha: "People who sow the seeds of war are not Christians"  (2020 ජනවාරි 11) යම් කෙනෙක් යුද්ධයේ බීය වපුරන්නේ නම් එම තැනැත්තාට තමන් කිතුනුවකු බව කිව නොහැකි යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. " අනෙක් තැනැත්තන් තුළ වැරැදි සොයමින් ඔවුනට දෝෂාරෝපනය කොට දඬුවම් නියම කිරීම යුද්ධයක් ඇති කිරීම සඳහා යක්ෂයා විසින් කරනු ලබන පෙලඹවීමකි. යම් කෙනෙකු සිය පවුල තුළ, ප්‍රජාව තුළ හෝ  වැඩකරන ස්ථානයේ  යුද්ධයේ බීජ වපුරයි නම් එම තැනැත්තා කිතුනුවකු විය නොහැකියි " යි එතුමා අවධාරණය කලේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ ජනවාරි 9 වැනිදා උදාසන සාන්තා මාර්තා නිවහන් දෙව්මැදුරේ පැවැති දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. එතුමා වතිකානයේ සිටින රාජ්‍ය තාන්ත්‍රික මණ්ඩල ප්‍රධානීන් මුණ ගැසුණේ  එදිනම ය. (එම තොරතුරු මෙතැනින් කියවන්න: "ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යළි ශක්තිමත් කොට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට දේශපාලන නායකයන් අනලස්ව ක්‍රියා කල යුතු යි" : නව අවුරුදු තානාපති හමුවේ දී ප්

ශුද්ධ වූ බයිබලයට ගෞරව කිරීම, එය අධ්‍යයනය කිරීම සහ දේව වචනය බෙදා ගැනීමේ වාර්ෂික විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

Image
A special day to honor, study and share the Bible  declared (2020 ජනවාරි 10) දේව වචනය අධ්‍යයනය කිරීමට, එය වඩ වඩාත් අගය කිරීමට මෙන් ම දේව වචනයට සාක්ෂි දැරීමට ලොව පුරා කතෝලික ජනතාව යොමු කිරීමේ වාර්ෂික දිනයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එය නම් කර ඇත්තේ " දේව වචනයේ ඉරුදින" යනුවෙනි. සුදොතුම් පියතුමා විසින් නිකුත් කරන ලද ව්‍යවස්ථාවක් මගින් සෑම වසරකම සාමාන්‍ය සමයේ 3 වැනි ඉරිදා මේ සඳහා  වෙන් කර තිබේ. මේ වසරේ එය යෙදෙන්නේ ජනවාරි මස 26 වැනිදාට යි. එම ඉරුදිනය "දේව වචනය උත්සවාකාරයෙන් සමරන, අධ්‍යයනය කරන සහ බෙදා හරින විශේෂ දිනයක් ලෙස වෙන් කල යුතු" බව එම නියෝගයේ සඳහන් වේ. "බයිබලයට දිනයක් කැප කිරීම මගින් උත්ථාන වූ සමිඳුන් සිය වචනයේ නිධානය අප වෙත නිරාවරණය කරන්නේ කෙසේ ද යන්න අත්දැකීමටත් ලෝකය ඉදිරියේ එහි ගැඹුර නොපෙනෙන සම්පත ප්‍රකාශ කිරීමටත් අපට හැකියාව ලැබේ" යි එතුමා පෙන්වා දෙයි. කෙසේ නමුදු එතුමා අවධාරණය කරන්නේ බයිබලීය දිනය හුදෙක් වාර්ෂික අවස්ථාවකට සීමා නොවිය යුතු බවයි. "බයිබලයට දිනයක් වෙන් කිරීම දැකිය යුත්තේ හුදෙක් වාර්ෂික එක්

"ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යළි ශක්තිමත් කොට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට දේශපාලන නායකයන් අනලස්ව ක්‍රියා කල යුතු යි" : නව අවුරුදු තානාපති හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනතුරු අඟවයි; ගෝලීය උණුසුම් වීමට එරෙහි සටන,පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර, සහ මානව අයිතිවාසිකම් ගැනත් දීර්ඝ ලෙස කතා කරයි.

Image
"Political leaders should work diligently to  reinforce democratic institutions and promote respect for the rule of law", Pope says addressing Diplomatic Corps: "conflicts are mostly rooted in inequality, injustice"   (2019 ජනවාරි 9) ඇමෙරිකාව සහ ඉරානය අතර අලුතෙන් පැණනැගී ඇති නොසන්සුන් තත්වය "සිත්වල කරදරයක් ඇති කරන විශේෂ තත්වයක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එය වඩාත් "විශාල ගැටුමක්" වෙත පරිවර්තනය වීමේ අවදානමක් පවතින බවට එතුමා අනතුරු අඟවයි. "දෙරට අතර නොසන්සුන්තාව වර්ධනය වුවහොත් එය ඉරාකය යළි ගොඩනැගීමේ ක්‍රමවත් වැඩපිළිවෙළට බාධා ඇතිවිය හැකි අතර එය අප සියල්ලන්ටම වැලක්වීමට අවශ්‍යව ඇති වඩාත් පුළුල් ගැටුමක් දක්වා පරිවර්තනය වීමේ අවදානමක් තිබේ ." "එබැවින්, ජාත්‍යන්තර නීතියට පූර්ණ ලෙස ගරු කරමින්  සංවාදයේ සහ ආත්ම-සංයමයේ ගිණි සිළුව දල්වා තබා ගන්නා ලෙස අදාළ සියලු පාර්ශව වලින් මම ඉල්ලා සිටිමි"යි එතුමා ආයාචනා කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රකාශය කලේ වතිකානයට පත්කොට සිටින ලොව පුරා තානාපතිවරුන් අමතා කළ සිය වාර්ෂික

ඉතාලියානු ගිහි මිතුරිය ගේ අවමංගල මෙහෙයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොදන්වා හදිසියේ පැමිණෙයි -මෙහෙය පැවැත්වීමට සහයක රදගුරු තුමන්ට ඉඩ දී බංකුවක සිට ඊට සහභාගී වෙයි

Image
Pope shows up unannounced at funeral Mass of Italian lay woman and friend (2020 ජනවාරි 6) සියවස් ගණනාවක් පුරා පාප් වහන්සේලා වටා පැතිර පවතින්නේ "දිව්‍යමය" වටපිටාවකි. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට ප්‍රතිවිරුද්ධව සිය සාමාන්‍ය මනුෂ්‍යත්වය නොවලහා ප්‍රදර්ශනය කරයි. එතුමා තුළ ඇති උණුසුම් සෙනෙහස හා එතුමනට සමීප වීමට හැකි බව සේ ම කලාතුරකින් දක්නට ලැබෙන නොඉවසිලිමත් බව ද එම මනුෂ්‍යත්ව ගුණ වලට ඇතුළත් ය. දෙසැම්බර 31 වනදා මාධ්‍ය වලින් ප්‍රදර්ශනය කරනු  ලැබුනේ එවැන්නකි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොසඟවා පෙන්වන තවත් මානුෂික භාවමය තත්වයක්  දක්නට ලැබේ. එනම් ශෝකය යි. පුදුමයකට මෙන් එය සිදු වූයේ ද දෙසැම්බර 31 වනදා -එනම් අලුත් අවුරුද්දට පෙර දා ය. එහෙත් මාධ්‍ය කැමරා කාචවලට මේ යහගුණය හසු වී තිබුනේ නැත.  දෙසැම්බර 31 වන දා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ඉතාලි ජාතික ගිහි මිතුරියක ගේ අවමංගල පිළිවෙතට සහභාගී විය. අගේ නම මරියා ග්‍රාසියා මාරා ය. කවුරුත් ඇය හැඳින්වූයේ "නෙල්ලා" යන ආද‍ර  නාමයෙනි. වයස අවුරුදු 95 ක් වූ ඇය දෙසැම්බර 30 වනදා මිය ගියා ය. 31 වනදා දහවල් ඇගේ දේහය අවමඟුල්

"යුද්ධයේ ඵලය මරණය සහ විනාශය යි" ආත්ම දමනයෙන් යුතුව සංවාදයේ මේසයට එන්නැයි සුදොතුම් පියතුමා යුද්ධයට සැරසෙන ජාතීනට ආයාචනා කරයි

Image
“War brings only death and destruction” - Pope appeals for self-control amid heightened threat of war (2020 ජනවාරි 6) "යුද්ධය ගෙන එන්නේ විනාශය සහ මරණය පමණයි" ජනවාරි 5 වැනි ඉරිදා දහවල් වතිකානයේ  සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වුණු තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය. මේ නිසා සතුරු බවේ සෙවනැලි පලවා හැර සංවාදයේ ගිණි සිළු දැල්වන්නැයි එතුමා ලෝකයට ආයාචනා කළේ ය. " ලෝකයේ බොහෝ ප්‍රදේශවල දරුණු නොසන්සුන් තත්වයක් පවතිනවා " යි කිසිදු රටක නමක් සඳහන් නොකර එතුමා කියා සිටියේ ය. " යුද්ධය ගෙන එන්නේ මරණය සහ විනාශය පමණයි. මේ නිසා සතුරු බවේ සියළු සෙවනැලි පළවා හැර සංවාදයේ සහ ආත්ම දමනයේ ගිණි සිළු නිරන්තරයෙන් දල්වා තබා ගන්නා ලෙස සියලු පාර්ශව වලින් මම ඉල්ලා සිටිමි " යි එතුමා ආයාචනා කළේ ය. ඉන් පසුව මේ ඉල්ලීම වෙනුවෙන් මොහොතක් නිශ්ශබ්දව දෙවිඳුන් යදින්නැයි එතුමා චතුරශ්‍රයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගෙන් එතුමා ඉල්ලා සිටියේ ය. ඇමෙරිකා - ඉරාන  ගැටුම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ ඇමෙරිකාව සහ ඉරානය අතර හටගෙන ඇති දැඩි න

"කාන්තාවන්ට එල්ල කෙරෙන සෑම හිංසාවක් ම දෙවියන් වහන්සේ කෙළෙසීමකි" සුදොතුම් පියතුමා නව වසර ආරම්භ කරමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙලා දකියි

Image
“Every violence inflicted on women is a profanation of God" - Holy Father condemns violence against women in his first Homily in 2020 (2019 ජනවාරි 5) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2020 වසරේ ප්‍රථම ධර්ම දේශනාව වෙන් කළේ ගැහැණිය ගේ උත්තම භාවය අවධාරණය කිරීම සඳහා ය. එසේම කාන්තාවන්ට එල්ල වන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන් ම කාන්තා සිරුරට කෙරෙන අවමානයන් ද එතුමා එම ධර්ම දේශනාවේ දී දැඩි ලෙස හෙළා දුටුවේ ය. සමාජය කාන්තාවන්ටත් ඔවුන් ගේ සිරුරටත්  සළකන ආකාරය එහි මානුෂිකත්වය මිණිය හැකි මිනුම් දණ්ඩක් බව එතුමා අවධාරණය කලේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කෙළේ 2020 ජනවාරි පළමුවන දා උදාසන සාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ පවත්වන ලද දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව කරමිනි. කතෝලික සභාව ජනවාරි 1 වනදා සැමැරූයේ "දේව මාතාවන් වන මරිය වහන්සේ" ගේ මංගල්‍ය යයි . ගැළවුම් කරුවාණන් වන ජේසු සමිඳුන් මරියා නමැති මානව ලඳ ගේ කුසින් උපන් බව සිහිපත් කළ සුදොතුම් පියතුමා "මනුෂ්‍යත්වයේ නව උපත ආරම්භ වූයේ කාන්තාවකගෙන්" යැයි පෙන්වා දුන්නේ ය. "ගැලැවීම නැගී සිටියේ ඇය ගෙන් - එනම් කාන්තාවග

"මගේ අවාදර්ශය ගැන සමාවන්න" කාන්තාවක ගේ අත ගසා දැමීමේ සිද්ධිය ගැන සුදොතුම් පියතුමා සමාව ඉල්ලයි. කතෝලිකයන් සහ මාධ්‍ය තුළ බෙදීමක් ඇතිකළ දෙසැම්බර් 31 වන දා සිද්ධිය ගැන විමර්ශනයක්

Image
"I apologize for my bad example" Pope Francis’s hand slap and apology a true moment of his appealing "humanity"  (2019 ජනවාරි 4) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2020 වසර ආරම්භ කළේ ඊට කළින් දා - 2019 දෙසැම්බර 31 වන දා - සන්ධ්‍යාවේ තමන් ගේ ඉවසීම නොමැති වීම නිසා සිදු වූ සිද්ධිය ගැන සමාව ඉල්ලා සිටිමිනි. දෙසැම්බර 31 වන දා සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද සන්ධ්‍යා මෙහෙයෙන් පසුව ශුද්ධෝත්තම පියතුමා සාන්ත පීතර චතුරශ්‍රයේ ඉදිකර ඇති ගවලෙන වෙත යමින් සිටියේ ය. ඒ අතර එතුමා සුපුරුදු  පරිදි දැඩි උද්‍යෝගයෙන් යුතුව චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනාකරුවන් - විශේෂයෙන් කුඩා දරුවන් - ස්පර්ශ කරමින් සහ ඔවුනට සිය අත දෙමින් ගමන් කරමින් සිටියේ ය. එක් තැනක දී එතුමා කුඩා දැරියක ගේ අතට අත දී එතැනින් නික්ම  අනෙක් දිශාවට යන්නට හැරෙද්දී ම ඒ අසල සිටි කාන්තාවක් අනපේක්ෂිත ලෙස එතුමා ගේ අත වැරෙන් තමා වෙතට ඇද ගත්තා ය. මුලින් එක් අතකින් එතුමා තමා වෙතට ඇද ගත්  එම කාන්තාව පසුව සිය දෑතින්ම එතුමා තමා වෙතට අදින්නට වූවාය. මෙම අනපේක්ෂිත ග්‍රහණය නිසා සුදොතුම් පියතුමා පැකිලී වැටෙන්නට ගිය අතර එතුමාට වේ