Posts

Showing posts from January, 2023

කාදිනල් මැරදියාගා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; නව අගරදගුරු ලෙස මීසම් සේවක පියනමක් !

Image
Holy Father names parish priest to succeed Cardinal Maradiaga in Tegucigalpa විශ්‍රාම යන කාදිනල් මැරදියාගා හිමි  (2022 ජනවාරි 27) ලොව ප්‍රකට එමෙන් ම  ගෞරවයට පත්ව සිටින කාදිනල්-අගරදගුරු හිමි නමක් වන ඔස්කා මැරදියාගා කාදිනල්  හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් පිළිගෙන තිබේ. ඒ වෙනුවට පදවියේ නව අගරදගුරු හිමියන් ලෙස  සුදොතුම්  පියතුමන් විසින් පත්කරනු ලැබ සිටින්නේ පදවියේ සේවය කළ පැවිදි  මීසම් සේවක පියනමකි. වතිකාන ප්‍රවෘත්ති සේවාව අද මෙය නිවේදනය කලේ ය.  හොන්ඩියුරාස් හි ටෙගුචිගල්පා මෙට්‍රොපොලිටන් අගරදගුරු පදවියේ පරිපාලනයෙන් ඉල්ලා අස්වෙමින්  ඔස්කා රෝද්රිගුවස්  මරදියාගා කාදිනල් හිමිපාණන් ඉදිරිපත් කළ ලිපිය පාප් වහන්සේ භාරගත් බව වතිකානය ප්‍රකාශ කළේය.  දර්ශනය සහ  දේවධර්මය යන විෂයයන් ගෙන් ආචාර්ය උපාධිධරයකු වූ මරදියාගා කාදිනල් හිමි ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් සරසවියෙන් සායනික මනෝවිද්‍යාව සහ මනෝ චිකිත්සාව පිලිබඳ ඩිප්ලෝමාවක් ද ලබා සිටියේය. ළමා වයසේ දී ඔස්කා  සැක්සෆෝන වාදනයට සහ නැටුමට ප්‍රිය කළේය. යොවුන්  ඔස්කා ගේ  සිහිනය වූයේ ගුවන් යානා නියමුවකු වීමයි. ඔහුටත් නොදැනීම පැවිදි ජීවි

දින 404ක් සිරගෙදරත් ගත කළ කතෝලික සභාවේ පතාකයකු වූ කාදිනල් පෙල් හිමි සදා සාමයට නික්ම යයි - "මම මට චෝදනා කල තැනැත්තන්ට සමාව දුන්නා."

Image
Cardinal George Pell, a towering Church figure leaves for Eternal life   (2023 ජනවාරි 11) මෑත කාලීන කතෝලික සභාවේ පතාකයකු බඳු ඔස්ට්‍රේලියානු  ජාතික කාදිනල් ජෝර්ජ් පෙල් හිමි ජනවාරි 10 වැනි දා රෝමයේ දී ස්වර්ගස්ථ විය. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් එම ධුරයට පත් කිරීමෙන් පසුව එතුමන්ට පැවරුණු වගකීමක් ලෙස ආරම්භ කළ වතිකාන මුල්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේ ප්‍රධානියා ලෙස එතුමා මහත් සේවාවක් ඉටු කළේය. ඉන් පසුව එතුමන්ට එල්ල වූ පදනම් විරහිත  ළමා ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් කලක්  සිරගතව සිටි නමුදු එරට මහාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය මගින් එතුමා නිදොස් කොට නිදහස් කෙරිණි.  වතිකාන වාර්තා පවසන ආකාරයට පෙල් හිමි  සුළු සැත්කමකින් පසුව රෝමයේ සැල්වතෝර් මුන්දි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ සංකුලතා හේතුවෙන් අඟහරුවාදා රාත්‍රියේ මිය ගියේ ය. එතුමා ගේ දේහය පිලිබඳ අවමංගල්‍ය දිව්‍ය පූජාව  වතිකානයේ දී පවත්වනු ලැබීමෙන් පසුව එම දේහය ඔස්ට්‍රේලියාවට ගෙන යනු ලැබීමට නියමිතය. සිඩ්නි නුවර සාන්ත මරියා ආසන දෙව්මැදුරේ  දේහය මිහිදන් කෙරන වැඩ වාර්තාවේ.  කාදිනල් ජෝර්ජ් පෙල් හිමි දැවැන්තයකු සේ ම සභාවේ බලපෑම් කළ හැකි න

"ගුරුවරුන් කියන්නේ භාෂා තුනක දක්ෂයන්" - 2023 ජනවාරි යැදුම් අදහස ඉදිරිපත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

Image
"Educators know how to handle the three languages well"  - Holy Father says in his 2023 January Prayer intention  (2022 ජනවාරි 10)  නව වසරට නව වාරයට අලුත් සිතිවිලි හා ප්‍රාර්ථනා සමග අලුතින් පාසල් පටන් ගන්නා ජනවාරි මාසයේ ලොව පුරා සිටින අධ්‍යාපන වෘත්තීකයන් වෙනුවෙන් යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. එතුමා මේ ඉල්ලීම කරන්නේ අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ද ඉල්ලීමක් කරමිනි. එනම් සිය විෂමාලාව තුළ සහෝදරත්වය ද ඉගැන්වීමට ක්‍රියා කරන ලෙසයි. විශේෂයෙන්  ම තමන්ට ඉගැන්වීමට භාර වන කණ්ඩායම් වල සිටින දුර්වල වුවන් සහ පහසුවෙන් තුවාල කල හැකි තැනැත්තන් කෙරෙහි අවධානය යොමු කරමින් සහෝදරත්වය වපුරන්නට ක්‍රියා කරන ලෙස එතුමා සියලුම අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ඉල්ලා සිටියි.  සුදොතුම් පියතුමා ගේ මාසික යැදුම් අදහස අතුලත් සුදොතුම් පිය වීඩියෝව නිකුත් කිරීම සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ සගසැපත් වීම හේතුවෙන් ප්‍රමාද කර තිබුණු අතර එය භාරව සිටින සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසින් අද එය නිකුත් කරනු ලැබිණි.  අධ්‍යාපන වෘත්තීකයන් - Educators  "අප

"මනාලයා ගේ විශ්වාසවන්ත මිතුරු බෙනඩික්, ඔබ ගේ ප්‍රීතිය සම්පූර්ණ වේවා !" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බෙනඩික් පාප් වහන්සේ ගේ එඬේරික ගුණ පසසයි - ගායනා පූජාවේ දේශනය සහ අවමංගල්‍ය උත්සවයේ තොරතුරු

Image
Pope Francis pictures Emeritus Benedict XVI as pastor without mentioning his name in historic funeral ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සොයුරකු ලෙස ප්‍රේම කල සිය පූර්ව ගාමියාට සංවේදීව සමුදුන් මොහොත  (2023 ජනවාරි 5)  ඉතිහාසයේ ප්‍රථම වරට පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථ වූ පාප්  වහන්සේ නමක ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාවක් ඔප්පු කිරීමේ  කතෝලික සභා ඉතිහාසයේ තවත් නව වාර්තාවක් සටහන් කරමින් ලොව පුරා  කතෝලික ජනතාව සොළොස්වන  බෙනඩික් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමාට අද සදහටම සමුදුන්නේ ය.   වසර 600ක ඉතිහාසය තුළ අභාවයට කළින් සිය  ධුරයෙන් විශ්‍රාම ගෙන වසර 10කට ආසන්න විශ්‍රාමික ජීවිතයක් ගත කරමින් සිටි සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ඉකුත් ජනවාරි 31 වැනි දා ස්වර්ගස්ථ  වූහ. අනූපස් වැනි වියෙහි සි එතුමා මිය ගියේ වියපත් වීම නිසා ඇති වූ සංකුලතා හේතුවෙනි. (වැඩිදුර තොරතුරු මේ  සබැඳියෙන් :  සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම )  ස්වර්ගස්ථ වූ විශ්‍රාමික  සසුන් පිය දේහය ජනතා ගෞරවය පිණිස ජනවාරි 2 සිට 4 දක්වා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ තැන්පත් කර තිබිණි. එම දින තුන තුළ 2000,000

අලුත් සම්ප්‍රදාය ඇති කරමින් සමු ගන්නා විශ්‍රාමික පාප් වහන්සේ

Image
Pope Emeritus bids Farewell creating new Protocols   (2023 ජනවාරි 4) විශ්‍රාමික පාප් වහන්සේ නමකගේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන ආකාරය ගැන නව සභා සම්ප්‍රදායක් බිහි කරමින් සගසැපත් බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමඟුල් වත් පිළිවෙත් ජනවාරි 5 වැනි දින බ්‍රහස්පතින්දා සිදු කෙරේ.  එතුමන් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම බදාදා ප.ව. 7න් අවසන් විය. ඉන් පසුව බැසිලිකාව වැසීමෙන් පසු  එම දේහය සාම්ප්‍රදායික අන්දමින් සයිප්‍රස් දැවයෙන් තැනුණු පෙට්ටියක තැන්පත් කෙරිණි.  සගසැපත් විශ්‍රාමික පාප් වහන්සේ ගේ ආත්මය වෙනුවෙන් දුක්ගායනා ස්තෝත්‍ර යාගික මෙහෙය රෝම වේලාවෙන් 5 වැනිදා පෙ.ව. 9.30ට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2ටයි. එය  පැවැත්වෙන්නේ වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ය. 60,000ක පමණ ජනතාවක් ඊට සහභාගී වනු ඇතැයි වතිකානය අපේක්ෂා කරයි.  සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ ධුරයේ සක්‍රීයව සිටිය දී  නොව "විශ්‍රාමික පාප් වහන්සේ නමක" ලෙස ය. ඉතිහාසය පුරා පාප් වහන්සේලා ස්වර්ගස්ථ වන තෙක් එම ධුරය දැරීම නිසා විශ්‍රාමික පාප් වහන්සේ නමක ගේ අභාවයේ

විශ්‍රාමික ශුද්ධෝත්තම පිය දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක් (වීඩියෝ)

Image
Bidding farewell to the Pope Emeritus - Thousands gather to pay their respects (2023 ජනවාරි 2) ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ දේහය ජනතා ගෞරවය පුද කිරීම පිණිස දැන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබේ. එතුමන්ට ගෞරව දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විටත් එම දෙව්මැදුර අබියස පෝලිම් ගැසී සිටිති. තවත් විශාල පිරිසක් ලොව විවිධ ප්‍රදේශ වල සිට රෝමයට පැමිණෙමින්  සිටින බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි.  බැසිලිකාවට ගෙන එන්නට කළින් එම දේහය තැන්පත් කර තිබුනේ එතුමන් සිය විශ්‍රාමික ජීවිතය ගත කල වතිකාන උද්‍යානය  තුළ ම ඇති සභා මාතා තාපසාරාම පුංචි දෙව්මැදුරේ ය. ජනවාරි 2 වන දින උදෑසන එහි සිදු කරන ලද කුඩා පෞද්ගලික යැදුම් මෙහෙයකින් පසුව දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එන ලද්දේ ය.  සග සැපත් විශ්‍රාමික පාප් වහන්සේ ගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණියේ පෙ.ව.  7.15ටයි. එහි දී ගායනා සහිත පෙරහරකින් එම දේහය දෙව්මැදුර තුළට රැගෙන එන ලද්දේ ය. දෙව්මැදුර තුළ දී සාන්ත පීතර බැසිලිකාවේ අග පුදැදුරු මෝරෝ ගම්බෙත්ති කාදිනල් හිමි සගසැපත් පාප් වහන්සේ ගේ දේහය ආසිරි ගන්වමින්  දුම් පූජා ද ස

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමංගල්‍ය කටයුතු පිලිබඳ නව තොරතුරු (වීඩියෝ)

Image
Plans for Pope Emeritus Benedict XVI's funeral- updates  (2023 ජනවාරි 1) ස්වර්ගස්ථ වූ සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේට සමුදීමේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් වතිකානය මේ වන විට තොරතුරු නිකුත් කර තිබේ.  ඒ අනුව මේ වන විට මතු කියවෙන තොරතුරු වතිකාන මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත: ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ දේහය මේ වන විට එතුමන් සිය විශ්‍රාමික සමය ගත කල සභා මාතා තපාසාරාමයේ පුංචි දෙව්මැදුරේ (Mater Ecclesiae monastery ) තැන්පත් කර තිබේ.  එතුමා ගේ අසනීප තත්වය වැඩි වූ බව දැනුනු විට 2022 දෙසැම්බර 28 වැනි දා එම තාපසාරාමයේ දී එතුමන්ට රෝගීන් ගේ ආලේපය හෙවත් 'මාර්ගෝපකරණ දේවප්‍රසාද නිධානය" දානය කළ බව ද වතිකානය දැන් ප්‍රකාශයට පත් කර තිබේ. එතුමන්ට විශේෂ රෝගී තත්වයක් නොතිබුණු බව එතුමාට ප්‍රතිකාර කර වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කරයි. වියපත් වීම නිසා ස්වාභාවිකව සිරුරේ ඇතිවන වෙනස් කම්  විසින් එතුමා දුර්වල කරනු ලැබ ඇතැයි ඔව්හු කියා සිටියහ.  විශ්‍රාමික පාප්වහන්සේ ගේ රෝගී තත්වය වාර්තා වූ වහාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස සභා මාතා තාපසාරාමයට ගොස් එතුමන් ගේ සුව දුක් සො