Posts

Showing posts from May, 2020

අද: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග ජපමාලය යදින සන්ධ්‍යාව - තවත් සිද්ධස්ථාන රැසක් සජීවීව සම්බන්ධ වෙයි; නව තොරතුරු

Image
Praying the Rosary with the the Holy Father tonight - New information  (2020 මැයි 30) ලොව පුරා විසිර ඇති දෙව් මවුන් වන මරිය මෑණියන්ට කැපවූ ප්‍රධාන සිද්ධස්ථාන සමග සම්බන්ධ වෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මැයි 30) සන්ධ්‍යාවේ ජපමාලය උච්චාරණය කරයි. මැයි මාසයේ මරිය මව් බැතිය  පරිසමාප්තියට පත් කෙරෙන අද දිනයේ   ලෝකයේ මරිය මෑණියන්ට කැපවූ සිද්ධස්ථාන සමග සම්බන්ධ වී  ජපමාලය යාච්ඥා කිරීමට තමා හා එක්වන ලෙස එතුමා ඉකුත් සඳුදා සියලු කතෝලික ජනතාවට ආරාධනා කළේය. මෙම ජපමාලය යැදුම සංවිධාන කරන්නේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. යැදුම් දිනයේ තේමාව ,"මරිය මෑණියන් සමග යාච්ඥාවට එක සිතින් සම්බන්ධ වෙමින්" (ක්‍රියා 1:14)  "Devoted and with one accord to prayer, together with Mary (Acts 1:14) යන්න යි. "ආරක්ෂාව පතා අප කරන අයැදුම් අපගේ ස්වර්ගීය මෑණියන්  ප්‍රතික්ෂේප නොකරන බවට ඇති නිශ්චිත විශ්වාසය තුළ, කෝවිඩ් වසංගතයෙන් තවත් අයහපත් තත්වයට පත් වූ මානව වර්ගයා ගේ දුක්ඛ දෝමනස්ස,   සුදොතුම් පියතුමා එතුමිය ගේ පා මුල තබනු ඇත," යි මෙම දිනය ප්‍රකාශයට පත් කරම

මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

Image
Pope to lead world shrines in Rosary prayer for pandemic May 30; Will place the sorrows of all humanity at the feet of the Heavenly Mother (2020 මැයි 26) කතෝලිකයන් ගේ හද බැඳ ගත් මැයි මාසයේ  මරිය බැතිය සොඳුරු මංගල පිළිවෙතකින් පරිසමාප්තියට පත් කෙරෙන්නේ මැයි 30 වන දා යි. මෙවර මැයි 30 වන දා පෙන්තකොස්ත මංගල්‍යයට පෙර දිනය ද වේ. එබැවින් එම දිනය ලොව පුරා කතෝලික ජනතාවට වැදගත් දිනයක් වේ. මෙම ද්විත්ව ආධ්‍යාත්මික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ලොව පුරා කතෝලිකයන් ආධ්‍යාත්මිකව, සජීවීව සම්බන්ධ කරගන්නා යැදුමකින් මරිය  මාසය පරිසමාප්තියට පත් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. එනම්, ලොව පුරා පිහිටි මරිය මෑණියන්ට කැපවූ සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් ජපමාලය යාච්ඥා කිරීමයි. මැයි 30 වන සෙනසුරාදා වතිකානයේ වේලාවෙන් පස් වරු 5.30 ට සුදොතුම් පියතුමා ජපමාල යැදුම ආරම්භ කරයි. එතුමා ජපමාලය යදින්නේ වතිකානය ඇතුළත පිහිටි වතිකාන උද්‍යානයේ ඇති ලූර්දු ගුහාව අබියස සිට ය. මෙම ජපමාලය යැදුම සංවිධාන කරන්නේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. යැදුම් දිනයේ තේමාව ,"මරිය මෑණියන

"චීනයේ කතෝලිකයන් වෙනුවෙන් යාච්ඥා කරන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි

Image
Pope Francis appeals: Pray for the Church in China චීනයේ ආරක්ෂිකාව වන මරිය වහන්සේ ගේ ප්‍රතිමාව වීදි සංචාරය කළ අවස්ථාවක්  (2020 මැයි 24) විශ්ව සභාවත් තමාත් චීනයේ කතෝලිකයනට සමීපව සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. එතුමා මේ ප්‍රකාශය කළේ  අද මැයි 24 වැනි ඉරිදා පාස්කු සමයේ තුන්කාල ආරාධනා මරිය යැදුම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. " දයාබර චීන කතෝලික සහෝදර සහෝදරියනි, ඔබ ද පූර්ණ කොටසක් වන විශ්ව කතෝලික සභාව, ඔබ ගේ බලාපොරොත්තුවල පංගුකාරයන් වන බවත් ඔබ මුහුණ දෙන දුෂ්කරතා වලදී ඔබට සහය සහ ශක්තියක්  වන බවත්  ඔබට සහතික කරන්නට මම කැමැත්තෙමි. සුපුවතේ ආලෝකය සහ සුන්දරත්වය, ඇදැහිලිවන්තයන් ගේ  ගැලැවීම ඇති කරන්නා වූ දෙවියන් වහන්සේ ගේ බලය සේ ඔබ මත බබලන ආකාරයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ නැවුම්ව ඔබ මත උතුරා වැගිරෙනු පිණිස සභා මාතාව යාච්ඥාවෙන් ඔබ කැටුව යන්නීයැ," යි එම යැදුම අවසානයේ චීන ජනතාව අමතමින් සුදොතුම් පියතුමා කීවේ ය. "චීන විශ්වාසකයන් ඇදැහිල්ලේ ශක්තිමත් වන ලෙස ද, සහෝදර එක්සත් භාවයේ

" 'ලවුඩාටෝ සි' වසරක් ප්‍රකාශයට පත් කෙරේ ; වසර සඳහා විශේෂ යැදුමකුත්

Image
Pope Francis declares a special "Laudato si" Year: Releases a special prayer (2020 මැයි 24 ) ප්‍රැන්සිස් සසුන් පිය ධුර කාලයේ ප්‍රමුඛ මං සලකුණක් ලෙස ගැනෙන "වේ ප්‍රශංසා-අපගේ පොදු නිවහන රැක බලා ගැනීම" හෙවත් “Laudato si’: On the Care for our Common Home.” විශ්ව ලේඛනයේ පස් වැනි  සංවත්සරය මේ දිනවල සැමරේ. එම  විශ්ව ලේඛනය සුදොතුම් පියතුමකු විසින් මෙතෙක් නිකුත් කළ සුන්දර ම සහ අභියෝගාත්මක ම විශ්ව ලේඛනයකි. මෙම සංවත්සර අවස්ථාව පදනම් කර ගනිමින් "වේ ප්‍රශංසා" වසරක් ප්‍රකාශට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කළේ ය. එතුමා "වේ ප්‍රශංසා" වසර ප්‍රකාශට පත් කළේ මැයි 24 වැනි ඉරිදා පාස්කු කාළයේ තුන් කාල ආරාධනා යැදුම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. "ලවුඩාටෝ සී" විශ්ව ලේඛනයේ අරමුණ වන්නේ මිහිතලයේ විලාපයටත් දුප්පතුන් ගේ විලාපයටත් සියලු ජනතාව ගේ අවධානය යොමු කිරීම " යයි එතුමා කීවේ ය. එම අරමුණ ලොව පුරා සියලු ජනයා තුළ කා වද්දමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම "ලවුඩාටෝ සී' වසරේ අරමුණ වී තිබේ. "ලවුඩාටෝ සී" වසර 202

බිය සහ පූර්ව විනිශ්චයන් ජය ගැනීමට "මුණ ගැසීමේ දේව දූතයන්" ඕනෑ කර තිබේ - ලෝක සරණාගත දින සුදොතුම් පිය පණිවිඩය

Image
“Angels of encounter” are needed to overcome fear and prejudice - Holy Father's message for World Day for Migrants Refugees  සුදොතුම් පියතුමා බංගලි දේශයට පැමිණි අවස්ථාවේ එරට රැකවරණ සොයා පැමිණ සිටි මියන්මාර් රෝහින්ග්‍යා සරණාගත මව්වරුන් පිරිසක් මුණගැසුණු අවස්ථාව  (2020 මැයි 16) වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින "බිය සහ පූර්ව විනිශ්චයන්" ගෙන්  මිදෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකයට ආයාචනයක් කරයි. " බිය සහ පූර්ව විනිශ්චයන් -අති  බහුල වූ පූර්ව විනිශ්චයන් -අපව වෙනත්  අයගෙන් දුරස් කරයි. එසේම  ඔවුන් ගේ "අසල්වැසියන් වීමට" ද  ප්‍රේමයෙන් ඔවුනට සේවාව කිරීමට ද අපට ඇති අවස්ථාව ඒවා මගින් වලක්වනු ලබයි. " "වෙනත් අයට සමීප වීම යනු, මේ දිනවල වෛද්‍ය වරුන් සහ හෙද හෙදියන් විශාල සංඛ්‍යාවක් අපට උගන්වා ඇති සේ, අවදානමක් ගැනීමට  වුව ද ඇති සූදානම යි. ...සේවාව කිරීමට ඇති සූදානම යුතුකමකටත් වඩා ඔබ්බට ගමන් කරයි" යි එතුමා පෙන්වා දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කරන්නේ 2020 වසරේ ජගත් සාංක්‍රමනික සහ සරණාගත දිනය  වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කර

"ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ යාච්ඥාවේ, සමීපත්වයේ සහ යුක්තියේ මිනිසෙක්; එඬේරිකත්වයේ ආදර්ශයක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්වගාමියාගේ ගුණ පසසයි

Image
St.John Paul II was a man of prayer, closeness and justice; a  model pastor - Pope Francis hails his predecessor (2020 මැයි 18) යාච්ඥාවේ මිනිසකු වූ, සිය ජනතාවට සමීප වූ, දයා කරුණාවෙන් යුතුව යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සභාව දෙවිඳුන් ගෙන් ලත් තිළිණයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "දෙවියන් වහන්සේ  සිය ජනතාවට ප්‍රේම කරන  නිසා උන්වහන්සේ සිය ජනතාව බැලීමට පැමිණි බව" ප්‍රකාශ කිරීම ඊශ්‍රායෙල් ජනතාව සතුටින් කළ දෙයක්  යැයි සුදොතුම් පියතුමා කීවේ ය. එතුමා පෙන්වා දුන්නේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් සම්බන්ධයෙන් ද සභාවට  සතුටින්  එම ප්‍රකාශය කල හැකි බව යි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ සිය වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව තුළ අද පවත්වන ලද දිව්‍ය පූජා යාගයේ මෙනෙහි කිරීම කරමිනි. දෙවැනි ජුවාම් පාවුළු නමින් 1978 දී සසුනිසුරාණන් ලෙස තේරී පත් වූ කැරොල් යොසෙෆ් වොයිටිවා උපත ලැබුවේ 1920 මැයි මස 18 වැනිදා පෝලන්තයේ වැඩෝවිච් ගම්මානයේ දී ය. වසර 26 කට වැඩි කාලය

මේ වසංගතය හැර තවත් වසංගත තිබේ ද...? කොරෝනා තුරන් කිරීම වෙනුවෙන් සර්ව ආගමික යැදුම් දින සුදොතුම් පියතුමා ගේ භාවනාව

Image
Pope joins interreligious prayer, begging God to end "all pandemics" bringing death (2020 මැයි 14) කොරෝනා වෛරස නිසා ලෝකය පුරා "ඛේදජනක තත්වයකුත්, දුක වේදනාවත්" හට ගෙන ඇති මේ කාලයේ, ඒ මගින් ලෝකය මත ඇති කර තිබෙන දීර්ඝ කාලීන බලපෑම දෙස නෙත් යොමු කරමින් සෑම ආගමකම විශ්වාසිකයන් "සිය පියාණන් වන දෙවියන් වහන්සේ ගෙන් කරුණාව ඉල්ලා සිටිය යුතු" බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එතුමා මේ අනුශාසනය කළේ අද (මැයි 14) උදාසන සාන්තා මාර්තා ගෙදර පුංචි දෙව්මැදුරේ දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කරමින් කෝවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ පොදු අදහසින් අද දවසේ යාච්ඥාවෙන්, උපවාසයෙන් සහ දයාවේ ක්‍රියා (පුණ්‍ය ක්‍රියා) කිරීමට එක්සත් වූ ලොව පුරා සියලු ආගමික නායකයන් සමග එක් වූයේ ය. අද දවස මෙම පොදු අදහස වෙනුවෙන් සිය ආගමික වතාවත් වල යෙදීමේ දිනයක් කරන ලෙස මුලින් ම යෝජනා  කළේ "මානව සහෝදරත්වයේ උසස් කමිටුව" (Higher Committee for Human Fraternity) විසිනි. සුදොතුම් පියතුමා එම යෝජනාව පිළිගෙන කතෝලික ජනතාවට ද ඊට එක්වන ලෙස ඇරිය

"මැයි 14 දා යාච්ඥාවෙන් සහ උපවාසයෙන් කෝවිඩ්-19 වසංගතය තුරන් කරන ලෙස යදින්නට එක් වන්න" - සුදොතුම් පියතුමා ගේ ඇරියුමට ලොව පුරා ජනතාවගෙන් ප්‍රතිචාර (Vedio)

Image
Faithful respond to Pope's invitation to pray for the end of the pandemic on 14 May (2020 මැයි 12) තමන්ට හැකි ආකාරයට, තම ආගමික විශ්වාසයට අනුව, යාච්ඥාවෙන් සහ උපවාසයෙන් කොරෝනා වසංගතය ලොවින් තුරන් කරන ලෙස යැදීමට එක්  වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ඉල්ලීමට ලොව පුරා සෑම තරාතිරමක ම, ආගමක ම, වයසක ම, ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මේ අනුව එදින විවිධ ආගම් සහ විශ්වාස වලට අයත් ජනතාව තම විශ්වාසයන්ට අනුව වසංගතය තුරන් වේවා යි ප්‍රාර්ථනා කිරීමට එක් වනු ඇතැයි වතිකානය ප්‍රකාශ  කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කළේ ගිය ඉරිදා පාස්කු කාලයේ තුන්කාල ආරාධනා යැදුම අවසානයේ විශ්වාසකයන් අමතමිනි. මේ ආරම්භ වී ඇත්තේ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ගේ රාමදාන් උපවාස මාසය යි. එම මාසයේ විශේෂ ලක්ෂණයක් වන යාච්ඥාව සහ උපවාසය පාදක කර ගනිමින් මැයි 14 වැනිදා වසංගතය තුරන් කිරීම වෙනුවන්  ලොව පුරා ප්‍රාර්ථනාවේ සහ උපවාසයේ දිනයක් කරන ලෙස "මානව සහෝදරත්වයේ උසස් කමිටුව"   (Higher Committee for Human Fraternity) යෝජනා කර තිබිණි. තමා ද එම යෝජනාව  පිළිගන්නා අතර එදින මේ අරමුණ වෙනුව

"දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසා යාචකයෙකි." බදාදා පොදු හමුව: "යාච්ඥාව යනු විශ්වාසයේ හුස්ම යි. එය දෙවියන් වහන්සේ ගේ හදවත ස්පර්ශ කරයි."

Image
Prayer is “the breath of faith"... It touches God’s heart : Pope says at the General Audience  (2020 මැයි 6) කොරෝනා වෛරස් වසංගත කාලය "අපගේ ජීවිතය තුළ යාච්ඥාවේ අවශ්‍යතාව යළි සොයා ගැනීමට යෝග්‍ය සමයක්" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. " අපට සවන් දෙන අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය වෙත  අපි අපගේ හද දොරටු විවර කරමු" යි එතුමා කියා සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ මැයි 6 වැනි බදාදා පැවැත්වුණු  බදාදා අථත්‍ය (Virtual) පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. කෝවිඩ් -19 වසංගතය  වැළක්වීමේ අරමුණින් ක්‍රියාත්මක සමාජ පරතර නීති නිසා එතුමා පොදු හමුව පවත්වන්නේ වතිකානයේ අපෝස්තලික මාලිගාවේ සිට යි. එය රුපවාහිනී සහ සමාජ මාධ්‍ය ඔස්සේ  සජීවීව විකාශනය කෙරේ. ජනතාව  ඊට සහභාගී කර ගන්නේ නැත. මැයි 6 වැනි දා සිට සුදොතුම් පියතුමා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනා සඳහා නව තේමාවක් තෝරා  ගෙන තිබේ. එනම් යාච්ඥාව යි . " යාච්ඥාව යනු විශ්වාසයේ හුස්ම යි. හදවතින් නැගෙන මොරගැසීමක් වන එය විශ්වාසයේ අර්ථාන්විත ප්‍රකාශනය යි " යි එතුමා කීවේ ය. ප්‍රැන්සිස් සු

“සුවිශුද්ධ වූ දේව මෑනියනි, අපි ඔබගේ රැකවරණය කරා දිව එමු” - වසංගතයෙන් මිදීම පිණිස මරිය මවට යැදුම - 2

Image
වසංගතයෙන් ලෝකය නිදහස් කර දෙන ලෙස ඉල්ලා  ජපමාලයෙන් පසු යදින ලෙස  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දේශ කළ  දෙවන  යාච්ඥාව  “සුවිශුද්ධ වූ දේව මෑනියනි,  අපි ඔබගේ රැකවරණය කරා දිව එමු” අපගේ අම්මා වන සුවිශුද්ධ වූ  දේව මෑනියනි,  මුළු ලෝකයම දුක් වේදනාවලටත් සාංකාවටත් ගොදුරුවී ඇති මේ ඛේදජනක අවස්ථාවේ, අපි ඔබ වෙත දිව එමින්, ඔබගේ රැකවරණය ද, සරණය ද බලාපොරොත්තුවෙන් සිටිමු. කන්‍ය මරියනි, කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඔබ ගේ  කරුණාබර නෙත් අප වෙත යොමු කළ මැනව. තමන් ප්‍රේම කළ අය මියයාම නිසා ද,  ඇතැම් විට, ඒ වේදනාව වැඩිකරමින්, ඔවුන් මිහිදන් කළ ආකාරය ගැන දුක් වන්නාවූ ද  සිත් කැළඹී සිටින්නා වූ ද  සහෝදර සහෝදරියන් සනසා  ලුව මැනව. තමන් ආදරය කරන අය රෝගී වීම නිසාත්,  එසේ වුවත්,  වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් වෙත සමීප වීමට නොහැකි වීම නිසාත්, බලවත් සැලකිල්ලෙන් සිටින්නා වූ අය වෙත, සමීප වුව  මැනව. අනාගතය පිළිබඳවත්, ආර්ථිකය සහ රැකියා පිලිබඳවත් ඇති අවිනිශ්චිතාව නිසා,  ව්‍යාකුල භාවයට පත්ව සිටින්නාවූ අය, බලාපොරොත්තුවෙන් පුරවා ලුව මැනව. දේව මෑණියන් වන අපගේ මව්නි,  මේ බලවත් වේදනාව පහ වී ගොස් සිත් පුබ

වසංගතයෙන් මිදීම පිණිස මරිය මවට යැදුම - 1

Image
වසංගතයෙන් ලෝකය නිදහස් කර දෙන ලෙස ඉල්ලා  ජපමාලයෙන් පසු යදින ලෙස  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දේශ කළ  පළමුවන යාච්ඥාව  පෙම්බර  මරිය මෑනියනි, ඔබවහන්සේ  ගැලවීමේ සහ බලාපොරොත්තුවේ  සලකුණක් ලෙස අපගේ ගමන නොකඩවා දීප්තිමත්  කරන සේක. රෝගීන්ගේ  ආරෝග්‍යයෙනි, කුරුසිය පාමුල සිට ජේසු සමිඳුන් ගේ දුක් වේදනාව හා සම්බන්ධ වෙමින් සිය  විශ්වාසය නොපසුබටව රැකගත් ඔබට අපි අපවම භාර කරමු. “රෝමානු ජනතාවගේ ආරක්ෂිකාවෙනි”, ඔබ අපගේ අවශ්‍යතාවන් දන්නීය. මෙි නිසා ගලීලයේ කානා නුවර දී මෙන් මෙම පරීක්ෂණයේ කාලයෙන් පසුව ප්‍රීතියත් ජයෝත්සවයත් අපට ආපසු ලැබෙන ලෙස ඔබ අපගේ අවශ්‍යතාවන් සලසා දෙන බව අපි දනිමු. දිව්‍ය ප්‍රේමයේ මාතාවනි, දෙවි පියාණන් ගේ කැමැත්තට  එකඟ වීමටත් ජේසු සමිඳුන් අපගෙන් ඉල්ලන දේ ඉටු කිරීමටත් අපට උදව් වුව මැනව. මන්ද උන්වහන්සේ අපගේ දුක් වේදනා තමන් පිට පවරා ගෙන අපගේ දුක් දොම්නස් බර දරා ගත් සේක. එසේ කළේ,  කුරුසිය  ඔස්සේ, උත්ථානයේ  ප්‍රීතිය වෙත අප රැගෙන යනු පිණිස ය. ආමෙන්. සුවිශුද්ධ වූ දේව  මෑනියනි, අපි ඔබ ගේ රැකවරණය කරා දිව එමු. අහෝ මහිමෝත්තම  වූ ද භාග්‍යවන්ත වූ ද  කන්‍යාවෙනි

" කම්කරුවන්ට රැකියාවක්, සාධාරණ වේතනයක් සහ ගරුත්වයක් ලැබිය යුතුයි": කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

Image
"May no one be without work, dignity, a just wage," Holy Father prays on the Feast of St. Joseph the Worker (2020 මැයි 1) "කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යයත් ලෝක කම්කරු දිනයත් සැමැරෙන අද, අපි සියලුම කම්කරුවන් වෙනුවෙන් යාච්ඥා කරමු. සියලු කම්කරුවනට රැකියාවක් ලැබෙන ලෙසත්, සියල්ලන්ට සාධාරණ  වැටුපක් ලැබෙන ලෙසත් අපි යාච්ඥා කරමු. වැඩ කිරීමේ ගරුත්වයෙනුත් විවේක ගැනීමේ සෞන්දර්යයෙනුත් ඔවුනට යහපතක් සැලසේවා!" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනය වන මැයි පළමුවන දා උදාසන වතිකානයේ සාන්තා මාර්තා ගෙදර පුංචි පල්ලියේ පැවැත්වුණු දිව්‍ය පූජා යාගය ආරම්භ කළේ එසේ ය.  මිටිය අතින් ගත් ශු. ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාවක් පුදසුනේ එක් එක පැත්තකින් තබා තිබිණි.  මෙදින පළමුවැනි  කියවීමට ඇතුළත් වූ  මිනිසා සහ ගැහැණිය දෙවියන්  වහන්සේ ගේ ස්වරූපයට සහ සමාන කමට අනුව මවනු ලැබීමේ කතාව වෙත සිය කෙටි භාවනාවේ දී සුදොතුම් පියතුමා අවධානය යොමු කලේ ය. (උත්පත්ති 1:26-2:3) මෙය දෙවියන් වහන්සේ මැවිල්ලේ කාර්යය බවත්  එය අඛණ්ඩව කරගෙන යාම සඳහා මනුෂ්‍යයාට පවරා තිබෙන බවත් එතුම