Posts

Showing posts from August, 2023

"යොවුන් දරුවනේ! ප්‍රේමය කේන්ද්‍ර වූ ලෝකයක් ගොඩ නගන්න ලහි ලහියේ ගමනේ යෙදෙන්න." - 2023 අගෝස්තු සසුන් පිය යැදුම් අදහස.

Image
Let  World Youth Day in Lisbon will be a “seed for the world’s future” - Holy Father says in August Prayer intention  (2023 අගෝස්තු 7) "යෞවනයේ පොපියන චමත්කාරය!" ඒක අපේ ප්‍රසිද්ධ සිසිල් බීමක ප්‍රචාරක පාඨය. ඒත් මේ මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා කරන්නේ "යෞවනයේ පොපියන චමත්කාරය" කතෝලික සභාවේ ක්‍රියාකාරීත්වය තුළට, ජීවිතය තුළට රැගෙන ඒමට ක්‍රියා කරන අතර, ජගත් යොවුන් දිනය වෙනුවෙන්  සහ අපේ යෞවන ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි.  යෞවනයේ සෞන්දර්ය, ප්‍රබෝධය  සහ ක්‍රියාශීලීත්වයෙන් සුබ අස්න  දේශනා කල  සාන්තුවර ශාන්ත අන්තෝනි මුනිඳුන් ගේ උපන් ගම වන  ස්පාඥ්ඥයේ ලිස්බන් නුවර දී අගෝස්තු පළමුවැනි දා සිට දින 5 ක් පුරා පවත්වන ලද 2023 ජගත් යොවුන් දින මහා උලෙළ මේ ඉරිදා අවසන් වුණා. ඊට පහළොස් ලක්ෂයක පමණ ජනතාවක් සහභාගී වූ අතර  30,000ක ස්වේච්ඡා සේවක කණ්ඩායමක  ගේ සහය ලැබුණා. ජනතාවට අමතරව  එම උළෙලේ අවසන් දින පූජාවට රදගුරු හිමිවරුන් 700 නමක් සහ පුදදුරු වරුන් 10,000ක් පමණ සහභාගී වූ බව සභාවේ නොවන ස්වාධීන මාධ්‍ය වාර්තා කරනවා.  යොවුන් දිනය අවසන් වූවත් මේ මාසයේ සුද