Posts

Showing posts from December, 2020

"2021-2022 ප්‍රේමයේ ආනන්දය පවුල් වසර" ප්‍රකාශයට පත් කෙරේ - "නාසරෙත් පවුල ලොව සියලු පවුල්වලට නියත සැඳහුම් ලක්ෂ්‍යයක්. අනුප්‍රාණයක්. ආදර්ශයක්"

Image
Pope Francis announces 2021 the “ Amoris laetitia Family” year; Studying  more deeply  is the aim (2020 දෙසැම්බර 28) ලබන වසර - එනම් 2021 "'ප්‍රේමයේ ආනන්දය' පවුල් වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කලේ සභාව ශුද්ධවූ පවුලේ මංගල්‍යය උත්සවාකාරයෙන් සැමැරූ දෙසැම්බර 27 වැනිදා ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුම අවස්ථාවේ දී ය.  "ප්‍රේමයේ ආනන්දයේ පවුල"  (Amoris Laetitia Family) ලෙස මෙම වසර හැඳින්වේ. එය ආරම්භ වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පවුල වෙනුවෙන් නිකුත් කරන  ලද Amoris Laetitia හෙවත් "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික සංදේශයට වසර 5ක් සපිරෙන 2021 මාර්තු මස 19 වැනිදා ය. ලොව පුරා කතෝලික ජනතාව ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යය පත්වන්නේ ද මෙදිනය. "ප්‍රේමයේ ආනන්දයේ පවුල" වසර 2022 ජුනි මස 26 වැනිදා පරිසමාප්තියට පත් වේ. දස වැනි ජගත් පවුල් හමුව රෝමයේ දී ආරම්භ වන්නේ එදින ය. "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික සංදේශයේ පණිවිඩය කේන්ද්‍ර කරගනිමින් පවුල පිළිබඳව වඩා ගැඹුරින්  භාවනා කිරීම මේ වසරේ අරමුණ වී තිබේ.

පෙබරවාරි 4: "ජගත් මානව සහෝදරත්වයේ දිනය" ලෙස එජා සංවිධානය ප්‍රකාශයට පත් කරයි; සුදොතුම් පියතුමා ගේ "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයේ ප්‍රතිඵලයක්

Image
UN declares 4 February 'International Day of Human Fraternity': A result of  Fratelli tutti 2019 නොවැම්බර 22 වන දා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණු අන්තර් සාමයික හමුව  (2020 දෙසැම්බර  24)  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මානව සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය සම්බන්ධයෙන් නිකුත් කල  අලුත්ම විශ්ව ලේඛනය වන Fratelli tutti හෙවත් "සියල්ලෝ සොහොයුරෝ"හි පණිවිඩයත්, එතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එජීප්තුවේ කයිරෝ නුවර අහමඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සමග අත්සන් තැබූ  "මානව සහෝදරත්වය පිලිබඳ ලේඛනයත්" එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශාලා තුළ දෝංකාර දී ඇති බව දැන් තහවුරු වී තිබේ.  එහි ප්‍රතිඵලය  ජාත්‍යන්තර "මානව සහෝදරත්වයේ දිනයක්" ප්‍රකාශයට පත් කරන්නට ජගත් සංවිධානය තීරණය කිරීමයි.  මේ අනුව සෑම වසරක ම පෙබරවාරි 4 වන දා "ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දිනය" (International Day of Human Fraternity) ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය දෙසැම්බර 22 වනදා සම්මත කළේය. 2021 පෙබවාරි 4 වනදා සිට සෑම වසරකම එම දිනය මේ සඳහා වෙන් කිරීමට ද ජගත් සංවිධානය තීර

"ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ ගැන භාවනා කිරීම, මිතුරකු ලෙස උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු - සුදොතුම් පියතුමන් ගේ දෙසැම්බර මාසයේ යැදුම් අදහස

Image
"Listening to Jesus, contemplating Jesus, speaking with Him as with a friend: we pray for a life of prayer" -  Pope's December prayer intention (2020 දෙසැම්බර 03) "යාච්ඥාවේ ජීවිතයක් තුළින් ජේසු සමිඳුන් සමග පෞද්ගලික සහ ගැඹුරු සම්බන්ධතාවක් පවත්වාගත හැකි ය. ඒ මගින් අපට යථාව වෙනස් කල හැකිය; අපගේ හදවත් වෙනසක් ඇති කරගත හැකිය. ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ භාවනා කිරීම, යහළුවකු සමග කතා කරන්නා සේ උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාව යනු එයයි. එය අපගේ ජීවිත පරිවර්තනය කරයි. පියාණන්ට ලං විය හැකි මාර්ගය එය යි. අපි යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු." "ජේසු සමිඳුන්ට සවන් දීම, උන්වහන්සේ භාවනා කිරීම, යහළුවකු සමග කතා කරන්නා සේ උන්වහන්සේ සමග කතා කිරීම: යාච්ඥාව යනු එයයි. එය අපගේ ජීවිත පරිවර්තනය කරයි. පියාණන්ට ලං විය හැකි මාර්ගය එය යි. අපි යාච්ඥාවේ ජීවිතයක් ඇති කර ගනිමු." දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස එය ය.  වතිකාන සුළඟ පාඨකයන් දැන් දන්නා ආකාරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සෑම මාසයකම යැදුම් අදහසක් ප්‍රකාශයට පත් කරයි. එම අදහස වෙනුවෙන් මාසය ප

"ඔබ 'උතුමාණන් වහන්සේ' කෙනෙකු ලෙස සිතීම අනතුරු දායකයි" - නව කාදිනල් වරුන් නිල ගැන්වීමේ මෙහෙයේ දී සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට අනුශාසනා කරයි

Image
"When you feel yourself 'Eminence', you are 'off the path" Pope warns Gregory Cardinals in part-virtual consistory (2020 දෙසැම්බර 2 ) තම කාදිනල් නිලය, ගෞරවය ලැබීමේ සහ උසස් බවේ එකක් කර නොගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමිවරුන් ඇතුළු ලොව පුරා සිටින සියලු කාදිනල් හිමිවරුනට අනුශාසනා කරයි. ලොව ඉහළ ම පුදැදුරු වරුන් ගේ ජීවිත "තමන් ත්‍යාජ කිරීමේ සහ අන්‍යයන්ට සේවාව කිරීමේ" ජීවිත විය යුතු බව එතුමා පෙන්වා දෙයි.  කාදිනල් හිමිවරුනට සාම්ප්‍රදායිකව ලැබෙන ගෞරව නාමය වන  "Eminences" හෙවත් 'උතුමාණන් වහන්සේ' යන ඇසින් තමන් දෙස නොබලන්නැයි සුදොතුම් පියතුමා ඔවුන්ගෙන්  ඉල්ලා සිටියි.  "ඔබට එසේ සිතන මොහොතේ ඔබ මාර්ගයෙන් පිට පැනලා...එවිට ඔබ තවදුරටත් ජනතාවට සමීප පුදැදුරු තුමෙක් නොවේ," යි එතුමා කීවේ ය. තම යහපත සහ අරමුණුවලට  නොව තමන් සේවාව කරන ජනතාව ගේ යහපතට පමණක් ප්‍රමුඛත්වය දෙන ලෙස ද එතුමා ඔවුනට උපදෙස් දුන්නේ ය.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කළේ නව කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගැන්වීම සඳහා  වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැ