Posts

Showing posts from October, 2022

"එක්ව ගමන් කරන සියල්ලනට විවෘත වූ සභාවක් වෙනුවෙන් යාච්ඥා කරමු." - ඔක්තෝබර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

Image
Holy Father's October prayer intention: A Church that walks together; A Church that is open to everyone (2022 ඔක්තෝබර 3) 2022 ඔක්තෝබර මාසයේ ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව" දැන් නිකුත් වී තිබේ.  මේ මාසයේ සසුන් පිය වීඩියෝවෙන්  සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ලබන වසරේ ඔක්තෝබර මාසයේ පැවැත්වෙන "සිනොඩ් ගමන  පිලිබඳ සිනොඩ් කතිකාව" වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. එය පදනම් කරගනිමින් ශුද්ධාත්ම කේන්ද්‍රීය යැදුම  ආත්ම කොටගත් සෛනෝඩීය ගමනකට පිවිසෙන ලෙස එතුමා ඉල්ලා සිටියි. ඒ අනුව  මෙවර සසුන් පිය වීඩියෝවේ තේමාව වන්නේ "සියල්ලනට විවෘත වූ සභාවක්" වෙනුවෙන් යාච්ඥා කරමු යන්නයි.  සිනොඩ් යනු කුමක්ද?  සිය වීඩියෝ යැදුම්  පණිවිඩය නිකුත් කරමින් "සිනොඩ්" පදයේ අරුත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සංක්ෂිප්තව විස්තර කරයි. ග්‍රීක වචනයක් වන එහි අරුත "එක්ව ගමන් කිරීම"(Walking together ) බව එතුමා පෙන්වා දෙයි. එක්ව ගමන් කරන ජනතාවක් නිතර ම "පාරේ සිටින ජනතාවක්" (People on the road ) බව ද  එතුමා සඳහ

යුක්රේන යුද්ධය නවත්වන්නැයි සුදොතුම් පියතුමා ජනාධිපති පුටින්ට ඍජුවම ආයාචනා කරයි. "යුද්ධය විසඳුමක් නොවන බව තේරුම් ගන්නට තව කොච්චර ලේ හැලිය යුතුද?" එතුමා විමසයි. "අපේ යොවුන් පරපුරට යුද්ධයේ දුෂිත වාතය වෙනුවට සාමයේ පිවිතුරු වාතය ආශ්වාස කිරීමට ඉඩ දෙමු." - සුදොතුම් පියතුමා ගේ සම්පූර්ණ ප්‍රකාශය (වීඩියෝ)

Image
Pope Francis  pleads President Putin to end the war. "How much blood must still flow  to realize that war is never a solution ?" (Video)  (2022 ඔක්තෝබර 2) යුද්ධය නවත්වන්නැයි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ප්‍රථම වරට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර්  පුටින් ගෙන් ඍජුවම ඉල්ලා  සිටියි.  "හිංසනයේ  සහ මරණයේ සර්පිලය නවත්වන්නැයි" පුටින්ගේ නම සඳහන් කරමින් ම එතුමා ආයාචයක් කළේය. එසේ නොකලොත් න්‍යෂ්ටික යුද අවි භාවිතයක් ඇති වී එහි  පාලනය කරගත නොහැකි ආදීනවවලට  ලෝකය මුහුණ දෙනු ඇතැයි එතුමා අනතුරු අඟවයි.   ඉකුත් මාස කිහිපය තුළ ගලා ගිය ලේ සහ කඳුළු තම සිත මහත් සේ වේදනාවට පත් කරන බව සුදොතුම් පියතුමා කියයි. "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මේ ගැටුම අවසන් කරන ලෙස  මම මේ හදිසි සහ අත්‍යවශ්‍ය ආයාචනය කරමි. ...ලෝකය න්‍යෂ්ටික ගැටුමක අනතුරට ඉඩ හැරීම මෝඩ කමකි." "මගේ ආයාචනය වෙනත් සියල්ලන්ටත් වඩා යොමු කරන්නේ රුසියානු  සංගමයේ ජනාධිපතිවරයා වෙතයි. අවම වශයෙන් තමන් ගේ ම ජනතාව ගැන සිතා හෝ ප්‍රචණ්ඩත්වයේ සහ මරණයේ සර්පිලය අවසන් කරන මෙන් මම ඔහුට ආයාචනා කරමි," යි එතුමා කීවේය.  ප්‍රැන්සිස් සුදොතුම් ප