Posts

Showing posts from June, 2020

"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" ඇතුළු දේව මෑණියන්ට නව අභිධාන තුනක් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි; දේම මාතා ප්‍රාර්ථනාවටත් ඇතුළත් කිරීමට උපදසේ

Image
Pope Francis adds three titles to the Blessed Mother including “Comfort of Migrants”  ඉතාලියේ පොම්පියා නගරයේ ශුද්ධ වූ ජපමාලයේ අප රාජේශ්වරිය ගේ සිතුවම  (2020 ජුනි 20) දේව මාතාවන් වන මරිය මෑණියන්ට නව අභිධාන තුනක් එකතු කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. අලුතින් එක්කර ඇති මෙම අභිධාන තුන ජපමාල ධ්‍යානයෙන් පසුව හා වෙනත් මරිය යැදුම් සමග කතෝලික ජනතාව යදින සාම්ප්‍රදායික දේව මාතා ප්‍රාර්ථනාවට වහාම ක්‍රියාත්මක වන පරිදි එක් කෙරෙන බව වතිකානය අද නිවේදනය  කළේය. මරිය මෑණියන්ට එක්කර ඇති එම නව අභිධාන (titles) තුන නම්, "දයාවේ මාතාවෙනි" ,“Mother of Mercy,” "බලාපොරොත්තුවේ මාතාවෙනි" , “Mother of Hope,” සහ "සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" , “Comfort of Migrants.” යන ඒවායි. මීට අදාළ ශුද්ධාසන උපදේශය, දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් විසින් අද නිකුත් කරනු ලැබිණි. නව උපදෙස් ඇතුළත් ලිපිය ලොව පුරා සෑම රදගුරු සමුළුවක ම සභාපති රදගුරු හිමිවරුන් වෙත යවනු ලැබූ බව  වතිකානය නිවේදනය කරයි. දිව්‍ය ව

ශු. අන්තෝනි මුනි 8 වැනි සියවස" - මේ පෙම්බර සාන්තුවරයාට ලක්දිව වෙනුවෙන් යදින්නට අවස්ථාවක්?

Image
"Eighth Centenary of St. Anthony of Padua: A great opportunity to Pray for Sri Lankan Catholics?  (2020 ජුනි 07) පාරට බැස දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය වචනයෙන් සහ ක්‍රියාවෙන් බෙදා ගැනීමට ලොව පුරා සිටින ප්‍රැන්සිස්කාන නිකායිකයන්, ශු. අන්තෝනි මුනිඳුන් ගේ බැතිමතුන් සේ ම තරුණ තරුණියන් ද "නොසන්සුන්ව " ක්‍රියා කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. දහතුන් වන සියවසේ ජීවත් වූ ශු. අන්තෝනි මුනිඳුන් "පුරාණ" සාන්තුවරයකු නමුත් තාරුණ්‍යය තුළ සිය ජීවිතයෙන් විස්කම් පෑ එම සාන්තුවරයා ගේ ජීවිතය අද ජීවත් වන අපට ද ඉතා "නූතන" පණිවිඩයක් බව එතුමා පවසයි.  මේ නිසා එතුමා වෙත විශේෂ භක්තියක් දක්වන ජනතාව සේ ම තරුණ තරුණියන් ද එතුමා ගේ ආදර්ශය අභියෝගයක් කර ගත  යුතු  බව එතුමා පෙන්වා දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව ප්‍රකාශ කරන්නේ ප්‍රැන්සිස්කාන කුඩා තාපස වරුන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨ සේවක කාලෝස් ට්‍රොවරෙල්ලි  (Minister General of the Order of Friars Minor Conventual) තාපස තුමන් වෙත ලියුමක් යවමිනි. සාන්ත අන්තෝනි මුනිඳුන් ප්‍රැන්සිස්කාන නිකායේ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ

කෝවිඩ් 'රුදුරු හිංසනයෙන්' ලද තුවාල සමග සුදොතුම් පියතුමා ගේ ජපමාල යැදුමට පැමිණි රෝහල් උපාධ්‍ය පියතුමා: "මට කරන්න පුළුවන් වුනේ ඔවුන් ගේ වේදනාව දකිමින් හැඬීම පමණයි"

Image
Hospital chaplain carries ‘tortured’ experience of COVID into Holy Father's Rosay evening (2020 ජුනි 3) ජෙරාර්ඩෝ  රෝද්රිගුවෙස් හර්නැන්ඩස් පියතුමා රෝමයේ ලසාරෝ ස්පැලන්සානි ජාතික බෝවන රෝග ආයතනයේ රෝහල් උපාධ්‍ය පියතුමා ය. ඉකුත් මාස දෙකකට අධික කාලය තුළ එම රෝහල පිහිටා ඇති ලසියෝ ප්‍රදේශය, ඉතාලියේ කෝවිඩ් වසංගතයේ අපි-කේන්ද්‍රය බවට පත් වී තිබුණේ ය. රෝහල් උපාධ්‍ය වරයා ලෙස එතුමා ලද අත්දැකීම් නිසා මැයි 30 වැනි දා සන්ධ්‍යාවේ වතිකාන උද්‍යානයේ ලූර්දු ගුහාව අබියස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් මෙහෙයවන ලද ජපමාල යැදුමට ජෙරාර්ඩෝ හර්නැන්ඩස් පියතුමාට ද ආරාධනා කර තිබුණේ ය. ඊට සහභාගී වූ එතුමා එක් ජපමාල පන්තියකින් කොටසක් ද  මෙහෙය වීය. ජෙරාර්ඩෝ හර්නැන්ඩස් පියතුමා වූ කලී කෝවිඩ් වසංගත කාලය තුළ කෙනෙකුට දරා ගත නොහැකි තරම් මරණ විශාල සංඛ්‍යාවක් කැටුව ගිය දයාර්ද්‍ර පුදැදුරු නමකි. "පාප් වහන්සේත් එක්ක ජපමාලය යදින්නට මා යන්නේ මා  ලැබූ ඒ අත්දැකීම් රැගෙනයි  යි ඊට සහභාගී වන්නට පෙර Cruxnow කතෝලික වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් එතුමා කියා සිටියේ ය. සිත පිපිර වූ වේදනාව  "පසුගිය මාස දෙකක කාල

"ශුද්ධාත්මයාණන් දකින්නේ වාමාංශික හෝ දක්ෂිනාංශික හෝ සම්ප්‍රදාය මතවාදී හෝ ලිබරල් හෝ ලෙස නොව දේව දරුවන් ලෙස ය" - ශුද්ධාත්ම ආගමන මහා මංගල්‍ය දින ධර්ම දේශනාව

Image
"Holy Spirit doesn’t see ‘left’ and ‘right’ or "Conservative" and Liberal; He sees the Children of God": Pope Francis points out on the Solemnity of the Pentecost  (2020 මැයි 31) ගත වූ ශුද්ධාත්ම ආගමන සති අන්තය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කාර්ය බහුල සති අන්තයක් වූයේ ය. එම සති අන්තය තුළ එතුමා රෝමයේ රදගුරු තුමන් ලෙස රෝම පදවියේ පුදැදුරු තුමන්ලා වෙත ලියුමක් නිකුත් කළේය. කොරෝනා  වසංගතය හේතුවෙන් මෙවර එම පදවියේ පියතුමන්ලා මුණගැසී එතුමන් අමතන්නට සුදොතුම් පියතුමාට අවස්ථාවක් ලැබුනේ නැත. මේ නිසා ශුද්ධාත්ම ආගමන මංගල්‍යයේ පණිවිඩය පාදක කර ගනිමින් එතුමා මෙම ලියුම ඔවුන් වෙත යැවුවේ ය. කිතු දන පුබුදු ජාත්‍යන්තර සේවාවේ (Charismatic Renewal International Service- CHARIS)  පූර්ව-පෙන්තකොස්ත රාත්‍රී යැදුම වෙනුවෙන්  එතුමා විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළේ ය. එංගලන්ත සභාවේ ආධ්‍යාත්මික  නායක, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි හිමියන් ගේ "ඔබගේ රාජ්‍යය  පැමිණේවා!" නම් තේමාවෙන් යුත් පොන්තකොස්ත යැදුම් රැළිය වෙනුවෙන් ද සුදොතුම් පියතුමා වීඩියෝ පනිවිඩයක්  නිකුත් කළේය. සෙනසුර