පාරිසරික ජීවිත මාරුවකට අභියෝග කෙරෙන පරිසර විශ්ව ලේඛනය - හැඳින්වීමක්

Environmental Encyclical: A call to an "Ecological Conversion"

විශ්ව ලේඛනය නිකුත් ප්‍රකාශට පත් කිරීමේ උත්සවය 


(2015 ජුනි 20)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය ඉකුත් ජුනි 18 වන බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරින. මේ අනුව, මෙය, ලෝකයේ සහ සභාවේ කඩඉම් රැසක් සනිටුහන් කල, කතෝලික සභාවේ සමාජ විශ්වලේඛන පෙළට එක්වන අලුත්ම ලියවිල්ල බවට පත් වේ.

මේ නිමිත්තෙන් වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවන ලද්දේ යුක්තිය සහ සාමය පිලිබඳ සභා නියෝජනයේ සභාපති අති උතුම් පීටර් ටර්ක්සන් කාදිනල් හිමිපාණන් විසිනි. පෝස්ට්ඩෑම් දේශගුණ බලපෑම් පර්යේෂණායතනයේ ආරම්භක අධ්‍යක්ෂ මහාචාර්ය ජෝන් ශේල්න්හියුබර් සහ වතිකාන විද්‍යා ඇකඩමියේ ආචාර්ය කැරලින් වූ යන විද්‍යාඥයෝ ද ඕතඩොක්ස් සභාව නියෝජනය කරමින් ජෝන් සිසියුලාස් රදගුරු හිමිපාණෝ ද ඊට එක්ව සිටියහ. සවැනි පාවුළු ශාලාව පරිසරවේදීන් ගෙන් හා පත්‍රකලාවේදීන් ගෙන් පිරී තිබිණි.

මෙහිදී අදහස් දැක් වූ ටර්ක්සන් කාදිනල් තුමා,  ගෝලීය උණුසුම් වීම, පරිසර දූෂණය,විශේෂයන් වඳ වී යාම සහ ලොව පුරා පවතින විෂමතා සවාභාවික සම්පත් මත ඇති කරන බලපෑම යන විද්‍යාත්මක වශයෙන් තවමත් විවාදාත්මක විෂයයන් සම්බන්ධයෙන් කතෝලික සභාව පැත්තක් ගන්නා බවට පවතින විවේචනය පිලිගත්තේ ය.  එහෙත් මෙම විශ්ව ලේඛනයේ අරමුණ මෙම විවාද වලට මැදිහත්වීම නොවන බව එතුමා අවධාරණය කළේය. එසේම මානව ක්‍රියාකාරකම් කාලගුණික  විපර්යාසවලට කෙතරම් බලපෑමක් ඇතිකරනවා ද යන්න ගැන ගැන ස්ථිර මතයක් ප්‍රකාශ කිරීම මෙහි අරමුණ නොවන බවද එතුමා කියා සිටියේ ය.
"මෙම විශ්ව ලේඛනයේ අරමුණ සමස්ත මැවිල්ලේ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමයි. එහි අරමුණ,  මානව වර්ගයා ලෙස මේ ලෝකය තුළ අපට හිමි උත්තරීතර ස්ථානයත් අපේ  වටපිටාව හා අප අතර ඇති සම්බන්ධයත්  විවිධ වූ මාන වලින් අවබෝධ කරගන්නාවූ පරිපුර්ණ පරිසර විද්‍යාවක් ගොඩනැංවීම යැ" යි විශ්ව ලේඛනයේම කොටස් උපුටා දක්වමින් එතුමා අවධාරණය කලේ ය.

"මිහිතලයේ විලාපයට සවන් දිය හැකි හොඳම උපකරණය විද්‍යාවයි" යැයි ටර්ක්සන් කාදිනල් හිමි පෙන්වා දුන්නේ ය. "විවීධ මතිමතාන්තර තිබුනත් මිහිතලය, අපගේ සොයුරිය අයහපත් සැලකිල්ලටත්  අපයෝජනයටත් ලක්වන බව අධ්‍යනය වලින් තහවුරු වී තිබෙනවා" යයි එතුමා කියා සිටියේ ය.

"Laudato Si' හෙවත් "පැසැසුම් වේ. අපගේ පොදු නිවස රැක බලා ගැනීම" නමැති පාප්වහන්සේ ගේ විශ්ව ලේඛනය පුරා ගලා යන්නේ, කතෝලික සභාව පරිසරයේ සාන්තුවරයා ලෙස ගෞරව කරන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් හැඳින් වූ ලෙස, "මිහිතල සොයුරිය" , මානව වර්ගය විසින් විව්ධාකාරයෙන් අපයෝජනයට ලක්වීමත් එයින් ඈ ගලවා ගැනීම සඳහා අප වහාම ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් කතෝලික සභාවේ මතයයි. ශුද්ධ ලියවිල්ලේ (බයිබලයේ) උපුටන, කලින් සිටි පාප්වහන්සේලාගේ ඉගැන්වීම් මෙන්ම විද්‍යාත්මක මත හා සිද්ධාන්තයන්ගෙන් ද ලේඛනය පෝෂනය වී තිබේ.


ආමන්ත්‍රණය 



මෙම විශ්ව ලේඛනයේ ඇති විශේෂත්වයක් වන්නේ එයින් ආමන්ත්‍රණය කරන්නේ හුදෙක් කතෝලිකයනට පමණක් නොවීමයි. තම ආයාචනය පෘථිවිය නිවස කරගත් සියල්ලනට බව ශුද්ධෝත්ම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති.

"මීට වසර පනහකට පෙර ලෝකය න්‍යෂ්ටික අර්බුදයක ප්‍රපාතය අද්දර සිටින අවස්ථාවේ "Pacem in Terris" නමැති විශ්වලේඛනය නිකුත් කල ශු. 23 වන ජුවාම් පාප්වහන්සේ 'සමස්ත කතෝලික ලෝකයටත්' එසේම 'සුසිත් ඇති සෑම මිනිසකුටමත්' එයින් ආයාචනා කළහ. දැන් ගෝලීය පරිසර පරිහානියකට අප  මුහුණ දී සිටින මේ මොහොතේ, මේ ග්‍රහලෝකය මත ජීවත් වන සෑම පුද්ගලයකුටම ඇමතීමට මම කැමැත්තෙමි. ....මෙම විශ්ව ලේඛනය මගින්  අපේ පොදු නිවස වන මිහිතලය සම්බන්ධයෙන් සියලු ජනතාව සමගම සංවාදයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි" යි  උන්වහන්සේ ලේඛනය මුලදීම සඳහන් කරති.

සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා
පරිසර සාන්තුවරයා ද පාප්වහන්සේ ගේ නාම සාන්තුවරයා ද වන ශු. ප්‍රැන්සිස් අසීසි තුමන් පරිසරය හා තිබූ සමීප සම්බන්ධතාව විස්තර කිරීමෙන් ලේඛනය ආරම්භ වේ. එම කොටස කවියක් වැන්න. අනතුරුව සිය පුර්වගාමින් වූ, සවැනි පාවුළු, දෙවැනි ජුවාම් පාවුළු සහ සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ලා පරිසර හානිය ගැනත් එය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව ගැනත් දැරූ මතයන් උන්වහන්සේ සිහිපත් කරති. එපමනක් නොව කිතුනු සභා අතර සංවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් ඕතඩොක්ස් සභාවේ නායක අති   උතුම් බර්තොලොමියු පෙත්රියාක් තුමා පරිසරය සම්බන්ධයෙන් කල අතිශයින් වැදගත් ආධ්‍යාත්මික ප්‍රකාශයක් ද උඔඋටා දක්වා තිබේ. 


විද්‍යාත්මක පදනම 


ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ  සිය පරිසර විශ්ව ලේඛනයෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් වලට ආධ්‍යාත්මික බලයක් ලබා දීමට උත්සාහ කරති. එසේ කරන උන්වහන්සේ ය  පරිසර හානිය හා එයින් සිදුවී ඇති බලපෑම් එම ලේඛන තුළ විස්තර කරන්නේ විද්‍යාත්මක පදනමක පිහිටමිනි.

" කාලගුණික පද්ධතියේ සිත් කළඹන සුළුඋණුසුම් වීමක් අප දැන් අත්දකිමින් සිටින බවට ප්‍රබල විද්‍යාත්මක ඒකමතිකභාවයක් ඇති වී තිබේ" යයි උන්වහන්සේ පවසති.


"මෙම ගෝලීය උණුසුම් වීම ඇතිකිරීමට හෝ එය දරුණු කිරීමට මූලික වන හේතූන් - අවම වශයෙන් මානව හේතූන් - මැඩපැවැත්වීම සඳහා, සිය ජීවිත රටාවේත්, නිෂ්පාදන හා පරිභෝජන ක්‍රම වලත් වෙනසක් ඇති කරගැනීමට සියලු ජනතාව වෙත ඇරැයුම් කරනු ලැබ  තිබේ. ලෝකය උණුසුම් වීමට මුලික වන වෙනත් හේතුන්, එනම් ගිණි කඳු වල ක්‍රියාකාරීත්වය, පෘථිවි කක්ෂයේ සහ අක්ෂයේ වෙනස්වීම් වැනි හේතූන්, ඇති බව සත්‍යයකි. එහෙත් විද්‍යාත්මක අධ්‍යයන ගණනාවක් පෙන්වා දෙන්නේ මෑත දශක වල සිදුවූ ගෝලීය උනුසුම් වීමට ප්‍රධාන වශයෙන්ම මුලික වී ඇත්තේ හරිත නිවාස වායූන්, එනම් මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලක් ලෙස පරිසරයට නිකුත් කෙරෙන වායූන් බවයැ"යි පාප්වහන්සේ සඳහන් කරති

"මෙම ගෝලීය උණුසුම් වීම ඇතිකිරීමට හෝ එය දරුණු කිරීමට මූලික වන හේතූන් - අවම වශයෙන් මානව හේතූන් - මැඩපැවැත්වීම සඳහා, සිය ජීවිත රටාවේත්, නිෂ්පාදන හා පරිභෝජන ක්‍රම වලත් වෙනසක් ඇති කරගැනීමට සියලු ජනතාව වෙත ඇරැයුම් කරනු ලැබ  තිබේ. ලෝකය උණුසුම් වීමට මුලික වන වෙනත් හේතුන්, එනම් ගිණි කඳු වල ක්‍රියාකාරීත්වය, පෘථිවි කක්ෂයේ සහ අක්ෂයේ වෙනස්වීම් වැනි හේතූන්, ඇති බව සත්‍යයකි. එහෙත් විද්‍යාත්මක අධ්‍යයන ගණනාවක් පෙන්වා දෙන්නේ මෑත දශක වල සිදුවූ ගෝලීය උනුසුම් වීමට ප්‍රධාන වශයෙන්ම මුලික වී ඇත්තේ හරිත නිවාස වායූන්, එනම් මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලක් ලෙස පරිසරයට නිකුත් කෙරෙන වායූන් බවයැ"යි පාප්වහන්සේ සඳහන් කරති.

මෙම ලේඛනයේ සාකච්ඡාවට ලක් කර ඇති වෙනත් ප්‍රධාන විෂයයන් අතර මේවා ද වෙයි:


  • පානීය ජලය ලබා ගැනීම දුෂ්කර කරන්නා වූ ද, ජෛව විවිධත්වය අහිමි කරන හා මානව ජීවිතයේ ගුණාත්මක බව අඩු කරන්නා වූ ද පරිසර විනාශයන් 
  • බිලියන සංඛ්‍යාත ජනතාවක් "පාරිසරික ණයෙන් " බැඳ තබන ලෝක ව්‍යාප්ත සමාජ අයුක්තිය
  • පොසිල ඉන්ධන සහ වෙනත් ධරණීය නොවන බලශක්තීන් වෙනුවට දීර්ඝ කාලීන පරිසර හිතකර බලශක්තීන් ගේ අවශ්‍යතාව හා ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පර්යේෂණ  
  • පරිසර අර්බුදය හා (සමාජ විෂමතාවලට තුඩු දී ඇති) සමාජ අර්බුදය අතර ඇති සම්බන්ධතාව පෙන්වා දීම; මෙම සමාජ අර්බුදය නිසා ලෝකයේ දුප්පත් ජනතාව ජාත්‍යන්තර කරුණු වලදී තීරණ ගැනීමේ ස්ථානයෙන් පසු පසට තල්ලු කර ඇති බව.
  • ලෝකය පුරා ජීවිත රටාවේ වෙනසක ඇති අවශ්‍යතාව 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය