Posts

Showing posts from February, 2018

නයිජීරියා කතෝලික සභාවේ වර්ගවාදය හා ගෝත්‍රික වාදය විසින් ක්‍රිස්තු ඉගැන්වීම පරාජය කෙරේ; පූජකවරුන් විසින් ප්‍රතික්ෂේප කල රදගුරුතුමා ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි

Image
Pope Francis backs down in dispute with Nigerian priests; accepts bishop's resignation (2018 පෙබරවාරි 21) ගෝත්‍රික වාදය හා වර්ගවාදය විසින් විනාශ කලන ලබන්නේ ලෞකික ලෝකය පමණක් නොවේ. ආගමික සංවිධානවලට  ද වර්ගවාදී ගින්නෙන් බරපතල හානි සිදුවෙයි.  කතෝලික සභාව තුළ ද වර්ගවාදී හා ගෝත්‍රික බලහත්කාරකම අඩු වැඩි වශයෙන් පවතියි. එම භේද  සභාව තුළ පවතින පදවිවාදය හා නිකාය විරෝධය ද සමග මිශ්‍ර වී පූජක හා ගිහි හදවත්  අහංකාරයෙන් හා මානයෙන් පිම්බුණු කල ක්‍රිස්තු ඉගැන්වීම යටපත් වෙයි. නයිජීරියාවේ දකුණු දිග අහියාරා රදගුරු පදවියෙන් වාර්තා වන්නේ එවැනි ශෝචනීය සිදුවීමකි. එම පදවියේ රදගුරු තුමන් ලෙස පත් කරන ලද පීටර් ඔක්පලෙකේ රදගුරු තුමන් වෙත එම පදවියේ පුදැදුරුවරුන් වෙතින් එල්ල වූ දැඩි විරෝධය නිසා එතුමන් භාර  දුන් ඉල්ලා අස්වීම පිළිගන්නා බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සඳුදා (පෙබරවාරි 19) ප්‍රකාශ කළේය.ඒ වෙනුවට යාබද උමුවාහියා පදවියේ ලුසියුස් උගොර්ජි රදගුරු තුමන් එම පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස පත් කර ඇති බවද වතිකානය නිවේදනය කළේය. මීට අවුරුදු 5 කට පෙර  පීටර් ඔක්පලෙකේ පියතුමන් අහියාරා පදවියේ රදගුරු තුමන

"පාලකයන් නොව ඔබට භාර කරන ජනතාවගේ සේවකයන් වන්න": සුදොතුම් පියතුමා දෙව්සත්හල් සිසුනට කියයි

Image
Pope tells  seminarians: "Be servants of your flock, not dominators" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙව්සත්හල් සිසුන් පිරිසක් හමුවූ මොහොතක්‌  (2018 පෙබරවාරි 18) රෝමයේ පාප්වහන්සේගේ මැරනයිට් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ (Pontifical Maronite College) ඉගෙන ගන්නා දෙව්සත්හල් සිසුන් කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (පෙබරවාරි 16) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසීමට පැමිණියහ. එහිදී ඔවුන් ඇමතූ සුදොතුම් පියතුමා කියා සිටියේ දෙව්සත්හල් පුහුණුව ඔවුන් උදෙසාවත් ඔවුන් සම්බන්ධයෙන්වත් වන පුහුණුවක් නොවන බවයි. මෙම පූජක පුහුණුව, එය අවසානයේ ඔවුන් සේවය කරන්නට  යන පදවිවල සහ මීසම් වල ජනතාව වෙනුවෙන් වන පුහුණුවක් බව එතුමා  අවධාරණය කළේය: "මේ පූජක පුහුණු කාලය තුළ  ඔබ ලබන මානුෂික, බුද්ධිමය සහ ආධ්‍යාත්මික පෝෂණය ඔබට ලැබෙන තිළිණයක් නොවේ. එය ඔබගේ රැකියාව උදෙසා ඔබ විසින් ලබා ගත යුතු සුදුසුකමක් ද නොවේ.  එම පුහුණුව ඔබගේ පදවිවල ඔබගේ සේවය ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින, එසේම, ඔබ ඔබගේ ජීවිතය දානයක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින  විශ්වාසිකයන් සඳහා වූ නිධානයකි." පුදැදුරුවරය වූ කලී රැකියාවක් හෝ පැවරුමක්

ළමයින් ලිංගික අපරාධ වලින් ආරක්ෂා කිරීමේ වතිකාන කොමිෂන් සභාව නව සාමාජිකයන්ද සහිතව යළි පත් කෙරේ

Image
Commission for the Protection of Minors reconfirmed; 9 new members appointed  (2017 පෙබරවාරි 17) ළමයින් සහ සහ අනතුරට ලක්විය හැකි වැඩිහිටියන් ආරක්ෂා කිරීම පිලිබඳ සසුනිසුරු කොමිෂන් සභාවේ සාමාජිකත්වය ස්ථිර කර එහි කාලය තව දුරටත් දීර්ඝ කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර  ඇති බව වතිකානය අද නිවේදනය කළේය. 'බාලයන්ගේ  ආරක්ෂාව සහතික කිරීම පිලිබඳ සසුනිසුරු කොමිෂන් සභාව' යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම කොමිසම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පිහිටුවන ලද්දේ ළමයින් සහ අනතුරට ලක්වන සුළු වැඩිහිටියන්, පූජකයන් සහ කතෝලික ගිහි නායකයන් ගේ ලිංගික අපචාර වලට ගොදුරු වීම වැලැක්වීම සම්බන්ධයෙන් ශුද්ධාසනයට උපදෙස් දීම සඳහාය. තුන් වසරක් සඳහා පත් කෙරුණු මෙම කොමිසමේ කාලය ඉකුත් දෙසැම්බර මාසයේ අවසන් විය. ඉන් පසුව සුදොතුම් පියතුමා කවර තීරණයක් ගනු ඇත්දැයි ලොව පුරා විචාරකයන් ගේ අවධානය යොමු වී තිබුනේය. කතෝලික සභාවට කළු පැල්ලමක් වී තිබුණු පූජක ළමා අපචාර සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අසමත් වෙතොත් එතුමාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ විශ්වසනීයත්වය අභියෝගයට ලක්වනු ඇති බව ඔව්

භා. සවැනි පාවුළු පාප් වහන්සේ සාන්තුවරයට - එතුමන් ගේ මැදිහත්කමින් සිදු වූ දෙවැනි ප්‍රාතිහාර්යය වතිකානය විසින් පිළිගැනේ

Image
Pope Bl. Paul VI to be canonized; Vatican congregation approves miracle  (2018 පෙබරවාරි 6) භාග්‍යවන්ත සවැනි පාවුළු පාප් වහන්සේ සාන්තුවරයට එසැවීමට අවශ්‍ය වන දෙවැනි ප්‍රාතිහාර්ය වතිකානයේ සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ පර්ෂදය විසින් අද (පෙබරවාරි 6 වැනිදා) අනුමත කෙරිණ. මේ  අනුව මේ වසර අවසන් භාගයේ එතුමන් සාන්තුවරයට එසැවෙනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද පැවැත්වුණු එම පර්ෂද රැස්වීමේ දී එම ප්‍රාතිහාර්ය ඒකච්ඡන්දයෙන් අනුමත වූ බව වතිකානය නිවේදනය කළේය. මෙම සාන්තුවර ක්‍රියාමාර්ගයේ ඊළඟ පියවර එය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි. ඉන් පසුව සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ දිනය තීරණය කෙරෙනු ඇත. වතිකාන ආරංචි මාර්ග පවසන්නේ මේ වසරේ ඔක්තෝබර මාසයේ වතිකානයේදී පැවැත්වෙන තරුණ තරුණියන් පිලිබඳ රදගුරු සිනෝඩ් සභාව අතරතුර එතුමන් සාන්තුවරයට එසවීමට ඉඩ ඇති බවයි. පස් මසක නූපන් දරුවකු සුවපත් කළ ප්‍රාතිහාර්යය  මව් කුසේ මාස පහක් වයස් වූ නූපන් දරුවකු ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා භා. සවැනි පාවුළු පාප් වහන්සේ ගේ  මැදිහත් වීම මේ ප්‍රාතිහාර්යයයි.. එම ප්‍රාතිහාර්යය මෙසේය: