Posts

Showing posts from August, 2021

"ගමනේ යන සභාවක්" - අගෝස්තු මස සසුන් පිය යැදුම් අදහස - "අප එකිනෙකා තුළ සිදුවන ප්‍රතිසංස්කරණයකින් ඇරඹෙන සභා නවෝදයක් වෙනුවෙන් යාච්ඥා කරමු"

Image
Church on the way: Pope's prayer intention for August : pray for the Church, “that she may reform herself in the light of the Gospel."   (2021 අගෝස්තු 6) මේ අගෝස්තු මාසය තුළ කතෝලික සභාව වෙනුවෙන්, එනම් සභාවේ  නවෝදය - ප්‍රතිසංස්කරණය, රූපාන්තරණය - වෙනුවෙන් යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික  ජනතාව ගෙන් ඉල්ලා සිටියි. එය ආරම්භ විය යුත්තේ "අප එකිනෙකා තුළ සිදුවන ප්‍රතිසංස්කරණයකින්, රුපාන්තරණයකින් (transformation) හෙවත් වෙනස්  වීමෙකින් බව එතුමා පෙන්වා දෙයි. ශුද්ධාත්මයානන් ගෙන් අනුප්‍රාණය ලබන යාච්ඥාවේ, දයාවේ සහ සේවාවේ අත්දැකීම මත පදනම් වූ ආධ්‍යාත්මික අත්දැකීමක් ඔස්සේ අපට අපව මෙම වෙනසට යොමු කල හැකි බව එතුමා පහදා දෙයි.  ශුද්ධෝත්තම පියතුමා මෙම සිතිවිල්ල ඉදිරිපත් කරන්නේ 2021 අගෝස්තු මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි.මාසයේ සසුන් පිය යැදුම් අදහස සමග ඊට පදනම් වූ කෙටි භාවනාවමය සිතිවිල්ලක් ද ඉදිරිපත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සම්ප්‍රදාය වී තිබේ. එම සිතිවිල්ල ඇතුළත් සසුන් පිය වීඩියෝව නිෂ්පාදනය කර නිකුත් කරනු ලබන්නේ ලෝක ව්