Posts

Showing posts from September, 2019

ප්‍රැන්සිස් පාප් වහන්සේ ISISටත් වඩා බලවත් තර්ජනයක් -පත්‍රකලාවේදී, දේව ධර්මවේදී රොබට් මිකන්ස්

Image

"දුප්පත්කමේ සහ සරණාගත බවේ ඛේදවාචක ඉදිරියේ කිතුනුවන්ට අසංවේදීව අක්‍රීයව සිටිය නොහැකියි. අප ඊට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවිය යුතුයි" - ලෝක සරණාගත දින දිව්‍ය පූජාවේ දී සුදොතුම් පියතුමා කියයි.

Image
"Christians cannot be indifferent and insensitive to the tragedy of poverty and refugees. We must not fail to respond.” - Holy Father emphasizes at the Mass on the International Day of Migrants  ශ්‍රී ලාංකික සමාජය විසින් නොසලකා හරින ලද "ලාසරස්" ලා - නොරට දී අනාථ කරන ලද පකිස්තාන සහ ඇෆ්ගන් සරණාගතයෝ  (2019 සැප්තැම්බර් 29) අහිංසකයන් දුක්ඛිත බවට ඇද දමන දුප්පත්කමේ ඛේදවාචකය ඉදිරියේ  කිතුනුවන්ට අසංවේදීව, අලසව සහ අක්‍රීයව සිටිය නොහැකි යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කර නූතන ලෝක රටාව තුළ මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් කොටි සංඛ්‍යාත පිරිසක් දුක්ඛිත කොට, අවතැන් කොට ඇති දුප්පත්කම, සංක්‍රමණය මෙන්ම සරණය සොයා අපේ රටවල දොරට තට්ටු කරන  සරණාගතයන් ගේ වික්ෂිප්ත බව හා  අසරණබව ඉදිරියේ අක්‍රීයව සිටීම ශුද්ධ ලියැවිලි ඉගැන්වීමට මෙන් ම ජේසු සමිඳුන් ගේ උපදෙස් වලට ද විරුද්ධ බව එතුමා පෙන්වා දෙයි. " අපි දුප්පත්කමට සංවේදීව වැළපිය යුත්තෙමු. අපි   ඊට ප්‍රතිචාර දැක්විය යුත්තෙමු , " යි එතුමා කියා සිටියි. "නූතන ලෝකය, සමාජයෙන් බැහැර කරන ලද කොටස් සම්බන්ධයෙන් වඩ වඩාත් බමණු

"සභාව 'නැති වුවන්' ගේ ගෙදර යි" - සුදොතුම් පියතුමා අල්බානෝවේ දී කියයි- "අපට නැති වූ අය අප මඟ හරින්නේ නම් අප ජේසු සමිඳුන් ගේ ජනතාවක් නොවෙයි"

Image
"The Church is a home for the lost"  - Holy Father says at Albano ජේසු සමිඳුනට කිසිවෙකුත් නැති වී නොමැත. සභාවට සහ එහි සාමාජිකයනට ද එසේ විය යුතුය. කිසිවෙකුත් නැති වී ඇති බවක් සභාව හෝ එහි සාමාජකයන් නොසැලකිය යුතුය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම පණිවිඩය දුන්නේ සැප්තැම්බර් 21 වන සෙනසුරාදා ඉතාලියේ අල්බානෝ ලසේල් හි සාන්ත පන්ක්‍රාස් ආසන දෙව් මැදුරේ පවත්වන ලද දිව්‍ය පූජාවේ දී ය. එම ආසන දෙව්මැදුර 1865 දී 9 වන පියුස් පාප් වහන්සේ විසින් කුඩා බැසිලිකා දෙව් මැදුරක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සුදොතුම් පියතුමා  සති අන්තයේ දී අල්බානෝ ලසේල් නගරයට පැමිණියේ එම පදවියේ ආසන දෙව්මැදුර කුඩා බැසිලිකාවක් ලෙස උසස් කිරීමේ 159 වැනි සංවත්සරය සැමරීම සඳහා ය. මෙදින එතුමා ගේ මෙනෙහි කිරීමට පාදක කරගන්නා ලද්දේ "ජේසු සමිඳුනට නම මතක තිබූ, උන්වහන්සේ සොයා ගොස් තමා සමග රාත්‍රී භෝජනයකට ආරාධනා කළ" බදු අයකරන්නකු වූ සකේවුස් ගේ සිද්ධිය යි. මිනිසුන් තලා පෙළා රෝම අධිරාජ්‍යයාට බදු එකතු කල බදු අයකරන්නන්  එකල ජුදෙව්වන් විසින් සලකන ලද්දේ  අධම ම පව්කාරයන් ලෙසය. සකේවුස් ද එවැන්නෙකි. එහෙත් ජේසු සමිඳුන

"නූතන ප්‍රාණපරිත්‍යාගීන් 'නව කිතුනුවන් ගේ බීජ යි'" - බදාදා පොදු හමුවේ ධර්මෝපදේශය

Image
Pope Francis: "contemporary martyrs are the ‘seed of new Christians’" (2019 සැප්තැම්බර් 25) අද්‍යතන කතෝලික සභාව 'ප්‍රාණපරිත්‍යාගී වරුන්ගෙන් පොහොසත්' බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ඔවුන් ගේ රුධිරය "නව කිතුනුවන් ගේ බිජුවට" බව ද තුන් වන සියවසේ ජීවත් වූ සභා පිතු වරයකු වූ ටර්ටූලියන් ගේ වචන උපුටා දක්වමින් එතුමා සඳහන් කළේය. එතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 25 බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වුණු බදාදා පොදු හමුවේ දීය. එම පොදු හමුවේ දී එතුමා ගේ ධර්මෝපදේශ දේශනයට සවන් දීම සඳහා අදත් දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ. මේ වසරේ ධර්මෝපදේශ දේශනයේ තේමාවට එතුමා පාදක කරගෙන තිබෙන්නේ අපෝස්තුතුලුවරුන් ගේ ක්‍රියා පොතේ එන කතෝලික සභාවේ  ආරම්භක වකවානුව පිලිබඳ කතා පුවතයි. සභාවේ ප්‍රථම තේවාචාරිවරයා සේ ම ප්‍රථම ප්‍රාණපරිත්‍යාගී වරයා ද වූ සාන්ත ස්තේවන් තුමා ප්‍රාණ පරිත්‍යාගී වරයකු වීමේ සිද්ධිය එතුමා අද දේශනාවට පාදක කරගත්තේ ය. අයුතු චෝදනා නැගීමේ දුෂ්ට පිළිකාව  කිසියම් පුද්ගලයකු විනාශ කිරීමේ අරමුණින් බොරු සාක්ෂි දැ

සුදොතුම් පියතුමා ගෙන් නවක රදගුරු හිමි වරුනට අනුශාසනයක්: "ඔබේ ඇඳුම් වල අත් නවා ගන්න; දෑත් කිළිටි කර ගැනීමට සූදානම් වන්න"

Image
"Roll up your sleeves, get ready to get dirty"- Pope's advise to  new bishops රදගුරු හිමිවරුන් ගේ වැඩමුළුවට පැමිණි සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ නායක මාර්ක් ඖලේ කාදිනල් හිමියන් සහ පෙරදිග සභා පිලිබඳ පර්ෂදයේ නායක ලියොනාඩෝ සන්ද්‍රි කාදිනල් හිමියන් සමග පිළිසඳරක  (2019 සැප්තැම්බර් 21) "රදගුරු හිමිවරුන් දෙවියන් වහන්සේ ගේ මවිත කිරීම්වලින් පිරුණු ජීවිතයකට සූදානම් විය යුතුය. මෙය, එදිනෙදා සැලැසුම් අවසන් මොහොතේ වෙනස් කරන්නට සිදුවන ජීවිතයකි. විශේෂයෙන් ම මෙය දෙවියන් වහන්සේ සමගත් උන්වහන්සේ ගේ ජනතාව සමගත් ජීවත්වීමට කාලය කැප කිරීමට සිදුවන ජීවිතයකි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මේ අනුශාසනය කලේ සැප්තැම්බර මස 12 වන දා  වතිකානයට රැස් වූ රදගුරු හිමිවරුන් පිරිසක්  අමතමනි. ඉකුත් වසරේ රදගුරු වරය ලැබූ නවක රදගුරු හිමිවරුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක සිය දේශනය පවත්වමින් එතුමා මේ බව කියා සිටියේය. ශුද්ධාසනයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදය විසින් මෙම රදගුරු පුහුණු පාඨමාලාව සංවිධාන කර තිබිණි. ලොව පුරා විවිධ රටවලට අයත් රදගුරු හිමිවරු 130 නමක් ඊට

"අනුකම්පාව දෙවියන් වහන්සේ ගේ භාෂාව යි" - සාන්තා මාර්තා දිව්‍ය පූජාවේ මෙනෙහි කිරීම- "දයානුකම්පාව දෙවියන් වහන්සේ ගේ දුර්වලකමයි"

Image
"Compassion is the language of God" - meditation at Casa Santa Martha  (2019 සැප්තැම්බර් 21) දෙවියන් වහන්සේ ගේ භාෂාව දයානුකම්පාව වන අතර මිනිසා ගේ භාෂාව උදාසීනත්වය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එබැවින් සිය හදවත් උදාසීනත්වයෙන් වසා තබා නොගෙන ඒවා දයානුකම්පාවට විවෘත කරන්නැයි එතුමා අනුශාසනා කරයි. සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කලේ සැප්තැම්බර් 17 අඟහරුවාදා සාන්ත මාර්තා තානායම් දෙව්මැදුරේ පැවැති උදාසන දිව්‍ය පූජාවේ මෙනෙහි කිරීම කරමිනි. එතුමා මෙම මෙනෙහි කිරීමට පාදක කර ගත්තේ එදින දිව්‍ය පූජාවේ සුපුවතේ එන නායින්  නුවර වැන්දඹුව ගේ තරුණ පුත්‍රයා මරණයෙන් නගිටවීමේ සිද්ධිය අඟහරුවාදා සුපුවතට ඇතුළත් වී තිබිණි. ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් ද සමග නායින් නුවර දොරටුවට අසළට ලඟා වන විට තරුණයකු ගේ අවමඟුල් පෙරහරක් මුණගැසුනේය. එම තරුණයා සිය මවගේ එකම දරුවා බැවින් ඔහු ගේ වියෝවෙන් වේදනාවට පත් මව හඬමින් සිරුර පසු පස යමින් සිටියේය. ඇය දැක "දයානුකම්පාවෙන් සලිත වන" ජේසු සමිඳුන් එම තරුණයා මරණයෙන් නැගිටුවන ආකාරය සුවිශේෂක ලූක් තුමා මෙම කොටසේ විස්තර කරයි. (ලූක් 7:11-17) "

"පාපොච්චාරණ ආසනය තුළ සමාව දෙන පාප දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් අමතක කරනවා ....මකා දමනවා" -තුන්කාල ආරාධනා භාවනාව - " උන්වහන්සේ ප්‍රේමයෙන් සහ පව් සමාවෙන් නපුර අභිභවනය කරනවා"

Image
God conquers evil with love, forgiveness of sins, pope says at Angelus (2019 සැප්තැම්බර් 16) පාපොච්චාරණ ආසනය තුළ සමාව දෙන පාප දෙවියන් වහන්සේ අමතක කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. "ඔබ පාපය පරාජය කරන්නේ කෙසේ ද?  පාප පරාජය කරන්නේ දෙවියන් වහන්සේ ගේ සමාව පිළිගැනීම මගින්. අප පාපොච්චාරණය වෙත යන සෑම විටම එය සිදුවෙනවා. එහිදී අප අපගේ පාප මැඩපවත්වන පියාණන් ගේ ප්‍රේමය පිළිගන්නවා. එවිට එය (පාපය) තවදුරටත් එහි පවතින්නේ නැහැ, මන්ද දෙවියන් වහන්සේ එය මතක කරන නිසා" යි එතුමා කියා සිටියේය. සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ සැප්තැම්බර් 15 වන ඉරිදා මධ්‍යාහ්නයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවති තුන්කාල ආරාධනා මරිය යදුමට පෙර භාවනාව කරමිනි. "සමගි සන්ධානයේ සක්‍රමේන්තුව තුළ දෙ වියන් වහන්සේ අපගේ ඇතුළාන්තය නවතාවට පත් කරමින්, අපට  ප්‍රමෝදමත් නව උපතක් දෙමින් අපගේ   පාප මකා දමනවා. ..මුළුමනින්ම අපගේ පාප අමතක කරනවා. .. උන්වහන්සේ අපට  එතරම්ම යහපත්" යි සිය පිටපතෙන් ඉවත් වෙමින් එතුමා අවධාරණය කළේය. "දෙවියන් වහන්සේ පාප කමා කරන්නේ කෙනෙකු ගේ හදවත තුළ ශෝකය නොව ප්‍රීතිය විකසිත කරනු සඳහ

"තවත් කෙනෙකු ගේ ආගමික අත්දැකීමට ප්‍රවේශ වීමට අත්‍යවශ්‍ය ම ආකල්පය ඊට ගෞරව කිරීමයි" - සුදොතුම් පියතුමා

Image

"දුප්පත්කම නොවැලක්විය හැක්කක් නොවේ" - "මිත්‍රත්වයේ නගරයක් " වූ මැඩගස්කරයේ පැරැණි කුණු වළේ දී සුදොතුම් පියතුමා කියයි. - "අප එක්සත් වූ විට සිහිනයක් නොවූ දේ ගැන සිහින දකින්නට පුළුවන්"

Image
"Poverty is not inevitable!" Pope Francis says at the 'Friendship City'-turned-old Garbage dump in Madagascar: 'Together we can dream of and undertake things undreamt of" සුදොතුම් පියතුමා අකමසෝවා නගරයේ දී. එතුමාගේ දකුණු පසින් සිටින රැවුල සහිත පියතුමා පෙද්‍රෝ ඔපෙකා පියතුමා යි.  (2019 සැප්තැම්බර් 9) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පාප් ධුර සමය ආරම්භ කල මොහොතේ සිට කරන ප්‍රකාශයක් තිබේ. එනම් සභාව ධර්මදානය සඳහා "පරිධිය" (Peripheries) වෙත ගමන් කල බවයි. වචන සහ ප්‍රකාශ වලින් නොනැවතී එතුමා පර්යන්ත වල සැරිසරයි. නවක කාදිනල් හිමි වරුන් තේරීමේ සිට ම එතුමා කරන්නේ පර්යන්තවලට ගමන් කිරීමය. මේ දිනවල රටවල් තුනක අපෝස්තලික දූත ගමනක  යෙදී සිටින එතුමා සැප්තැම්බර් 8 වන දා එවැනි දෝංකාර දෙන පර්යන්තයකට ගියේය. එනම් මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනනාරිවෝව කෙලවරේ පිහිටා ඇති අකමසෝවා  හෙවත් "මිත්‍රත්වයේ නගරය" යි. මෙම නගරය අද පවතින තත්වයට ගොඩ නගන ලද්දේ ආජන්ටිනා ජාතික   පෙද්‍රෝ ඔපෙකා ධර්මදූතික පියතුමා විසිනි. එතුමා සිය තරුණ වයසේ දී එවකට හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ පිය

සභාවට අභිනව කාදිනල් හිමිවරුන් 13 ක්: වතිකානයේ සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් පිලිබඳ අංශ ප්‍රධානි පියනමකුත් ඒ අතර; 10 නමකට පාප් වරණයක දී ඡන්දය දීමට සුදුසුකම; නිල ගැන්වීම ඔක්තෝබර 5

Image
Holy Father names 13 new cardinals; Vatican's point-person on helping refugees among them  (2019 සැප්තැම්බර් 1) නව කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගන්වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (සැප්තැම්බර් 1 ඉරිදා) ප්‍රකාශ කළේය. මේ අතරින් 10 නමක් වයස අවුරුදු 80 වඩා අඩු පුදැදුරු - රදගුරු හිමිවරුන් වන අතර මේ නිසා ඔව්හු සුදොතුම් පිය වරණ දැහැනක දී ඡන්දය දීමට සුදුසුකම් ලබති. නව කාදිනල් හිමිවරු උතුරු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව, අප්‍රිකාව, යුරෝපය  සහ  ආසියාව යන කලාප වලට අයත් වෙති. "ඔවුන් අයත් රටවල් සංයුතියෙන් ප්‍රකාශිත වන්නේ මිහිතලය මත වෙසෙන සියලු ජනතාවට දෙවියන් වහන්සේ ගේ  දයා කරුණාබර ප්‍රේමය අඛණ්ඩව ප්‍රකාශ කරන  සභාවේ ධර්මදානීය මෙහෙවරයි," නව රදගුරු හිමිවරුන් ගේ නම් ප්‍රකාශයට පත් කරමින් සුදොතුම් පියතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කලේ ඉරිදා (සැප්තැම්බර් 1) තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ දීය.  කාදිනල් නිල ලබන ජේසු නිකායික පියතුමා සභාව "ක්ෂේත්‍ර රෝහලක්" යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර අවධාරණය කරයි. මේ නිසා දුප්පතුන්, සරණාගතයන්, සාංක්‍ර

විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම නිසා එතුළ සිරවීමෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුන්කාල ආරාධනා යැදුමට පමා වෙයි

Image
Pope Francis late at Angelus after being stuck in elevator වතිකානයේ ගිණි නිවන දෙපාර්තමේන්තුවේ රථයක්   (2019 සැප්තැම්බර් 1) සාම්ප්‍රදායික ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන අපෝස්තලික මාලිගාවේ පුස්තකාල කවුළුවේ සිට ඉරිදා දිනවල සිදුකරන තුන්කාල ආරාධනා යැදුම ආරම්භ වන්නේ මධ්‍යහ්න 12 ටය.  හරියට වෙලාවට වැඩකරන  තැනැත්තෙකු ලෙස ගෞරවයට ලක්ව සිටින එතුමා මෙම යැදුමට ද නියමිත වෙලාවට පැමිණේ. එහෙත් සැප්තැම්බර් 1 වනදා එම යැදුමට එතුමා පැමිණෙද්දී විනාඩි හතක් ප්‍රමාද වී තිබිණි. ඊට හේතුව එතුමා ඇතුළු වූ විදුලි සෝපානය ක්‍රියා විරහිත වී එතුමා එතුළ  සිර වීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කවුළුව අසලට පැමිනෙන තෙක් නොඉවසිලිමත්ව සිටි වන්දනාකරුවෝ එතුමා දුටු විගස දැවැන්ත අත්පොලසන් නාදයකින් එතුමා පිළිගත්හ. වහාම එතුමා කළේ තමා ගේ ප්‍රමාදය පිළිබඳව  වන්දනාකරුවන් ගෙන් සමාව ඉල්ලීමයි. එසේම තමා පිටතට ගැනීමට වෙහෙස වූ වතිකාන ගිණි නිවන දෙපාර්තමේන්තුවට ස්තුති කිරීමයි. "මුලින් ම මගේ ප්‍රමාදය පිළිබඳව මා ඔබගෙන් සමාව ඉල්ලා සිටිනවා" යි එතුමා කියා සිටියේය. "මගේ ප්‍රමාදයට හේතුව හදිසි අවස්ථාවක්. විදුලි