Posts

Showing posts from August, 2019

"තමන් ගේ ම ලාබය ගැන උනන්දුවක් දැක්වීම සහ කුහකකම සභාව විනාශ කරනවා...සැබෑ කිතුනු අනන්‍යතාව බෙදා ගැනීම සහ සහභාගී කමයි" - බදාදා පොදු හමුව

Image
"Hypocrisy of 'spiritual tourism' destroys the church":  Pope at the General Audience (2019 අගෝස්තු 24) තමන් ගේ ම ලාබය සහ සෞභාග්‍යය ගැන පමණක් උනන්දුවක් දැක්වීමේ සහ කුහකකම සභාව වනසන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මතුපිටින් සභාවට සමීප බව පෙන්වන නමුදු සිය සහෝදර ජනතාවට නොසලකන කිතුනුවන් අරමුණකින් තොරව සැරිසරන "සංචාරකයන්" පිරිසක් පමණක්  බව ද එතුමා අවධාරණය කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අගෝස්තු 21 වැනි දා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පවත්වන ලද පොදු හමුවේ ධර්මෝපදේශ කතාව කරමිනි. ග්‍රීෂ්ම ඍතුව හේතුවෙන් නවත්වනු ලැබ  තිබූ බදාදා පොදු හමුව ඉකුත් සතියේ යළි ආරම්භ කරනු ලැබිණි. සිය නව පොදු හමු මාලාව සඳහා  සුදොතුම් පියතුමා පාදක කරගෙන ඇත්තේ අපෝස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ සඳහන් ප්‍රථම කිතුනුවන් ගේ ජීවිතය යි. "සභාව අසලින් ගමන් කරන නමුදු බෙදා  ගැනීම සහ රැකබලා ගැනීම පදනම්  වූ සහයෝගීතාවයේ ජීවිතයක් තුළ සභාවට ඇතුළු නොවන ජනතාව හුදෙක් 'ආධ්‍යාත්මික සංචාරකයන් ' පිරිසක් පමණයි . තමන් කිතුනුවන් බව ඔවුන් විශ්වාස කරණ නමුත් ඒ වෙ