Posts

Showing posts from December, 2018

ප්‍රැන්සිස් විරෝධී යුද්ධය

Image
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අනීත්‍යනුකුල කිරීමේ අරමුණින් සභාවේම කොටසක් විසින් දියත් කර ඇති 'යුද්ධය' ගැන විමර්ශනයක් The War to delegitimize Pope Francis  (2018 දෙසැම්බර 28) ( සංස්කාරක සටහන: මෙම ලිපිය සකස් කොට අවසන් වූයේ ඔක්තෝබර මස අවසන් සතියේය. ශ්‍රී ලංකාව දේශපාලන අර්බූදයකට ඇද වැටුනේ  මෙය පලකිරීමට සූදානම් වන විටය. එවකට ජනතා අවධානය වෙනතක පැවති බැවින් ලිපිය පල කිරීම ප්‍රමාද කෙරිණි. දැන් වර්ෂාවසාන ලිපියක් ලෙස මෙය පලකෙරේ. මෙය මෑත ඉතිහාසයේ පාප් වහන්සේ නමක් මුහුණ දෙන ප්‍රබලම අභියෝගයකි. ගත වූ වසර තුළ සභාව මුහුණ දුන් මෙම වේදනාත්මක අත්දැකීමට සුදොතුම් පියතුමා මුහුණ දුන් ආකාරය මෙයින් විමර්ශනය කෙරේ.)   " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වර්තමානයේ  ලෝකයේ වැඩියෙන් ම වෛරයට පාත්‍රවූ කෙනෙකි. "  බ්‍රිතාන්‍යයේ පළවන "The Guardian" පුවත්පතේ ලියුම්කරු ඇන්ඩෘ බ්‍රවුන් 2017    ඔක්තෝබර 27 වනදා එම පුවත්පතට ලියූ සිය විශ්ලේෂණයක් ආරම්භ කර තිබුනේ එහෙමය.එහෙත් ඔහු ඊට තවත් වැදගත් තොරතුරක් එකතු කර තිබුනේය. ඒ මෙසේය: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට වෛර කරන්නේ අදේවවාදීන් නොවේ; ප්

"නත්තලේ පණිවිඩය මානව සහෝදරත්වයයි" - සුදොතුම් පියතුමා ගේ "නගරයට හා ලෝකයට" දේශනය හා ආශීර්වාදය

Image
"My wish for a happy Christmas is a wish for fraternity" - Pope says at "Urbi et Orbi" (2018 දෙසැම්බර් 25) සමස්ත මානව සංහතිය එකම පියකුගේ සහෝදර සහෝදරියන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත ලෝකයට සිහිපත් කරයි. නූතන ලෝකය පෙළන ගැටුම් සහ අර්බුද නිරාකරණය කරගත හැක්කේ මෙම සහෝදරත්වයේ උණුසුම වෙත පැමිණීමෙන් බව එතුමා පෙන්වා දෙයි. එබැවින් සියලු ජාතීන් අතර "සහෝදරත්වය" ගොඩ නගන්නැයි එතුමා ලෝකයට ආයාචනා කරයි. දෙසැම්බර 25 වැනිදා දහවල්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ආයාචනය කලේ නත්තල නිමිත්තෙන් පාප් වහන්සේගේ සාම්ප්‍රදායික "නගරයට සහ ලෝකයට ආශීර්වාදය" ( “urbi et orbi”) දානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. සාම්ප්‍රදායික ලෙස සාන්ත පීතර බැසිලිකා දෙව්විමනේ සඳලුතලය මත සිට එතුමා මෙම ආශීර්වාදය දානය කළේය. මෙම නත්තල් දිනය රෝමය  හිරු එළියෙන් නැහැවුණු  සුන්දර ශීත ඍතු දිනයක් විය. එම හිරු එළියේ නැහැවෙමින් 50,000කට අධික වන්දනා කරුවන් සහ බැතිමත් ජනකායක් බැසිලිකාව අබියස චතුරශ්‍රයට රැස්වී සිටියහ. රුපවාහිනි සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කරන ලද එතුමන් ගේ "නගරයට සහ ලෝකය

"නත්තල 'පූප කැඩීමේ' (බෙදාගැනීමේ) අවස්ථාවක් කරගන්න" සුදොතුම් පියතුමා නත්තල් දා රෑ අභියෝග කරයි

Image
“At Christmas do I break my bread with those who have none?” Pope Francis asks at Christmas Mid-night Mass  (2018 දෙසැම්බර 24) දෙවියන් වහන්සේ බෙත්ලෙහෙමේ ගව ඔරුව තුළ තමන් වහන්සේව අපට පිරිනමන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ "ස්වර්ගීය ත්‍යාගය ඔබගේ හදවත් තුළට ආදරයෙන් පිළිගන්නැ"යි එතුමා සියලු කිතුනු ජනතාවට ආරාධනා කරයි. "නත්තල් දිනයේ පොළොවේ සිටින අපි  ස්වර්ගයෙන් පහල වූ භෝජනය වන ජේසු සමිඳුන් පිළිගනිමු.දෙවියන් වහන්සේ ගේ ජීවිතයට අපගේ හදවත් තුළට ඇතුළු වී එහි වාසය කිරීමට හැකි බව නත්තලේදී අපි අනාවරණය කර ගනිමු. අපි එම ත්‍යාගය පිළිගනිමු නම්, අප එකිනෙකාගෙන් ආරම්භ වී ඉතිහාසය වෙනස් වෙයි. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අපගේ ජීවිත තුළ වාසය කරන්නට පටන් ගත්විට ඉතා කෑදර සහ ආත්මාර්ථකාමී මමංකාරය තවදුරටත් අපගේ  ජීවිතයේ කේන්ද්‍රය වීම නවතියි. ඒ වෙනුවට ප්‍රේමය උදෙසා උපත ලැබුවා වුද ජීවත් වන්නා වූද තැනැන්වහන්සේ අපගේ ජීවිතයේ කේන්ද්‍රය බවට පත්වන සේක ," යි එතුමා කියා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ 2018 දෙසැම්බර 24 වැනිදා රාත්‍රියේ නත්තල් මැදියම් රෑ දිවය