Posts

Showing posts from February, 2016

සුවය ලබන මතට ඇබ්බැහිවූවන් සමග ගත කළ සිකුරාදාව

Image
Pope Francis spends a day with people in drug and alcohol recovery සුදොතුම් පියතුමා ආයතනයේ නිවැසියන් සමග යාච්ඥා කල අවස්ථාව (2016 පෙබරවාරි 29) දයාවේ වසර වෙනුවෙන් සිය මාසික දයාවේ ක්‍රියාව ඉටුකරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 26 සිකුරාදා බැහැදැකීමට ගියේ රෝමයේ පිහිටි මත්ද්‍රව්‍ය සහ මත්පැනට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකටය. එතුමා එදින බැහැදුටු "ගරු මාරියෝ පිච්චි ඉතාලි සහෝදරත්ව මධ්‍යස්ථානය",  ගරු පිච්චි පියතුමන් විසින් 1979 දී ආරම්භ කරන ලද ආයතනයකි. මෙම මධ්‍යස්ථානය  තරුණයන් සහ පවුල්, කොන්කිරීමටත් සමාජයෙන් බැහැර කරනු ලැබීමටත් වීරුද්ධව  පෙරමුණ ගෙන කටයුතු කරන ආයතනයක් ද වේ. තරුණ සහ මැදිවියේ මතට ඇබ්බැහි වූවෝ මෙහි කාර්ය මණ්ඩලයේ ආදරය හා සෙනෙහස තුළ සුවය අත්විඳිති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිච්චි සහෝදරත්ව ආයතනයට ගියේ කිසිවකුටත් නොදන්වා, තනිව (සිය සහායකයන් හෝ නොමැතිව) හදිසියේය. එතුමා සමග සිටියේ දයාවේ වසරේ පිළිවෙත් හා වැඩසටහන් සංවිධාන කරන නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී රයිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමිපාණන් පමණි. මෙම ගමන ගැන මාධ්‍යවේදීන් ප

සුදොතුම් පියතුමා ඉස්ලාම් දහම සමග බහුවිධ සංවාදයක් ඇරඹීමේ වෑයමක: ආරම්භය ඊජිප්තුවෙන්?

Image
Holy Father's multiple-front effort to initiate a deep Islam-Catholic dialogue : Is Egypt the key කයිරෝ නුවර අල්-අෂර් මහ පල්ලිය (2016 පෙබරවාරි 28) කිතුනු සභා අතර සංවාදය සේ ම සමයාන්තර සංවාදය ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ කේන්ද්‍රීය සේවාවක්  බවට පත් වී තිබේ. සමයාන්තර සංවාදයේ දී ඉස්ලාම් දහම සමග සංවාදය එතුමා ගේ හදවතට බොහෝ සමීප එකක් බවට පත් වී ඇත. කිතුනු-ඉස්ලාම් සංවාදයේ ගැඹුරක් සොයන පාප් වහන්සේ ඉකුත් සතියේ කියා සිටියේ සුන්නි ඉස්ලාම් පාර්ශවයේ නායකකු වන අහමඩ් එල්-ටයෙබ් ඉමාම්වරයා හමුවීමට තමන් මහත් බලාපොරොත්තුවකින් සිටින බවයි. "එතුමා හමුවීමට මා කැමැත්තෙන් සිටිනවා. මා දන්නවා එතුමාත් ඒ පිලිබඳ බලාපොරොත්තුවෙන් සිටින බව" යැයි සුදොතුම් පියතුමා කියා සිටියේ මැක්සිකෝවේ සිට ආපසු රෝමය බලා එන අතර ගුවනේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එල්-ටයෙබ්, ඊජිප්තුවේ කයිරෝ නුවර අල්-අෂර් ප්‍රධාන පල්ලියේ  අග්‍ර ඉමාම් වරයා ය. අල්-අෂර් පල්ලිය සහ ඊට එකාබද්ධව පවතින විශ්ව විද්‍යාලය සුන්නි ඉස්ලාමයේ ප්‍රමුඛතම ආයතන දෙකක් ලෙස සැලකේ. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ආයතන දෙක පිහිටුවන ලද්දේ 1

"සභා නායකත්වයේ ද්විවිධ 'රාජකාරිය',විශ්වාස කිරීම හා රැකබලා ගැනීමයි" සුදොතුම් පියතුමා කියුරියාවට අනුශාසනා කරයි

Image
 "Your job is to be faithful to the Master and  tend to the flock" - Homily at the Jubilee of the Roman Curia  පාප්වහන්සේත් වතිකාන කාර්ය මණ්ඩලය සමග පෙරහැරට එක් වෙමින්...... (2016 පෙබරවාරි 25) දයාවේ ජයන්ති වසරේ තවත් වැදගත් දිනයක් ඉකුත් සඳුදා (2016 පෙබරවාරි 22) රෝමයේ දී පැවැත්විණි. සභා ජනවන්දනා දින දර්ශනයට අනුව එදිනට යෙදී තිබුනේ "ශු. පේදුරුතුමන් ගේ ආසනයේ" මංගල්‍යයි. මෙය රෝමය සඳහා අති ගාම්භීර (Solemnity)  මංගල්‍යයක් ලෙස නම් කර තිබේ.  දයාවේ වසර නිමිත්තෙන් මෙම මංගල දිනය 'රෝම කියුරියාවේ ජයන්තිය' ලෙස සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නම් කර තිබිණි. ඒ අනුව රෝම කියුරියාවේ රදගුරු හිමිවරුන්, පූජකවරුන් සහ වතිකානයේ ගිහි කාර්ය මණ්ඩලය පාප් වහන්සේ ද සමග සවැනි පාවුළු ශාලාවේ දී උදා යැදුම් වලට සහභාගී වී එහි සිට පෙරහරින් සාන්ත පීතර බැසිලිකාවට ගියහ. ඔවුන් බැසිලිකාවට ඇතුළු වූයේ ශුද්ධ ද්වාරය තුළිනි. එහිදී දිව්‍ය පූජාව පැවැත්වුනේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කියා සිටියේ රදගුරු හිමිවරුන් හා පූජකවරුන් ගෙන් ස

"බලය හා ධනය දේවත්වයට පත් කෙරෙන ව්‍යුහයන්ගෙන් මිදී දුප්පතුන් තුළ වෙසෙන සමිඳුන් ස්පර්ශ කරන්න" සුදොතුම් පියතුමා ගේ චතාරික අභියෝගය

Image
Detach from Sinful Structures of idolatry of money and power and meet the Lord in the poor and the oppressed (2016 පෙබරවාරි 24) වසර 2016 චතාරික කාලය වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කරන ලද පණිවිඩය ඔබ කියවූවා ද? නැති නම් ඉක්මනින් එය කියවීමටත්, භාවනා කර එහි අන්තර්ගත අනුශාසනය ක්‍රියාවට නැංවීමටත් කාලයයි මේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙතෙක් එතුමන් භාවිත කර ඇති ප්‍රබලම  වචන යොදාගනිමින් සුබ අස්නේ එන දයා කරුණාව පිලිබඳ විප්ලවීය (රැඩිකල් ) පණිවිඩය 2016 චතාරික අනුශාසනා පත්‍රයට ඇතුළත් කර ඇතැයි වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. එක් අතෙකින් එය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රථම අනුශාසනා පත්‍රය වන "සුබ අස්නේ ආලෝකයේ" එන  එක් පණිවිඩයක් දෙස වඩා සමීපව අවධානය යොමු කිරීමක් වන අතර දයාවේ ශුද්ධ වසර ඉලක්ක කර ගනිමින් නිකුත් කල අනුශාසනාවක් ද වේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම  චතාරික පණිවිඩයෙන් මුදල්, වස්තු සම්පත් සහ බලයේ ඇති දුෂිත බලපෑම ගැන කතා කරති. සැබෑ සිත් හැරීමක් සිදුවන්නේ හුදෙක් දුප්පතුන් හා අයුක්තියට ලක් වුවන් වෙනුවෙන් යාච්ඥා කිරීමෙන් නොව ඔවුන් නගා  සිටුවීමට ක්‍රි

"අපරාධකාරයන්ටත් සිය ජීවිතය සඳහා අයිතියක් තිබේ..." දයාවේ වසර තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස කතෝලික නායකයන්ගෙන් සුදොතුම් පියතුමා ඉල්ලයි

Image
 "Criminals too have the right to life" (2016 පෙබරවාරි 22) මරණ දඬුවම මුළුමනින් ම අහෝසි කිරීමට ලොව පුරා කිතුනුවන් එක්ව ක්‍රියා කල යුතු යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටිති. උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ බන්ධනාගාරවල තත්වය වැඩි දියුණු කිරීමට ද කිතුනුවන් ක්‍රියා කල යුතු බවයි. මෙම දයාවේ ජුබිලි වසරේ දී තම රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි උන්වහන්සේ ලොව පුරා කතෝලික දේශපාලන නායකයන් ගෙන් ඉල්ලීමක් ද කරති. සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ තුන්කාල ආරාධනා යැදුමට සහභාගී වීම සඳහා ඊයේ (2016 පෙබරවාරි 21 ඉරිදා) දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන්  අමතමිනි. තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව වන්දනාකරුවන් ඇමතූ පාප් වහන්සේ කියා සිටියේ මරණ දඬුවම අහෝසි කිරීමට පමණක් නොව සිරගෙවල තත්වය වැඩි දියුණු කිරීමටද කිතුනුවන් ක්‍රියා කල යුතු බවයි. මෙය සිරකරුවන් ගේ මානව ගරුත්වය ආරක්ෂා කරන පියවරක් බව එතුමා පෙන්වා දුන්නේ ය. "මරණ දඬුවම අහෝසි කිරීමේ අන්තර් ජාතික සම්මුතියට එක් වන්නැයි හර්දය සාක්ෂියක් සහිත සියලු ආණ්ඩු නායකයන්ගෙන් මම ඉල්ලා සිටිමි. එසේම මෙම දයාවේ

දයාවේ වසර කාටද? කුමක් සඳහා ද? අපි කුමක් කරමුද?

Image
 Target Audiences of the Year of Mercy: What is expected of us .... ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ ද්වාරය විවෘත කරමින් දයාවේ ශුද්ධ වසර ආරම්භ කල මොහොත (2016 පෙබරවාරි 21) මහා කුළුණුබර සමිඳාණන් ගේ නිම් හිම් නැති ප්‍රේමයේ වරප්‍රසාද රැගෙන දයාවේ ජයන්ති වසර උදා වී තිබේ.  අප මේ ගත කරන්නේ එම ජුබිලි වසරේ ගැඹුර වැඩි කරන චතාරික කාලයේ ය. සිය පාප් ධුර කාලය ආරම්භ වූ අවස්ථාවේ සිට ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දයාව යන වචනය නිතර භාවිත කළහ. මෙම 'දයාව' යන්නෙන් අදහස් කෙරෙන්නේ අප සාමාන්‍යයෙන් එම පදය තේරුම් ගන්නා 'පුණ්‍ය ක්‍රියා' යන්න නොවේ. 'අප වෙනුවෙන් තමන් පූජා කිරීමට තරම් ප්‍රේමයෙන් ද, අකීකරු, සල්ලාල , නාස්තිකාර පුත්‍රයාට සමාව දී පෙරමගට ගොස් ඔහු සිප වැළඳ ගත් ප්‍රේමවන්ත තාත්තා සේ සමා+දාන ගුණයෙන් පිරුනා වූ ද 'දයා කරුණාව' යන්නයි. කතෝලික සභාව වරප්‍රසාදලත් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් නාගරික සමාජ ශාලාවක් නොව "ක්ෂේත්‍ර රෝහලක්' යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළහ. "ක්ෂේත්‍ර රෝහලක්' යනු යුද බිමේදී තුවාල ලබන්නන්

ප්‍රැන්සිස් පාප් වහන්සේට 'කේන්ති' ගිය මොහොත

Image
 The moment Pope Francis got angry in Mexico (2016 පෙබරවාරි 20) සාමාන්‍යයෙන් ම ඉතා සන්සුන් මිනිසකු වන ප්‍රැන්සිස් සොදොතුම් පියතුමාට ඉකුත් දා  සිය ශාරීරික සමබරතාවත් ඒ සමගම ප්‍රථම වරට ආවේගාත්මක සන්සුන් බවත් නැතිව ගියේය.මෙය සිදු වුයේ මැක්සිකෝ අපෝස්තලික  චාරිකාවේ අවසන් දවසේ ජනතාවට කතාකරමින් යන අතර එහි සිටි නොහික්මුණු පිරිසක ගේ නොමනා හැසිරීම නිසා සමතුලිතතාව නැතිව ගොස් ආබාධිත පුද්ගලයකු මත වැටෙන්නට ගිය අවස්ථාවේදීය. එම සිද්ධිය මෙසේ ය. මැක්සිකෝවේ මොරේලියා නගරයේ දී තරුණ හමුවක් ඇමැතූ පාප් වහන්සේ එහි රැස්ව සිටි ජනතාවට අචාර කරමින්, ඔවුන් ආශීර්වාද කරමින් හා ඔවුන්ට ජපමාල තිළිණ කරමින් ගමන් කරමින් සිටියහ. එක ස්ථානයක රැස්ව සිටි පිරිසක් පාප්වහන්සේ  අතින් ජපමාල උදුරා ගැනීමට පොර කෑම නිසා එතුමන් මත දැඩි තෙරපුමක් ඇතිවී, සමතුලිතතාව අහිමි වී ඒ අසල රෝද පුටුවක සිටි ආබාධිත තැනැත්තකු මත එතුමා වැටෙන්නට ගියේය. එතුමා ගේ ආරක්ෂකයන් විසින් පාප් වහන්සේට වැටෙන්නට නොදී ආරක්ෂා කර ගත්තද මේ හේතුවෙන් එතුමා තරමක් කෝපයට පත්වූ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබිණ. "ඔබට මොකක්ද වෙලා තිබෙන්නෙ? ආත්මාර්ථකාමී වෙන්න එපා! ආත්ම

"තාප්ප ඉදිකරන කෙනෙක් නම් කිතුනුවකු විය නොහැකියි" - පාප් වහන්සේ ට්‍රම්ප්ට දුන් පිළිතුර සහ එහි පසුබිම

Image
" One who build walls is NOT a Christian"  (2016 පෙබරවාරි 19) "තාප්ප ඉදිකරන කෙනෙක් නම් කිතුනුවකු විය නොහැකියි" සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ මැක්සිකෝවේ සිට ආපසු වතිකානයට පැමිණෙන අතරතුර ගුවනේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමට තරගවදින ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් මෙම ප්‍රශ්නය නැගීය. පාප් වහන්සේ මැක්සිකෝවේ ගත කල අවසන් දිනයේ මැක්සිකෝ-ඇමෙරිකා දේශ සීමාව අසල දිව්‍ය පූජාවක් පැවැත්වීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය. ඔහු කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "දේශපාලන පුද්ගලයකු" වන බවයි. පාප් වහන්සේ "උකස් භාණ්ඩයක්" ලෙස ද ඔහු හැඳින්වීය. මැක්සිකාන සංක්‍රමණිකයන් එම දේශ සීමාවෙන් පැන ඇමෙරිකාවට ඇතුළුවීම මෙවර ජනාධිපතිවරණයට තරග කරන සියලුම රිපබ්ලිකන් අපේක්ෂකයන් ගේ උණුසුම් මාතෘකාවක් වී තිබේ. ට්‍රම්ප් හැර සෙසු අපේක්ෂකයන්  පවසන්නේ නීති විරෝධීව ඇතුළු වී සිටින මැක්සිකානුවන් ආපසු සිය රටට පිටුවහල් කල යුතු අතර සාංක්‍රමනික නීති දැඩිකළ යු

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ කාන්තාවක සමග ඇති කරගත් 'මිතුදම' ..........රහසක්......?

Image
 The close friendship between a St. John Paul II and a woman....A secret....? (2016 පෙබරවාරි 17) ප්‍රකට දාර්ශනිකයකු වූ පෝලන්ත-ඇමෙරිකානු ජාතික  ඇනා -තෙරේසා ටයිමියෙනිකා සහ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ අතර  පැවති මිතු දම පිළිබඳව BBC ප්‍රවෘත්ති මගින්, එහි වෙබ් අඩවියෙන් සහ BBC රුපවාහිනියේ "Panorama"  වාර්තා වැඩසටහන මගින් ප්‍රචාරය වීමෙන් පසු එම 'සමීප සම්බන්ධය' ගැන විවිධ මත පැතිර යමින් තිබේ. BBC පර්යේෂණාත්මක වැඩසටහන මගින් 'හෙළිදරව්' කරන ලද මෙම පුවත අති  රසවත් රසකැවිල්ලක් වී ඇත්තේ කටකතා, මළමිනී, අයථා සම්බන්ධ, ලිංගිකත්වය වැනි දුගඳ හමන කැළි කසල රස අහර සේ විකුණා ජීවිකාව සරි කර ගන්නා FM නාලිකා සහ ටැබ්ලොයිඩ් පත්තර වලට ය. මේ දෙදනා අතර සම්බන්ධතාවක් තිබුනා ද? තිබුනා නම් ඒ කවරාකාර එකක් වී ද? BBC පමණක් නොව ඕනෑම මාධ්‍යක් කී පමණින් සියල්ල ගිලගන්නේ නැතිව සැබෑ මාධ්‍ය කරුවන් ගේ වගකීම ඒ ගැන තවත් සොයා බලා වාර්තා කිරීමය. ඇනා -තෙරේසා ටයිමියෙනිකා සහ ජුවාම් පාවුළු පාප් වහන්සේ අතර තිබු සම්බන්ධතාව කුමක් ද? මේ ගැන  සොයා බැලීමේ දී මෙම පුද්ගලයන් දෙදෙනා ගැන තරමක් ගැඹුරින්  හැදෑ

ආදරවන්තයන් ගේ දිනයේ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ආදරයේ ආදර්ශය

Image
Holy Father's act of love on the "Lover's Day" දරුවෙකුට ඔහුගේ බෙහෙත් වේල පෙවුවේය (2016 පෙබරවාරි 15) ලෝකය ඉබාගාතේ  "ආදරවන්තයන් ගේ දිනය" සමරන පෙබරවාරි 14 වැනිදා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ "සැබෑ ආදරවන්තයකු" ගේ ක්‍රියාවක් කළේය. එතුමා සිය පිතෘක ආදරය පෙන්නුවේ කුඩා ළමයින්ටය. විවධ රෝගවලින් පෙලී රෝහලක ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ටය. එසේ කොට ආදරවන්තයකු වන හැටි පෙන්නුවේය. දැන් මැක්සිකෝවේ අපෝස්තලික සංචාරයක යෙදෙමින් සිටින සුදොතුම් පියතුමා 2016 පෙබරවාරි 16 වනදා මෙක්සිකෝපුර ෆෙඩ්රිකෝ ගෝමෙස් ළමා රෝහලේ චාරිකාවක නිරත විය. නිදහසේ එහි සිටි ළමා රෝගීන් සමග විහිලුවෙන් තහලුවෙන් කතා බහ  කල එතුමා ඔවුන්ට කතන්දර කීවේය. ඔවුන්ගේ ගීත වලට සවන් දුන්නේ ය. ඔවුන්ට ජපමාල තිලිණ කළේය. එක දරුවෙකුට ඔහුගේ බෙහෙත් වේල පෙවුවේය."මම අද ආවේ ඔයාලගෙත් ඔයාලට උදව් වෙන ප්‍රතිකාර කරන අයගෙත් ජීවිතය ටිකක් බෙදා ගන්න" එතුමා කීවේය. සුදොතුම් පියතුමා ළමා රෝගීන්ට ජේසු ගේ ළමා කාලය ගැන කීවේය. ජුසේ තුමාත් මරියතුමියත් ජේසු දරුවාව ඔප්පු කිරීමට දේව මාලිගාවට ගිය  කතාව සුදොතුම් ප

රතු ඉන්දියානුවන්ට දහම් එලිය ගෙනා "හිරු අඳුරු කල " වනිතාව: "ගුවාඩලුපේ අපේ අම්මා" ගේ වත

Image
 The Story of  the "Virgin of  Guadalupe" (2016 පෙබරවාරි 14)  මරිය වහන්සේ ගේ චරිතයේ ප්‍රබලම අංගය ඈ "දෙවියන් වහන්සේ ට දුන් 'එසේ වේවා' යන පිළිතුර" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එතුමා මසේ කියා සිටියේ මැක්සිකෝවේ  ප්‍රධානතම වන්දනා ස්ථානය වන ගුවාඩලුපේ අපගේ මෑණියන් ගේ බැසිලිකා දෙව් විමනේ දිව්‍ය  පුජාව පවත්වමිනි. එරට දින 6ක් ගත කරන එතුමාගේ අපෝස්තලික සංචාරයේ කේන්ද්‍රීය ස්ථානය මෙම ප්‍රාතිහාර්යාත්මක සිද්ධස්තානයයි. දෙවියන් වහන්සේට "ඔව් " කියා පිළිතුරු දුන් එතුමිය තමාගේ යහපත් සියල්ල උන්වහසේට දුන් අතර, එයින් ලැබුණු ශක්තියෙන් සෙසු අයට  පිළිසරණ වීමට ඈත දුර බැහැර නොබලා ගියා. ඇය එලිසබෙත් තුමිය බහ දැකීමට ගියේ ඒ නිසයි" යයි එදින සුබ අසන ගෙනහැර පාමින් පාප් වහන්සේ විස්තර කළහ. "එතුමිය මෙක්සිකානු දේශයේ මේ ස්ථානයේ දර්ශනය වුයේ ද දුකින් පීඩිත වූ අසරණ වූ අයට පිළිසරණ වීම සඳහායි" එතුමා සඳහන් කලේ ය. ශ්‍රී ලංකාවේ අප එතරම් අසා නැති ගුවාඩලුපේ  මෑණියන් ගැන මෙම තොරතුරු ගෙන එන්නේ මෙම මැදිහත්වීමේ ඇති සුවිශේෂී බව පෙන්වා දීම සඳහාය. මෙම ත

ඓතිහාසික කතෝලික - ඕතඩොක්ස් නායක හමුව: "අපි සොහොයුරෝ" සුදොතුම් පියතුමා කියයි

Image
 "We are brothers" - Pope meets Orthodox Patriarch (2016 පෙබරවාරි 13) කිතුනු සභා අතර සංවාදයේ සහ එකමුතුවේ ඓතිහාසික පිය සටහනක් තබමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ හවානා නුවරදී රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල්  පේත්‍රියාක් තුමා හමුවූහ. මහා භේදයෙන් පසුව පාප් වහන්සේ නමක් රුසියානු පේත්‍රියාක් තුමකු මුණගැසුණු ප්‍රථම අවස්තාව මෙයයි. එය ඉතා උණුසුම් සහෘද හමුවක් වුයේය. ඔවුන් දෙදෙනා හමුවූ මොහොත පෙනෙන්නට තුබුණේ අමුත්තන් දෙදෙනකු මුණගැසුණු අවස්ථාවක් ලෙස නොව බොහෝ කලකින් පසු එකට හමුවූ සහෝදරයන් දෙදෙනකුගේ මුනගැසීමක් ලෙස ය. පාප් වහන්සේ ඕතඩොක්ස් පේත්‍රියාක්තුමා මුණගැසුනේ මැක්සිකෝව වෙත යන අතරතුර කියුබාවේ හවානා අගනුවර දිය. පේත්‍රියාක් තුමා ද ඒ වනවිට කියුබාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියේ ය. දෙදෙනා අතර කෙටි පිලිසඳරත් ඉන් පසු ඔවුන්  අතර විනාඩි 135ක් පමණ වේලා  පැවැති සාකච්ඡාවත් සිදුවූයේ අසාමාන්‍ය ස්ථානයකය. එනම් හවානාවේ හොසේ මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ය. මෙම කිතුනු නායක දේපොළ ගේ හමුවට පහසුකම් සැපයූවේ තවමත් කොමියුනිස්ට් රාජ්‍යයක් වන කියුබාවේ ජනාධිපති රවුල් කස්ත්‍රෝ ය. ස

පාප්වහන්සේ සහ රුසියානු ඕතඩොක්ස් සභා පේත්‍රියාක් තුමා අතර ඓතිහාසික හමුව අද හවානාවේදී

Image
 The first-ever Pope-Russian Orthodox Patriarch meeting in Havana today රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල් පේත්‍රියාක් තුමන් (2016 පෙබරවාරි 12) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද කියුබාවේ හවානා නුවර දී රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල් පේත්‍රියාක් තුමන් මුණ ගැසීමට නියමිතය. මෙය සභා ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වන්නේ පාප් වහන්සේ නමක් රුසියානු ඕතඩොක්ස් සභා නායකයකු මුහුණට මුහුණ මුණගැසී සාකච්ඡා පවත්වන ප්‍රථම අවස්තාව මෙය බැවිනි. කිතුනු සභා අතර සංවාදය ආරම්භවීමෙන් පසුව මෑත ඉතිහාසයේ පාප් වහන්සේලා කිහිප නමක්ම රුසියානු ඔතඩොක්ස් පේත්‍රියාක් තුමන් මුණගැසීමට සැලසුම් කරමින් සිටියහ. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ එක වරක් ද සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ දෙවතාවක් ද ඕතඩොක්ස් පේත්‍රියාක් තුමන් මුණ ගැසීමට දින යොදාගෙන තිබුනද නොවැලක්විය හැකි හේතු නිසා එම අවස්ථා මගහැරී ගියේය. ඒ අනුව මෙම මොහොත අතිශය වැදගත් මොහොතක් වනු ඇති බව වතිකාන සහ මොස්කව් සභා විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පාප් වහන්සේ රුසියානු පෙත්රියාක් තුමන් මුණගැසීමට සැලසුම් කලේ දීර්ඝ කාලයක් තිස්සේ ය. එහෙත් ඒ සඳහා ස්ථා

"පාපය නිසා අප අපෙනුත් ඈත් වෙලා: මේ හදවතින්ම යළි හැරී එන්නට කාලයයි" - අළු බදාදා දේශනය

Image
"Sin has distanced us from God, others and ourselves" - Ash Wednesday Homily (2016 පෙබරවාරි 11) අළු බදාදායින් ආරම්භ වූ චතාරික කාලය යනු  පෑහීමේ සහ දෙවි සමිඳාණන් සමග සමගි සන්ධානය වීමේ ශුද්ධවන්ත සමයක්  බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. පෑහීමේ කාලයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ ආත්මාර්ථකාමී සහ උදාසීන, ඇල්මැරුණු  ආකල්ප අත්හැර දැමීමයි. දෙවි සමිඳාණන් සමග සමගි සන්ධානය වීම යන්නෙහි අරුත යාච්ඥාව, මර්දන ක්‍රියා සහ දයාවේ ක්‍රියා මගින් දෙවියන් වහන්සේ වෙත යළි හැරී ඒමයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 10 වැනිදා  සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ අළු බදාදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි. පාප් වහන්සේ අළු බදාදා දේව මෙහෙය පැවැත්වූයේ සුවිශේෂී පූජාප්‍රසාදීන් වහන්සේ පිරිසක් ද සමග එක්ව හවුල් පූජාවක් ලෙසය. එනම් මෙම ශුද්ධ වසර තුළ ලොව වටා යැවීම සඳහා එතුමන් විසින් පත් කරන ලද දයාවේ ධර්ම දූත පියවරුන් සමගයි. (එම තොරතුරු  වෙනත් පුවතක පල කෙරේ.) මේ නිසා මෙය ශාන්ත සභා ඉතිහාසයේ තවත් වැදගත් දිනයක් ලෙස සටහන් වනු නොඅනුමානය. "චතාරිකය බොහෝ අයහපත් දේ  පෑහීමට  අප කැඳවනු ලබන ඵලදායි හ