Posts

Showing posts from September, 2017

සුදොතුම් පියතුමා විවේචනය කරන කාදිනල් බර්ක් යලිත් වතිකානයේ උත්තරීතර අධිකරණයට

Image
Cardinal Burke re-named to Vatican's Highest Court  සුදොතුම් පියතුමා කාදිනල් රේමන්ඩ් බර්ක් සමග  (2017 සැප්තැම්බර් 30) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් රේමන්ඩ් බර්ක් කාදිනල් තුමන් වතිකානයේ අපෝස්තලික මුද්‍රාවේ උත්තරීතර අධිකරණයේ සාමාජිකයකු ලෙස පත් කර ඇති බව වතිකාන ප්‍රවෘත්ති සේවාව ඊයේ (සැප්තැම්බර් 29) වාර්තා කළේය. සභා නීතිය පිලිබඳ විශාරදයකු වන බර්ක් හිමි මීට කලින් 2008 සිට 2014 දක්වා වසර 6ක් එම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 2014 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් බර්ක් හිමි මොල්ටාවේ නයිට් වරුන් නමැති පැරැණි දයා සේවා සංවිධානයේ ආත්මික අධ්‍යක්ෂ වරයා ලෙස පත් කරනු ලැබිණ. එතුමන් හැරුණු කොට අගෝස්තිනෝ වැලිනි කාදිනල් හිමිපාණන් සහ  එදුවාර්දෝ මෙනිචේල්ලි කාදිනල් හිමි ද උත්තරීතර අධිකරණ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ  සිටියි. කාදිනල් වැලිනි හිමි 2004 සිට 2008 දක්වා මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. අපෝස්තලික මුද්‍රාවේ උත්තරීතර අධිකරණය (Supreme Tribunal of the Apostolic Signatura) ශුද්ධාසනයේ අධිකරණ තුන අතරින් උසස්ම අධිකරණයයි. සභාව තුළ යුක්තිය පසිඳලීම පරිපාලනය කරන උසස්

බංගලිදේශයේ කතෝලික රදගුරු හිමිවරු රෝහින්ග්‍යා සරණාගතයන් බලන්නට යති - සැනසිලි වදනින් ඔවුන් සනසති

Image
Bangladesh Bishops visit Rohingya refugee camps   මේ බිම වාඩිවී සරණාගත කතකගේ වේදනාවට සවන් දෙන්නේ ඩි රොසාරියෝ කාදිනල් හිමිපාණෝය (UCAN පින්තුරයකි) (2017 සැප්තැම්බර් 28) බංගලි දේශයේ සිටින රදගුරු හිමිවරු කතෝලික රදගුරු හිමිවරුය. ඔව්හු සැබෑ කිතුනුවෝය; එනම් සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෝ ය. ම්‍යන්මාවේ බුරුම ජාතික බහුතරයේ දැඩි හිංසන වලින්  සිය ජීවිත ගලවා ගැනීම සඳහා බංගලි දේශයට පලා විත් සිටින රෝහින්ග්‍යා සරණාගතයන් බැලීමට එරට කතෝලික රදගුරු හිමිවරු ඔවුන් රඳවා  සිටින කඳවුරට ඉකුත් දා ගියහ. ධකා හි අගරදගුරු පැට්‍රික් ඩි' රොසාරියෝ කාදිනල් හිමිපාණෝ ද  චිතගොං හි අගරදගුරු මෝසස් කොස්තා හිමිපාණෝ ද ඒ අතර වූහ. මියන්මාවේ ආරක්ෂක හමුදා වල හිංසනයෙන් ගැලවීම සඳහා පලා ආ 430,000කට වැඩි රෝහින්ග්‍යා සරණාගත ජනතාවක් බංගලි දේශයට පැමිණ සිටිති. ඔවුන් රඳවනු ලැබ  සිටින්නේ චිතගොං අදරදගුරු පදවිය තුළ පිහිටා ඇති කොක්ස් බසාර් සහ බන්දාර්බාන් ප්‍රදේශ වලය. පැට්‍රික් ඩි'රොසාරියෝ හිමි බැහැදුටුවේ බන්දාර්බාන් සරණාගත කඳවුරයි. සරණාගත පිරිමින්, කාන්තාවන්, වයස් ගත වූවන් සහ දරුවන් සමග කතා කල එතුමා ඔවුන් ගේ බියකරු මෙන්ම ද

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මිථ්‍යා දෘෂ්ටිය පතුරුවනවා": අප්‍රකට සහ කුප්‍රකට කණ්ඩායමක්‌ චෝදනා කරයි; අන්තර්ජාල පෙත්සමකුත් ප්‍රසිද්ධ කෙරේ

Image
A group accuses Pope Francis of "spreading heresy"; Scholars say accusations are marked by 'hypocrisy'  සුදොතුම් පියතුමා කොලම්බියාවේ දී තුවාල ලැබුවා (2017 සැප්තැම්බර් 25) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් "මිථ්‍යා දෘෂ්ටියක්" පතුරුවන බවට චෝදනා කරමින් බුද්ධිමතුන් යැයි පවසන පිරිසක් විසින් එතුමන් වෙත යොමු කරන ලද ලිපියක් එම කණ්ඩායම විසින් දැන් අන්තර් ජාලයට මුදා හැර තිබේ. ඔවුන් පවසන්නේ මෙම "පෙත්සමට" පක්ෂව තවත් අයගේ අත්සන් එකතු කිරීම සඳහා මෙය අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කල බවයි. මෙම "පෙත්සම" නම් කර ඇත්තේ ලතින් බසින්  ‘Correctio filialis de haeresibus propagatis’ යනුවෙනි. එහි අදහස " මිථ්‍යා දෘෂ්ටියක් පැතිරවීමට අදාළ දාරක නිවැරදි කිරීම" යන්නයි. මෙම පෙත්සමට පාදක වී ඇත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් 2016 වසරේ දී නිකුත් කරන ලද  "Amoris laetitia" හෙවත් "ප්‍රේමයේ ආනන්දය" නමැති අපෝස්තලික හසුනයි. සුදොතුම් පියතුමන් මෙම අපෝස්තලික හසුනට අමතරව  වචනයෙන් , ක්‍රියාවෙන් සහ අතපසු කිරීම් මගින්, විවාහය, ශිල ධර්මය සහ දේව ප්

සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුනට කළ අනුශාසනය: "ඔබ 'ස්වයංපෝෂිත පිය-ස්වාමීවරුන්' යැයි නොසිතන්න; ගිහියන්ගේ විශ්වාසයේ අත්දැකීම් වලට ගෞරව කරන්න"

Image
Pope tells Bishops:"Respect lay people; dialogue with their consciences"  (2017 සැප්තැම්බර් 22) රදගුරු හිමිවරුන් තමනට  භාරවූ පදවිවල 'ස්වයංපෝෂිත පිය-ස්වාමීවරුන්' ලෙස නොසිතිය යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. ඒ වෙනුවට ඔවුන් තමන් නායකත්වය දීමට කැඳවනු ලැබසිටින ජනතාවට දෙවියන් වහන්සේ කතා කර ඇත්තේ කෙසේද යන්න ගැන දැනගන්නා අතර,  ජනතාව ගේ  විශ්වාසයේ අත්දැකීමට ගෞරව කල යුතුයැයි එතුමා  පෙන්වා දෙයි. වතිකානයේ පැවැති නවක රදගුරු හිමිවරුන් ගේ වැඩමුළුවක්  අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය.   "ඔබ කැඳවනු ලැබ ඇති දූත මෙහෙවර වන්නේ ඔබගේ ම අදහස් සහ ව්‍යාපෘතිද, දුරවබෝධවූත්  නිර්මාණය කරන ලද්දාවූත්  විසඳුම්  ද ඉදිරිපත් කරමින්  සභාව ඔබගේ පෞද්ගලික එළවලු උද්‍යානය ලෙස සලකා කටයුතු කිරීම නොවේ. ...ඔබගේ මෙහෙවර වන්නේ ඔබ වෙත අවධානය යොමු කර ගන්නා හෝ ආත්ම රාගී හෝ හැසිරීම් වලින් තොරව, බැහැපත්කමින් යුතුව, වපුරන ලද සුබ අස්න වර්ධනය කිරීම සඳහා සේවය  කරමින් දෙවියන් වහන්සේ සමග සමවාය පිළිබඳව පෞද්ගලික හා ප්‍රායෝගික සාක්ෂි කරුවකු වීමයි." සවන් දීමේ ආකල්පයක් ගොඩ නගා ගන්නා ල

"කරුණාවේ විප්ලවයක් අවශ්‍යයි": හිලරි ක්ලින්ටන් ගේ සිත සුවපත් කල සුදොතුම් පියතුමා ගේ TED දේශනය

Image
Pope Francis' TED talk that healed Hilary Clinton after the devastating election defeat   (2017 සැප්තැම්බර් 16) TED (තාක්ෂණය, රසවින්දනය, සැලසුම්කරණය) යනුවෙන් හැඳින්වෙන්නේ "ප්‍රචාරණය කිරීමට වටිනා" කතා නොමිලේ බෙදා හරින මාධ්‍ය සංවිධානයකි. එම කතා අන්තර්ජාලයේ නොමිලේ නැරඹිය හැකිය. තාක්ෂණය හා සැලසුම් කරණය කෙරෙහි ප්‍රමුඛව අවධානය යොමු කලද පසුව විද්‍යාත්මක, සංස්කෘතික හා ශාස්ත්‍රිය ක්ෂේත්‍රවල විද්වත් කථිකයෝ ද  TED කතාවලට ඇතුළත් කරන ලදහ. TED වාර්ෂික සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ කැනඩාවේ වැන්කුවර් නුවරයි. එහි දේශකයන් ලෙස ඇරයුම් ලබන්නේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයෝය . කවුරුත්  අපේක්ෂා නොකළ අමුත්තෙක් 2017 අප්‍රේල් මාසයේ පැවැති TED සමුළුව ඇමතුවේය. ඒ ප්‍රැන්සිස් පාප් වහන්සේය. එතුමා වැන්කුවර් නුවරට පැමිණියේ නැත. වතිකානයේ සිට එතුමා කළ කතාව TED සම්මන්ත්‍රණය පැවැති ශාලාවේ දැවැන්ත තිරයේ දිග හැරිණ. ශාලාවේ අසුගෙන සිටි විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන්, තාක්ෂණ සැලසුම්කරුවන්, සංස්කෘතික ප්‍රභූන් ඇතුළු සියල්ලෝ මවිතයටත් උත්කර්ශයටත් පත්ව හුනස්නෙන් නැගිට අත්පොලසන් දුන්හ. "මෘදුබවේ, කරුණාවේ විප්ල

"'යුද්ධයේ දූෂිත අන්ධකාරයෙන්' ඉවත්වන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියානුවන් දිරිමත් කරයි: "ප්‍රචණ්ඩ ක්‍රියාවල මඩ වගුරෙන් නැගී සිටින්න".

Image
"Move beyond 'corrupting darkness' of war": Pope Francis tells Colombians  (2017 සැප්තැම්බර් 9) "සමාජය හා සිත් දුෂ්‍ය කරන යුද්ධයේ අන්ධකාරයෙන් මිදී ඉන් පිටතට ගමන් කරන්නැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියා ජනතාවට ආරාධනා කරයි.එක්  පසෙකින් පළිගැනීම සඳහා වූ පිපාසයේ අන්ධකාරයෙන් ද අනෙක් පැත්තෙන් යුද්ධයට නිසා තවමත්  දුක් විඳින්නන් ගේ වේදනාවට අසංවේදී වීමේ අන්ධකාරයෙන් ද රට තවමත් වෙලී පවතින බව එතුමා පෙන්වා දෙයි. මේ අන්ධකාරයෙන් මිදිය හැක්කේ, ඉන් ඉවත්වී  සමාව දීමේ හා එකිනෙක පාර්ශවයේ වේදනාවනට සංවේදී වීමේ ආලෝකය වෙත පිය නැගීමෙන් බව එතුමා අවධාරණය කරයි.   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ දිනවල අපෝස්තලික සංචාරයක යෙදී සිටින්නේ අවුරුදු පනහක් -එනම් අඩ  සියවසක් -  පුරා උනුන් මරාගන්නා සිවිල් යුද්ධයකට මැදිව සිටි කොලම්බියාවේ ය. ඉකුත් සිකුරාදා ආරම්භ වූ මෙම සංචාරය ඉරිදා අවසන් වීම නියමිතය. කොලම්බියාවේ සාම හා සමගි සන්ධාන ප්‍රයත්නය ධෛර්යවත් කිරීම තමාගේ කොලම්බියා සංචාරයේ අරමුණ බව රෝමයේ සිට බෝගොතා බලා එන අතර ගුවන් යානයේ දී මාධ්‍යවේදීනට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා පවස