Posts

Showing posts from March, 2019

"ජෙරුසලෙම සමස්ත මානව ප්‍රජාවේ සාමයේ සහ සහජීවනයේ සංකේතයක් වීම සඳහා එය සියළු විශ්වාසයනට විවෘත පෙදෙසක් ලෙස පිළිගන්න"- සුදොතුම් පියතුමා සහ මොරොක්කෝවේ රජුගෙන් ඒකාබද්ධ ඉල්ලීමක්

Image
"Let Jerusalem remain open to all faiths" - Pope Francis and Moroccan king sign a joint  appeal  (2019 මාර්තු 31) ජෙරුසලෙම් ශුද්ධ නුවර ජුදෙව්, ක්‍රිස්තියානි සහ මුසොල්මාන යන ත්‍රිත්ව ආගමිකයනට එක්ව මුණගැසිය හැකි නගරයක් ලෙස සංරක්ෂණය කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාත් මොරොක්කෝවේ සවැනි මොහොමඩ් රජුත් එකාබද්ධව ඉල්ලා සිටිති. සුදොතුම් පියතුමා මොරොක්කෝවට පැමිණි ප්‍රථම දිනයේම (මාර්තු 30) එරට රජු නිල වශයෙන් හමුවීමෙන් පසුව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබමින් ඔව්හු  මෙම ආයාචනය කළහ. ඉස්ලාම් බැතිමතුන් "අල් කුඩ්ස්" යනුවෙන් හඳුන්වන ජෙරුසලම "අසම සම සහ පූජනීය" ලක්ෂණයෙන්" යුත් නුවරක් බව මෙම ඒකාබද්ධ ලියවිල්ලෙන් පෙන්වා දී තිබේ.  "එහි පවතින ආධ්‍යාත්මික වැදගත් කමත් සාමයේ නුවරක් ලෙස එම නුවර සතුව පවතින අති විශේෂ කැඳවීමත්" නිසා ඒ සම්බන්ධයෙන් සිය සැලකිල්ල යොමු  වී ඇතැයි ඔව්හු ප්‍රකාශ කරති.  එබැවින් සියලු ආගම්වල -විශේෂයෙන් ඒක දේව ආගම් තුනේ - ජනතාවට මුණගැසිය හැකි පොදු උරුමයක් ලෙස එය පිළිගන්නැයි ඔව්හු ඉල්ලා සිටිති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ සවැනි මොහො

"කිතු දහම සහ ඉස්ලාම් දහම අතර පාලම් හදමු" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මොරොක්කෝවේදී කියයි

Image
Pope Francis in Morocco: "Let us build bridges" between Christianity and Islam රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සවැනි මොහොමඩ් රජු විසින් සුදොතුම් පියතුමා පිළිගෙන හමුදා උත්තමාචාරයක් පිළිගැන්විණි (2019 මාර්තු 30) ජනතාව අතර 'පාලම්' ගොඩනැගීමේලා ආගම් සතුව පවතින වගකීම හා වැදගත්කම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එසේම ආගමික හෝ වෙනත්  සියලු ආකාරයේ "අන්තවාදයන් සහ ධර්මෝන්මාදයන්" පරාජය කිරීමෙහිලා ආගම සතුව පවතින වැදගත් කම ද එතුමා පෙන්වා දුන්නේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මොරොක්කෝවේ රබාත් අගනුවර දී එරට රජතුමන්, දේශපාලකයන්, රජයේ නිලධාරීන් සහ තානාපති කාර්යාල නියොජිතයන් අමතමිනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු 30 වන දා මොරොක්කෝවේ දෙදින අපෝස්තලික සංචාරයක් ආරම්භ කළේය. "සාමයේ පනිවිඩකරුවකු ලෙස" තමා මෙම සංචාරයේ නිරත වන බව එතුමා ප්‍රකාශ කර තිබිණි. මොරොක්කෝවේ  රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිගන්නා ලද්දේ එරට රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා ද වන 6 වන මොහොමඩ් රජතුමා විසිනි. ඔහු ඉස්ලාම් දහමේ