Posts

Showing posts from October, 2020

සභාවට නව කාදිනල් හිමි වරු 13 නමක්; 9 දෙනෙකුට මීළඟ සුදොතුම් පියතුමන් තෝරාගැනීමේ දැහැනට එක් වීමේ සුදුසුකම; ප්‍රැන්සිස් අසීසි තාපසාරාමයේ නායක පියතුමාත් ඒ අතර

Image
Holy Father announces a consistory for the creation of 13 new cardinals; 9 electors and three priests among them (2020 ඔක්තෝබර 25) නව කාදිනල් හිමිවරුන් 13 නමක් වර ගැන්වීමට තමන් තීරණය කර ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  අද ප්‍රකාශ කළේය.   එතුමා මෙම ප්‍රකාශය  කළේ අද, ( ඔක්තෝබර 25) ඉරිදා,  තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.  නව කාදිනල් හිමිවරුන් වර ගැන්වීම නොවැම්බර මස 28 වැනිදා සිදු කෙරෙන බව සුදොතුම් පියතුමා කීවේ ය.   නව කාදිනල් හිමිවරුන්  අතර පියතුමන්ලා තුන් දෙනෙක් ද සිටිති. ඒ අතරින් දෙදෙනෙක් ප්‍රන්සිස්කාන නිකායිකයෝ ය. ඉන් එක්  අයකු වන්නේ අසීසියේ සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකාව අයත් තාපසාරාමයේ නායක මාඋරෝ ගම්බෙත්ති පියතුමා ය.  දීර්ඝ කාලයක් තිස්සේ සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමා ලෙස සේවාව කරමින් සිටින රැනියෙරෝ කැන්ටලමෙස්සා පියතුමා දෙවැන්නා ය.  නවක කාදිනල් හිමිවරුන් අතරින් 9 දෙනෙක් වයස අවුරුදු 80ට අඩු අය වෙති. එනම්, නව පාප් වහන්සේ නමක් තෝරාගන්නා සසුන් පිය වරණ දැහැනකට සහභාගී වීමට  ඔවුහු සුදුසුකම් ලබති. ඉතිරි නවක කාදිනල් හිමිවරු  වයස අවුරුදු 80ට ඉහල අයයි.  සුදො

"නූතන ආර්ථික ක්‍රමය වෙනස් විය යුතු යි; අනාගත පරපුරට මිහිතලය ඉතිරි කරමින් නූතන පරපුරේ අවශ්‍යතා සපුරා ගන්නා ආර්ථික ක්‍රමවේදයකට වහාම අවතීර්ණ වෙමු" - පරිසර සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර ඩිජිටල් වේදිකාව අමතමින් සුදොතුම් පියතුමා යෝජනා කරයි

Image
"Time is running out to fix economy and protect Earth" Holy Father says in TED vedio address  (2020 ඔක්තෝබර 14) "පූර්ණ පරිසර සමතුළිතතාවයක්" ඇති  කිරීම වෙනුවෙන් වහාම - හෙට නොවේ, අදම - ක්‍රියා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින 'යහපත් සිත් ඇති' සියලු ජනතාවට ආරාධනා කරයි. අපේ පොදු නිවහන වන මිහිතලය විනාශයට ඇදී යාම වේගවත් වෙමින් පවතින බැවින් ප්‍රමාද වීමට කාලයක් නොමැති බව එතුමා පෙන්වා දෙයි.  ලෝකයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන  ආර්ථික ක්‍රමය තවදුරටත් "පවත්වා ගත නොහැකි බව" ඔප්පු වී ඇතැයි එතුමා කියා සිටියි. "අප නිෂ්පාදනය කරන ආකාරය, පරිභෝජනය කරන ආකාරය, අපගේ විනාශයේ සංස්කෘතිය, දුප්පතුන් සූරා කෑම සහ ඔවුනට අසංවේදී වීම, අසමානතා වර්ධනය වීම සහ විනාශ කාරී බලශක්ති ජනනය කිරීම වැනි දේ ගැන යළි කල්පනා කිරීමට කාලය පැමිණ තිබේ" යි එතුමා පවසයි.   "තෝරාගැනීම ඇත්තේ, වැදගත් වන්නේ කුමක්ද වැදගත් නොවන්නේ කුමක්ද යන කාරණාව තුළ ය. අප තෝරාගත යුත්තේ අන්ත දුප්පතුන් ගේ වේදනාවත් අපගේ පොදු නිවහන වන මිහිතලය දුෂ්‍ය කිරීමත් නොසලකා හරිමින් අප නොකඩවා දිගටම ක්‍රියා කර

මිලේනියල් පරපුරට ලැබෙන 'ටෙක් සැවි' භාග්‍යවරයා : ස්වර්ගයට අධිවේගී මාර්ගය පෙන්වා දෙන කාලෝ ඇකුටිස්

Image
Carlo Acutis: The Blessed of the Millennial generation (2020 ඔක්තෝබර 10)  ලොව මිලේනියල් හෙවත් සහශ්‍රක පරපුරට අද (ඔක්තෝබර 10 ) තමන්ගේ ම සාන්තුවරයෙක් ලැබුනේ ය. ඒ භාග්‍යවන්ත කාලෝ ඇකුටිස් තුමන් ය.  වයස අවුරුදු 15ක් තරම් සුන්දර ගැටවර වියේ දී ලියුකේමියා රෝගයෙන් මිය ගිය ඉතාලි ජාතික  කාර්ලෝ ඇකුටිස් භාග්‍යවරයට එසැවීම ඉතාලියේ අසීසි නුවර සාන්ත  ප්‍රැන්සිස් අසීසි බැසිලිකාවේ දී අද පෙරවරුවේ සිදු විය.  මෙතෙක්  "වන්දනීය කාර්ලෝ ඇකුටිස්තුමන් " යන සභාවේ නිල  ගෞරව නාමයෙන් හඳුන්වන ලද  මෙම ගැටවරයා ගේ මැදිහත් කමින් සිදු වූ අලුත් ම ප්‍රාතිහාර්යය සභා නීතියට අනුව පිළිගනිමින් එතුමන් භාග්‍යවරයට එසවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  අනුමැතිය දානය කලේ ඉකුත් පෙබරවාරි 22 වන  දා.ය.  සහශ්‍රක පරපුරට අභියෝගයක්  නව භාග්‍යවර කාලෝ ඇකුටිස් එතුමන් ගේ වයසේ ම පසුවන නූතන මිලේනියල් පරපුර හෙවත් සහශ්‍රක පරපුරට දැවැන්ත අභියෝගයක් එල්ල කරන භාග්‍ය වරයෙකි. ඔහු ද මේ පරපුරේ සෙස්සන් සේ සුපර් මාරියෝට සහ පෝකිමොන්ට ආදරය කලේ ය. එහෙත් ඔහු එකම සැබෑ "සුපර් ස්ටාර්" වන ජේසු සමිඳුන් සමග පෙමින් බැඳුණේ ය. එම ප්‍රේමය නිසා ඔහු  ගමේ, අ

"නැගෙමින් ඇති ඇති තර්ජන වලට මුහුණ දීමට නොකඩවා ජපමාලය යදින්න" - සුදොතුම් පියතුමා කතෝලික ජනයාගෙන් ඉල්ලයි

Image
"Pray the rosary amid looming threats” - Pope urges Catholics (2020 ඔක්තෝබර 10) ප්‍රේමවන්ත මරිය යැදුම වන ජපමාලය නොකඩවා යදින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලිකයනට උපදෙස් දෙයි. "විශේෂයෙන් ම ලෝකය ඉදිරියේ නැගී එන තර්ජන සහ ආපදා ඉදිරියේ ජපමාලය යදින" ලෙස එතුමා ඉල්ලා සිටියි.  එතුමා මෙම අනුශාසනය කළේ ඔක්තෝබර 7 වන දින බදාදා පැවැත්වුණු පොදු හමුව අවසානයේ එහි රැස්ව සිටි ජනතාවගෙන් සහ ලොව පුර වෙසෙන කතෝලික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමිනි.  ඔක්තෝබර මාසය ජපමාල මාසයයි. මේ මාසය විශේෂයෙන් ම ජපමාල මරිය යැදුම ඔප්පු කිරීම සඳහා කැප කර තිබේ. එසේ ම සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කල ඔක්තෝබර 7 වැනි දා ශුද්ධ වූ ජපමාල මෑණියන් ගේ මංගල්‍ය දිනය විය.  වසංගතයේ දී ... මරිය මෑණියන් දර්ශනය වූ අවස්ථා රැසක දී ම එතුමිය ඉල්ලා සිටි ප්‍රධාන කාරණයක් වූයේ "ජපමාලය යදින්න" යන්න බව සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය. "විශේෂයෙන් ම ලෝකය ආපදා සහ තර්ජන වලට මුහුණ පා සිටි අවස්ථාවලදී ජපමාලය යදින ලෙස සිය දර්ශන වලදී ඕ තුමිය ඉල්ලා සිටියා," යි එතුමා පෙන්වා දුන්නේ ය.  "අද පවා, මේ වසංගත කාලය තුළ දී, ජපමාලය අති

කාන්තාවනට සභා නායකත්වයේ වඩා ප්‍රමුඛ කාර්යභාරයක් ලැබෙන අයුරින් ක්‍රියා කරමු: ඔක්තෝබර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

Image
Holy Father's prayer intention for October: that women have greater leadership roles in the Church (2020 ඔක්තෝබර 8) සහාවේ වගකීම් සහිත කාර්යභාර සඳහා ගිහියන් - විශේෂයන් ම කාන්තාවන් - ඇතුළත්  කර ගැනීම ප්‍රවර්ධනය කිරීම පිණිස යාච්ඥා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි.  එතුමා මෙම ආරාධනය කරන්නේ ඔක්තෝබර මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව" නිකුත් කරමිනි.  සෑම මාසයකම සුදොතුම් පියතුමා විශේෂයෙන් යාච්ඥා කරන යැදුම් අදහසක් තිබේ. එම යැදුම් අදහස සඳහා  එක්වන ලෙස එතුමා ලොව පුරා සියලු කතෝලික ජනතාවට ආරාධනා කරයි. සුදොතුම් පිය යැදුම් අදහස ලොව පුරා ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබන්නේ යාච්ඥාවේ අපෝස්තලිකත්වයේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසිනි. එම යැදුම් අදහස අලලා "සසුන් පිය වීඩියෝවක්" නිකුත් කිරීම ආරම්භ කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි.  ඔක්තෝබර මාසය සඳහා සසුන් පිය වීඩියෝව ඉකුත් දා නිකුත් කෙරිණි. ඒ අනුව මේ මාසය සඳහා එතුමන් ගේ යැදුම් අදහස  "ගිහියන්, විශේෂයෙන් කාන්තාවන්, කතෝලික සභාවේ වගකිව යුතු කාර්යභාර වලට වඩා පුළුල් ලෙස ඇතු

"සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයට අසීසියේ ශා. ප්‍රැන්සිස් තුමන් ගේ සොහොන් ගැබ මත දී අත්සන් තැබේ; පශ්චාත් කෝවිඩ් 'අවුල' හමුවේ ලෝක 'සහෝදරත්වයට' අභියෝගයක්

Image
Pope signs new Encyclical "Fratelli tutti" on St. Francis's tomb in Assisi (2020 ඔක්තෝබර 5) වසර පහකට පෙර නිකුත් කරන ලද "වේ ප්‍රශංසා" නම් වූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  දෙවන විශ්ව ලේඛනයට අනුප්‍රාණය ලබාගත්තේ ශා. අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගෙනි. ප්‍රැන්සිස් අසීසි තුමන් තුළ සොබා දහමට, එනම් දෙවියන් වහන්සේ ගේ මැවිල්ලට තිබුණු අනූපමේය ප්‍රේමය සහ ගෞරවයෙන් අනුප්‍රාණය ලබා ගත් සුදොතුම් පියතුමා කාලීන අර්බුදයක් වන පරිසර විනාශය වලක්වා, අපේ පොදු නිවහන වන මිහිතලය සුරක්ෂිත කිරීමට කිතුනු ජනතාව ඇතුළු සමස්ත ලෝකයටම මග පෙන්වීමක් ලෙස එය එය නිකුත් කළේය.  එතුමා ගේ තුන් වන විශ්ව ලේඛනයට ද අනුප්‍රාණය ලැබී ඇත්තේ එතුමා ගේ නාම සාන්තුවරයා වන ප්‍රැන්සිස් අසීසි තුමා ගෙනි. එම සාන්තුවරයා ලෝකය තුළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත් මානව සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය ඊට පාදක වී තිබේ.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තෙවන විශ්ව ලේඛනය "සියල්ලෝ සොහොයුරෝ" ("Fratelli Tutti")යනුවෙන් නම් කර තිබේ.  සුදොතුම් පියතුමා  ඉතාලියේ අසීසි නගරයේ ප්‍රැන්සිස් තුමාට කැපකළ බැසිලිකා දෙව්මැදුරේ ඇති එතුමන්