Posts

Showing posts from July, 2021

චීලියේ ළමා අපයෝජන අර්බුදයේ කේන්ද්‍රය වූ හිටපු පුදැදුරුවරයා මිය යයි: "අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම"- වින්දිතයෝ කියති

Image
Former priest at center of Chile’s clerical abuse crisis dies හිටපු පුදදුරු වරයකු වූ ෆර්නැන්ඩෝ කරදීමා  (2021 ජූලි 29) කාලයක් චීලියේ ජනප්‍රිය ම පුදැදුරු වරයා වූවත් පසු කාලයේ එරට නම ගිය ළමා අපයෝජකයකු ලෙස අගෞරවයට ලක්ව වූ ෆර්නැන්ඩෝ කරදීමා ජූලි 26 වැනි දා මිය ගිය බව ඔහු අවසන් කාලය ගෙවූ වැඩිහිටි නිවාසය නිවේදනය කළේය. සන්තියාගෝ අගනුවර පිහිටි Hogar San Juan de Dios වැඩිහිටි නිවාසයේ දී  මියයන විට ඔහු 90 වැනි වියේ පසුවිය.  දේශනාවාදියකු ඇතුළු සසුන් සේවා රැසක් ගැන ගෞරවයට පත්ව සිටි (එවකට) ෆර්නැන්ඩෝ කරදීමා  පියතුමා, තමන් ගේ සේවා කටයුතු වලට පැවරෙන ළමයින් අපයෝජයනය කරන බවට චෝදනා එල්ල වුවද එම චෝදනා සියල්ල දශක කිහිපයක කාලයක් පුරා  එරට සභා නායකත්වය විසින්  යටපත් කෙරෙමින් තිබිණි. එහෙත් දැඩි බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස වතිකානයේ දී පවත්වන ලද විමර්ශනයකින් සහ විභාගයකින් පසුව ඔහු ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වරදකරු බව වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය 2011 දී නිවේදනය කළේය. ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත් වී ජීවිතාන්තය දක්වා පශ්චාත්තාපී ජීවිතයක් ගත කරන ලෙස එම විභාගය අවසානයේ මෙම පුළුල් බලැති සසුන් නියෝජනය ඔහුට නියෝ

"සැමට නිදහස් සුව සේවාව ලොව පුරා අත්‍යවශ්‍ය සේවාවක් විය යුතුයි" - සුදොතුම් පියතුමා රෝහලේ සිට යැදුම් මෙහෙයවමින් කියයි

Image
 "Healthcare for all is essential service" Pope says addressing pilgrims from the hospital balcony  (2021 ජූලි 11) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උදර සැත්කමකට මුහුණ දීමෙන් පසු ප්‍රථම වරට අද, ඉරිදා, ජනතාව හමුවට පැමිණියේ ය.  එතුමා සෑම ඉරිදා දහවලකම මෙහෙයවන තුන් කාල ආරාධනා මරිය යැදුම  මෙහෙය වීම සඳහා සිය උදර සැත්කම සිදු කරන ලද රෝමයේ ගෙමෙල්ලි රෝහලේ දසවැනි මාලයේ බැල්කනියකට ආවේ ය. ඒ වන විටත්  වන්දනා කරුවන් පිරිසක් එතුමා එන පොරොත්තුවෙන් රෝහල් පරිශ්‍රය  තුළ  රැස්ව සිටියහ.   සුදොතුම් පියතුමා එහි පැමිණියේ තනිව නොවේ. මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් අතරින් කිහිප දෙනෙකු ද සමගය.  බැල්කනියට පැමිණි සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස සිය අත වනමින් එහි රැස්ව සිටි සියල්ලන් ගේ ආචාරය සහ සුබ පැතුම් පිළිගත්තේ ය.  "මට ඔබ සියලු දෙනා ගේ සමීප බවත් යාච්ඥා වල සහයෝගයත් ගැඹුරින් ම දැනුණා. ඔබ සියලු දෙනාට ම මගේ හදවතේ ගැඹුරින් ම ස්තුතියි" යි ලොව පුරා එතුමන් වෙනුවෙන් යාච්ඥා කල, සුබ පැතුම් එවූ සියල්ලන් වෙත සිය කෘතවේදී බව ප්‍රකාශ කරමින් එතුමා කියා සිටියේ ය.   සිත ගත සුවපත් වන  "ආලේපය"

"කටුක ජනතා සන්තාප අවභාවිත කරන ජනප්‍රියවාදී බලවේග වලින් ඈත් වී සංවාදයේ සමාජ මිත්‍රත්වයක් ගොඩ නගමු" - ජූලි මස සසුන් පිය යැදුම් අදහස

Image
"That may be courageous architects of dialogue and friendship": Pope’s prayer intention for July (2021 ජූලි 8) ජනප්‍රියවාදී දේශපාලනයෙන් අප ඈත් කොට ගෙන සංවාදයේ සහ සමාජ මිත්‍රත්වයේ නිර්මාපකයන් වෙමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ඇරැයුම් කරයි. සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටුම්කාරී තත්ත්ව  වලදී ජනතාව සංවාදයේ සහ මිත්‍රත්වයේ නිර්භීත නිර්මාපකයන් බවට පත් වන පිණිස අපි යාච්ඥා කරමු යි එතුමා එම ජනතාවගෙන් ඉල්ලා සිටියි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ආරාධනය කරන්නේ 2021 ජූලි මාසය වෙනුවෙන් සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි. සෑම මාසයක ම සිය යැදුම් අදහසට එක් වන ලෙස එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවර ආරාධනා කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම  ධුරයට පත් වීමෙන්  පසුව එම යැදුම් අදහස බෙදා ගන්නේ සසුන් පිය වීඩියෝව මගිනි.  යථාව අලුතින් දකින්න  සුදො තුම් පියතුමා සිය යැදුම් අදහස ඇතුලත් වීඩියෝ පණිවිඩය ආරම්භ කරන්නේ "මිතුරකු සොයා ගන්නා  කෙනෙකු නිධානයක් සොයා ගෙන ඇති බව බයිබලය ප්‍රකාශ කරයි" යි කියමිනි.  සංවාදය යනු යථාව නව කෝණයකින් බැලීමට අප යොමු

ඉන්දියාවේ සිර ගෙදරක් තුළ දී පණ පිදූ "බැටළු සුවඳ හමන එඬේරා" - ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගෙදරදී කෝවිඩ් ආසාදනයෙන් මිය ගිය මානුෂවාදී පියතුමා ගේ කතාව

Image
The True Follower of the Good Shephard who smelled the smell of the sheep: A tribute to  Jesuit human rights activist who died in Indian jail   (2021 ජූලි 6) ඔහු අරගලය අත් නොහැර සටන් කළේ ය.  ඔහු  සිය ජීවිතය  අවසන් වන තෙක් විශ්වාසය රැක්කේ ය.  ඔහු ගේ ස්වර්ගීය ස්වාමියා නිරුවත් කොට සොරුන් දෙදෙනෙකු  මැද කුරුසියක ඇණ ගසා මරා දමන ලද්දේ සමාජය අවුල් කරන්නෙකු යන චෝදනාව මත ය.    "ත්‍රස්තවාදියකු" ලෙස චෝදනා ලැබූ ඔහු,  තමන් විශ්වාස කළ මානව ගරුත්වය සහ  මානව දයාව වෙනුවෙනුත්,  දුක් විඳින, සමාජයෙන් කොන්කර පීඩා කරනු ලබන ජනතාව වෙනුවෙනුත් ඉන්දියාවේ ජරාපත් වූ සිර ගෙදරක දී  සිය ප්‍රාණය පූජා කලේ ය.  මේ ප්‍රවිෂ්ඨය මා ලියා තබන්නේ  2020 ඔක්තෝබර 8 වැනිදා ඉන්දියාවේ අත්අඩංගුවට ගනු ලැබ සිර ගත කොට සිටිය දී මිය ගිය ස්ටෑන් ස්වාමි ජේසු නිකායික පියතුමා වෙනුවෙනි. සනීපාරක්ෂාව අතින් කුප්‍රකට මුම්බායි සිර ගෙදරක දී කෝවිඩ් ආසාදනය වූ එතුමා එම නගරයේ ම ශුද්ධවූ පවුලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම රෝග සංකුලතා වලින් මිය ගියේ ය.  බගෙයිචා ගෙදරින්  සිර ගෙදරට  බගෙයිචා.  ඒ ඉන්දියාවේ ජර්ඛාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන රාන්චි නගරය කෙල

සුදොතුම් පියතුමාට උදර සැත්කමක් - එතුමා "සැත්කමට හොඳින් ප්‍රතිචාර දැක්වූවා" වතිකානය කියයි

Image
Holy Father undergoes an intestinal surgery; He is 'doing well' after the procedure, says Vatican  සුදොතුම් පියතුමන් ඇතුළු කල ජෙමෙල්ලි රෝහල අබියස 'රැකවල් ලා ගෙන'  සිටින ප්‍රවෘත්ති කලාවේදීන්    (2021 ජූලි 4) ඉරිදා (ජූලි 4 ) දහවල් වරුවේ සිදුකරණ ලද  උදර සැත්කමකට සුදොතුම් පියතුමා "ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන" බව වතිකානය ඉතාලි වේලාවෙන් ඉරිදා රාත්‍රියේ ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන් වතිකාන මාධ්‍ය ප්‍රකාශක මත්තෙයෝ බෘනි නිකුත් කල ඉතා කෙටි නිවේදනයේ සඳහන් වන්නේ එය "කළින් සැලසුම් කරන ලද" ශල්‍ය කර්මයක් බවයි.  එම සැත්කමට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉරිදා දහවල් සාම්ප්‍රදායිකව එතුමා මෙහෙයවන තුන් කාල ආරාධනා මරිය දැහැනට ද සහභාගී විය. එහිදී එතුමා කිසිදු විශේෂයක් පෙන්වූයේ නැත. තමා ලබන සැප්තැම්බරයේ හංගේරියාව සහ ස්ලෝවැකියාව යන රටවල අපෝස්තලික සංචාරයක යෙදෙන බව ද තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව එතුමා ප්‍රකාශ කළේය. මේ නිසා එතුමා ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වතිකානය හදිසියේ නිකුත් කල මෙම නිවේදනය මාධ්‍ය ලෝකය මවිත කල කාරණයක් විය.  ආහාර ජීරණ පද්ධතියේ අවසන් කොටස වන මහා අන්ත්‍රයේ ඇ