Posts

Showing posts from January, 2021

ක්‍රිස්තියානි එකමුතුව උදෙසා වාර්ෂික යැදුම් සතිය ඇරැඹේ - "මේ වසරේ යාච්ඥා වලට අතථ්‍යව සම්බන්ධ වන්න" වතිකානය සහ ක්‍රිස්තියානි සභා කවුන්සිලය ලොව පුරා කිතුනුවන්ගෙන් ඉල්ලයි.

Image
Christians invited to join virtually in prayer for 54th Week of Prayer for Christian Unity ලෝක කිතු දන පුබුදුවේ 50 වැනි සංවත්සරය දා වතිනාකනයට රැස් වූ ලොව පුරා විවිධ කිතුනු සභා පූජක වරුන් එක්සත්ව යාච්ඥා කල අයුරු   (2020 ජනවාරි 18)  කිතුනු ජනතා එකමුතුව වෙනුවෙන් යාච්ඥා කරන වාර්ෂික සතිය ජනවාරි 17 වැනි ද සඳුදායින් ආරම්භ විය. එම යැදුම් සතිය  මේ මස 25 වැනි දා දක්වා දිවේ. මෙය වාර්ෂිකව ක්‍රිස්තියානි ජනතාව ගේ එකමුතුව සඳහා ලොව පුරා සියලු කිතුවන් එක්ව යදින 54 වැනි සතියයි. සභාව තුළ සමස්ත කිතුනු ජනතාව ගේ සමගි සන්ධානය සහ එකමුතුව සඳහා මේ සතිය පුරා යාච්ඥා කරන ලෙස ලොව පුරා කිතුනුවනට ආරාධනා කෙරේ.  වතිකානයේ කිතුනු එකමුතුව ප්‍රවර්ධනය පිණිස වන සසුන් පිය මන්ත්‍රණ සභාව සහ ලෝක ක්‍රිස්තියානි කවුන්සිලය එකාබද්ධව මේ සතිය සංවිධාන කරයි. මේ සතියේ අරමුණ සමස්ත කිතුනු ජනතාව එක්ව කිතුනු ජනයා ගේ දෘශ්‍යමාන එකමුතුව සඳහා සහ විශේෂයෙන් ම ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය අවස්ථාවේ යැදුම වන "ඔවුන් සියල්ලෝ ඒකත්වයක් වේවා!" යන්න සම්පූර්ණත්වයට පත් වීම පිණිස යාච්ඥා කිරීම ය.  වසර 2021 කිතුනු එකමුතු යැදුම් සතියේ තේ

ඇමෙරිකාවේ කැපිටල් මන්දිරයට ජනාධිපති ට්‍රම්ප් ගේ මැර කල්ලි එල්ල ප්‍රහාරය සුදොතුම් පියතුමා හෙළා දකියි: "මේ ප්‍රචණ්ඩත්වය දැක මා පුදුම වුනා" - "ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සමගි සන්ධානය ප්‍රවර්ධනය කරන්න" - එතුමා ඇමෙරිකානුවන් ගෙන් ඉල්ලයි (වීඩියෝ )

Image
Pope appeals to Americans to protect democracy and promote reconciliation: "Violence must always be condemned" He reiterates (Video)  (2021 ජනවාරි 10)  ඇමෙරිකාවේ කැපිටල් මන්දිරයට ඉකුත් දා එල්ල වූ මැර කල්ලි ප්‍රහාරයෙන් "කැළඹීමට පත්ව සිටින" එරට ජනතාවට තම ප්‍රේමනීය ප්‍රාර්ථනා පිරිනමන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එම කණගාටුදායක කාලය තුළ ජීවිත අහිමි වූ 5 දෙනා වෙනුවෙන් තමා යාච්ඥා කරන බව ද එතුමා පවසයි.  එතුමා මෙම ප්‍රකාශය කලේ ජනවාරි 10 වැනි දින  ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ ය.  කැපිටල් මන්දිරය යනු ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රෙස් මණ්ඩලය රැස්වන ඓතිහාසික ගොඩනැගිල්ලයි. ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් සහිත ඇමෙරිකාවේ  ජනතාව මෙය සලකන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව" ලෙසයි. ඉකුත් නොවැම්බර මාසයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ නව ජනාධිපති වරයා ගේ තේරීපත්වීම නිල වශයෙන් සහතික කිරීමේ සාම්ප්‍රදායික කටයුත්ත සඳහා  කොන්ග්‍රෙස් මණ්ඩලය ජනවාරි 6 වැනිදා රැස්විය.  එහෙත් ඊට එක් බාධාවක් විය.  එනම් ප්‍රතිඵල ඉතා පැහැදිලිව තිබියදීත්, ඊට එරෙහිව එල්

"වෙනස් ආගම්, සම්ප්‍රදායයන් හෝ සංස්කෘතීන් තුළ ජීවත් වන ජනතාව අතර ඇති වෙනස් කම් මුණගැසීමේ සංස්කෘතියක් ඇති කර ගැනීමට බාධාවක් නොවේ : "මානව සහෝදරත්වයේ සේවාව වෙනුවෙන්." - 2021 ජනවාරි සසුන් පිය යැදුම් අදහස

Image
The differences among people of different religions, different traditions or faiths should not impede achieving a culture of encounter" : "At the service of fraternity"- Pope's January 2021 Prayer Intention  (2021 ජනවාරි 7)  "මානව සහෝදරත්වයේ සේවාව වෙනුවෙන්." 2021 නව වසරට මුල පුරමින්, වසරේ මුල් මාසය සඳහා  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහසේ තේමාව එයයි. ලොව පුරා විවිධ ආගම්, සංස්කෘතීන්, සම්ප්‍රදායයන් සහ විශ්වාසයන් අතර පාලම් ඉදි කරමින් මානව සහෝදරත්වය ගොඩ නැගීම වෙනුවෙන් යාච්ඥා කරන අතර ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නැයි  එතුමා ලොව පුරා වෙසෙන සියලු කතෝලික ජනයාට අරාධනා කරයි. "ඉතා වැදගත් මූලික දේ වෙත හැරෙන්න. එනම් අසල්වැසියාට ප්‍රේම කිරීමයි" යි එතුමා අභියෝග කරයි.  2021 ජනවාරි මාසය සඳහා සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස අන්තර්ගත සසුන් පිය වීඩියෝව ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය සහ ඊට අනුබද්ධ සත්ප්‍රසාදීය යොවුන් ව්‍යාපාරය විසින් ඉකුත් දා නිකුත් කරනු ලැබිණි. මෙම යැදුම් අදහසට එතුමාට අනුප්‍රාණය ලැබී ඇත්තේ මානව සහෝදරත්වයේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරමින් ලොව පුරා

පවුල් වසරට අතිරේකව: 2021 - ශු. ජුසේ මුනිඳුන් ගේ වසරයි - "ජුසේ මුනිදුන් ජේසු සමිඳුන්ට දැක්වූ පිතෘක බව වූ කලී ස්වර්ගීය පියාණන් ගේ මිහිමත සෙවනැල්ලයි"

Image
2021 is also the Year of St Joseph:  "Joseph’s fatherhood of Jesus is “the earthly shadow of the heavenly Father," says the Holy Father (2021 ජනවාරි 1) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් දා “ Patris corde ”  හෙවත් "පියකු ගේ හදවතින්" (“With a Father’s Heart”) නම් අපෝස්තලික ලිපිය ප්‍රකාශයට පත් කළේය. එතුමා මේ අපෝස්තලික හසුන නිකුත් කළේ සභා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සිහිපත් කරනු සඳහා ය. එනම් 9 වන පියුස් පාප් වහන්සේ විසින් ශු. ජුසේ තුමන් විශ්ව සභාවේ ආරක්ෂක මුනි වරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවයි. 2020 දෙසැම්බර 8 වනදා එම සිද්ධියට වසර 150ක් සපිරිනි.   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා “ Patris corde ”  හෙවත් "පියකු ගේ හදවතින්" ලිපිය නිකුත් කරමින් එම සිද්ධිය ගෞරවයෙන් සිහිපත් කරයි. එසේ ම එම ලිපිය නිකුත් කරන එතුමා විශේෂ ශු. ජුසේ තුමන් ගේ වසරක් ද  ප්‍රකාශයට පත් කරයි.  ශු. ජුසේ මුනිඳුන් ගේ වසර 2020 දෙසැම්බර 8 වනදායින් ආරම්භ විය. 2021 වසර පුරා දිවෙන එම උත්සවාකාර වසර පරිසමාප්තියට පත් වන්නේ 2021 දෙසැම්බර 8 වන දා ය.  සන් ජුසේ පිය ගුණ "පියකු ගේ හදවතින්" අපෝස්තලික