Posts

Showing posts from August, 2015

දෙමාපියනි, ඔබේ දරුවන්ට යාච්ඥා කිරීමට උගන්වන්න - බදාදා පොදු හමුවෙන් (video)

Image
Holy Father emphasizes the importance of family prayer (2015 අගෝස්තු 31) තම දරුවනට යාච්ඥා කිරීමට ඉගැන්වීම දෙමාපියන් සතු වගකීමකි. දරුවන් කුඩා කාලයේ නිරායාසයෙන් බහ තෝරන විට යාච්ඥාව ද නිරායාසව පුරුදු පුහුණු කළහොත්, යැදුම ජීවිතය පුරා  ඔවුන් ගේ ජීවිතය හා බැඳුනු සංසිද්ධියක් වනු ඇත. ඉකුත් බදාදා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවැත්  වූ පොදු හමුවේ එතුමන් ගේ ධර්මෝපදේශ අනුශාසනයේ සාරාංශය එයයි. සුපුරුදු ලෙස පවුල තේමා කර ගනිමින් එතුමා මෙවරත් සිය අනුශාසනය කලේ ය. මේ දිනවල රෝමය දවාලන තරම් උණුසුම් වූ දැඩි සූර්ය තාපය නොතකා රැස්ව සිටි වන්දනා කරුවන් ඇමතු සුදොතුම් පියතුමා යැදුම තුළින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයුරු සිය දරුවනට උගන්වන්නේ කෙසේදැයි එහි සිටි දෙමාපියනට පහදා දුන්නේය. "ජේසු සමිඳුන්ට හෝ මරිය මෑණියන්ට තොත්තුවක් පාකර යැවීමට අම්මා කෙනෙකු සිය පුංචි දරුවන්ට උගන්වන අයුරු බලා සිටීම කෙතරම් සුන්දරද?" යි සිය කතා පිටපතෙන් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා විමසීය. "මෙම ක්‍රියාව තුළ ඇත්තේ කෙතරම් මෘදු බවක්ද? එම මොහොතේ දරුවාගේ හදවත යැදුම් කුටියක් බවට පරිවර්තනය වෙයි.මෙය ශුද්ධාත්මයානන් වහන්

ප්‍රගතිශීලී පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගෙන් 37 වසරකට පසු - ප්‍රතිසංස්කරණවාදී (පළමුවන) ප්‍රැන්සිස් පාප්වහන්සේ .....? (Video)

Image
37 years after Pope John Paul I දින 33කින් පුංචි විප්ලවයක් කල පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා (2015 අගෝස්තු 29) වසර 37කට පෙර මෙවැනි සමයක කතෝලික සභා ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සිදු විය. එනම් සවැනි පාවුළු පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව  ඉතාලි ජාතික අති උතුම් අල්බිනෝ ලුචියානි කාදිනල් හිමිපාණන් 1978 අගෝස්තු 26 දා  පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කරගනු ලැබීමයි.  පළමුවැනි ජුවාම් පාවුළු යන නම තෝරා ගත උන්වහන්සේ, සභාව තුළ නැවුම් සම්ප්‍රදායන් රැසක් ඇති කිරීමට පුරෝගාමී වුහ. එතුමන් පාප්ධුරයට තෝරාගත් නම, එනම් "ජුවාම් පාවුළු" යන්න ද අලුත් සම්ප්‍රදායක් විය. ශු. 23වැනි ජුවාම් සහ ශු. සවැනි පාවුළු යන සුදොතුම් පියවරුන්ට කරන ගෞරවයක් ලෙස එසේ කරන බව එතුමා කියා සිටියේ ය. පළමුවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා ගේ ධුර කාලය දින 33 කට පමණක් සීමා විය. ඊට හේතුව 65 හැවිරිදි වූ එතුමා හද්සියේ ස්වර්ගස්ථ වීමයි. එහෙත් ඒ කෙටි සමය තුළ එතුමා කතෝලික සභාව නැවුම් ප්‍රගතිශීලී ගමනකට යොමු කළේය. ප්‍රසන්න සිනා රැල්ලකින් නිතර මුව සරසා ගත් එතුමා "සිනාසෙන පාප්වහන්සේ" යන විරුදය ල

"පූජා උදව්ව ජේසුට ලංවෙන මගක්; විශ්වාසයේ හා ප්‍රේමයේ පාසලක්" : පාප් වහන්සේ දෙව් පුද සේවක දරුවනට කියූ දේ

Image
"Let Jesus draw near to you" Pope tells altar servers (2015 අගෝස්තු 7) ඔබ දිව්‍ය පූජාවට උදව්වන "පුජා උදව්" දරුවෙක්ද? එවැනි දරුවකුගේ දෙමාපියෙක් ද? නැති නම් පුංචි සන්දියේ පූජා උදව් දරුවකු ලෙස ගත කල සමයේ සොඳුරු මතකයන් තවමත් සිත තුරුළුකරගෙන එයින් ජීවිතය පොහෝණි කරගත් කෙනෙක් ද? එසේ නම් මෙය ඔබට රසවත් කතාවක් වේවි.  "පුදසුන ළඟ සිට දිව්‍ය  පුජාවට උදව් වීම ජේසු සමිඳුන්ට සමීප වීමට ලැබෙන වරප්‍රසාදීය මාර්ගයකි. එය පෙරළා ඔබට වරම් රැසක් ලබා දෙයි. සෙසු අයට විවෘත වීමට, ගමනේ එක්ව ගමන් කිරීමට, බොහෝ කැපකිරීම් අවශ්‍ය  වන අභියෝගාත්මක අරමුණු හා ඉලක්ක ජීවිතයට ඇතිකර ගැනීමට හා ඒවා දිනා ගැනීමට අවශ්‍ය ශක්තිය සොයා ගැනීමටත් ලැබෙන වරප්‍රසාද ඒ අතර වෙයි" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම අනුශාසනය කලේ  රටවල් රැසකින් රෝමයට වන්දනා ගමනක පැමිණි 12000 ක් පමණ වූ දෙව් පුද සේවක දරුවන් (පූජා උදව් ළමයින් ) පිරිසක් අමතමිනි. එතුමන් සති තුනක කෙටි ග්‍රීෂ්ම ඍතු විවේකයකින් පසු මුලින්ම හමුවූ කණ්ඩායම මෙම දෙව් පුද සේවක දරුවන් පිරිසයි. ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, පෘතුගාලය,සවිට්සර්ලන්තය, හංගේර

"දික්කසාද වූ හා යළි විවාහ වූ කිතුනුවන් කිසි සේත්ම සභාවෙන් නෙරපා දමා නැහැ" සුදොතුම් පියතුමා අවධාරණය කරයි: "සභාවේ වැසුණු දොරටු නොතිබිය යුතුයි"

Image
"Divorced and remarried are not by any means excommunicated" Holy Father  emphasizes:"There should be no closed doors in the Church" සුදොතුම් පියතුමා පොදුහමුවෙන් පසුව විවාහ වූ නවක යුවල් කිහිපයකට සුබ පැතුවේය (2015 අගෝස්තු 6) දික්කසාද වූ හා දික්කසාදයෙන් පසුව කතෝලික සභාවට පිටතින් යළි විවාහ වූ කිතුනුවන් සම්බන්ධයෙන් දයාවෙන් පිළිගන්නා වුත් කරුණාබර වූත් ආකල්පයකින් ක්‍රියාකරන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික ජනතාවගෙන් හා පුජකවරුන් ගෙන් යලිත් වරක් ඉල්ලා සිටිති. මෙවැනි කිතුනුවන් සභාවෙන් නෙරපා දැමූ අය නොවන බව උන්වහන්සේ අවධාරණය කරති. එබැවින් සභාවෙන් නෙරැපුවන් ලෙස ඔවුන් නොසලකන ලෙස ද එතුමා ඉල්ලා සිටියි. අගෝස්තු 5 වැනි දා බදාදා සති පතා පොදු හමුවේ ධර්මෝපදේශ අනුශාසනය කරමින් පාප්වහන්සේ මේ බව පැවසුහ. මාසයක පමණ කාලයක් පොදු හමුව පැවැත්වුනේ  නැත. රෝමය අධික සුර්ය තාපයෙන් දැවෙන මෙම ග්‍රීෂ්ම ඍතුවේ පැවැති ප්‍රථම පොදු හමුව මෙයයි.  උණුසුම නිසා පොදු හමුව පැවැත්වුනේ සවැනි පාවුළු ශාලාව තුළ ය. ඉකුත් වසර පුරාම පොදු හමුවේ ධර්මොපදේශයේ තේමාව ලෙස පාප්වහන්සේ තෝරාගෙන ඇත්තේ ප

පාප්වහන්සේ ගිම්හාන මැදුරට නොපැමිණීම ගැන කාස්ල් ගොන්දොල්ෆෝ ප්‍රදේශ වාසීන් නොසතුටින්

Image
Locals disappointed by Pope not coming to the Summer Palace කාසල් ගොන්දොල්පෝ වීදියක් (2015 අගෝස්තු 4) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ 2013 තමන් පාප් ධුරයට පත්වීමෙන් පසු තුන්වන වසරටත් සිය ග්‍රීෂ්ම ඍතු නිවහනේ විවේක ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ නිසා සුදොතුම් පියවරුන් ගේ සාම්ප්‍රදායික ගිම්හාන මැදුර පිහිටි කාස්ල් ගොන්දොල්ෆෝ ප්‍රදේශ වාසීන් නොසතුටට පත්ව සිටිතැයි රෝම වාර්තා පවසයි. සුදොතුම් පියවරුන් සාම්ප්‍රදායිකව  ග්‍රීෂ්ම ඍතුව ගත කරන අපෝස්තලික මාලිගය පිහිටා ඇත්තේ කාස්ල් ගොන්දොල්ෆෝ නුවරයි. අල්බානෝ විල පෙනෙන මානයේ සුන්දර භුමි භාගයක පිහිටා ඇති මෙම ගිම්හාන නිකේතනය සියවස් ගණනක් පුරා පාප් වහන්සේලාගේ ගිම්හාන නිවස  බවට පත්ව තිබුනේය. රෝමය අධික සුර්ය තාපයෙන් ගිනියම් වන ග්‍රීශ්මයේ දී පාප් වහන්සේලා සිය ඉරිදා තුන්කාල ආරාධනා යැදුම වැනි සුළු යැදුම් ද මෙහි සිට සිදු කළහ. මෑත අතීතයේ දී ශු. දෙවැනි ජුවාම්  පාවුළු පාප්වහන්සේත් සොළොස්වන බෙනඩික් පාප්වහන්සේත් මෙම නිවහන බහුල ලෙස භාවිත කළහ. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2013 සිටම කාසල් ගොන්දොල්ෆෝ නිවහනට යාමෙන් වැළකී සිටියේ ය. උන්වහන්සේගේ මෙම තීර

දෙවියන් වහන්සේ තිලිනයත් තිළිණය ප්‍රදානය කරන්නාත් වීමේ අබිරහස

Image
God is the Gift and also the Giver - The Angeles meditation (2015 අගෝස්තු 3) "සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය) තුළ අපට මුණගැසෙන්නේ දෙවියන් වහන්සේ ගේ අපරිමිතවූ දයා කරුණාවයි. පාපොච්චාරණයට පෙර අප තුළ හට ගන්නා ලැජ්ජාව ද දෙවියන් වහන්සේ ගේ ක්ෂමාව වෙත අප විවෘත කරන දේව වරප්‍රසාදයේ සංකේතයකි" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (ජූලි 2ඉරිදා) දහවල් සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මෙහෙයේ අනුශාසනය  පවත්වමිනි  මේ දිනවල රෝමයේ පවතින දැඩි උණුසුම ද නොතකා දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් මෙම යාච්ඥාවට සහභාගී වීමට පැමිණ සිටියහ. "පාපොච්චාරණයට ඇති බිය නිසා එම ප්‍රසාද නිධානය වෙත ලඟා වීමට ඇතැමෙක් බිය වෙති. ඊට හේතුව ඔවුන් එම ප්‍රසාද නිධානය තුළ වෙසෙන මහා කුලුණුබර පියාණන් අමතක කොට එය දණ්ඩනයේ ආසනයක් ලෙස සිතන නිසා "යැයි  සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප පාපොච්චාරණ  සක්‍රමේන්තුව වෙත ළඟාවන විට අපතුළ කිසියම් ලැජ්ජාවක් හටගනියි. එය සියල්ලන්  තුළ -අප සෑම කෙනෙකු තුළම - හටගනියි. එහෙත් අප මතක තබා ගත යුත්තේ එම ලැජ්ජාව කලි , සෑම විටම අප සෑ