Posts

Showing posts from May, 2015

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයේ නම "වේ ප්‍රශංසා" ?

Image
Have you guessed the Title of Pope's Environmental Encyclical? (2015 ජුනි 1) මේ ඇරැඹුණු ජුනි මාසයේ මැද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කිරීමට නියමිත පරිසර විශ්ව ලේඛනයේ නම කුමක්දැයි ඔබට අනුමාන කල හැකි ද? වතිකාන අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වන ඇමෙරිකාවේ "නැෂනල් කැතලික් රිපෝටර්" පුවත් පත පවසන්නේ, පාප් වහන්සේ නමක් විසින් නිකුත් කෙරෙන මෙම ප්‍රථම පරිසර විශ්ව ලේඛනය, ලතින් බසින්   ‘Laudato Sii’ නමින් නම් කෙරෙනු ඇති බවයි. ‘Laudato Sii’ යනු පරිසර සාන්තුවරයා ලෙස සැලැකෙන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් විසින් ලියන ලද මැවිල්ලේ පැසසුම් ගීතයෙන් උපුටා ගන්න ලද යෙදුමකි. එම පදය සිය ගීතයේ පුනරුක්තියෙන් යොදන ශු. ප්‍රැන්සිස් අසීසි තුමා හිරු, සඳු, තරු වැනි සියලු දේ මැවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි. එම නම,  “Be Praised” හෝ “Praised Be” යනුවෙන් ඉංග්‍රීසි බසට පෙරැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව හෙළ බසින් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය "වේ ප්‍රශංසා" හෝ "ප්‍රශංසා වේ" හෝ ලෙස නම් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මෙම නම තවමත් නිල වශයෙන් තහවුරු කර න

බලාගෙනයි. සල්ලි ඔලුවට ගැහැව්වොත් ඔලුව නැති වෙයි - පාප් වහන්සේ ගෙන් අනතුරු ඇඟවීමක්

Image
“Danger:   wealth  takes people  away from God" (2015 මැයි 29) "කෙනකු ජේසු සමිඳුන් ගෙන් ඈත් කරන තුන් දෙයක් - එනම් පියවර තුනක් - තිබෙනවා. එනම්, ධනය,මානය, සහ අහංකාරයයි." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් 26 වැනි අඟහරුවාදා සාන්ත මාර්තා නිවහනේ උදෑසන දිව්‍ය පුජාවේ ධර්ම දේශනාව ආරම්භ කලේ එසේය. "ධනය සහ වත් පොහොසත්කම් භෝ අනතුරුදායකයි. මන්ද ඒවා කෙනකු තුළ මාන්නයක් ඇතිකරනවා. මා භෝ වැදගත් කෙනෙක් යන සිතිවිල්ල කෙනකු තුල ඇති කරනවා.එසේ සිතන කෙනකු තම හිස උදුම්මා ගන්නට පටන් ගන්නවා. හිස උදුම්මා ගත් සැනින් කෙනෙකුට හිස අහිමි වෙනවා." ගැඹුරු දේව ධාර්මික හෝ දාර්ශනික විග්‍රයන්හි  යෙදෙනු වෙනුවට,  ජේසු නිකායික දේශනාවාදී පියවරුන්ට සුපුරුදු ලෙස, ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් එදිනෙදා ජීවිතයට ගලපා ඉදිරිපත් කරන ප්‍රැන්සිස් පාප් වහන්සේ, මෙදින සිය ධර්ම දේශනය සඳහා පාදක කර ගත්තේ මාක් සුබ අස්නේ 10 වන පරිච්ඡේදයේ ධනවත් තරුණයා හා ජේසුන් වහන්සේ අතර දෙබස හා ඉන් අනතුරුව පේදුරු තුමන් හා උන්වහන්සේ අතර දෙබසයි.(මාක් 10: 17 සිට ). සැකෙවින් එම සිද්ධිය දිගහැරෙන්නේ මෙසේය: සදාතන ජීවිතය දිනා ගැනීමට තම

මුහුද මැද අතරමං වූ සාංක්‍රමණිකයනට සරණ වන්න - පාප් වහන්සේ ගෙන් ආයාචනයක්

Image
Pope appeals international community to help migrants stranded in the sea  (2015 මැයි 27) සිය රටවල මහ ජාතියේ වද හිංසාවලින් ගැලවීම සඳහා  පලායන දහස් සංඛ්‍යාත සරණාගත පිරිසක් මේ දිනවල මහ සයුර මැද අතරමංව සිටිති. කිසිදු රටක් ඔවුන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් කුසගින්නේ, හාමතේ, පිපාසයෙන්, අධික වෙහෙසටත් මානසික පීඩාවටත් පත්ව ජාවාරම් කරුවන් විසින් තමන්ව රැගෙන ආ බෝට්ටු තුළ කොටු වී සිටිති. ඔවුන් අතරමංව සිටින්නේ බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේ ය. "බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේ අතරමංව සිටින විවිධ සාංක්‍රමනිකයන් පිලිබඳ කනගාටුදායක පුවත් කෙරෙහි මම නොකඩවා අවධානයෙන් පසු වන්නෙමි. ඒවා ඇසීමෙන් මම මහත් වේදනාවට පත්ව සිටිමි" යි මැයි 24 ඉරිදා තුන්කාල ආරාධනා යැදුමට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්  වූ වන්දනා කරුවන් අමතමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. "මෙම සංක්‍රමණික පිරිස් මුහුද මැද දරුණු දුක් වේදනා වලටත් භයානක අනතුරු වලටත් මුහුණ පා සිටිති. ඔවුන් පලිගැනීමට මේ වන විට කැමැත්ත පල කර ඇති රටවලට මම බොහෝ සේ ප්‍රශංසා කරමි" යි උන්වහන්සේ කියා සිටියහ. "ඔවුන්ට අවශ්‍ය ම

"රොමෙරෝ:ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමේ ආදර්ශය" - ප්‍රැන්සිස් පාප් වහන්සේ

Image
“Blessed Romero fought violence with love" : Pope Francis    රොමෙරෝ හිමි භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව කුරුළු ඇසින්. Credit :NCS (2015 මැයි 26) එල් සැල්වදෝරය ප්‍රචණ්ඩත්වයෙන් හා භීෂණයෙන් ඇලලී ගිය සමයක, භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ධෛර්යය සම්පන්නව රටේ දුප්පතුනට හා සමාජයෙන් ඉවත් කරන ලද්දවුනට කල සේවාව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ප්‍රශංසාවට ලක්වෙයි. "සැල්වදෝර දේශයටත් සමස්ත ලතින් ඇමෙරිකා ජනතාවටත් මහත් ප්‍රීති දායක දිනයක් වන මෙදින,  ස්වකීය ජනතාව ගේ දුක් වේදනා අසන, දකින රදගුරු - භාග්‍යවන්තයකු  දෙවියන් වහන්සේ විසින් අප සැමට දානය කිරීම ගැන අපි උන්වහන්ස්ට ස්තුති ප්‍රශංසා කරමු" යැයි  ද උන්වහන්සේ පවසති. සන් සැල්වදෝර් හි හිටපු අගරදගුරුතුමකු වූ  අති උතුම් ඔස්කා රොමෙරෝ හිමිපාණන් භාග්‍යවරයට එසවූ ඉකුත් සෙනසුරාදා (මැයි 23), එම පදවියේ වත්මන් අගරදගුරු අති උතුම් හොසේ ලුවිස් එස්කොබාර් හිමිපාණන් වෙත ලියුමක් යවමින් පාප් වහන්සේ මේ බව පවසා තිබේ. භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව සුවිශාල ජනකායක ගේ සහභාගීත්වයෙන් සන් සැල්වදෝර් අගනුවර දිව්‍ය ගැලවුම්කාරයානන් ගේ චතුරශ්‍

"මිහිතලය ගෞරවයෙන් රැක බලා ගැනීම කිතුනුවන් සතු යුතුකමක් හා වගකීමක්" - ශුද්ධාත්ම දිනයේ දී යළි සිහිපත් කෙරේ

Image
"Respect Creation: This is a must for each and every Christian" - Pope says at Pentecost Mass (2015 මැයි 25) මිහිතලය ගෞරවයෙන් රැක බලා ගැනීමට කිතුනුවන් සතුව යුතු කමක් හා වගකීමක් ඇති බව පාප් වහන්සේ යළි සිහිපත් කරති. ශුද්ධාත්මයානන් වහන්සේ ගේ ආගමන මංගල්‍යය වූ ඉකුත් ඉරිදා (මැයි 24) සිය ධර්ම දේශනාවේදී  පාප් වහන්සේ මෙම වගකීම අවධාරණය කළහ. "ක්‍රිස්තුන් වහන්සේ සිය පියාණන් වෙතින් එවන ලද ශුද්ධාත්මයානන් වහන්සේත්, සියල්ලට ජීවය දානය කරන මැවුම්කාර ආත්මයානෝත් එකම තැනැන්වහන්සේ ම යැ" යි   ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. "එබැවින් මැවිල්ලට ගෞරව කිරීම අපගේ විශ්වාසයේ අත්‍යවශ්‍ය අංගයකි. අප ජීවත් වන මිහිතලය නම් මෙම උද්‍යානය අප වෙත භාර කරන ලද්දේ එය දුෂ්‍ය කොට සුරාකෑමට නොව, එය අස්වද්දා ගෞරවයෙන් රැක බලා ගැනීමටය." පාප් වහන්සේ සිය  ශුද්ධාත්ම මංගල්‍ය  දිව්‍ය පුජාව ඔප්පු කලේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී ය. අපගේ ආදි පියා වන ආදම් සාදන ලද්දේ පොළොවෙන් බව පාප් වහන්සේ සිහිපත් කළහ. "එහෙත් පොළොවට මානවයා තුළ ගෞරවයක් ඇතිවන්නේ ශුද්ධාත්මයානන් වහන්සේ ගෙන් නව ජීවයක් ලබ

ආයෝජන අරමුදලක් පිහිටුවීමේ ක්‍රියාමාර්ගය පාප්වහන්සේ ප්‍රතික්ෂේප කරති

Image
Holy Father rejects the setup of an investment fund වතිකාන බැංකුවේ ඇතුලත දර්ශනයක්.Credit: Press photo IOR (2015 මැයි 24) ආයෝජන අරමුදලක් පිහිටුවීමට වතිකාන බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගයක් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රතික්ෂේප කරති. "ආගමික කටයුතු ආයතනය" (IOR ) යන නිල නාමයෙන් හැඳින්වෙන වතිකාන බැංකුව, තැන්පතු කළමනාකරණය සඳහා වන SICAV ආයෝජන අරමුදලක්  පිහිටු වීමට තීරණය කර තිබිණ. එහි සභාපති ජාන් බප්ටිස්ටේ ද ෆ්රාන්සු මහතා තීරණය කර තිබුනේ එම අරමුදල ලක්සෙම්බර්ග් නුවර බැංකුවක ආරම්භ කිරීමටයි. ඔහු ගේ එම යෝජනාවට  වතිකාන බැංකුවේ ගිහි අධිකාරී මණ්ඩලයේ ද  අනුමැතිය ලැබී තිබිණි.  මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අරමුණ වී තිබුනේ වතිකාන බැංකුවේ කළමනාකරුවන්ට එහි තැන්පතු වලින් කොටසක් කළමණාකරණය කිරීමේ හැකියාව ලබා දීමයි. ලක්සෙම්බර්ග් යුරෝකලාපය තුළ පිහිටා තිබීමත් එම රාජ්‍යය විසින් ආකර්ශනීය බදු සහන ලබා දීමත් නිසා අරමුදල ක්‍රියාත්මක වන ප්‍රදේශය ලෙස ලක්සෙම්බර්ග් තෝරාගෙන තිබිණ. අරමුදල සඳහා වන යෝජනාවට වතිකාන බැංකුවේ අධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු සභාපති ෆ්රාන්සු මහතා විසින් ස්පාඥ්ඥ ජා

රොමෙරෝ : එල් සැල්වදෝරයේ විශ්වසනීයම "ප්‍රවෘත්ති වාර්තාකරු" -අභීත මාධ්‍යකරුවකු වූ රදගුරුතුමකු ගේ කතාව

Image
Archbishop Romero, El Salvador's most trusted “news channel" -The story of the truth-loving Journalist in a Catholic Bishop (2015 මැයි 21) අති  උතුම් ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් භාග්‍යවරට එසැවීම මේ මස 23 දා සෙනසුරාදා සන් සැල්වදෝර් අගනුවර දී සිදු වේ. එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර් පදවියේ අගරදගුරුතුමන්ව සිටියදී පාලක රෙජීමයේ කුලී වෙඩික්කාරයකු ගේ ප්‍රහාරයෙන් එතුමා සවර්ගස්ථ විය. වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් තීබූ එතුමන් භාග්‍යවරයට එසැවීමේ ක්‍රියා මාර්ගය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යලි විවෘත කොට කඩිනම් කෙරිණ. රොමෙරෝ අගරදගුරු හිමිපාණන්, මූලික වශයෙන් ම, විශ්වාසවන්ත එඬේරෙකු සහ ඇදහිල්ල වෙනුවෙන් සිය ජීවිතය පූජා කල කිතුනුවකු (එනම් ප්‍රාණපරිත්‍යාගී වරයකු) බව වතිකානය නිල වශයෙන් පිළිගෙන, තහවුරු කර තිබේ. එතුමන් භාග්‍යවරයට එසවීමට අවසර ලැබී ඇත්තේ ඒ අනුවය.  එහෙත් ලොව බොහෝ දෙනෙකු නොදන්නා එතුමන් පිලිබඳ අප්‍රසිද්ධ කරුණක් ද වතිකානය තහවුරු කලේය. එනම් අගරදගුරු රොමෙරෝ හිමිපාණන්, එතුමන් ඝාතනයට ලක් වූ 1980 මාර්තු 24 වන දා දක්වාම , යුද්ධයෙන් හා දුෂණයෙන් පුපුරා තුවාල වී  ති

"යුක්තිය ඉටු නොවන තැන සාමයක් නැත" - පාප් වහන්සේ අවධාරණය කරති (වීඩියෝ)

Image
"where there is no justice, there is no peace.” ළමයින්:ලෝකයේ සාම කලාප (2015 මැයි 20) "ලෝකයේ බොහෝ බලවතුන්ට සාමය අවශ්‍ය නැත්තේ ඇයි ?" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විමසති. "මන්ද, ඒ අය ජීවත් වන්නේ යුද්ධයෙන් නිසා," උන්වහන්සේ ම පිළිතුරු දෙති. පාප් වහන්සේ මේ බැරෑරුම් ප්‍රශ්නය නැගුවේ ඉකුත් මැයි 11 වන දා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැති "සාම කම්හල" පදනමේ ළමා හමුවේ දී ය. "සාම කම්හලේ" ළමයින් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු හත් දහසක පමණ පිරිසක් සහභාගීවූ මෙම හමුවේ දී පාප් වහන්සේ ළමයින් උන්වහන්සේ ගෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දුන්හ. මෙහිදී පවුලේ ජීවිතය, සාමය, සමාව දීම වැනි ප්‍රශ්න වලට උන්වහන්සේ ගුරුවරයකු සේත්, ඇතැම් විට දැනමිතිකම් දෙන සීයා කෙනකු සේත්, ළමයිනට කරුණු පහදා දුන්හ. එහෙත් එක ඊජිප්තු දරුවෙකු  ඇසු ප්‍රශ්නයෙන් උන්වහන්සේ තරමක් කල්පනාවට බර වුවා සේ පෙනුනේය. එම ඊජිප්තු දරුවා ඇසුවේ "බලවත් අය පාසල් වලට උදව් නොකරන්නේ ඇයි ?" කියාය. පාප් වහන්සේ මඳක් නිහඬව කල්පනා කළහ. "ලෝකයේ බොහෝ බලවතුන්ට සාමය අවශ්‍ය නැත්තේ ඇයි ?" අන

"සාමයේ දේව දුතයෙක් වෙන්න" - පලස්තීන නායකයාට පාප්වහන්සේගෙන් ඇරයුමක්

Image
"Be a Prince of Peace" Holy Father tells Palestinian President  (2015 මැයි 18) පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා ඉකුත් සෙනසුරාදා (මැයි 16) වතිකානයේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ හමු විය. පලස්තීනයටත් වතිකානයටත් වැදගත් අවස්ථා සහ උත්සව කිහිපයකට එක වීම සඳහා ඔහු වතිකානයට පැමිණ සිටියේ ය. ඒ අතර ප්‍රධානම කරුණ වූයේ වතිකාන සහ පලස්තීනය අතර අවසන් එකඟතාවට පත්ව ඇති ගිවිසුම ගැන සාකච්ඡා කිරීමයි. මෙම සම්මුතියේ, වතිකානය විසින් ප්‍රථම වරට පලස්තීනය, "පලස්තීන රාජ්‍යය" ලෙස නිල වශයෙන් හඳුන්වා තිබේ. මෙම නව ප්‍රවනතාව ලොව වටා ජගත් පුවත් විමර්ශකයන් ගේ දැඩි අවධානයටත් ප්‍රශංසාවටත් ලක් වී තිබේ. කෙසේ නමුදු වතිකානය පවසන්නේ මෙය අලුත් දෙයක් නොවන බවයි. තමන් 2013 සිටම "වතිකාන රාජ්‍යය " යන යෙදුම යොදාගන්නා බව වතිකානය කියයි. ශුද්ධෝත්තම පියතුමා ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පිළිගත්තේ උණුසුම් වැළඳ ගැනීමකිනි. පසුව, පාප්වහන්සේ ගේ පුස්තකාල ශාලාවේ දී දෙදෙනා අතර පැවැති පෞද්ගලික සාකච්ඡාව විනාඩි 20ක පමණ කාලයක් පැවැති බව වතිකාන පුවත් සේවය පවසයි. පලස්තීනය හා වතිකානය අතර එකඟතාවකට පැමිණ

සාන්තුවරයකු ගේ රහස මෙයයි.......

Image
Pope Shares the Secret o the Saints  අලුත් ම සාන්තුවරු සිව්දෙනා (2015 මැයි 17) කතෝලික සභාවේ අලුත්ම සාන්තුවරියන් සිව් දෙනා කිතුනු ජීවිතවලට අභියෝග කරන "දීප්තිමත් ආදර්ශයන්"  යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. ඊයේ (මැයි  17 ඉරිදා ) වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවිදිවරියන් සිව් දෙනෙකු සාන්තුවරයට එසවීමේ දිව්‍ය පුජාවේ දී උන්වහන්සේ මේ බව කියා සිටියහ. ප්‍රංශයේ ජීන් එමිලී ද විලනුඒවා පැවිදි සොයුරිය (1811-1854), ඉතාලියේ මරියා ක්‍රිස්ටිනා බ්‍රැන්ඩෝ පැවිදි සොයුරිය (1856-1906), පලස්තීනයේ මාරියම් බවොවාදී පැවිදි සොයුරිය (1848-1878) සහ මාරි අල්පොන්සින් දනිල් ඝට්ටාස් පැවිදි සොයුරිය (1843-1927) මෙම අලුත් ම සාන්තුවරු වෙති. "සාන්තුවරයකු ගේ රහස කුමක් ද?" පාප් වහන්සේ සිය දේශනයේ දී විමසූහ."සාන්තුවරයකු ගේ රහස නම් ජේසු සමිඳාණන් සමග බද්ධ වීමයි; මිදි අතු, මිදි වලට යාව තිබෙනා සේ උන්වහන්සේට යාවී ජීවත් වීමයි. දෙවියන් වහන්සේ සහ උන්වහන්සේ ගේ ප්‍රේමය හා  බද්ධව සිටින්නේ කෙසේදැයි මෙම සාන්තුවරුන් සිය ජීවිතයෙන් පෙන්නුම් කළා.ඒ මගින් ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානය ප්‍රක

සියල්ල අහිමිව නොරටක අවතැන් වූ ඉරාක කිතුනුවන් ගේ නොසැලෙන විශ්වාසය: ඉරාක පැවිදි සොයුරියක් විස්තර කරයි

Image
“Forget not Christians of Iraq” Pope reminds the anguish of Iraqi Christians ඉරාක කිතුනුවන් එදා (2015 මැයි 17) "සරනාගතව සිටින ඉරාක කිතුනුවන්  අමතක නොකරන්න. ඔවුන් ආරක්ෂා කිරීමටත් ඔවුනට උදව් කිරීමටත් පියවර ගන්න" මේ, පාප් වහන්සේ ඉකුත් දා වතිකානයේ දී ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරයේ නියෝජිතයනට දුන් පණිවිඩයයි. ඈත...ඈත... ඈත... අතීතයේ සිට ඉරාකය සිය මව්බිම කරගත්, එරට සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් වූ ඉරාකයේ කිතුවන්ට අද අත් වී තිබෙන ඉරණම ඔබ දන්නවා ද? මුලින්ම තම මව් බිම තුළ සරණාගතයන් වූ ඔවුහු, මේ වන විට එම භූමියෙන් පලවා හරිනු ලැබ, තම ගේ දොර, ඇඳුම් පැළඳුම්, හරක බාන, ගොවිතැන් බත් සියල්ල අහිමිව, වෙනත් රටක් තුළ සරණාගතයන් බවට පත්ව සිටිති. එසේ තනි වූ ඔවුන් ලෝක බලවතුන් විසින් ද අමතක කර දමා තිබේ.ඔවුනට මේ ඉරණම අත් වූයේ අයිසිස් (ISIS) හෙවත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදී ත්‍රස්තවාදීන් ඉරාකයේ කිතුනු ගම් බිම් අල්ලාගෙන ඔවුන් පලවා හැරීමෙන් පසුවය. ඔවුනට සියල්ල අහිමි වුවද ඔවුන් සතුව,  ජීවිතය විනාශ කර හෝ ඔවුන්ගෙන් පැහැරගත නොහැකි එක වස්තුවක් ඉතිරිව තිබේ  එනම් ඔවුන් ගේ විශ්වාසයයි. ඉරාක ජාති

"ලෝකයේ සියල්ලන්ට ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා. එත් විශාල ජනතාවක් තවමත් බඩගින්නේ" - ලෝක බලවතුනට අනතුරු ඇඟවීමක්

Image
"The planet has enough food for all; But many go to bed hungry"  (2015 මැයි 14) "දෙවි සමිඳානන් වහන්සේ 'විනිශ්චයකාරයානන්' ලෙස ලෝකයේ බලවතුන් විනිශ්චය කරන දිනය පැමිණෙනවා. කුසගින්නේ සිටින සෑම එක් එක් තැනැත්තකුගේ ම කුසගිනි නිවීම තුළින් ලෝක බලවතුන් තමන්ට ආහාර ලබා දුන්නේ කෙසේද යන්නත්, පරිසරය විනාශයෙන් වලක්වා ගැනීමට ඔවුන් කලේ කුමක්ද යන්නත්, උන්වහන්සේ එදින විශ්චය කරනු ඇති ." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ  දැඩි වදන් භාවිත කලේ ඉකුත් 12 වන අඟහරුවාදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති විශේෂ දිව්‍ය පුජාවකදීය. මෙම දිවය පුජාව පැවැත්වුනේ ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරයේ 20 වැනි මහ සමුළුව ආරම්භ කිරීම නිමිත්තෙනි. "එක් මානව පවුලක්; සැමට ආහාර" යන තේමාවෙන් මැයි 12 වන දා සිට 17 වන දා දක්වා රෝමයේ දී එම සමුළුව පැවැත්වෙයි. "කරිටාස්" යනු කතෝලික සභාවේ එක් ප්‍රධාන දයාවේ හස්තයකි. දුපත්කම තුරන් කිරීම, යුක්තිය හා සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම හා මානව ගෞරවය තහවුරු කිරීම යන අරමුණු යටතේ ක්‍රියාත්මක වන කරිටාස් සංවිධානය මේ වන විට ලොව පුරා සෑම රටකම පාහේ ක්‍රි

"සාමය කියන්නේ මොකක්ද?" - පුංචි කැකුළු මලක් පාප් වහන්සේ ගෙන් ඇසු ප්‍රශ්නය

Image
"What is Peace?" - A little boy asks the Holy Father (2015 මැයි 13) "රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්" ආචාර්ය අමරදේවයන් ගයන මේ මියුරු ගීය යළි මුවගට නැගුනේ, වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පාප් වහන්සේ වටකරගෙන පිපී තිබූ දස දහසක් පුංචි කැකුළු මල් වල සිනා මල් දුටු විටය. ඔවුන් මේ "බොහෝ ඇසූ පිරූ තැන් ඇති සීයාගෙන්" ප්‍රශ්න ඇසූ හැටිත් එතුමනට සවන් දුන් සැටිත් විටෙක එතුමන් සමග සුරතල් වූ සැටිත් සිත් පහන් කරන සුළුය. මේ ළමා කැල ඉතාලියේ  Fabbrica della Pace හෙවත් the Peace Factory හෙවත් "සාම කම්හල" නම් විශේෂ හවුලේ සාමාජිකයෝය. "පීස් ෆැක්ටරිය" හෙවත් "සාම කම්හල" යනු අධ්‍යාපනය මගින් වාර්ගික හා ආගමික ඒකාබද්ධතාවයේත්, විවිධ ජාතීන්, ආගම් හා විවිධ සංස්කෘතීන් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමේත්  ප්‍රයත්නයෙහි නියැලී සිටින පෙරමුනකි. එම පෙරමුණේ ළමයින් 7000ක් දෙනා ඉකුත් මැයි 11 වන දා මෙලෙස සවැනි පාවුළු ශාලවේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මුණගැසුණහ. මේ දරු දැරියන් සුදොතුම් පියාණන් පිළිගත්තේ "We are the World ..." නම් අරුත්බර

"ප්‍රැන්සිස් පාප්වහන්සේ සෑම කෙනෙකුවම අස්ථාවර කරනවා " - ආජන්ටිනා අගරදගුරු තුමකු ගේ අත්දැකීම

Image
“It's not enough to love Pope Francis; you must live his teachings” – Argentinean Archbishop "පුදැදුරු බවේ විප්ලවීය වෙනස": අති උතුම් හොර්හේ කාදිනල් බොර්ගොග්ලියෝ, බෝවෙනෝස් අයරෙස් අගරදගුරු හිමිපාණන්,තම පේළි නිවාසයේ කුස්සියේ තම කෑම වේල උයාගනිමින්. (2015 මැයි 12) "ප්‍රැන්සිස් පාප්වහන්සේට භක්ත්‍යාදරයක් දැක්වුවාට මදි. එතුමාට එවැනි ගෞරවයක්  තිබෙනවා නම් කතෝලිකයන් කල යුත්තේ එතුමන් ගේ ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමයි; ජීවත් කරවීමයි . ඇත්තෙන් ම පාප්වහන්සේ සියල්ලන්ට අභියෝග කරනවා වෙනස් වන ලෙස. ජීවිත රාමුවේ විප්ලවීය මාරුවක් ඇති කරගන්නා ලෙස. එතුමාගේ දේශනාවලිනුත්, විශ්ෂයෙන් ම එතුමා නිකුත් කල ප්‍රථම අපෝස්තලික ලිපියෙනුත් දෙන අභියෝගය සහ ආරාධනය එයයි." මෙසේ පවසන්නේ ආජන්ටිනාවේ අගරදගුරුතුමකු වන වික්ටර් ෆර්නැන්ඩස් හිමිපාණෝය. එතුමන් මෙසේ කියා සිටියේ එතුමන් විසින් ලිය ලද " Evangelii Gaudium අපෝස්තලික ලිපියට කෙටි මාර්ගෝපදේශයක්" නම් කෘතිය සම්බන්ධයෙන් වතිකාන පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය.   " ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය ප්‍රථම අපෝස්තලික ලිපියෙන

2016 ශුද්ධ ජයන්ති වසරට එක් වන මෙතෙක් නොවූ විරූ නව වත් පිළිවෙත් : රදගුරු පදවි මට්ටමින් වැඩසටහන් රැසක්

Image
The unprecedented "Firsts" of the Holy Year - More diocesan involvement   ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සැලකෙන්නේ බොහෝ දේවල ප්‍රථමයෙකු හැටියට ය. ප්‍රථම ජේසු නිකායික, ප්‍රථම ලතින් ඇමෙරිකානු පාප් වහන්සේ.... ආදී වශයෙනි. උන්වහන්සේ පාප් ධුරයට පත් වීමෙන් පසු සිදුකරන - සිදුවන ඇතැම් දේ ද "ප්‍රථම" දේ ලෙස පෙනෙන්නට තිබේ. මේ අයුරින් ම 2016 දයාවේ අතිවිශේෂ ජයන්ති වසර සඳහා උන්වහන්සේ විසින් ක්‍රියාත්මක කිරීමට යන වත් පිළිවෙත් කිහිපයක් ද මීට කලින් කිසිදු ජයන්ති වසරක සිදු නොවූ, සභා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වන වත් පිළිවෙත් ලෙස ඉතිහාසයට එක්  වනු ඇත. දයාව තේමාව කොටගත් වසරකට අතිශයින් අර්ථාන්විත එම නව වත් පිළිවෙත්, ඉකුත් සතියේ පැවැති ජන මාධ්‍ය හමුවේ දී  හෙළිදරව් කරන ලද්දේ ජයන්ති වසර සංවිධාන කරන නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති, අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් විසිනි. එතුමන් විසින් විස්තර කරන ලද ආකාරයට ජයන්ති වසරේ සිදුවන නව වත් පිළිවෙත් මෙසේ ය: "ශුද්ධ ද්වාරය" රෝමයේ ඇති ප්‍රධාන බැසිලිකා දේවස්ථාන හතරේම එක් ශුද්ධ ද්වාරය බැ

"අයෙත් මම කතෝලිකයෙක් වේවි!" පාප්වහන්සේ මුණ ගැසීමෙන් පසු රවූල් කස්ත්‍රෝ කියයි.

Image
Raul Castro to Pope: Thanks to you, I may come back to the Church "බියෙන්වෙනිඩෝ! " කියුබා ජනාධිපති රවූල් කස්ත්‍රෝ මහතා ඊයේ (මැයි 10 ඉරිදා) වතිකානයේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මුනගැසුනේ ය. පාප් වහන්සේ ඉතා උනුසුම් ලෙස ඔහු පිළිගත් බව වතිකාන ආරංචි මාර්ග කියයි. කියුබාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්වට ගෙන ඒමේ "කපු කම" කරන ලද්දේ පාප්වහන්සේ ව්සින් බැවින් මෙම හමුව වඩාත් සුහද මුහුනුවරක් ගෙන තීබූ  බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. පාප් වහන්සේ හමුවීමෙන් පසු මාධ්‍ය කරුවන් හමුවේ කස්ත්‍රෝ මහතා පැවසුවේ තමන් යළිත් සභාව වෙත හැරී ඒම ගැන කල්පනා කරමින් සිටින බවයි. "බියෙන්වෙනිඩෝ! " යයි දෙදෙනාටම සුපුරුදු ස්පාඥ්ඥ බසින් සුබ පතමින් පාප්වහන්සේ කස්ත්‍රෝ මහතා පිළිගත්තේය. පසුව දෙදෙනා පෞද්ගලික සාකච්ඡා සඳහා නික්ම ගියහ. පාප් වහන්සේ ගේ "ප්‍රඥාවත් නිරහංකාරබවත්" තම සිතට තදින් කා වැදුණු බව හමුවෙන් පසු මාධ්‍යකරුවන් අමතමින් රවූල් කස්ත්‍රෝ මහතා කීවේය. "එතුමා ජේසු නිකායිකයෙක්. මමත්, යම් තරමකින් එහෙම තමයි. මම දිගටම ඉගෙනග

දයාවේ වසරට "සෑම හදක් දේව දයාවෙන් පහන් කරන" පුළුල් වැඩසටහනක් වතිකානය ප්‍රකාශයට පත් කරයි

Image
An "Every-Soul-Touching", far reaching Spiritual Programme planned for the Holy Year of Mercy  දයාවේ වසරේ නිල ලාංඡනය  (2015 මැයි 10) මේ වසරේ දෙසැම්බර 8 වැනී දායින් ආරම්භවන දයාවේ ජයන්ති වසර තුළ සියලු ජනතාව ගේ හද පත්ල දෙවි සමිඳුන් ගේ දයා කරුණාවෙන් ස්පර්ශ කරමින්, එම වසර ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශුද්ධාසනය විසින් පුළුල් වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ. සාම්ප්‍රදායිකව ජුබිලි වසරක රෝමයට පමණක් සීමා වී තිබූ ඇතැම් වත් පිළිවෙත් ලොව පුරා ලොකු-කුඩා සෑම රදගුරු පදවියක් වෙතම ගෙන යමින්, ඇති හැකි - නැති බැරි සෑම පුද්ගලයකු ගේ ම හදවත දයාවෙන් දල්වාලීම මේ මගින් අපේක්ෂා කෙරේ. මේ බව හෙළිදරව් වුයේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් විසින් ඉකුත් සතියේ පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය. ජයන්ති වසරේ නිල ලාංඡනය සහ වැඩපිළිවෙල ප්‍රකාශයට පවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුනේ ය. වසර පුරා දිග හැරෙන ජයන්ති වසරේ  වැඩසටහන් පෙලට, සභා ජයන්ති වසර ඉතිහාසයේ  මෙතෙක් සිදු නොකළ, "ප්‍රථම" වරට සිදු වන

ආගමික සංවේදීතාවයේ ගින්නට පිදුරු නොදමන්න! වතිකාන පුවත්පතෙන් අවවාදයක්

Image
Do not pour 'gasoline on the fire':   Vatican newspaper warns   (2015 මැයි 8) ශුද්ධ වූ මහම්මත් නබි නායක තුමා කේන්ද්‍ර කර ගනිමින් ඉකුත් ඉරිදා (මැයි 3 වන දා) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති කාටූන් තරගය වතිකාන පුවත්පතක් තරයේ හෙලා දකියි. ල'ඔසවතොරේ රොමානෝ පුවත්පත විසින් එම සිදුවීම හඳුන්වා දී තිබුනේ "දේව අපහාසයක්" ලෙසයි. ඉරිදා ටෙක්සාස්හි ගාලන්ඩ් නගරයේ පැවැති මෙම තරගය හා ප්‍රදර්ශනය සංවිධාන කර තිබුනේ ඇමෙරිකානු නිදහස් ආරක්ෂණ මූලිකත්වය නමැති සංවිධානයක් විසිනි. ප්‍රදර්ශනයට කඩාවැදුණු තුවක්කු කරුවන් දෙදෙනකු එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් එක්  අයෙක් තුවාල ලැබීය. එහි පැමිණි පොලිසිය තුවක්කුකරුවනට වෙඩි තැබූ අතර ඔව්හු දෙදෙනාම මිය ගියහ. ල'ඔසවතොරේ රොමානෝ පුවත්පත ඉතා තද වචන භාවිත කරමින් පළකර ඇති  මුල් පිටුවේ කතුවැකියෙන් පවසන්නේ, මෙම ප්‍රදර්ශනය, දැනටමත් ඉතා සියුම් තත්වයට පත්ව ඇති ආගමික සංවේදීතාවයේ "ගින්නට පිදුරු දැමීමක්" ලෙසයි.  "ටෙක්සාස් සිද්ධිය ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ සිද්ධියට සමානකම් දක්වන්නේ ඉතා ඈතිනි. එය චාලි හෙබ්ඩෝ සිද්ධිය හා සංසන්දනය කල හැක්කේ එහි

"ආත්ම පරිත්‍යාගය ආත්ම කොටගත් විවාහයේ සොඳුරු රටාව": සුදොතුම් පියාණන් ගේ බදාදා පොදු හමුව

Image
"Marriage has been inscribed in creation’s design by God” : General Audience   (2015 මැයි 7) විවාහ මංගල උත්සව අත්‍යාලංකාරයෙන් සමරන යුගයකි, මේ. එකිනෙකා පරයමින් තරගයට මෙන් නව අංග එකතු කරමින්, ව්සිතුරු ඇඳුම් පැලැඳුම් පලඳිමින්, නිසල රූ - සල රූ ගනිමින් , මධු විතෙන් ද මධුර වූ රස බොජුන් ආදියෙන් සමන් විතව, (ඇතැම් විට අලි ඇතුන් පමණ නොව හෙලිකොප්ටර පවා යොදාගනිමින්)  අධික මුදලක් වියදම් කරමින් මඟුල් ගෙවල් මහා ඉහලින් ගනු ලැබේ. එසේ කරද්දී විවාහ මංගල්‍යයේ ආධ්‍යාත්මිකත්වය ගැනත් මොහොතක් සිතුවා ද? ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මැයි 6 වැනි බදාදා පොදු හමුවේ දී සිය ධර්මෝපදේශ අනුශාසනය කෙළේ මේ පිළිබඳව යි. "විවාහය යනු මංගලෝත්සවයෙන් ඔබ්බට ගිය ජීවිතයක්," සිය ධර්මෝපදේශය  ආරම්භ කරමින් උන්වහන්සේ පැවසුහ. "ඇඳුම් පැලැඳුම්, ඡායාරූප, කෑම බීම, මේවයින් ඔබ්බට ගිය එකක්. ඇත්තෙන්ම, විවාහය  සභාවේ දුත මෙහෙවර හා සම්බන්ධ වීමක්. මෙම මාහැඟි නිධානය අපගේ මානව වර්ගයේ  'භෞමික බඳුන්' "වල රැගෙන යන්නට එඩිතරව ඉදිරිපත් වන කාන්තාවන් සහ පිරිමින්, සභාවටත් සමස්ත ලෝකයටත් මහාර්ඝ සම්පතක්," යයි