Posts

Showing posts from March, 2020

"ලාසරස් සහ කොරෝනා" - "ජේසු සමිඳුන් සිය මිතුරාට ප්‍රේම කළා නම්, ආපසු එන්නට ප්‍රමාද කළේ ඇයි ?" එඩ්මන්ටන්හි අගරදගුරු හිමියන් ගේ චතාරික කාලයේ 5 වන ඉරිදා සුපුවත් භාවනාව

Image
"If Jesus really did love his friend Lazarus, why didn’t he run to him right away to save him ? Why did he delay?" Archbishop Richard Smith's Homely on he 5th Sunday of Lent   (2020 මාර්තු 30) කොරෝනා වසංගතයෙන් බියටත් ව්‍යාකුල බවටත් පත්ව සිටින ලෝකය - කතෝලික ලෝකය පවා - ඒ ගැන විවිධ මත ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ. ඇතැමෙකු පවසන්නේ මෙය දේව දඬුවමක් හෝ ශාපයක් ලෙසයි. තව කෙනෙක් එය කුමන්ත්‍රණයන් ලෙස විස්තර කරති. මෙම  අතිශය අවිනිශ්චිත තත්වය විසින් ලෝකය කවර දෙසකට රැගෙන යන්නේ දැයි සිතාගත නොහැකි තරම් ය. මුලින් ම චීනයේත් මේ වන විට ඉතාලිය, සපාඥ්ඥය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලත්  බොහෝ දෙනෙකු පවසන්නේ "මරණය දොරකඩට ම ඇවිදින්" කියා ය. මේ නිසා, ශ්‍රී ලංකාවට මෙතෙක් නොදැනුනත්, ලොව බොහෝ රටවල ජනතාව සිටින්නේ රෝගයත් මරණයත් කොයි මොහොතේ තමා සොයා ඒවි ද යන සැකයෙන් සහ බියෙනි. විදේශ රටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ට පවා මේ හැඟීම දැනේ. තත්වය තවත් බිහිසුණු කරමින්  රෝගීන්ට උපස්ථාන කරන වෛද්‍ය සේවකයන්ට පවා සිය සේවාව කරන්නට සිදු වී ඇත්තේ මරණය පෙනී පෙනී ය. මේ තත්වය තුළ "දෙවියන් කොහේ ද?&

"සමිඳුනි,මේ ඔබගේ විනිශ්චයේ කාලය නොව අපගේ විනිශ්චයේ කාලයයි; ප්‍රමුඛතා තෝරාගැනීමේ කාලය යි." සුදොතුම් පියතුමා ගේ "නගරයට සහ ලෝකයට" භාවනාව

Image
"It is not the time of your judgement, but of our judgement: a time to choose what matters and what passes away" - Extra-ordinary Urbi et Orbi meditation : Full Text   (2020 මාර්තු 28) ලෝකය ම එක්වර රෝගී වීමට හේතු කවරේ දැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා භාවනා කරයි: "සමිඳුනි, අපට  වඩා ඔබ ආදරය කරන මේ ලෝකයේ, බලවත් හා ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතමින් අපි පවනට බඳු වේගයෙන් ගමන් කරමින් සිටියෙමු. ...රෝගීව  සිටින ලෝකයක අප නිරෝගීව සිටිනු ඇතැයි සිතමින් ඒ සියල්ල නොතකා අපි  ඉදිරියට ගියෙමු..." මේ  වන විට ලෝකය වෙලාගෙන ඇති අඳුර පහකොට ආලෝකය උදා කරගැනීමේ මාර්ගය එතුමා පහදා දෙයි. "පුරාණ නාවිකයින්ට ගමන් කරන්නට තාරකා අවශ්‍ය වූවාක් මෙන් අපටද මග පෙන්වන්නට ස්වාමින්වහන්සේ අවශ්‍ය ය. අපි ජේසු සමිඳුන්ට අපේ ජීවිත ඔරු වලට  ආරාධනා කරමු. අපගේ බිය ජය ගැනීමට හැකි වන පරිදි අපගේ බිය අපි උන්වහන්සේ ට භාර දෙමු. " බිඳ වැටුණු ලෝකය සවිමත්ව ගොඩ නැගීමේ මාර්ගය එතුමා පෙන්වා දෙයි: "සියල්ල කඩා වැටෙන බව, අපෙන් ගිලිහී යන බව පෙනෙන්නට ඇති මේ කාලයේ දී, එම කාලයට ශක්තියත් ආධාර උපකාරත්  අර්ථයත්

මාර්තු 27 දා: පරිපූර්ණ ඵල ලැබෙන අති විශේෂ "නගරයට සහ ලෝකයට" ආශීර්වාදයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි: එක්ව "අපගේ පියාණනි" යැදුම යදින්නට සියලු කිතුනු සභා නායකයනට ඇරැයුම්

Image
Holy Father announces extraordinary Urbi et Orbi blessing; invites all Christians to pray "Our Father" together (2020 මාර්තු 22) "යාච්ඥාවේ, දයානුකම්පාවේ සහ කරුණාවේ විශ්වීයත්වයෙන්"   කොරෝනා වසංගතයට පිළිතුරු දීමට එක්සත් වන්නැයි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ලොව පුරා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. "අපි එක්සත්ව සිටිමු. අපි එක්සත්ව, මේ වසංගතයෙන් බොහෝ සේ තනිව බොහෝ පීඩාවට පත්ව සිටින අය වෙත අපගේ සමීප බව දැනෙන්නට සලස්වමු ," යි එතුමා සියලු කිතුනුවනට ආරාධාන කරයි. සුදොතුම් පියතුමා මේ ආරාධනාව කලේ මාර්තු 22 වන ඉරිදා තුන්කාලා ආරාධනා දැහැන අවස්ථාවේ දී ය. විශේෂයෙන් ලොව  පුරා සිටින සියලු කිතුනු නායකයන් ගේ ප්‍රමුඛත්වයෙන්, සියලු කිතුනුවන් එක් වී එකම වෙලාවට ස්වර්ගයට හඬ නැගීමට එක්වන ලෙස එතුමා ඇරයුම් කලේ ය. "සමස්ත මානව පවුල වසංගතයේ හුය ඉදිරියේ තැති ගැන්වී සිටින අවස්ථාවේ, අපි එක් වී ස්වර්ගය දෙසට අපගේ හඬ ඔසවමු කියා සියලු කිතුනු ජනතාවට යෝජනා කරන්නට මා කැමැතියි" යි එතුමා කියා සිටියේ ය. මේ අනුව, කෝවිඩ්-19 වසංගතය වෙනුවෙන් එක් දිනක සර්ව කිතුනු යැදුම් මොහ

"බිය නොවන්න; අපේ ගෙවල් වලට ඇතුළු වූ අඳුර පහව යනු ඇති; හදවත්වල තුවාල ඇතිව එක්සත් මනුෂ්‍ය ප්‍රජාවක් යළි නැගිටිනු ඇති.": සුදොතුම් පියතුමා බලාපොරොත්තුවේ පහන් වැටියක් දල්වයි

Image
"Don't be afraid: The darkness that entered our homes will disappear, with wounds in the heart a united humanity will rise again” Pope lights a candle of Hope  (2020 මාර්තු 21) කෝවිඩ්-19 වසංගතයේ වේදනාවත්, භීතියත්, ඒ පිළිබඳව කෙරෙන ඍනාත්මක ප්‍රචාරත්, ඒවායින් මානව හදවත් වල හටගෙන ඇති අඳුරත් අතරට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තුවේ පහනක් දල්වමින් සිටියි. එතුමා ජන හදවත් තුළ මේ බලාපොරොත්තුව දල්වන්නේ ඉතාලියේ පළවන "La Stampa" පුවත් පතට දුන් අලුත්ම සාකච්ඡාවෙනි. මේ මොහොතේ සමස්ත මානව ප්‍රජාවම එකට, එක ම වෙලාවේ, වේදනාවටත් බියටත් පත්ව සිටින බව එතුමා මේ සාකච්ඡාවෙන් පෙන්වා දෙයි. "එ ය තවදුරටත් 'ඔවුන්' විඳින වේදනාවක් නොවේ. එය 'අපේ' අපි හැමෝගෙම වේදනාවකි .  'අපි ඔක්කොම' එකට අඬනවා", යයි එතුමා පෙන්වා දෙයි. කෝවිඩ්-19 දේශ සීමා, ජනවර්ග සීමා කඩා දමමින් සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම පීඩාවට  පත්කරමින් යන ආකාරය එතුමා පහදා දෙයි. මේ නිසා එතුමා ඉල්ලා සිටින්නේ " එකිනෙකා දෙස සහයෝගිතාවයෙන් බලා " එක්සත්ව ක්‍රියා කරන" ලෙසයි.  කෙසේ වුවත්, "සෑම

2020 මාර්තු 19 දින ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ශු. ජුසේ මුනිඳුන්ට කළ යාච්ඥාව

Image
2020 මාර්තු 19 දින ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ශු. ජුසේ මුනිඳුන්ට කළ යාච්ඥාව  අහෝ ශුද්ධ වූ ආරක්ෂකයාණනි,  අපගේ මේ දේශය ආරක්ෂා කල මැනව  පොදු යහපත පිලිබඳ වගකීමෙන් බැඳී සිටින සියල්ලන්ට ඥානාලෝකය ලබා දී, ඔබ කළ සේ,  තමන් ගේ වගකීමට භාර වී සිටින ජනතාව  රැක බලාගන්නේ කෙසේදැයි  ඔවුනට පහදා දුන  මැනව.  සිය සහෝදර සහෝදරියන්ට සුව සෙතත් ශරීර සනීපයත් ලබාදීම සඳහා උපක්‍රම සොයන්නන්ට,  ඊට අවශ්‍ය බුද්ධියත් දැනුමත් දානය කළ මැනව. ඇතැම් විට තමන් ගේ ආරක්ෂාව පවා පරදුවට තබමින්  අවශ්‍යතාවයෙන් පෙළෙන්නන් සඳහා තමන් වැය කරගන්නා,   ස්වේච්ඡා සේවකයන්, හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු  රෝගීන් සුව කිරීමේ පෙරමුණේ සිටින්නන්  ශක්තිමත් කර උපද්‍රව වළින් රැකගත මැනව.  ආ! ශුද්ධ වූ ජුසේ මුණිඳුනි,  සභාව සිය පුදැදුරු සේවකයන් ගේ සිට ආශීර්වාද කොට ,  ඇය ඔබගේ ආලෝකයේ සහ ඔබගේ යහපත් කමේ සළකුණක් ද  උපකරණයක් ද කළ මැනව.  ආ! ශුද්ධ වූ ජුසේ මුණිඳුනි,   ඔබගේ යැදුම් බර නිශ්ශබ්දතාව සමග අපගේ පවුල් කැටුව යනු මැනව; විශේෂාකාරයෙන්, බාලම දරුවාගේ සිට,  අපගේ දෙමාපියන් සහ දරුවන් අතර සංහිඳියාව ඇති ක

මාර්තු 20-21: "සමිඳුන්ට පැය 24ක් දෙන්න; කොරෝනා වසංගතය ගැන යාච්ඥා කරන්න" සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලිකයන් ගෙන් ඉල්ලයි

Image
Pope appeals for 24 Hours for the Lord initiative on March 21-22 (2020 මාර්තු 18) " සමිඳුන්ට පැය 24ක්" යනු නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව වාර්ෂිකව චතාරික කාලයේ සංවිධාන කරන එක් දින යැදුම් වැඩපිළිවෙලකි. එය පැවැත්වෙන්නේ චතාරික කාලයේ සිව් වැනි ඉරිදාට පෙර යෙදෙන සිකුරාදා සහ සෙනසුරාදා දෙදින තුළ ය. මේ පැය 24 තුළ ලොව පුරා සෑම පදවියකම ආසන දෙව් මැදුරු ජනතාව වෙනුවෙන් විවෘතව තැබේ. එම දෙව්මැදුරු වලට පැමිණ 24 පැය පුරා යාච්ඥා කිරීමටත්, සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය ලබා ගැනීමටත්, ඒ අතර ශුද්ධෝත්තම පියතුමා සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙමින් යාච්ඥා කිරීමටත්  විශ්වාසිකයන්ට හැකිය.  මේ වසරේ  මාර්තු 21-22 දින දෙකේ යෙදෙන එම දිනය කොරෝනා වෛරසට අදාලව යාච්ඥා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බදාදා ලොව පුරා සිටින කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. එතුමා මෙසේ ප්‍රකාශ කලේ සිය බදාදා පොදු හමුවට සහභාගී වෙමිනි. කෝවිඩ්-19 තත්වය නිසා මේ දිනවල එතුමා පොදු හමුව පවත්වන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරව "අථත්‍ය හමුවක්" (virtual Audience)  ලෙස වීඩියෝ ආධාරයෙනි. &q

සුදොතුම් පියතුමා කොරෝනා තර්ජනයෙන් භීතියට පත් ලෝකය "රෝගීන් ගේ ආරෝග්‍යය" වන කන්‍ය මරිය මාතාවන්ට භාර කරයි.

Image
Holy Father entrusts world threatened by corona virus pandemic to Mother Mary, the Health of the Sick  (2020 මාර්තු 12) කෝවිඩ්-19 හෙවත් කොරෝනා  වෛරස් වසංගතයෙන් වේදනාවටත් භීතියට සහ තැතිගැන්මටත් පත් ලොව පුරා සියලු ජනතාව ගේ දුක් සුසුම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්මල මරිය මෑණියන්ට භාර කරයි. එතුමා කොරෝනා වසංගතයෙන් තැති ගැණුනු ලෝකයේ වේදනාව මරිය මවට භාර කළේ එතුමා විසින් ම ලියන ලද යාච්ඥාවක් මගිනි. එතුමා ගේ එම යාච්ඥාව   වීඩියෝ පණිවිඩයක් මගින් මාර්තු 11 වනදා  සජීවීව ලොව පුරා විකාශනය කෙරිණි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය එතුමියට ඔප්පු  කරන්නේ කතෝලිකයන් සාම්ප්‍රදායිකව  එතුමිය අමතන "රෝගීන් ගේ ආරෝග්‍යයෙනි" යන ලෙන්ගතු විරුදයෙනි. කානා නුවර පවුලේ වේදනාව දැනී ඔවුන් සිය ප්‍රීතියත් ජයෝත්සවයත්   වෙත ආපසු රැගෙන ගිය සේ  මේ අවස්ථාවේ එතුමිය ගේ මව් පෙමින් මැදිහත් වී ලෝකය යළිත් ප්‍රීතිය වෙත රැගෙන යන්නැයි සුදොතුම් පියතුමා එම යාච්ඥාවෙන් ඉල්ලයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යැදුම කරන්නේ රෝමයේ රදගුරු තුමා ලෙස ය. මේ නිසා  මේ වන විට කොරෝනා වෛරසෙන් අධිකම පීඩාවට ලක්ව සිටින රෝමය (ඉතාලි

වතිකාන රාජ්‍යයෙන් ප්‍රථම වරට කොරෝනා වෛරස් රෝගියෙක් හමුවෙයි; වෛද්‍ය සායනය වසා දැමේ; එහෙත් දයා සේවා දිගටම

Image
Vatican confirms first Corona virus case;  health services suspended; However, Charity services are continued  (2020 මාර්තු 6) වතිකාන රාජ්‍යය තුළ පවතින වෛද්‍ය සේවා මධ්‍යස්ථානය  මාර්තු 6 වන සිකුරාදා සිට තාවකාලිකව වසනු ලැබූ බව වතිකාන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ මතේයෝ බෘනි පවසයි. වතිකානයේ සේවය කරන සියල්ලන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ මම සෞඛ්‍ය සායනයෙනි.  බාහිර රෝගී සේවා ප්‍රදේශයේ  විෂබීජ නැසීම සඳහා මෙම පියවර ගත් බව ඔහු කියයි. එහෙත් හදිසි ප්‍රතිකාර අංශය නොකඩවා විවෘත කරන බව ද හෙතෙම සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ වතිකානයේ දී අද වාර්තා කරුවන් අමතමිනි. වතිකානය මෙම පියවර ගත්තේ එම කුඩා රාජ්‍යය තුළ ප්‍රථම වරට "කෝවිඩ්-19" (Covid-19) රෝගියකු හඳුනා ගැනීමත් සමග ය. (කෝවිඩ්-19 යනු නව කොරෝනා වෛරසෙන් වැළඳෙන රෝගයට ලෝක වෛද්‍ය විශේෂඥයන් තබා ඇති නමයි.) වතිකානයේ සේවය කරන මෙම තැනැත්තා තුළ නව කොරෝනා වෛරස පවතින බව ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ දී තහවුරු වී තිබේ. තවත් සිදුවීමකට අනුව, රෝමයේ සිටින ප්‍රංශ ජාතික පියතුමකුට කොරෝනා වෛරස වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහු සමග සේවාව කළ නිලධාරියකු ආ

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට "කොරෝනා" නොවෙයි; හෙම්බිරිස්සාව - වතිකානය තහවුරු කරයි

Image
Pope Francis does not have the corona virus, Vatican affirms (2020 මාර්තු 5) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට වැළඳී තිබෙන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව බව වතිකානය තහවුරු කරයි. වතිකාන මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේ "සුදොතුම් පියතුමාට කොරෝනා වෛරසට නිරාවරණය වී ඇත්දැයි සෙවීමේ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා" ඇතැයි ඉතාලියේ පළවන පුවත් පතක් විසින් වාර්තා කිරීමෙන් පසුවයි. ඉතාලි පුවත් පත  මේ බව වාර්තා කර තිබුනේ කිසිදු නිල හෝ නොනිල ආරංචි මාර්ගයක් උපුටා දැක්වීමෙන් තොරව ය. එහෙත් එම ප්‍රවෘත්තිය ලැව්ගින්නක් සේ අන්තර්ජාතික මාධ්‍ය වලට වාර්තා විය. බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය එය ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටියේ එහි විශ්වසනීයත්වය ගැන ගැටළු මතු වූ නිසා ය. "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳින" බව එම පුවත් පත් වාර්තාව ප්‍රචාරය වීමෙන් පසුව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කෙළේ ය. "සුදොතුම් පියතුමා ගේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය එහි සාමාන්‍ය කාලය ගනිමින් තිබෙනවා. එය වෙනත් රෝගී තත්වයක රෝග ලක්ෂණ නොවේ" යි ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ මත්තේයෝ බෘනි කියා සි

"මානවයා සහ පරිසරය යනු දෙකක් නොවේ. එකක්. මේ සත්තාවන් දෙකම එක සේ ආරක්ෂා කල යුතුයි" - "ප්‍රේමවන්ත ඇමසෝනියා" අපෝස්තලික හසුනේ පණිවිඩය - දෙවන කොටස

Image
The forest is not a resource to be exploited; it is a being with which we have to relate" - The Message of  "QUERIDA AMAZONIA" (Part 2) (2020 පෙබරවාරි 18) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ   "ප්‍රේමවන්ත ඇමසෝනියා" (“Querida Amazonia”) අපෝස්තලික සංදේශය ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් සමුළුවේ පශ්චාත් සිනොඩ් අපෝස්තලික හසුන ය. මේ අපෝස්තලික සංදේශය කියවිය යුත්තේකෙසේ දැයි මෙහි පළමු කොටසින් අපි සලකා බැලුවෙමු. එම කොටස මේ ලින්කුවෙන් කියවන්න: "ප්‍රේමවන්ත ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන අද අප යොමු වන්නේ එහි ගැබ් වන පණිවිඩය වෙතයි. මේ කොටස ආරම්භයේ මෙම අපෝස්තලික ලිපිය පිලිබඳ තවත් වැදගත් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සුදොතුම් පියතුමා එය ආරම්භ කර ඇත්තේ " දේව ජනතාව වෙතට සහ සියළු සුසිත් ජනයන් වෙතට " යනුවෙනි. සභාවේ ගුරු බලය ප්‍රකාශ කරෙන හෙවත් සභා ඉගැන්වීමක් ලෙස පිළිගන්නා මෙම ලේඛනය හුදෙක් එම කලාපය

සෙම්ප්‍රතිෂ්‍යා තත්වය නිසා සුදොතුම් පියතුමා චතාරික ධර්ම විවේකය අත හරියි; එහෙත් ඉරිදා තුන්කාල ආරාධනාව මෙහෙයවයි

Image
Pope Francis lets go on Lenten spiritual retreat due to ongoing cold; however, leads Angelus  (2020 මාර්තු 1) සෙම්ප්‍රතිෂ්‍යාව නිසා ඉකුත් බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා සිය සාන්තා මාර්තා ගෙදරින් පිටත නිල කටයුතු වලින් ඉවත්වී සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (ඉරිදා, මාර්තු 1) දහවල් තුන්කාල ආරාධනා මරිය දැහැන මෙහෙයවීමට පැමිණියේ ය. එහෙත් අද  සවස සිට රෝමයෙන් පිටත ආරම්භ වන රෝම කියුරියාවේ ධර්ම විවේකයට තමන් මේ වසරේ සහභාගී නොවන බව එතුමා එහිදී ප්‍රකාශ කලේ ය. " අද සන්ධ්‍යාවේ ඇරීචියාහි දී ඇරඹෙන රෝම කියුරියාවේ ධර්ම විවේකය ඔබගේ යාච්ඥාවල දී මතක් කරන මෙන් මා ඔබෙන් ඉල්ලනවා, " යි තුන්කාල ආරාධනාව අවසානයේ සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "කනගාටුදායක ලෙස මගේ සෙම්ප්‍රතිෂ්‍යා තත්වය නිසා මේ වසරේ ඊට සහභාගී වෙන්නේට මට ලැබෙන්නේ නැහැ. එත් මා මෙහි සිට ධර්ම විවේක භාවනා වලට එක් වෙනවා," යි එතුමා කීවේය. " ඒ වගේම මා මෙහි ගෙදර සිට ආධ්‍යාත්මික අභ්‍යාස කරමින්  ධර්ම විවේකයේ සජීවී යැදුමට එක්වන හැම කෙනෙකු වෙනුවෙන් ම යාච්ඥා කරනවා " යි එතුමා සඳහන් කළේ ය. තුන්කාල ආරාධනා භාවනා වේද