Posts

Showing posts from June, 2017

"සමිඳුන් ඔබ කැඳවුයේ 'කුමාරයන්' වන්නට නොවේ": සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට කියයි

Image
Holy Father tells Cardinals: "You are not called to be 'princes'"  (2017 ජුනි 28) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව තුළ නවෝදයක් උදා කරමින් සිටිති. එම නවෝදය වෙන කිසිත් නොව සභාව තුළ ජේසු සමිඳුන් අනුදැන වදාළ ලක්ෂණත්  හා  ශුද්ධාත්ම ආගමනයෙන් පසුව මුල් සභාව තුළ තිබූ ලක්ෂණත් යළිත් උදා කිරීමට ක්‍රියා කිරීමයි. ජේසු සමිඳුන් අනුමත කළේ "සේවක නායකත්වයක්" මිස සිය "ජනයා මත බර පටවා" කුමාර වරුන් සේ කල් ගෙවමින් ජනතා "බර ඔසවාගෙන යාමට ඇඟිල්ලක්වත් නොතබන" නායකත්වයක් නොවේ. එහෙත් සියවස් ගණනක් පුරා පැවැති රෝම අධිරාජයන්ගේ පීඩනයෙන් පසුව කිතුනුවන්ට ඇදහිල්ලේ නිදහස උදා කල කොන්ස්තන්තීනු පාලනයේ අතුරු ඵලයක් වූයේ කිතුනු සභා නායකත්වය "සේවක නායකත්වයක" සිට "රාජකීය නායකත්වයක්" දක්වා විපරීත  වීමයි. ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, යාන වාහන වැනි ලක්ෂණ වලින් පමණක් නොව, එක්තරා අන්දමක අභියෝග කළ නොහැකි 'ආඥාදායක' මට්ටමේ නායකත්වයක් දක්වා මේ වන විට කිතුනු නායකත්වය ගමන් කරමින් සිටියි. ගතවූ සිව් වසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අත ගස

ඩාජීලිං හි වෙනම "ගොර්ඛාලන්තයක්" සඳහා කරන ඉල්ලීමට කතෝලික සභාවේ සහය

Image
Church expresses support for separate Gorkha homeland  (2016 ජුනි 24) ජනතාවක් දුක් පීඩා විඳින විට කතෝලිකයනට හෝ කතෝලික නායකත්වයට ඉවත බලාගෙන සිටිය නොහැකිය. නොහොත් නොදැක්කා සේ සිටිමින් සිය එදිනෙදා ආගමික කටයුතු සහ (ඇතැම් අයගේ  'ව්‍යාපාරික" කටයුතු) ඉටුකරමින් දවස් හැරිය  නොහැකිය. දුක් විඳින "ලාසරස්ලා" මෙන්ම , කුසගින්නෙන්, පිපාසයෙන් සිටින,  අයුතු ලෙස සමාජයෙන් බැහැර කිරීම නිසා තනිව හුදෙකලාව සිටින,අයුක්ති  සහගත පීඩනයට හා අයිතිවාසිකම් පැහැර ගනු ලැබීමට ලක්ව සිටින, වයස්ගතව, රෝගීව සිටින, ,මංකොල්ල කරුවන්' ගේ පහර කෑමට ලක්ව සිටින ජනතාව තුළ දුක් විඳින ජේසු සමිඳුන් දැක උන්වහන්සේට උපස්ථාන කිරීම හෝ උපකාර කිරීම කතෝලිකයා ගේ යුතුකමකි. වගකීමකි. සැබෑ ක්‍රිස්තියානි කම එයය. මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබඳ සංකල්පයේ කතෝලික පදනම වන කතෝලික සමාජ ධර්මයේ හරය එයයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලය ආරම්භයේ සිටම සභාව තුළ ඇතිකරන්නට උත්සාහ කරන පරිවර්තනය  එයයි. කතෝලික සභාවේ නායකත්වය වන රදගුරු-පූජක පිරිස සැලැකෙන්නේ ජේසු සමිඳුන් ගේ 'බැටළු රැල' වන විශ්වාසයේ ජනතාව ආරක්ෂා කර, ප

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය

Image
Jesus' blood type revealed by consecutive Eucharistic Miracles (2017 ජුනි 20) පසුගිය ඉරිදා (ජුනි 18) ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දිනයයි. "දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය" ලෙසද මෙය හැඳින්වේ. මෙදින කතෝලික සභාව උත්සව ශ්‍රීයෙන් සමරා වන්දනා කරන්නේ දිව්‍ය ශ්‍රී පූපය තුළ පූර්ණ මිනිස් බවින් හා පූර්ණ දිව්‍ය බවින් සැබවින් ම වැඩවෙසෙන ජේසු සමිඳුන්ටයි. දිව්‍ය පූජාව අවස්ථාවේ පුදැදුරුතුමන් විසින් ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ප්‍රකාශ කළ වදන් පුනරුච්චාරණය කිරීමත් සමග පූප සහ මිදිරස භාවාර්ථීය වශයෙන් ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් පරිවර්තනය වන්නේ ය යන්න කතෝලික ධර්මයේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. අපොස්තුලුවරුන්ගේ  සිට මේ දක්වාම කතෝලික සභාව අඛණ්ඩව මෙම කේන්ද්‍රීය ඇදහිල්ල කිසිදු සැකයකින් තොරව නොබියව ප්‍රකාශ කරයි. ගතවූ කාලය තුළ සිදු වූ ප්‍රාතිහාර්ය කිහිපයකින් ද පූපය හා මිදිරස තුළ ජේසු සමිඳුන් වැඩවෙසෙන බව ප්‍රකාශ වී තිබේ.මෙම ප්‍රාතිහාර්යයන් හැඳින්වෙන්නේ "දිව්‍ය  සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන්" ලෙසය.  එපමණක් නොව ජේසු සමිඳුන් ගේ ලේ වර්ගය ඉ

ඔබ යොවුන් කතෝලිකයෙක් ද? ඔබේ අදහස් බයක් නැතිව සභාවට කියන්න ඕනැද? මෙන්න අවස්ථාව.

Image
Are you a millennial youth? Want to express your opinion to the Church? Take this chance. (2017 ජුනි 15) ඔබ සහශ්‍රක යොවුන් කතෝලිකයෙක් ද? සභාව ගැන, සභාවෙන් නූතන ලෝකයේ තරුණයෙකු  ලෙස ඔබ බලාපොරොත්තු වන මගපෙන්වීම, සහයෝගය, හෝ අත්වැල  සම්බන්ධයෙන්  ඔබ සිතන දේ ගැන, ඔබේ රදගුරුතුමන්ලාට සහ සමස්ත සභාවටම  කියන්නට ඔබ බලා සිටිනවාද? එහෙනම්, මෙන්න අවස්ථාව. 2018 දී පැවැත්වෙන යෞවනයන් පිලිබඳ ජගත් සිනොඩ් සමුළුවත්, 2019 පැනමාවේදී පැවැත්වෙන ජගත් යොවුන් දිනයත් පාදක කරගනිමින්, අභියෝග සමග දිනෙන් දින අලුත් වෙමින් පවතින  නූතන ලෝකය තුළ ජීවිතයේ වසන්තය ගත කරන යොවුන් ඔබගේ විශ්වාසයේ ජීවිතය ගැන  අදහස් විමසන්නට වතිකානය තීරණය කර තිබේ. මෙම මත විමසීම  සංවිධාන කරන්නේ 2018 රදගුරු සිනොඩ් සමුළුවේ මහලේකම් කාර්යාලයයි. 2018 දී පැවැත්වෙන රදගුරු සිනොඩ් සභාවේ 50 වැනි මහා සභා වාරයේ තේමාව “යොවුන් ජනතාව, විශ්වාසය සහ කැඳවීම් නිර්ණය කිරීම” යන්නයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෙම තේමාව තෝරාගන්නා ලද්දේ 2014-2015 වසර වල පැවැත්වුණු පවුල පිලිබඳ සිනොඩ් සභාවෙන් ඉස්මතු වූ අදහස් ද සැලකිල්ලට ගනිමිනි. 20

“රදගුරු තුමන් පිළිගන්න; නැතහොත් පූජකවරයේ කාර්යයන් අත්හිටුවනවා” සුදොතුම් පියතුමාගෙන් නයිජීරියා පූජකවරුන්ට අවසන් අවවාදයක්

Image
"Accept the Bishop or face consequences" - Holy Father warns Nigerian Priest s (2017 ජුනි 13) පාප් වහන්සේ විසින් පදවියට පත් කරන ලද රදගුරු තුමන් පිළිගෙන එතුමනට සිය කීකරුකම ප්‍රකාශ කරන්නැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නයිජීරියාවේ රදගුරු පදවියක පූජකවරුනට තදින් අවවාද කරයි. දින තිහක් තුළ තමන්ට මේ පොරොන්දුව නොදෙන පූජකවරුන් ගේ පූජකවර ක්‍රියාකාරකම්  තහනම් කරන බව ද එතුමා අවධාරණය කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ නයිජීරියා රදගුරු මණ්ඩලයේ රදගුරු හිමිවරුන් හා එරට අහිආරා පදවියේ නියෝජිත කණ්ඩායමක් සමග වතිකානයේ අපෝස්තලික මාලිගයේ දී පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව සිය තීරණය දැනුම් දෙමිනි. මෙම සිද්ධියේ පසුබිම මෙසේය: අහිආරා රදගුරු පදවිය නයිජීරියාවේ කතෝලික ජනගහනය වැඩිම රදගුරු පදවියයි. එහි නව රදගුරු තුමන් ලෙස 2012 දී සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් පත් කරන ලද්දේ වෙනත් පදවියක පියතුමකු වන පීටර් ඔක්පලෙකේ පියතුමා ය. ගෝත්‍රික වෙනස්කම් තවමත් තදින්ම පවතින නයිජීරියාවේ අහිආරා පදවියේ බහුතරය වාර්ගික ම්බයිසේ ගෝත්‍රයට අයත් ජනතාවයි. පීටර් ඔක්පලෙකේ පියතුමා එක් අතකින්

දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාව: ප්‍රේමයේ ත්‍රිත්වයික භාවාර්ථීය සම්බන්ධතාව

Image
The Mystery of God's identity- Pope's Angelus meditation (2017 ජුනි 11) අද (ජුනි 11 ) ශුද්ධවූ ත්‍රිත්වයේ අති ගාම්භීර මංගල්‍ය දිනයයි. මෙය පදනම් කරගනිමින් අද දහවල් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා යැදුමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය භාවනාවට පදනම් කරගත්තේ "දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාවයේ අබිරහසයි". ත්‍රිපුද්ගල ඒක දෙවි ප්‍රේමය, සහභාගීත්වය සහ සම්බන්ධතාවය අද  ඉරිදා ශුද්ධ ලියවිලි පාඨවලින් හෙළිදරව් වන දයා කරුණාබර දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාව බව එතුමා පෙන්වා දුන්නේය. අද දෙවැනි දේව ප්‍රකාශනයේ එන පරිදි ශු. පාවුළු තුමා කොරින්තිවරුනට ලියූ දෙවැනි හසුනේ ඔවුනට සුබ පතන්නේ "අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් ගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් ගේ සාංඝිකත්වයත් ඔබ සමග වේවා" යනුවෙනි. "මෙම ආශිංසනය කිරීමට ශු පාවුළු තුමන් පෙළඹවූයේ  දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය පිළිබඳව එතුමන් තුළ  වූ අත්දැකීමයි" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "කිතුනු ප්‍රජාව තුළ ඇති දුර්වලතා සහ සීමා නොතකා ශුද්ධවූ ත්‍රිත්වයේ සහභා

වැනිසියුලාවේ පාලක මදුරෝ රෙජීමයට මුහුණ දීමේ දී එරට රදගුරු මණ්ඩලයට සුදොතුම් පියතුමා ගේ පූර්ණ සහය

Image
Pope expresses "full support" to Venezuelan Bishops in their efforts to face the oppression of the Maduro Regime  වැනිසියුලාවේ ආණ්ඩු විරෝධී පෙළපාලියක් (2017 ජුනි 9) වැනිසියුලා ජනතාව මත දැඩි පීඩනයක් ඇති කර තිබෙන එරට පාලක රෙජීමයට මුහුණ දීමේ දී තමන්ට සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ ගේ පූර්ණ සහයෝගය ලැබී ඇතැයි වැනිසියුලාවේ කතෝලික රදගුරු මණ්ඩලය පවසයි. එම රදගුරු මණ්ඩලය මේ බව කියා සිටියේ ජුනි 8 වැනිදා වතිකානයේ දී සුදොතුම් පියතුමා සමග පැවැති හදිසි හමුවෙන් පසුව වාර්තාකරුවන් අමතමිනි. වැනිසියුලා රදගුරු මණ්ඩලයේ මෙම හමුව පාප් වහන්සේ ගේ දිනපොතේ සඳහන් වී තිබුනේ නැත. එහෙත් රටේ පවතින වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට තමා හමුවන්නැයි  එතුමා වැනිසියුලා රදගුරු හිමිවරුනට ආරාධනා කර  තිබිණ. මෙය අත්‍යවශ්‍ය හදිසි හමුවක් බැවින් පැනමා රදගුරු මණ්ඩලයේ  "අද් ලිමිනා' හමුවට පෙර මෙම සාකච්ඡාව හදිසියේ සුදොතුම් පියතුමා ගේ වැඩසටහනට ඇතුළු කෙරිණ. එම හමුවෙන් පසුව වාර්තාකරුවනට කතා කල කුමානාවේ අගරදගුරු දියෙගෝ පැද්‍රෝන් සාන්චෙස් හිමි වැනිසියුලා  ජනාධිපති නිකුලස් මදුරෝ ගේ රෙජීමය ජනතාව කෙරෙහි පවරා ඇ

"අතීතයේ දුහුවිලි ගසා දමා නව යුගයට මුහුණ දෙමු": සුදොතුම් පියතුමාගෙන් කිතු දන පුබුදුවට ඇරැයුම්

Image
Pope tells the Charismatics: "Leave the dust of time behind; face the new with faith in the action of the Holy Spirit!” සුදොතුම් පියතුමන් පුබුදු ජයන්ති රාත්‍රී යැදුම් මෙහෙයට සහභාගී වෙමින් ((2017 ජුනි 6) කතෝලික සභාව තුළත් වෙනත් කිතුනු සභා සහ නිකායන් සමගත් එක්ව යහපත් කටයුතු කිරීමේ දී ශුද්ධාත්ම ආලෝකය හා මග පෙන්වීම ඉල්ලා නිරන්තරයෙන් යාච්ඥා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. යාච්ඥාව සහ යහපත් සේවා ඔස්සේ එක්ව ගමන් කරමින් එක්ව ඉදිරියට යද්දී  ශුද්ධාත්ම වරම් අත්‍යවශ්‍ය බව එතුමා පෙන්වා දෙයි. එසේම, ශුද්ධාත්මයාණන් එක් සභාවක හෝ කණ්ඩාමක හෝ වස්තුවක් නොව සමස්ත කිතුනු ජනතාවගේම සමිඳාණන් බව ද එතුමා අවධාරණය කරයි. "ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ බෞතීස්මය සෑම කෙනෙකු සමගම බෙදා ගන්න. තොරක් නැතිව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. වෙනත් ක්‍රිස්තියානි සභා සහ  ප්‍රජාවන් සමග යාච්ඥාව තුළ එකමුතු වෙමිනුත් අවශ්‍යතාවලින් පෙලෙන ජනයාට සරණ වෙමිනුත් එක්ව පා නගමු....." "ශුද්ධාත්මයානන් වහන්සේ ගේ වරප්‍රසාදය එක් පිරිසකට හෝ සමහර අයට පමණක් නොවේ. උන්වහන්සේ ගේ වරප්‍

"අපි ඔබට ආදරෙයි ...." - බ්‍රිතාන්‍ය රදගුරු හිමි අන්තවාදී ත්‍රස්තවාදීන්ට යැවූ සෙනෙහසේ පණිවිඩය

Image
"You are Loved" - British Coptic Bishop tells terrorists   (2017 ජුනි 5) වෛරය වෛරයෙන්ම හා ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන් ම මර්දනය කළ යුතු බව කියමින් දත්මිටි කන මේ කාලයේ "මම ඔබට ආදරය කරනවා" යැයි ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීනට කියන කෙනෙක් සිටින බව ඔබ විශ්වාස කරනවා ද? එහෙම කෙනෙක් සිටියි. ඔහු කිතුණුවෙක්. ඔහු කොප්ටික කිතුනු පූජකවරයෙක්. ඔහු නම් මහා බ්‍රිතාන්‍යයේ කොප්ටික ඕතඩොක්ස් සභාවේ ප්‍රධාන රදගුරු අති උතුම් අන්ජෙලෝස් රදගුරු හිමිපාණෝයි. අන්ජෙලෝස් රදගුරු හිමිපාණන් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන් ද දෙවියන් වහන්සේ ගේ සමානත්වයට මවනු ලබා සිටින බවයි. අතිශය කුරිරු හා නපුරු ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් පවා මානවයන් ලෙස ප්‍රේම කරනු ලැබීමට සුදුසුකම් තිබෙන බවද එතුමා අවධාරණය කරයි. අන්ජෙලෝස් රදගුරු හිමි අන්ජෙලෝස් රදගුරු හිමි මේ බව ප්‍රකාශ කරන්නේ ඉකුත්දා ලන්ඩනයේ ඓතිහාසික "ලන්ඩන් බ්‍රිජ්" අසල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි. ලන්ඩන් බ්‍රිජ් ඓතිහාසික දර්ශනීය පාලම මත සහ ඒ අන්තයේ පිහිටි වෙළෙඳපොල තුළ එල්ල කෙරුණු අන්තවාදීන් ගේ මෙම ප්‍රහාරයෙන් 9

"භේදය ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන්නක් නොවේ; උන්වහන්සේ විවිධත්වය තුළ ඒකත්වයේ මැවුම්කාරයානෝ යි" - පෙන්තකොස්ත දින දිව්‍ය පූජාවේ දේශනය

Image
"Holy Spirit is the creator of Unity in Diversity and vise-versa": Pope on Pentecost (2017 ජුනි 5) ශුද්ධාත්මයාණන් රැගෙන එන්නේ "විවිධත්වය තුළ ඒකත්වයත්" "ඒකත්වය තුළ විවිධත්වයත්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. භේදය ශුද්ධාත්මයාණන්ගෙන් නොපැමිණෙන් බව එතුමා අවධාරණය කරයි. "විවිධත්වයෙන් තොර ඒකත්වයේ" සහ "එකත්වයෙන් තොර විවිධත්වයේ" දුර්පරීක්ෂාවෙන් මිදෙන්නැයි එතුමා සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ජුනි 4 වැනිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති ශුද්ධාත්ම ආගමන මහා මංගල්‍ය දින දිව්‍ය පුජාවේ ධර්ම දේශනය කරමිනි. මෙදින මෙම මංගල්‍යය සමගම, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රසාද ස්නාපනය පිළිගන්නා ඉවැන්ජලිකල් කිතුනු සභා නියෝජිතයන් ගේ ද සහභාගීත්වයෙන්  ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරයේ 50 වැනි සංවත්සරය ද සැමරිණි.  කිතු දන පුබුදුව කතෝලික සභාවේ ශුද්ධාත්ම කේන්ද්‍රීය ගිහි ව්‍යාපාරයයි. මෙම මංගල්‍ය දිව්‍ය භෝජන මෙහෙයට 60,000ක පමණ ජනතාවක් සහභාගී වූ බව වතිකාන ආරංචි මාර්ග කියයි. වලාකුළුවලින් තොර නිල් අහසක් හා

"අපි එක්ව ගමන් කරමු; එක්ව දුප්පතුනට සරණ වෙමු...."සුදොතුම් පියතුමා ඉවැන්ජලිකල් සභා නායකයිනට ආරාධනා කරයි.

Image
"Let us walk and serve together...." Pope tells Evangelical leaders  සුදොතුම් පියතුමා ඉවැන්ජලිකල් නායකයන් හමුවූ අවස්ථාව (2017 ජුනි 3) ශ්‍රී ලංකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකා රටවලත්  කිතුනු නොවන ජනතාව මෙන්ම කතෝලිකයන් පවා ඉවැන්ජලිකල් කිතුනු නිකායන් දෙස බලන්නේ වපරැසිනි. වපරැසින් පමණක් නොව ඇතැම් විට වෛරයෙනි. "සල්ලි දීලා ආගමට හරවා ගන්නවා" යන්න ඔවුනට එරෙහිව ඇති චෝදනාවයි. මෙවැනි කිතුනු නිකාය සහ සභා වලට  එරෙහිව නීත්‍යානුකුලව ක්‍රියා මාර්ග ගැනීම සඳහා නව නීති සකස් කිරීමට ද මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කතෝලික සභාව එවකට පැවැති ආණ්ඩුව සමග කටයුතු කරමින් සිටියේ ය. ඉවැන්ජලිකල් නිකාය වල දේශනාවාදීන් සහ පාස්ටර්වරු අමෙරිකාවෙත් යුරෝපයේ සහ ලතින් ඇමෙරිකා රටවලත් ප්‍රසිද්ධියේ ආගම දේශනා කරති. ඇතැම් විට රුපවාහිනි නාලිකා වලට මුදල් ගෙවා කාලය වෙන්කරවාගෙන දේශනා කරති. ඔවුන්ගේ දේශනා බොහෝ විට කතෝලික පියවරුන් ගේ දේශනා වලට වඩා හරබරය. සිත් ගන්නා සුළුය. දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තු ධර්මයේ අබිරහස් ජනතාවට තේරුම් ගත හැකි අයුරින් හා දෙවිඳුන් වෙත ජන සිත් බැඳෙන අයුරින් කතා කිරීමට ඔව්හු රුසියෝය. එ

සුබ උපන් දිනයක් ක්‍රිස්තු සභාව: පෙන්තකෝස්ත දිනයේ සුල මුල

Image
Happy Birthday, Church! (2017 ජුනි 3) ඔබ අවදිවන්නේ පෙන්තකෝස්ත මංගල්‍ය දිනයටයි. එනම් ශුද්ධාත්ම මංගල්‍ය දිනයටයි. මේ ශුද්ධවන්ත මහා මංගල දිනය සැලැකෙන්නේ ක්‍රිස්තු සභාවේ උපන් දිනය ලෙසයි. කුමක්ද පෙන්තකෝස්ත දිනය? මේ ඒ පිලිබඳ විමසුමකි. පැරැණි ගිවිසුම  "පෙන්තකෝස්ත" මංගල්‍යය මුලින්ම සම්බන්ධ වූයේ පුරාණ ගිවිසුම පාදක කරගත් ජුදා ආගමටය. මෙය ජුදෙව් නිවාඩු දිනයකි. "ශාවූ'ඔත්" යනුවෙන් හැඳින්වෙන මෙම දිනය යෙදෙන්නේ පාස්කු මංගල්‍යයෙන් පසු 50 වැනි දිනයේය. (පාස්කු මංගල්‍යය යනු ජුදෙව්වන්ගේ "Passover" මංගල්‍යයයි. එනම් දෙවියන් වහන්සේ ජුදෙව්වන් ඊජිප්තුවේ වහල්බවින් මුදාගත් දා රාත්‍රියේ දෙවියන් වහන්සේගේ දූතයා මිසරයේ නිවෙස් "පසුකරයාමේ" මංගල්‍යයයි.) අතීතයේ දී පෙන්තකෝස්තය ජුදෙව්වන් ගේ අස්වනු මංගල්‍යය වී තිබිණි. දැන් මේ මංගල්‍යයේ දී සිහිකෙරෙන්නේ දෙවියන් වහන්සේ සීනායි කඳු මුදුනේ දී මොසස්තුමාට "පුරාණ ගිවිසුම", එනම් දස පනත දීමේ අවස්ථාවයි. මෙම නීතිය ජුදෙව් දහමේ හැඳින්වෙන්නේ ටෝරාව යනුවෙනි. සෑම වසරකම පෙන්තකෝස්ත දිනයේදී ජුදෙව්වෝ  දෙවියන් වහන්සේ දුන් මෙම තිළිණයට ත