Posts

Showing posts from November, 2018

"රදගුරු හිමිවරුන් නිදොස් චරිත වලින් යුත් සේවකයන් මිස කුමාරයන් නොවිය යුතුයි" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
Bishops must be blameless servants, not princes, pope says (2018 නොවැම්බර් 11) රදගුරු තුමකු "නිර්දෝෂී" තැනැත්තකු විය යුතු අතර ඔහු කල්ලි, වස්තු සම්පත්,ධනය සහ බලයේ සේවකයකු නොව දෙවියන් වහන්සේ ගේ සේවකයකු විය යුතු යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. " රදගුරු තුමකු නිතර තමන් නිවැරැදි කර ගත යුතුය. එසේ නිවැරදි කර ගැනීම සඳහා නිතර තමන්ගෙන් මෙම ප්‍රශ්නය අසා ගත යුතුය: 'මම දෙවියන් වහන්සේ ගේ ගබඩාකරුවෙක් ද?  නැතිනම් ව්‍යාපාරිකයෙක් ද?' " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ නොවැම්බර 12 වන සඳුදා උදාසන සාන්තා මාර්තා තානායම් පුංචි පල්ලියේ පැවැත්වුණු දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. මෙදින එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ එදින පළමු දේව ප්‍රකාශනය වූ ශු. පාවුළු තුමා තීතස්ට ලියූ ලිපියෙන් උපුටා ගත්  පාඨයයි. (1:1-9) 17 වන සියවසේ ජීවත් වූ ආදර්ශවත් රදගුරු තුමකු හා ප්‍රාණපරිත්‍යාගීවරයකු වූ ශාන්ත ජෝසපාත් තුමන් ගේ මංගල්‍යය ද මෙදිනට යෙදී තිබිණි. " රදගුරුතුමකු දෙවියන් වහන්සේ ගේ පරිපාලකයකු නොහොත් ගබඩාකරුවකු විය යුතු බවත් ඔහු වස්තු සම්පත්වල, ධනයේ  හෝ බලයේ පරිපාලකයකු නොව