Posts

Showing posts from September, 2018

"සභාව යක්ෂයාගෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ජපමාල මාසය පුරා ජපමාලය යදින්න" සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ඇරැයුම් කරයි

Image
Holy father invites Catholics worldwide to pray rosary daily in October for Church's protection from Satan  සුදොතුම් පියතුමා පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානයේදී සියලු වන්දනාකරුවන් සමග ජපමාලය යාච්ඥා කල අවස්ථාව  (2018 සැප්තැම්බර් 29) "සභාව යක්ෂයාගෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා" මෙම ඔක්තෝබර මාසය පුරා දිනපතා ජපමාලය යදින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන බිලියන 1.3ක් වන කතෝලික ජනතාවට ආරාධනා කරයි. ජපමාලය මගින් මරිය මෑණියන්ටත් එය අවසානයේ ශු.මිඛායෙල් අග්‍රදූතතුමන්ටත් යාච්ඥා කරමින් "මහා චෝදනා කරුවා වන සාතන්ගෙන් සභාව ආරක්ෂාකරන මෙන්"  යදින්නැයි එතුමා  කතෝලිකයන් ගෙන් ඉල්ලාසිටියි. "ආධ්‍යාත්මික කුණාටු" සහිත අවස්ථාවලදී දේව මාතාවන් වන මරිය මෑණියන් සභාවේ ආරක්ෂාව සඳහා වැඩිය  ආකාරය සුදොතුම් පියතුමා සිහිපත් කරන බව එතුමන් ගේ මෙම ඉල්ලීම නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරමින් වතිකානය ප්‍රකාශ කරයි. "ආධ්‍යාත්මික කුණාටු සහිත අවස්ථාවලදී ශුද්ධවූ දේවමාතා වහන්සේ ගේ ශ්‍රී සළුව සෙවනේ ආරක්ෂාව ලබන්නැයි රුසියානු භාවයෝගීන් මෙන්ම සෑම සම්ප්‍රදායක ම සාන්තුවරුන් අනුශාසනා

අන්තවාදයේ සහ අන්තවාදී සටන් පාඨ සමග එන බලකාමයේ නැගීම ගැන සුදොතුම් පියතුමා අනතරු අඟවයි - "බලය සඳහා පිපාසය අතීතයේ අමිහිරි මතකයන් සුවපත් කිරීමට අසමත් වීමේ සලකුණකි" (Video)

Image
Holy Father warns against rise of extremism: "Thirst for power and glory is the sign of those who fail to heal the memories of the past" (2018 සැප්තැම්බර් 25) ලිතුවේනියාවේ ගත කළ දෙවන දිනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරට දෙවන ප්‍රධාන නගරය වන කෝනාස්හි සාන්තකොස් උද්‍යානයේ දී ඉරිදා දිව්‍ය පූජාව පැවැත්වීය. මීට වසර 25 කට පෙර දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ මෙහි පැමිණ මෙම ස්ථානයේ ම දිව්‍ය පූජාව ඔප්පු කළේ ලිතුවේනියාව සෝවියට් පාලනයෙන් විමුක්තිය ලැබීම සැමරීම සඳහාය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහි පැමිණියේ ලිතුවේනියාව නිදහස ලැබීමේ සියවස සැමරීමටය. දිව්‍ය පූජාව අවස්ථාවේදී එතුමන් කළ ධර්ම දේශනය ලිතුවේනියාව ඇතුළු සියලු බෝල්ටික් රටවලට මෙන්ම යුරෝපයට ද කළ අවදිකිරීමේ හඬකි. එතුමන් මෙහිදී නමින් සඳහන් නොකර ප්‍රධාන වශයෙන් ම කතා කලේ ඇමරිකාව ගිලගෙන දැන් යුරෝපය හරහා පැතිර යමින් පවතින  "ජනප්‍රියවාදී ජාතිකවාදය" (Populist Nationalism) ගැනය. එකම ජාතියක්, එකම ආගමක් පමණක් උතුම් කොට සලකා වෙනත් සියලු ජාතීන් හා ආගම් මෙන්ම  සංක්‍රමණික ජනතාව වෙනස් කොට සලකන ජනප්‍රියවාදී ජාතිකවාදය යුරෝපයේ බල ත

"පහර දීමෙන් තොරව අපට අප ආරක්ෂා කර ගත හැකි බව දයාවේ මෑණියන් අපට උගන්වනවා" - සුදොතුම් පියතුමා විලිනියස්හි දී

Image
“Mary teaches us that we can defend without attacking and  keep safe without the unhealthy need to distrust others" - Pope Francis at the Shrine of Our Lady of Mercy  (2018 සැප්තැම්බර් 23) බෝල්ටික් රටවල අපෝස්තලික සංචාරයක් ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සැප්තැම්බර් 22 දා ලිතුවේනියාවට පැමිණියේය. බෝල්ටික්  රටවල් යනු උතුරුදිග යුරෝපයේ බෝල්ටික් මුහුදට නැගෙනහිර දිගින් පිහිටි එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන ස්වෛරී රාජ්‍ය තුනයි. අතීතයේ විවිධ අධිරාජ්‍යවලට යටත්ව තිබු මේ රටවල් දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාවලට යටත්වූ අතර රුසියාව විසින් නාසි හමුදා පරාජය කිරීමෙන් පසුව සෝවියට් දේශයට අයත් ප්‍රදේශ බවට පත් වී තිබිණි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව මේ රටවල් ස්වාධීන ස්වෛරී රාජ්‍යයන් බවට පත් වූ අතර මේ වන විට මේ රටවල් තුනම යුරෝපීය සංගමයේ සහ NATO (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ) සාමාජිකත්වය දරයි. මේ රටවල් තුනම ඉහල ආර්ථික සංවර්ධනයක් ඇති රටවල් අතරට වැටේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අපෝස්තලික සංචාරය ආරම්භ කලේ ලිතුවේනියාවෙනි. මේ රට අතීතයේදී විවිධ සංස්කෘතික අනන්‍යතාවලට

ශුද්ධාසනය හා චීනය අතර ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ - වතිකාන අනුමැතියෙන් තොරව චීන ආණ්ඩුව පත් කළ රදගුරුවරුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පිළිගනු ලබයි (Breaking News)

Image
Vatican and China sign agreement on the appointment of bishops -  Pope Francis recognizes Chinese bishops ordained without papal approval (මෙම පුවතට  අද දවස පුරා නව තොරතුරු එකතුකර යාවත්කාලීන කරනු ලැබිණි.)  බීජිං නුවර දේවමාතාවහන්සේ ගේ නිර්දෝෂ පිළිසිඳීමේ ආසන දෙව්මැදුරේ යාච්ඥා කරන සැදැහැවතුන් පිරිසක්  (2018 සැප්තැම්බර් 22) ශුද්ධාසනය සහ  චීනය අතර ඓතිහාසික "තාවකාලික" ගිවිසුමකට අද (සැප්තැම්බර 22) අත්සන් තැබිණි. අද දහවල් කාලයේ වතිකාන මාධ්‍ය කාර්යාලය අංශය විසින් නිකුත් කෙරුණු කෙටි නිවේදන කිහිපයකින් මේ පිළිබඳව හෙළිදරව් කෙරිණි. පොදුවේ උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා පදනම් කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණු බව  එම නිවේදනයේ සඳහන් වේ. ගිවිසුමට අත්සබ් තැබීම සිදුවූයේ චීනයේ  බීජිං අගනුවර දීය.  ශුද්ධාසනය වෙනුවෙන් එහි රාජ්‍ය සමග සම්බන්ධතා පිලිබඳ නියෝජ්‍ය ලේකම් ඇන්ටොයින් කැමිලේරි මාහිමි ද චීනය වෙනුවෙන් එරට නියෝජ්‍ය විදේශ ඇමැති වාං චාඕ ද ඊට අත්සන් කළහ.  මෙය තාවකාලික නොහොත් අන්තර්වාර ගිවිසුමක් බව වතිකානය නිකුත් කල නිවේදනය පැහැදි

"පූජක සහෝදර වරුනි, දෙබිඩි ජීවිතයක් ගත නොකරන්න!" -සුදොතුම් පියතුමා උපදෙස් දෙයි: "පුදැදුරුවරය රැකියාවක් නොවේ; එය ආත්ම පරිත්‍යාගයේ ජීවිත සාක්ෂියක්"

Image
"Priests that they are a man of God 24 hours a day",  Pope Francis tells priests in Sicily  (2018 සැප්තැම්බර් 16) සිය දුසිරිත් හා පාප වලට එරෙහිව සටන් කරමින් යහගුණ සහ සදාචාරය වෙනුවෙන් ජීවිත සාක්ෂියක් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා පුදැදුරුවරුනට අභියෝග කරයි. "දේව ජනතාව  ඉදිරියේ එක් ජීවිතයකුත් පෞද්ගලිකව තවත් ජීවිතයකුත් ලෙස ජීවිත දෙකක් ගත කිරීමට පූජකවරයකුට නොහැකියි. එසේයි. ජීවිත සාක්ෂිය එකම එකක් පමණයි. ජේසු සමිඳුන් ගේ සාක්ෂිය හිමි වන්නේ උන්වහන්සේට පමණයි. මේ නිසා පූජකවරයා උන්වහන්සේට (ජේසු සමිඳුන්ට) ඇති ප්‍රේමය නිසා තමන්ගේ ම දුර්ගුණ සහ පාප වලටත් ලෞකිකත්වයටත් එරෙහි  සටන භාරගනියි" යැයි එතුමා පූජකවරුනට  උපදෙස් දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ  ඉකුත් සෙනසුරාදා ඉතාලියේ සිසිලි ප්‍රදේශයේ කල අපෝස්තලික සංචාරයේ දී ය. එතුමා එහි පැලර්මෝ නගරයේ ආසන දෙව්මැදුරේදී  පදවියට අයත් රදගුරු හිමිවරුන්, පුදැදුරුවරුන්, කැපවුණු ජීවිත ගත කරන පැවිදි වරුන්-පැවිදිවරියන් සහ දෙව්සත්හල් සිසුන් ඇමතූවේය. නූතන පුදැදුරුවරයා  ගේ භූමිකාව විස්තර කරමින් එතුමා මෙම උපදෙස

"බමුණුකුලවාදී, පූජකඅධිපතිවාදී සභා තුළ අපයෝජනය සශ්‍රීකව වැඩෙනවා" -සුදොතුම් පියතුමා කියයි

Image
"Abuse thrives in elitist and clericalist church"-  Pope Francis in Ireland  (2018 සැප්තැම්බර 14) ලිංගික සහ භෞතික අපයෝජනය, බලය අවභාවිත කිරීමේ ප්‍රතිඵලයක්  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එසේම අධිකාරී බලය අධිපතිවාදය සමග අවුල් කරගත් විට ද අපයෝජන සිදුවන බව එතුමා පෙන්වා දෙයි. "බලය අවභාවිත කිරීම (සභාව තුළ) පවතිනවා. අධිපතිවාදී රදගුරු තුමකු ගැන නොදන්නේ අප අතරින් කී දෙනෙක්ද? සභාව තුළ නිරන්තරයෙන් ම අධිපතිවාදී රදගුරුවරුන් සහ පැවිදි නිකාය නායකයින් සිට තිබෙනවා" යි එතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් අගෝස්තු මස අවසානයේ අයර්ලන්තයට ගිය අවස්ථාවේදී සිය සහෝදර ජේසු නිකායිකයන් ඇසුරේදීය. එම අපෝස්තලික සංචාරය අතරතුර අගෝස්තු 25 වැනිදා සවස අයර්ලන්තයේ සිටින ජේසු නිකායිකයන් සමග විවේකීව සුහද සංවාදයක යෙදීමට එතුමාට කාලය වෙන්කර දී තිබිණි. එම සංවාදයේ තොරතුරු මෙතෙක් ජේසු නිකායිකයන් අතර පෞද්ගලිකව තබාගෙන තිබිණි. එහෙත් එම සංවාදයේදී හුවමාරු වූ අදහස් පිලිබඳ විස්තරයක්  සැප්තැම්බර 13 වැනිදා  La Civilta Cattolica නමැති ජේසුනු සඟරාවේ පළකර තිබේ. අයර්ලන්තය,

පුදැදුරු ළමා අපයෝජන ගැන සාකච්ඡාවට ඇමෙරිකා රදගුරු හිමිවරු රෝමයට: : "සාකච්ඡා දීර්ඝයි; ඵලදායකයි" , ඔව්හු කියති

Image
US bishops say meeting with Francis on clergy abuse was 'lengthy, fruitful' වමේ සිට: ලොස් ඇන්ජලීස්හි හොසේ ගෝමස් අගරදගුරු හිමි, ගැල්වෙස්ටන්-හියුස්ටන්හි ඩැනියෙල් ඩිනාදෝ කාදිනල් හිමි, බොස්ටන් හි ෂෝන් ඕ'මැලි කාදිනල්  හිමි සහ බ්‍රයන් බ්‍රන්ස්ෆීල්ඩ් මාහිමි   (2018 සැප්තැම්බර් 13) ඇමෙරිකාවේ කතෝලිකයන්  කම්පනයටත් තෝන්තුවාවටත් පත්කළ එරට කතෝලික පුදැදුරු වරුන් විසින් සිදුකරන ලද බවට හෙලිදරව්  වී ඇති ළමා අපයෝජන හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡාව සඳහා ඇමෙරිකා රදගුරු සමුළුවේ නායකත්වය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් රෝමයට කැඳවනු ලැබ සිටියහ. වතිකානයේ දී අද (සප්තම්බේ 13)  ඔවුන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මේ අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් ඔවුන්  සමග සාකච්ඡා කළේය. ඇමෙරිකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගැල්වෙස්ටන්-හියුස්ටන් පදවියේ අගරදගුරු ඩැනියෙල් ඩිනාඩෝ කාදිනල් හිමි, ලොස් ඇන්ජලීස් පදවියේ අගරදගුරු හොසේ ගෝමස් අගරදගුරු හිමි සහ රදගුරු සම්මේලනයේ මහ ලේකම් බ්‍රයන් බ්‍රන්ස්ෆීල්ඩ් මාහිමි මෙම නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ. ඊට අමතරව ළමා අපයෝජන පිලිබඳ සුදොතුම් පිය

"නිශ්ශබ්දතාව: අවාදර්ශය පමණක්‌ සොයා මොර දෙන ජනයාට දිය හැකි හොඳම ප්‍රතිචාරය" - සාන්තා මාර්තා ධර්ම දේශනය

Image
Silence best response to 'people who seek only scandal' - Reflection at Santa Martha chapel  (2018 සැප්තැම්බර් 3) අවාදර්ශයට සහ භේදය වැපිරීමට  දිය හැකි හොඳම පිළිතුර නිශ්ශබ්දතාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "හොඳ හිත නොමැති ජනතාව සමග කටයුතු කිරීමේ දී , අවාදර්ශය පමණක් සොයන ජනයා සමග වැඩකරද්දී, භේදය පමණක් සොයන ජනතාව සමග කටයතු කරද්දී, හොඳම ප්‍රතිචාරය නිශ්ශබ්දතාව සහ යාච්ඥාව යි," යි එතුමා කියයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මේ බව කියා සිටියේ සාන්ත මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැත්වෙන උදාසන දිව්‍ය පූජාවේ සුපුවත් භාවනාව කරමිනි. ග්‍රීෂ්ම කාලය නිසා නවත්වා තිබූ එම දෙව්මැදුරේ දිව්‍ය පූජාව පැවැත්වීම සැප්තැම්බර් 3 වන සඳුදා සිට එතුමා යළි ආරම්භ කලේය. මෙදින දිව්‍ය පූජාවේ සුපුවතින් කියැවුණේ ජේසු සමිඳුන් නාසරෙතයේ   ධර්මශාලාවේදී මුහුණ දුන් ජනතා විරෝධයයි . එම ධර්ම ශාලාවේදී ඉසයියස් දිවස්ප්‍රසාදී තුමා ගේ පොතින් කොටසක් කියවා එය විස්තර කිරීමෙන් පසුව උන්වහන්සේට එල්ල වූ මෙම විරෝධයත්, උන්වහන්සේ කන්දෙන් පහලට පෙරළා මරා දමන්නට ජනතාව උත්සාහ කරද්දී ඔවුන් මැදින් නිශ්ශබ්දව