Posts

Showing posts from June, 2018

"ඔබ තවත් කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ යැයි නොසිතන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට කියයි."ඔබට ලැබිය හැකි ඉහලම උසස් වීම දේව ජනතාව අතර අල්පවුනට සේවය කිරීමයි"

Image
"Act as servants to the people under your care": Holy Father tells world's Cardinals  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමි නමකට රක්ත වර්ණ බිරෙට්ටාවක් පළඳවමින්  ලොව පුරා කාදිනල් හිමිවරුන් ක්‍රියා කළ යුත්තේ තමනට භාරවන ජනතාවගේ සේවකයන් හැටියට බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. පුද්ගලයකුට ලැබිය හැකි විශිෂ්ටතම උසස්වීම ජනතාව අතර  ඉතා සුළුම තැනැත්තන් තුළ වෙසෙන ක්‍රිස්තුන්  වහන්සේට සේවාව කිරීම බව ද එතුමා කියයි. කිසිදු කෙනෙකු තමන් වෙනත් කෙනෙකුට වඩා ශ්‍රෙෂ්ඨ බව නොසිතිය යුතු බව ද එතුමා සියලු කාදිනල් හිමිවරුනට පෙන්වා දෙයි. " අපට ලැබිය හැකි ඉහලම ගෞරවය හා විශිෂ්ටතම උසස්වීම මෙයයි: එනම් දෙවියන් වහන්සේගේ විශ්වාසිකයන් තුළ සිටින ක්‍රිස්තුන් වහන්සේට සේවාව කිරීම " යයි එතුමා පෙන්වා දුන්නේය. "විශ්වසනීය අධිකාරීත්වය පැණනගින්නේ  අපගේ සේවාව ලබන ජනතාවගේ පා මුල හිඳීම සහ  සාගින්නෙන් පෙලෙන, සිරගත කරන ලද, රෝගී වූ , දුක් පීඩා විඳින, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, සමාජයෙන් ඉවතට විසිකරන ලද ඈ ලෙසින් තමාගේ ම වූ ජීවිත අත්දැකීම් හා  ජීවිත කතන්දරත්,  බලාපොරොත්තු සහ අපේක්

"සැබෑ කිතුනු එකමුතුව සඳහා භේද වලට ඉහලින් ක්‍රිස්තුන් වහන්සේ තබන්න" සුදොතුම් පියතුමා ජිනීවා නුවරදී

Image
 "Puts Christ over division for Christian unity"  -  Pope says in Geneva  (2018 ජුනි 23) කිතුනු සභා අතර භේදය පැණනගින්නේ ලෞකිකත්වය නිසා බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. සභා තර එකමුතුව කරා යන ගමනට ඇතිවන බාධා වලින් ජයගැනීම සඳහා භේදයට තුඩුදෙන කරුණුවලට වඩා ක්‍රිස්තුන් වහන්සේට ප්‍රමුඛත්වය දිය යුතු බව එතුමා අවධාරණය කරයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ පැවැත්වුණු  ලෝක කිතුනු සභා කවුන්සිලයේ 70 වන සංවත්සර සභාවට සහභාගී වීම සඳහා ජුනි 21 වනදා ජිනීවා නුඅවරට පැමිණි අවස්ථාවේදීය. ක්‍රිස්තියානි විශ්වාසයන් අතර සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලෝක කිතුනු සභා කවුන්සිලය පිහිටුවාගන්නා ලද්දේ 1948 දීය. මේ වන විට ලොව පුරා කිතුනු සභා 348ක් මෙහි සාමාජිකත්වය ලබා තිබේ. රටවල් 110ක ජීවත්වන ඇන්ග්ලිකාන, ඕතඩොක්ස්, බැප්ටිස්ට්, ලුතෙරාන සහ මෙතෝදිස්ත ඇතුළු සභා රැසක කිතුනුවෝ මිලියන 500කට අධික පිරිසක් ඊට අයත් වෙති. වතිකානය හෝ කතෝලික සභා මෙම කවුන්සිලයේ සාමාජිකත්වය ලබා නොමැති අතර නිරීක්ෂක මට්ටමින් ඊට සහභාගී වෙයි. එම කවුන්සිලයේ 70 වන සංවත්සරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක්වීම නි

"හද තෘප්තිමත් කරන්නේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පමණයි" - දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දින ධර්ම දේශනය

Image
"Only the Eucharist satisfies hearts" - Pope says at the Feast of the Corpus Christi (2018 ජුනි 5) ප්‍රේමය සඳහා පවතින හදගින්න නිවා තෘප්තිමත් කිරීමට හැකියාව ඇත්තේ  ජීවනයේ ආහාරය වන ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයට හා  ශ්‍රී රුධිරයට  පමණක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. මෙය විශ්වීය අත්දැකීමක් බව එතුමා පෙන්වා දෙයි. ජීවිතයේ දී අපි නිරන්තරයෙන් පෝෂණය විය යුතු වෙමු. එලෙස පෝෂණය විය යුත්තේ ආහාරයෙන් පමණක් නොවේ. සැලසුම්වලින් සහ සෙනෙහසින් ද , බලාපොරොත්තු සහ අපේක්ෂාවලින් ද අප පෝෂණය ලැබිය යුතුය.අපි ආදරය ලැබීමට හාමතින්  සිටිමු.  ...ඉතා ප්‍රසන්න සුබ පැතුම් හෝ ඉතා විශිෂ්ට තිළිණ හෝ අප තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. ඒවා අප සම්පූර්ණයෙන් තෘප්තිමත් කරන්නේ නැත." "දිව්‍ය සත්ප්‍රසාදය රොටී බඳු සරල ආහාරයකි. එහෙත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරන එකම ආහාරය එයයි. අපි එහි සැබවින්ම ජේසු සමිඳුන් මුණගැසෙමු; උන්වහන්සේ ගේ ජීවිතය  බෙදාගනිමු;  උන්වහහන්සේගේ  ආදරය ස්පර්ශ කරමු." "අපි මේ ජීවනයේ ආහාරය තෝරා  ගනිමු. දිව්‍ය පූජාව අපගේ ප්‍රධාන ප්‍රමුඛත්වය කර ගනිමු. අපගේ කිතුනු සමාජ 

"කාන්තාවන්ට පුදැදුරුවරය බැහැ. එම ඉගැන්වීම ස්ථිරයි. සැකයෙන් තොරයි" -වතිකාන වීශ්වාස ධර්ම පර්ෂදයේ නායක අගරදගුරු හිමි අවධාරණය කරයි

Image
Vatican's doctrinal prefect reaffirms ban on women priests; "Teaching definitive" He affirms  (2018 ජුනි 2)  කාන්තාවනට පුදැදුරුවරය දානය කිරීම නොකළහැක්කක් බවට   කතෝලික සභාව ප්‍රකාශ කරන ඉගැන්වීම ඉතා පැහැදිලි, ස්ථිර ඉගැන්වීමක් බව වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ ඉහළම අධිකාරිය දරන අගරදගුරු හිමි තහවුරු කරයි. එය අදටත්, අනාගතයටත් එකසේ ම වලංගු බවද එතුමා පවසයි. මේ නිසා ඊට විරුද්ධ අදහස් යෝජනා කිරීම බරපතල ව්‍යාකුලතාවලට හේතුවන බව එතුමා පෙන්වා දෙයි. වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි ලුයිස් ලැඩේරියා අගරදගුරු හිමි මේ බව කියා සිටියේ වතිකානයේ ලෙ' ඔසවටොරේ රොමානෝ පුවත්පතට යැවූ  ලිපියක් මගිනි. මෙය මැයි 29 වනදා එම පුවත්පතේ පළකර තිබිණි. " ක්‍රිස්තුන් වහන්සේ මෙම දේව ප්‍රසාද නිධානය (පුදැදුරු වරය,) සියලු දෙනාම පිරිමින් වූ අපොස්තුළුවරුන් 12 දෙනාට පමණක් දානය කල අතර, ඔවුහු  පෙරළා එම වරම වෙනත් පිරිමිනට දානය කළහ. පුදැදුරු වරය (ministerial priesthood) වලංගු ලෙස කාන්තාවනට  දානය කළ හැකි යන අදහස බැහැර කෙරෙන ස්වාමීන් වහන්සේ ගේ මෙම තීරණයට තමන්  බැඳී සිටින බව කතෝලික සභාව නිරන්තර