Posts

Showing posts from February, 2019

ප්‍රැන්සිස් සුදොතුම් පිය මෙහෙවර හා භූමිකාව විමැසෙන සම්මන්ත්‍රණයක් කොළඹ දී

Image
"The Prophetic Voice in a time where men and women are considered as garbage and dust"- A conference on the vision and mission of Pope Francis in Colombo  (2019 පෙබරවාරි 27) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම ධුරයට තේරී පත්වී මේ මාර්තු මාසයට වසර 6ක් සපිරේ. මෙය නිමිති කරගනිමින් එතුමන් ගේ දැක්ම සහ මෙහෙවරත් සභාව තුළ මෙන්ම ලෝකය තුළ එතුමන් ගේ භූමිකාවත් විමර්ශනයට ලක්කෙරෙන කථිකා කිහිපයක් 2019 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රථම සම්මන්ත්‍රණය නම් කර ඇත්තේ "කසල හා දූවිලි බවට මිනිසුන් හා ගැහැණුන් පත්වන යුගයක  - රාව නැංවෙන දිවැසිවර හඬ" ලෙසයි. මාර්තු මස 2 වනදා, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 4.30 දක්වා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී මෙම කතිකාව පැවැත්වේ. මෙය සංවිධාන කරනු ලබන්නේ "අද ජේසු සාමුහිකය" විසිනි. "ප්‍රැන්සිස් සුදොතුම් පිය පසුබිම" පිළිබඳව ගරු ආචාර්ය ඇලෝයි පීරිස් ජේ. නි. පියතුමා පවත්වන දේශනයකින් කථිකාව ආරම්භ වේ. ඉන්  පසුව  කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්මද

"මේ කෘරකම් සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද ?" නයිජීරියානු පැවිදි සොයුරියක් රදගුරු හිමිවරුන් ගෙන් අසයි

Image
 Nigerian sister asks bishops: Why did the church allow atrocities of sex abuse to remain secret? වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය රදගුරු හමුවේ දී (2019 පෙබරවාරි 24) "සභාව දැන් පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකය. සභාවක් ලෙස අප දැන් සිටින මේ නින්දිත, අපකීර්තිමත් තත්වයට අප රැගෙනවිත් ඇත්තේ අපගේම මධ්‍යමානතාව, කුහකකම සහ තෘප්තිමත් ස්වභාවයයි" යයි නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය පවසයි.  "පූජක වරුන්ගේ ළමා අපයෝජනත් රදගුරුවරුන් එම වැරදි ආවරණය කොට ඔවුන් ආරක්ෂා කරන්නට ක්‍රියා කල ආකාරයත් විස්තර කරමින් 2015 දී නිෂ්පාදනය  කළ   “Spotlight,” චිත්‍රපටිය නරඹද්දී මගේ හදවත වේදනාවෙන් දැවුනා. නෙත්වලින් කඳුළු කඩා  හැලුණා. මේ කෘරකම් ආවරණය කර සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද , රදගුරු හිමිවරුනි" ඈ ඍජුව ප්‍රශ්න කරයි. නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොහොයුරිය රදගුරු හිමිවරුන් ඇතුළු 190ක් වන නියෝජිතයන් ගෙන්  මේ ප්‍රශ්නය නැගුවේ වතිකානයේ පැවැත්වුණු පුදැදුරු ළමා අපයෝජන පිලිබඳ රදගුරු හමුවේ දෙවැනි දිනයේ එය අමතමිනි. ඔපෙනිබෝ සොහොයුරිය ශුද්ධවූ ජේසු බිලිඳු සම

"රදගුරු හිමිවරුන් මනුෂ්‍යත්වයේ තුවාල සමග නිරන්තර ස්පර්ශයෙන් පසුවිය යුතුයි" - මැනිලා නුවර අගරදගරු හිමි පුදැදුරු අපයෝජන සමුළුවේ දී කියයි

Image
Cardinal Tagle: Bishops need to be “constantly in touch with the wounds of humanity.”  (2019 පෙබරවාරි 23) ළමා ලිංගික අපචාර අනාගතයේ දී සිදුවීම වැලැක්වීම  සඳහා සමස්ත සභාවම එකට එක්ව තීරණාත්මක ලෙස ක්‍රියා කල යුතු යැයි ඉන්දියාවේ බොම්බායේ අගරදගරු ඔස්වල්ඩ් ග්‍රාසියස් රදගුරු හිමි කියයි. එසේම දැනට එම අපචාරයට ගොදුරු වී සිටින තැනැත්තන් සුවපත් කිරීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කැපවිය යුතු බව ද එතුමා පෙන්වා දෙයි. කාදිනල් ග්‍රාසියස් හිමි මේ බව කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් කැඳවනු ලැබ  ඇති පූජක ළමා අපචාර පිලිබඳ රදගුරු සමුළුවේ දෙවැනි දින වූ පෙබරවාරි 22 වන දින රැස්වීම්වාරය අමතමිනි. ග්‍රාසියස් හිමි මෙම රදගුරු  හමුවේ සංවිධායක කමිටු සමාජිකයෙක් ද වේ. ළමයින් සහ අනතුරට ලක්විය හැකි වැඩිහිටියන් ඍජුව අපයෝජනයට ලක්කිරීම කෙතරම් බරපතල වන්නේද, සභාවේ මගපෙන්වීම සහ විධායක වගකීම් සහිත නායකයන් අපයෝජනයට ලක්වූවන් යළිත් ගොදුරු බවට පත්කරගැනීම නිසා ඔවුන් තුළ ඇතිවන තුවාල ඊටත් වඩා බරපතල ස්වභාවයක් ගන්නා බව ග්‍රාසියස් කාදිනල් තුමා පෙන්වා දුන්නේය. මේ තත්වය වැලැක්වීම සඳහා සියලු රදගුරු හිමිවරුන් පදවි, ජ

"පුදැදුරු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි" වතිකාන නිලධාරී අගරදගුරු තුමා ලෝක රදගුරු හිමිවරුනට උපදෙස් දෙයි

Image
"Bishops must investigate all accusations of abuse without any delay" - Maltese Archbishop Scicluna tells Bishops  (2019 ජනවාරි 22) ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා  එල්ල වී  ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත් වූවත්, රදගුරු හිමිවරුන් ගේ වගකීම වන්නේ ළමයින්  සහ යෞවනයන් ගේ ආරක්ෂාව අරමුණු කරගනිමින් පොදු යහපත තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම බව මොල්ටාවේ චාර්ල්ස් ස්කිල්කූනා අගරදගුරු හිමි පෙන්වා දෙයි. " අප නිතරම නීතියට අනුව ක්‍රියා   කරන බවට අපගේ රැකවරණ ලබන විශ්වාසිකයන් ගේ සංඝය තුළ විශ්වාසයක් තිබිය යුතුයි. කෙතරම් ඉහළ වන්දියක් ගෙවීමට සිදු වූවත් අප ඔවුන් ආරක්ෂා කරන බව අපගේ විශ්වාසකයන් දැනගත යුතුයි . අප වෙත භාර කරන ලද බැටළු රැල වෙනුවෙන් අප අපගේ ජීවිතය වුවද පුද දෙන්නට සූදානම් බවට වැටහීමක් ඔවුන් තුළ ජනිත විය යුතුයි," යි එතුමා අවධාරණය කළේය. ස්කිල්කූනා අගරදගුරු හිමියන් මෙම ප්‍රකාශ කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් කැඳවන ලද පූජක ළමා අපචාර පිලිබඳ ලෝක රදගුරු සමුළුවේ පළමු දිනයේ (පෙබරවාරි 21) තුන්වන දේශනය කරම

"පූජක අපයෝජනයට ලක්වූවන් විශ්වාස කරන්න. ඔවුන්ට ගරු කරන්න. ..ඔවුන් සභාවේ සතුරන් බව පවසා අවමන් නොකරන්න!" රදගුරු සමුළුවේ දී සාක්ෂි දැරූ අපයෝජනයට ගොදුරු වූවෝ කියති

Image
Victims should be “believed, respected, cared for, and healed. They must not be treated as enemies of the Church" Abuse victims appeal in their testimonies  (2019 පෙබරවාරි 21) පුජකවරුන්  අතින් අපයෝජනයට ලක්වූවන් ඒ ගැන සභා නායකයනට පැමිණිලි කරන විට ඔවුන් විශ්වාස කරන්නැයි අපයෝජනයට ලක්වූ අයෙක් ලොව පුරා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි. " ඔවුන් බොරු කියන බවත් සභාවේ සතුරන් බවත් පවසමින් ඔවුනට අවමන් කරන්නට එපා!" යි ඔහු අවධාරණය කරයි. ළමා අවධියේ කතෝලික පුදැදුරු වරයකු අතින් ලිංගික අපයෝජනයට ලක්වූවෙක් මේ බව කියා සිටියේ ළමා අපයෝජනය පිලිබඳ රදගුරු හමුව ඉදිරියේ සිය ජීවිත සාක්ෂිය ඉදිරිපත් කරමිනි ඔහුගේ ඇතුළු තුන් දනෙකු ගේ සාක්ෂි වීඩියෝ දර්ශනයක් ලෙස රදගුරු හමුවට එක්වූ 190ක් වන  නියෝජිතයන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණි. මෙම සාක්ෂි කරුවන් ගේ නම් හෝ එම වීඩියෝව මාධ්‍ය වලට නිකුත් කර තිබුනේ නැත. ඔවුන් ගේ කතාව මුද්‍රිත පිටපතක් ලෙස පමණක් බෙදා හැර තිබිණි. සමුළුවේ ආරම්භ දිනය වූ පෙබරවාරි 21 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ඉතා කෙටි ආරම්භක හැඳින්වීමෙන් පසුව මුල්ම අංගය වූයේ මෙම සාක්ෂි කරුවන්

"යුක්තිය ඉල්ලා හඬන කුඩා වුවන් ගේ වේදනාට සවන් දෙන්න" පූජක ළමා අපයෝජන සමුළුව විවෘත කරමින් සුදොතුම් පියතුමා කියයි; "මේ ව්‍යසනය අවසන් කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්න" එතුමා රදගුරුවරුනට අවධාරණය කරයි.

Image
“Listen to the cry of the little ones” Pope Francis says at abuse summit opening (2019 පෙබරවාරි 21) "ඔබ මෙම ස්ථානයට රැස්වූයේ  හුදෙක් (පූජක ළමා අපයෝජන පිලිබඳ) සාමාන්‍ය සහ පැහැදිලි හෙලාදැකීම්  කිරීමට නොවේ. .. ඔබ එකට එක්ව මෙතන රැස්වූයේ යුක්තිය ඉල්ලා හඬන කුඩා වුවන් ගේ වේදනාවට සවන් දීමට" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "දෙවියන් වහන්සේ ගේ ශුද්ධ වූ ජනතාව අප දෙස බලා සිටින්නේත් අපගෙන් බලාපොරොත්තු වන්නේත් හුදෙක් සරල, පැහැදිලි හෙලාදැකීම් කිරීම නොවේ. මෙම නපුර අවසන් කිරීමට අවශ්‍ය මූර්ත සහ ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමයි " යි එතුමා පෙන්වා දුන්නේ බාල වයස්කාරයන් (පූජක අපයෝජන වලින්) ආරක්ෂා කිරීම පිලිබඳ රදගුරු මහ සමුළුව විවෘත  කරමිනි. මෙම සමුළුව වතිකානයේ සිනොඩ් ශාලාවේදී අද (පෙබරවාරි 21) ආරම්භ විය. ලොව පුරා කතෝලික රදගුරු සමුළුවල සභාපති හිමිවරුන්, පෙරදිග කතෝලික සභා නායක නියෝජිතයන්, පිරිමි සහ කාන්තා පැවිදි නිකාය  නායකයන් සහ වතිකානයේ නායක හිමිවරුන් ඇතුළත් 190 දෙනෙක් මෙම හමුවට සහභාගී වෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉහත  උපදෙස් දුන්නේ එම සියලුම නියෝජිතයන්  අමතමිනි.

පූජක ළමා ලිංගික අපයෝජනය පිලිබඳ ලෝක රදගුරු මහා රැස්වීම වෙනුවෙන් මේ සතිය පුරා යාච්ඥා කරන්න - සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලයි

Image
Holy father invites world's Catholics to pray for the Protection of Minors Summit  (2019 පෙබරවාරි 19) පූජක වරුන් විසින් සිදු කරනු ලබන ළමා ලිංගික අපයෝජන මැඩපැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් ගත  යුතු පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද ලෝක රදගුරු හිමිවරුන්ගේ මහ රැස්වීම මේ මස 21 සිට 24 දක්වා රෝමයේදී පැවැත්වෙයි. ඊට සහභාගී වීම සඳහා ලොව පුරා ජාතික කතෝලික රදගුරු සම්මේලන වල සභාපති හිමිවරු මේ වන විට වතිකානයට පැමිණ සිටිති. මෙම සමුළුවට  ශ්‍රී ලංකාව වෙනුවෙන් පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති බදුලු රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණෝය. සමස්ත කතෝලික සභාවට අවමානයක් ගෙන දෙමින් සභාව මත  මත රිදුම් දෙන තුවාලයක් බවට පත්ව තිබෙන මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම  සඳහා වූ මෙම මහ සමුළුව කැඳවන  ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. බාල වයස්කාරයන් සහ  යෞවනයන් පූජකවරුන් විසින් ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වලදී රදගුරුවරුන් වෙත පැවරෙන වගකීම, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම සහ එවැනි චෝදනා ගැන ක්‍රියා කිරීමේදී ඔවුන් අනුගමනය කල යුතු පාරදෘශ්‍ය ස්වභාවය ගැන

ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ

Image
McCarrick removed from priesthood after being found guilty of child abuse, solicitation and abuse of power (2019 පෙබරවාරි 17) ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු  (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත්  සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු කළේය. එදින නිකුත් කළ නිවේදනයක් මගින්  වතිකානය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. "පාපොච්චාරණ සක්‍රමේන්තුව සම්ප්‍රයාචනය කිරීම (solicitation), සහ බාල වයස්කාරයන් සහ වැඩිහිටියන් සමග සවැනි දේව පනතට විරුද්ධ පාප සිදුකිරීම හා ඒ තුළ වඩා බරපතල ආකාරයෙන් බලය අයුතු ලෙස භාවිත කිරීම  සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්" මැක්කෙරික් ගේ පූජකත්වය  ඉවත් කරන ලද බව එම නිවේදනය ප්‍රකාශ කරයි.  පූජකවරයකු සහ රදගුරුවරයකු ලෙස සිටි කාලය තුළ බාලවයස්කාරයන් සහ වැඩිහිටි යොවුන් දෙව්සත්හල්  සිසුන්ට ලිංගික වශයෙන් අතවර කිරීම සහ ඒවාට ඔවුන් පොළඹවා ගැනීම සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු වරයා වූ තියඩෝර් මැක්කෙරික්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.  මෙම වැරදි සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී  ඇති බව ඒ පිළිබඳව විභාග කළ වතික

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට - අරාබි අර්ධද්වීපයට යන ප්‍රථම පාප්තුමා

Image
Holy Father starts his historic visit in UAE -First Pope to come to Arabian Peninsula  (2019 පෙබරවාරි 3) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද, පෙබරවාරි 3 වනදා, සිය ඓතිහාසික එක්සත් අරාබි එමීර් රාජ්‍ය චාරිකාව ආරම්භ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය වේලාවෙන් ඉරිදා පස්වරුවේ එතුමන් රැගත් ගුවන් යානය අබුඩාබි ගුවන් තොටුපළට ලඟාවිය. ගුවන් තොටුපළේදී එතුමන් පිළිගන්නා ලද්දේ එරට ඔටුන්න හිමි කුමරුන් වන ෂීක් මොහමඩ් බින් සයීඩ් අල්-නාහ්යාන් කුමරුන් විසිනි. ඉන් පසුව එතුමා එහි පැමිණ සිටි සිය ලබැඳි මිතුරකු විසින් ද උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. එනම් ඊජිප්තුවේ අල්-අස්ර් පල්ලියේ  අග්‍ර ඉමාම් වරයා වන අහමඩ් එල්-ටයෙබ් ඉමාම් තුමාය.   ගුවන්තොටුපළ තුළදී සාම්ප්‍රදායික ආරාබි ඇඳුමින් සැරසුණු ළමා පිරිසක් විසින් මල් කළඹක් පිරිනමා එතුමන් පිළිගනු ලැබිණි. "මා ඔබේ සාමයේ නාලිකාවක් කල මැනව"  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමීර් වරයාගේ ආරාධනයක් මත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරටට පැමිණියේ අන්තර් සාමයික සංවාදය පිලිබඳ මෙහෙවරක් සඳහාය. එතුමාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ සාමයික සංවාදය පිලිබඳ සම්මන්ත්‍රණයකට එක්වීමයි. මේ