Posts

Showing posts from November, 2019

"වෛරයේ සහ වෙනස් කොට සැලකීමේ වචන කතා කරමින්, වෛරයේ අවනීතික ක්‍රියා යුක්ති සහගත කරමින් අපට සාමය ගැන කතා කළ හැක්කේ කෙසේ ද?" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජපානයේ හිරෝෂීමාවේදී ප්‍රශ්න කරයි

Image
“How can we speak about peace even as we justify illegitimate actions by speeches filled with discrimination and hate?” Pope Francis asks in Hiroshima  (2019 නොවැම්බර් 24) ජපානයේ අපෝස්තලික චාරිකාවේ යෙදුනු  පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොවැම්බර් 24 වැනිදා දහවල් එරට හිරෝෂීමා සාම සමරු උද්‍යානයට පැමිණියේ ය. එතුමන් එහි ගියේ  දෙවන ලෝක මහ යුද්ධයේ දී හිරෝෂීමාවට ඇමෙරිකාව විසින් හෙළන ලද පරමාණු බෝම්බයෙන් මිය ගිය, තුවාල වූ සහ විපතට පත් වූ සියල්ලන් සිහිපත් කොට  ඔවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම සඳහා ය. එතුමා ගේ එකම  අරමුණ යාච්ඥා කිරීම පමණක් නොවේ. "යුද්ධය යළිත් එපා! එසේ ම මනුෂ්‍යයන් සමූල ඝාතනය කරන සකල ආකාරයේ න්‍යෂ්ටික අවි එපා!" යන්න ලෝකයට ම හඬ ගා කීමට ය. "ක්‍රියාව ම පණිවිඩයක්" කරගෙන සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, පරමාණු බෝම්බය හෙලූ දා මිහිමත "නරකාදියක ජවනිකාවක්" වූ  හිරෝෂීමාවත් බැහැදැකීමෙන් ම ලෝකයට දැවැන්ත පණිවිඩයක් දුන්නේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හිරෝෂීමාවට සහ සහ නාගසාකියට ගියේ 1981 දී සීතල යුද්ධ සමයේ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා එහි සැප

"කිතුනුවා ගේ තැන 'ප්‍රේමයෙන් තුවාල වූ' දෙවියන් දෙවියන් වහන්සේ ගේ දෑතයි" - කැටකුම්බ් සොහොන් ගැබේ මළවුන් ගේ මංගල්‍යය දා දිව්‍ය පූජාව

Image
"The place of the Christian is in the hands of God, wounded by love" - Pope says at the Mass in the catacombs (2019 නොවැම්බර 2) සුදොතුම් පියතුමා නොවැම්බර 2 වන දින මළාවූ සියලු ආත්මයන් ගේ මංගල්‍ය දින දිව්‍ය පූජාව මෙවර පැවැත්වූයේ රෝමයේ ප්‍රිසිල්ලා 'කැටකුම්බ්'හි  (සොහොන් ගැබේ) දී ය. කැටකුම්බ් ගැබ් ප්‍රිසිල්ලාහි කැටකුම්බ් ගැබ මුල් කාලීන සභාවේ ප්‍රමුඛ පෙලේ සොහොන් ගැබ් අතරින් එකකි. රෝම ආධිරාජයන් විසින් කිතුනුවන් අරභයා දියත් කල අති කුරිරු පීඩනය හා හිංසනය හමුවේ කිතුනුවන් 'පූප කැඩීම'  සඳහා එක්රැස් වූයේ පොළොවෙන් යට පිහිටි මෙම කැටකුම්බ් ගැබ් තුළ ය. ප්‍රාණ පරිත්‍යාගී වූ සහ මිය ගිය මුල් කිතුනුවන් ගේ දේහ තැන්පත් කළ සොහොන් ගැබ් වූයේ ද කැටකුම්බ් ගැබ් ය. මේ නිසා රෝමයේ කැටකුම්බ් ගැබ් කිතුනු ලෝකයට ශුද්ධ ස්ථාන වේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ මළවුන් ගේ දින සිය දිව්‍ය පූජාව සිද්ධ කිරීමට ශුද්ධ වූ කැටකුම්බ් ගැබක් තෝරා ගත්තේ ද වැදගත් අරුතක් සහිතව බව එතුමා එම දිව්‍ය පූජාවේ සිදු කළ ධර්ම දේශනාවෙන් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන් ම ඉකුත් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික

"යුද්ධයේ දී මානව ගරුත්වය සුරක්ෂිත කිරීම අනිවාර්ය යි" - සුදොතුම් පියතුමා හමුදා උපාධ්‍ය රදගුරු හිමි වරුනට උපදෙස් දෙයි - "හමුදා පිරිස් සිය විරුද්ධ පාර්ශවය හුදෙක් විනාශ කළ යුතු සතුරකු ලෙස නොදැකිය යුතුයි"

Image
Holy Father tells military chaplains:" In war, human dignity must be protected."  හමුදා උපාධ්‍යවරුන් ගේ සමුළුවට පැමිණි සුදොතුම් පියතුමන් පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පීටර් ටර්ක්සන් කාදිනල් හිමියන් විසින් පිළිගනු ලැබූ අවස්ථාව  (2019 නොවැම්බර 1) යුද හමුදා උපාධ්‍ය වරුන් කැඳවනු ලැබ සිටින්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන් ගේ හෘද සාක්ෂි හැඩගැස්වීමට බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "සිය විරුද්ධ පාර්ශවය හුදෙක් විනාශ කළ යුතු සතුරකු ලෙස නොදකින ආකාරයෙන්" හමුදා සාමාජිකයන් ගේ හෘද සාක්ෂි හැඩගැස්විය යුතු යැයි එතුමා පෙන්වා දෙයි. " යුද්ධයක දී විරුද්ධ පාර්ශවයේ පිරිස් ද 'දෙවියන් වහන්සේ ගේ ස්වරූපයට මවන ලද්දන්' බවත් මේ නිසා ඔවුන් සතුව  නෛසර්ගික  ගරුත්වයක් පවතින බවත් බොහෝ විට අමතක කරනු ලැබේ . එහෙත් නිතර සිහි තබා ගත යුතු කරුණක් තිබේ. එනම්,  ඇත්ත වශයෙන් ම මානව පුද්ගලයා ගේ ගරුත්වය සහ භෞතික අඛණ්ඩතාව රඳා පවතින්නේ ඔහු හෝ ඇය ගේ ක්‍රියාව මත නොවන බවයි. එම මානව ගරුත්වය ආරක්ෂා කිරීම සෑම තැනැත්තෙක් ම, සෑම ආණ්ඩුවක් හෝ අධිකාරියක්   ම කැඳවනු ලැබ සිටින සදාච