Posts

Showing posts from April, 2021

පාස්කු අනුස්මරණ ගීය ගැන විමර්ශනයක් - සෑම කතෝලික පල්ලියකම වාදනය වන තේමා ගීතය විය යුතුයි: "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් -අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්"

Image
(2021 අප්‍රේල් 27) "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන් කොහිද යුක්තිය කොහිද ධර්මය කොහිද නීතිය විමසමු" අප කිලෝ මීටර 12,880ක්  ලංකාවට  ඈතින් ජීවත් වුවද, මේ විපතට පත් වූ එකදු කතෝලික -කිතුනු කිසිම කෙනෙකු අපේ නෑදෑ කෙනෙකු නොවූව ද,  2019 අප්‍රේල් 21 වැනිදා මේ පළාතේ ජීවත් වූ අපේ හදවත් ද ඒ බෝම්බයෙන් පුපුරා ගියේ ය. අපි දු හැඬුවෙමු. නිදි නැතිව විස්තර සෙව්වෙමු. යාච්ඥා පුද පූජා ඔප්පු කළෙමු. කල හැකි අයුරින් එකතු වීත් තනි තනිවත් උදව් උපකාර කළෙමු.  පුපුරා ගිය හදවතින් යුත් අපි එක ප්‍රශ්නයක් ඇසුවෙමු.  ලංකාව තුළ කිතුනු-මුස්ලිම් ගැටුමක් තිබුනේ නැත. අප බොහෝ ආදරය කරන අපට ආදරය කරන  මුස්ලිම් සහෝදර සහෝදරියෝ සිටිති. එසේ තිබියදීත් අපේ දින දර්ශනයේ අතිශය උතුම්  ම මංගල්‍යය දිනය, මරණය පරාජය කර  ජීවිතය තහවුරු කල දිනය, මරණයේ දිනයක් කරන්නට තරම් මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු සාහසික වූයේ ඇයි? ඇත්තෙන් ම මෙය ඔවුන් ගේ 'අන්තවාදී' ක්‍රියාවක් ද? නැතිනම්, කතෝලික සහ කිතුනු සමූහ ඝාතනයක් ඔස්සේ සිය දේශපාලන හෝ වෙනත්  අරමුණක් සපුරා ගැනීමට අර අඳිමින් සිටි 'අදිසි' දේශී

"මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නන් උදෙසා යාච්ඥා කරමු" - අප්‍රේල් මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස: "මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීත කමත් අධිෂ්ඨානයත් අවශ්‍යයි."

Image
"Pray for those who Sacrifice their lives to defend human rights" Pope's Prayer intention for April:  “Defending fundamental human rights demands courage and determination.”   (2021 අප්‍රේල් 06) 2021 අප්‍රේල් මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. ලොව පුරා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ මානව අයිතිවාසිකම් උදෙසා "සිය ජීවිත පවා පරදුවට තබමින් සටන් කරන්නන් වෙනුවෙන් මේ මාසය පුරා යාච්ඥා කරමු" යි සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.  "මූලික මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීතකමත්  ප්‍රබල අධිෂ්ඨානයකුත්  අවශ්‍ය ය."  සුදොතුම් පියතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ එසේ ය.  ඉන් පසුව එතුමා තමා එයින් අදහස් කරන්නේ කුමක්දැයි විස්තර  කරයි.  මේ මගින් තමා අදහස් කරන්නේ "දුප්පත්කම, (සමාජ ) විෂමතා, රැකියා, ජීවත් වීමට අවශ්‍ය බිම් කඩක් සහ නිවසක් නොමැති වීම, සහ සමාජ සහ කම්කරු අයිතීන් ප්‍රතික්ෂේප කිරීම" බව එතුමා කියයි.  මානව අයිතිවාසික

"කතෝලිකයන් අතර භේද ඇති වෙලා" -මහ සිකුරාදා මෙහෙයේ ධර්ම දේශනාව : හේතුව? "දේව රාජ්‍ය ගොඩ නැගීමට වඩා දේශපාලන බැඳීම් ප්‍රමුඛත්වය ගැනීමයි" - සසුන් පිය නිවසේ දේශනාවාදී කාදිනල් හිමි

Image
"Fraternity among Catholics is wounded," Papal Household Preacher says on Good Friday. Reason?  "Support for political candidates, parties are given priority over building up the kingdom of God" (2021 අප්‍රේල් 6) කතෝලිකයන් අතර සහෝදරත්වයට තුවාල සිදු වී ඇතැයි රැනියෙරෝ කැන්ටලමෙස්සා කාදිනල් හිමි ශෝක වෙයි.   මෙම භේදයට එක් පොදු හේතුවක් වන්නේ ඇතැම් කතෝලික කොටස් වල දේශපාලනික තෝරා ගැනීම් ආගමික සහ ශාසනික ප්‍රමුඛතා වලට වඩා ඉහළට ගොස් තිබීම බව  එතුමා පෙන්වා දෙයි. මේ නිසා රදගුරු හිමිවරුන්, පුදැදුරු වරුන්  කතෝලික සභාවේ එක්සත්කමට හානි වන ආකාරයෙන් තමන් අතින් සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් සිය හෘදය සාක්ෂි පරීක්ෂා කළ යුතු යැයි සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමා වන කැන්ටලමෙස්සා කාදිනල් හිමි කියා සිටියි.   රැනියෙරෝ කැන්ටලමෙස්සා කාදිනල් හිමි මේ බව කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 2, මහා සිකුරාදා, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පවත්වන ලද ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක්ප්‍රාප්ති මෙහෙයේ ධර්ම දේශනයේ දී ය. මහ සිකුරාදා මෙහෙය ශුද්ධෝත්තම පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැ

"කුරුසය අහම්බයක් නොවේ," ශුද්ධවූ තෛලය ආසිරි ගැන්වීමේ මෙහෙයේ ධර්ම දේශනය: "දේව වචනය ප්‍රකාශ කිරීම, පීඩනය සහ කුරුසිය එක්ව ගමන් කරනවා "

Image
Jesus’s cross is the ‘antidote’ to ‘venom’ of scandal, pope says (2021 අප්‍රේල් 05) පුදදුරුවරුන් ගේ සේවාව තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය, "අපචාරවලින් ගහන" මේ යුගයේ සර්පයා (යක්ෂයා) ගේ "විෂ" සඳහා වන එක ම "ප්‍රතිගරලය" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.  "කුරුසිය මත සිටි සමිඳුන් රැකවරණයක් නොමැතිව සිටිනු දුටු සර්පයා උන්වහන්සේට දෂ්ට කළේය. ඔහු ගේ වෑයම  වී තිබුනේ රැකවරණයක් රහිතව සිටි උන්වහන්සේ ගේ සියලු ක්‍රියාවලට විෂ කැවීම ය." "අපගේ මානව තත්වය, අපගේ සීමා, සහ අපගේ දුර්වල බව තුළ කුරුසියේ පූර්ණ  අංශයක් දකින්නට තිබේ. එහෙත් (ක්‍රිස්තුන් වහන්සේ ගේ) කුරුසියේ සිදු වූ දේ අපගේ මානව දුර්වල බව නිසා සිදුවූවක් නොවේ. එය සිදු වූයේ සර්පයා ගේ දෂ්ට කිරීම නිසා ය. කුරුසිය මත සිටි සමිඳුන් රැකවරණයක් නොමැතිව සිටිනු දුටු සර්පයා උන්වහන්සේට දෂ්ට කළේය. ඔහු ගේ වෑයම  වී තිබුනේ රැකවරණයක් රහිතව සිටි උන්වහන්සේ ගේ සියලු ක්‍රියාවලට විෂ කැවීම ය," යි එතුමා විස්තර කළේය.  "මේ දෂ්ට කිරීම දුරාචාරයන් ඇති කිරීමට උත්සාහ කරයි; මේ දුරාචාරවල යුගයක්,

"ගලීලයට යමු. අලුතින් පටන් ගනිමු. විශ්වාසය ඇල්බමයක බහා තැන්පත් නොකර ජීවත් කරවමු" - ක්‍රිස්තු උත්ථාන මහෝත්සව රාත්‍රී මෙහෙයේ ධර්ම දේශනය

Image
“In the dark months of the pandemic, listen to the Risen Lord as He invites us to begin anew and never lose hope” Holy Father says at Easter Vigil Service  (2021 අප්‍රේල් 03) මානව ප්‍රජාව වසංගතය සහ වෙනත් අර්බුද වල අන්ධකාරය තුළ පොරබදන මේ පැයේ, ප්‍රථම පාස්කු රාත්‍රියේ දී දේව දූතයා කල ප්‍රකාශය  කිතුනු ජනතාව සිය හදවත් ගැඹුරේ සනිටුහන් කර ගත යුතු පණිවිඩය යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  "බිය නොවන්න," යි ගල් ලෙන වෙත පැමිණි ලඳුන් තිදෙනාට කී දේව දූතයා, "ගලීලයට යන්න. ස්වාමීන් වහන්සේ ඔබට කලින් එහි යනු ඇතැ"යි ඔවුනට දැන්වීය. ගලීලයේ දී ඔවුන් ගේ අපේක්ෂා ඉටු වනු ඇත, ඔවුන් ගේ කඳුළු වියැලෙනු ඇත, ඔවුන් තුළ වූ  බිය වෙනුවට  බලාපොරොත්තුවෙන් ජීවිත  පිරී යනු ඇත. ලෝකය මුහුණ දෙන මේ ව්‍යාකුල මොහොතේ 2021 පාස්කුව කිතුනු ජනතාව ඉදිරියේ තබන බලාපොරොත්තුවේ පණිවිඩය ද එයම යැයි සුදොතුම් පියතුමා කීවේය.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කලේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රියේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද ක්‍රිස්තු වහන්සේ ගේ උත්ථානයේ මහෝත්සවය සමරන පාස්කු රාත්‍රී දිව්‍ය පූජා යාගයේ දී