Posts

Showing posts from May, 2021

චීන ආණ්ඩුවේ පීඩා වලට ලක්වෙමින් සිටින "චීන කතෝලික ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන්න" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආයාචනා කරයි

Image
"Pray for the church in China" - Pope appeals to Christians worldwide  (2021 මැයි 24) චීනයේ කිතුනු ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා  ලොව පුරා කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි.  චීන ජනතාව මැයි 24 වනදා සලකන්නේ  චීනයේ  ආරක්ෂක සාන්තුවරිය සහ කිතුනුවන්ගේ සරණය වන භාග්‍යවන්ත කන්‍ය මරිය මෑණියන් ගේ මංගල්‍යය ලෙසයි. මේ උතුම් මංගල්‍යය දින  එරට කිතුනු ජනයා වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කරන්නැයි මැයි 23 වැනි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට එක්වෙමින් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය.   "චීන කිතුනු පවුල් මේ දවසේ ෂැංහයි හි ෂෙශාන් සිද්ධස්ථානයට රැස්වෙමින් සිය ජීවිත අරගල සහ දිනපතා ජීවිතයේ බලාපොරොත්තු වලට සරණය පතා සමිඳුන් ගේ සහ සභාවේ මෑණියන් වන මරිය මෑණියන්ට ඉතා උද්‍යෝගයෙන් යාච්ඥා කරති" යි එතුමා වන්දනා කරුවන් අමතමින් කියා සිටියේ ය.  ෂෙෂාන් සිද්ධස්ථානය චීන කතෝලික ජනතාව ගේ ගෞරවයට පත් ප්‍රධාන සිද්ධස්ථානයයි. මංගල්‍යය සැමරෙන මැයි 24 වැනිදා ආසන්න වන විට චීන පවුල් සිය දූ දරුවන් ද කැටුව සිද්ධස්ථානයට  පැමිණ යාච්ඥා කිරීම සහ එහි පෙරහරට සම්බන්ධ වීම සම්ප්‍රදායක් ව පැවතිනි. එ

දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් ඝාතන තැතට වසර 40 යි - ඒ මොහොත ගැන ආවර්ජනයක් - : "අපගේ ජීවිතත් ලෝක ඉතිහාසයත් දෙවියන් වහන්සේ ගේ හස්තවල රැඳී පවතින බව උගන්වන සිද්ධියක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි

Image
Pope recalls 40th anniversary of attack on Saint Pope John Paul II:  "This makes us aware that our lives and the history of the world are in God’s hands.” (2021 මැයි 13) දිනය  1981 මැයි 13 වනදා ය.  දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේට එය තවත් කාර්ය බහුල දිනයකි.  උදෑසන එතුමා විවාහය සහ පවුල පිලිබඳ ආයතනය ස්ථාපිත කරයි.  දහවල් එතුමා  ප්‍රංශ ජාතික වෛද්‍යවරයකු සහ ජාන විද්‍යාඥයකු වූ ජෙරෝම් ලෙයෝන් සමග  දිවා ආහාරය ගනියි.   එය  බදාදා දිනයකි. සුපුරුදු පරිදි සුදොතුම් පියතුමන් ගේ පොදු හමුව උදය වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත්  අනපේක්ෂිත ලෙස රෝමයේ උෂ්ණත්වය ඉහල යාම නිසා එය පස්වරුවට කල්දැමේ.   රෝමයට මුදුන් වූ හිරු  අවරට යන්නට පටන් ගනියි.  දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමා සිය පොදු හමුව සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට පෝප් මොබයිල් රථයෙන් පැමිණෙයි. පොදු හමුව ආරම්භ කිරීමට පෙර එතුමා සුපුරුදු ලෙස එහි රැස්ව සිටි දස දහස්  සංඛ්‍යාත වන්දනාකරුවන් අතර එම රථයේ ගමන් කරමින් ඔවුන් ගේ සුබපැතුම් පිළිගනියි. එසේම  ඔවුනට සිය ආශීර්වාදය පිරිනමයි.  ඔවුහු සිය දරුවන් ඔසවා එතුමන් අතට දෙති.  එතුමා එම සිඟිත්තන් දෝතින් ඔසවා ගෙන සිප, ආ

"රැකියා උදා කරන සැබෑ ආර්ථිකය අර්බුදයට ලක් වෙලා. එහෙත් මූල්‍ය වෙළෙඳ පොළ පිම්බිලා" - මැයි මාසය සඳහා යැදුම් වීඩියෝවෙන් සුදොතුම් පියතුමා කියයි

Image
Pope’s May prayer intention: ‘For the world of finance’ (2021 මැයි 9) "මුල්‍ය පාලනය  නියාමනය නොකළහොත්, එය විවිධ මුල්‍ය ප්‍රතිපත්ති විසින් දුවවනු ලබන හුදු අනුමානයක් පමණක් වනු ඇත. ,මෙම තත්වය  ධරණීය එකක් නොවේ. එය අනතුරු දායකය ...." "මේ නිසා එහි අනතුරු වලින් පුරවැසියන් ආරක්ෂා කරනු පිණිස, ඒවා නියාමනය කරනු සඳහා  මුල්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන් ආණ්ඩු සමග එක්ව ක්‍රියා කරන ලෙස මැයි  මාසයේ දී යාච්ඥා කරමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා  කරයි.  එතුමා මේ ඉල්ලීම කරන්නේ මැයි  මාසය සඳහා සිය යැදුම් අදහස ප්‍රකාශයට  පත්කරමිනි.  සුදොතුම් පියතුමන් ගේ මාසික යැදුම් අදහස අන්තර්ගත  "සසුන් පිය වීඩියෝව" ඉකුත් දා නිකුත් කරනු ලැබිණි. එය නිෂ්පාදනය කර ප්‍රවර්ධනය කරනු ලබන්නේ  "සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය"   විසිනි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මාසික යැදුම් අදහසේ විශේෂත්වය වන්නේ වෙනත් පාප් වහන්සේලා මෙන් නොව, එතුමා යැදුම් අදහස සමග ඊට පාදක වන දේශපාලන, සමාජයීය හෝ ධාර්මික සන්දර්භය ඇතුළත් පණිවිඩයක් ද ඊට ඇතුලත් කිරීමය. ලෝකයේ මුල්‍ය වෙළෙ