Posts

Showing posts from April, 2017

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සන් ජුසේ සම්බන්ධය

Image
Joseph Connection in Francis Papacy   සැතපෙන ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාව (Rome Reports වෙතිනි) (2017 අප්‍රේල් 30) මෙම ලිපිය පලවන්නේ අප්‍රේල් 30 වැනිදා වුවත්, ශ්‍රී ලංකාවේ ඔබ මේ අවදිවන්නේ මැයි මස පළමූ වැනි දාටයි. මේ ලෝක  කම්කරු දිනයයි. කම්කරු දිනයේ දී ලොව පුරා කතෝලික ජනතාවට නිතැනින් ම සෙනෙහසින් මතක් වන පුද්ගලයකු සිටියි. ඔහු නම් සිය ශිල්පයේ සොඳුරු බවින්,දෑතේ සවියෙන් සහ දහදිය මහන්සියෙන් ජේසු පුතා රැක බලාගෙන ලොකු මහත් කළ නාසරෙතෙයේ ජුසේ තුමයි. එනම් ජේසු සමිඳුන් ගේ සුරැකි පියා වූ ශු. ජුසේ මුනිඳුන් ය. ජුසේ මුනිඳුන්ට කැප කරන ලද ලක් දිව පුරා දෙව්මැදුරු අද (මැයි 1)හෝ ලබන ඉරිදා ජුසේ මුනි මංගල සිරියෙන් ඇලැලී යයි. මේ සැරසෙන්නේ ජුසේ මුනිඳුන් ගැන කියන්නට නොවේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජුසේ මුනිඳුන් අතර ඇති බොහෝ දෙනෙකු නොදන්නා සම්බන්ධය ගැන කියන්නට ය. ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සිව් වසරක  දූත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් රිජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. ඉන් පළමුවැන්න  උන්වහන්සේ ප්‍රථම ජේසු නිකායික පාප් වහන්සේය යන්න යි. ද

සුදොතුම් පියතුමා ගේ ඊජිප්තු ගමන ඉතා දැඩි ආරක්ෂක විධි විධාන මැද

Image
Holy Father's Egypt trip under heavy security (201 7 අප්‍රේල් 28) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ සිය අපෝස්තලික ගමන නිමවා අද (අප්‍රේල් 28) කයිරෝ වේලාවෙන් සවස පහට පමණ පෙරළා වතිකානය බලා පිටත් විය. එතුමා ගේ ඊජිප්තු සංචාරය ආරම්භ වුයේ අප්‍රේල් 27 වැනිදායි. කයිරෝ ගුවන් තොටුපලේ දී පිළිගනු ලැබීමෙන් පසුව සුදොතුම් පියතුමා මුලින් ම ගියේ ලොව සුන්නි මුස්ලිම් ජනතාව ගේ ගෞරවයට ලක්ව ඇති අල්-අසාර් විශ්ව විද්‍යාලයටයි. එහිදී එහි ප්‍රධාන ඉමාම් තුමා වන එල්-තයෙබ් ඉමාම් තුමා විසින් පිළිගනු ලැබූ එතුමා ඒමේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙමින් තිබූ ජාත්‍යන්තර සාම සම්මන්ත්‍රණය ඇමතුවේ ය.  ඒ පිලිබඳ තොරතුරු මෙතැනින් කියවන්න. ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ ආගමික වෙස්මුහුණු ගැලවීම ආගමික නායකයන් ගේ වගකීමක්" - සුදොතුම් පියතුමා ඊජිප්තුවේ දී ජනාධිපති එල්-සිසී මහතා මුණ ගැසුණු එතුමා එරට සිවිල් සේවකයන් අමතා කතා කළේය. එදින එතුමා ගේ අවසන් කාර්යය වූයේ ඊජිප්තු කොප්ටික් සභාවේ නායක දෙවන තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා හමුවීමයි. මෙහිදී එම කතෝලික රදගුරු හිමිවරුන් අමතා කතා කිරීමට අමතරව එතුමා තවත් වැදගත් අවස්ථා දෙකකට සහභාගී

"කිතුනුවන් ගේ එකම ධර්මෝන්මාදය: පිළිලබ නොතකා ප්‍රේම කිරීම පමණයි"- කයිරෝ නුවර රැව් දුන් ප්‍රේමයේ පනත

Image
"Love must be the sole fanaticism of Christians" - Pope reminds in Egypt  (2017 අප්‍රේල් 29) අප ජීවත්වන මේ යුගය  වූ කලී ලොව පුරා බොහෝ ආගම් අදහන්නන් ධර්මෝන්මාදයෙන් (fanaticism) මුලා වී, තම දහම පමණක් සත්‍යය, උසස් ය යන අදහසින් සෙසු ආගම් අදහන්නන්ට ගරහන, ඔවුනට වදහිංසා කොට, ඇතැම් විට ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කොට ඔවුන් ඝාතනය කරන යුගයකි. සෙසු ආගම් අදහන්නන් ගේ ආගමික ස්ථාන විනාශ කරන යුගයකි. ආගමේ හා දෙවියන් ගේ නාමයෙන්, දෙවිඳුන් ගේ නාමය ආමන්ත්‍රණය කරමින්,  මිනිසුන් ඝාතනය කරන යුගයකි. මේ පසුබිම කෙරෙහි දැඩි අවබෝධයෙන් හා සැලැකිල්ලෙන් සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ කතෝලිකයන් අමතමින් ලොව පුරා කතෝලික විශ්වාසකයනට ප්‍රබල පණිවිඩයක් දුන්නේ ය. එනම්, කිතුණු විශ්වාසිකයන් තුළ තිබිය යුතු එකම ධර්මෝන්මාදය, එකම අන්තවාදය විය යුත්තේ "කවර විශාල පරිත්‍යාගයක් කරන්නට සිදු වුවද, ප්‍රේම කිරීම පමණක්" බවය. ජේසු සමිඳුන් සිය ජීවිතය පුරා ජීවත්වෙමින් දේශනා කර, පසුව  අවසන් රාත්‍රී  භෝජනය අවස්ථාවේ යලිත් අවධාරණය කළ "ප්‍රේමයේ පනත" ජීවත් කරවීම නූතන ලෝකය දවාලන සියලු මානව අර්බුදවලට විසඳුම

ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාප් වහන්සේ හමුවෙයි

Image
"Our Churches are bonded by the blood of our Martyrs" - Pope tells the Coptic Pope ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ පාප් වහන්සේ  (2017 අප්‍රේල් 28) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ ගත කරන ප්‍රථම දිනයේ අවසන් කාර්යය වූයේ එරට කොප්ටික ඕතඩොක්ස් සභාවේ පේත්‍රියාක් තුමන් වන දෙවන තවාද්‍රෝස් පාප් වහන්සේ මුණ ගැසීමයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ තවාද්‍රෝස් පාප් වහන්සේ මුණගැසුනේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශාන්ත මාර්ක්  ආසන දෙව්මැදුරේ දීය. මෙම හමුවීම වූ කලී  1973 දී එවකට සුදොතුම් පියතුමන් වූ සවැනි පාවුළු පාප් වහන්සේ සහ තුන්වන ෂෙනෝදා පේත්‍රියාක් තුමන් අතර ඇති වූ සහෝදරාත්මක හමුව සහ එහිදී අත්සන් තැබුණු සම්මුතියට පසුව සභා දෙකේ නායකයන් අතර ඇති වූ අතිශය සමීප හා උණුසුම්ම හමුව බව විචාරකයෝ පෙන්වා දෙති. තවාද්‍රෝස් පේත්‍රියාක් තුමන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කියා සිටියේ සභා දෙකෙහි ප්‍රාණපරිත්‍යාගීන් ගේ රුධිරය සභා දෙකෙහි බන්ධනය වන බවයි. එම බන්ධනය දයාවේ ක්‍රියා මගින් තවත් ශක්තිමත් කිරීමට ප්‍රාණපරිත්‍යාගීන් විශ්වාසිකයන් කැඳවන බව එතුමා පෙන්වා දුන්නේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම අදහස

" ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ ආගමික වෙස්මුහුණු ගැලවීම ආගමික නායකයන් ගේ වගකීමක්" - සුදොතුම් පියතුමා ඊජිප්තුවේ දී

Image
"To kill in the name of God is blasphemy" - Pope in Egypt  සුදොතුම් පියතුමා අල්-අසර් මුස්ලිම් සරසවියේ සම්මන්ත්‍රණය අමතයි  (අප්‍රේල් 28) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෛරය දැඩි සේ හෙලා දකිති. ඒවා ප්‍රතික්ෂේප කල යුතු බව පවසන  උන්වහන්සේ පෙන්වා දෙන්නේ,  "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් හෝ ආගමේ මුවාවෙන් කෙරෙන " ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වෛරී ක්‍රියා "දේව අපහාස' බවයි. "එබැවින් ශුද්ධවන්ත වන්නේ, දෙවියන් වහන්සේගෙන් පැමිණෙන දේ වන්නේ, සාමය ම පමණකි. දෙවියන් වහන්සේ ගේ නාමයෙන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක යෙදිය නොහැකිය. මන්ද එමගින් උන්වහන්සේ ගේ නාමය දුෂ්‍ය වන නිසාය. මේ නිසා, පොළොව සහ ස්වර්ගය එකට මුණගැසෙන මෙම දේශයේ සිට, ජනතාව සහ විශ්වාසිකයන් අතර ගිවිසුම් ඇති වූ මේ දේශයේ සිට, අප සියලු දෙනා එක්ව, යළිත් වරක් දැඩිව, පැහැදිලිව මෙසේ අවධාරණයෙන් කියමු: 'ආගමේ හෝ දෙවියන් වහන්සේ ගේ හෝ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනු එපා! වෛරී ක්‍රියා වල යෙදෙනු එපා! පලිගැනීම්වල යෙදෙනු එපා!" යි එතුමා අවධාරණය කළේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා

" මට 'බුලට් පෘෆ්' වාහනයක් එපා!" සුදොතුම් පියතුමා කියයි

Image
Holy Father refuses bullet-proof vehicle for Egypt apostolic trip  (2017 අප්‍රේල් 27) ඊජිප්තුවේ සිදුකරන අපෝස්තලික සංචාරයේ දී තමාට වෙඩි නොවදින වාහනයක් අනවශ්‍ය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ  කර තිබේ. ඊජිප්තුවේ එතුමන් සංචාරය කරන නගර ඇතුළත ගමන් කිරීම සඳහා එතුමන් භාවිත කරන්නේ සාමාන්‍ය සංවෘත වාහනයක් බව රොයිටර් ප්‍රවෘත්ති සේවාව ඇතුළු ලොව ප්‍රමුඛ ප්‍රවෘත්ති සේවා රැසක් වාර්තා කරයි. "පාප් වහන්සේ ඊජිප්තුවේදී ඔබ මොබ ගමන් කිරීමට භාවිත කරන්නේ සාමාන්‍ය සංවෘත මෝටර් රථයක්. එය වෙඩි නොවදින හෝ සන්නද්ධ රථයක් හෝ නොවෙයි. එය සූදානම් කලේ එතුමා ගේ කැමැත්ත අනුවයි" යි වතිකාන ප්‍රකාශක ග්‍රෙග් බර්ක් තහවුරු කළේය. මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කරන ප්‍රථම අවස්ථාව නොවේ. එතුමා බොහෝ විට ප්‍රිය කරන්නේ වඩා විවෘත රථ වල ගමන් කිරීමටය. එසේ නැතහොත් සන්නද්ධ නොවන සංවෘත රථ එතුමන් ගේ තේරීමයි. මේ මගින් වීදි වල සිටින ජනතාව සමග වඩා සමීපව සන්නිවේදනය කිරීමට හැකියාව ලැබේ යයි  එතුමා විශ්වාස කරයි. මෙම ධූරයට පත් වූ දා සිටම එතුමා ආරක්ෂක වළලු ඉවත ලමින් ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහදව අදහස් හුවමාරු කරගැනීමට

"මේ විශ්වය හැර තවත් විශ්ව තිබේ ද?" කතෝලික විද්‍යාඥයෝ විමසති

Image
Catholic scientists gather in Chicago to discuss "Origins" හබල් දුරේක්ෂයෙන් දුටු 10,000ක් තාරකා මඬුලු   (2017 අප්‍රේල්  21) කතෝලික විද්‍යාඥයන් ගේ සංගමයේ (Society of Catholic Scientists) ප්‍රථම සම්මන්ත්‍රණය අද, අප්‍රේල් 21 වැනිදා  ඇමෙරිකාවේ චිකාගෝ නුවර ක්නිකබොකර් හෝටලයේ දී ආරම්භ විය. බොහෝ මානසික හා භෞතික යථාවන් ගේ සම්භවය හෙවත් උපත, එනම් විඥානයේ සම්භවය (origin of consciousness), මානව භාෂාවේ උපත, විශ්වයේ උපත, සහ ජීවයේ සම්භවය යන මාතෘකා සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. කතෝලික විද්‍යාඥයන් ගේ සංගමය පිහිටුවාගන්නා ලද්දේ 2016 වසරේ දිය. මෙය කාලයක් පුරා පැවැති අඩුපාඩුවක් සපුරා ගැනීමකි. බොහෝ විද්‍යාඥයන් තර්ක කරන්නේ විද්‍යාඥයකු වී ක්‍රිස්තු ධර්මය වැනි මැවුම්කාරයකු ගැන කියවෙන දේවාවාදී  විශ්වාසයක එල්බගෙන සිටිය නොහැකි බවටය. විද්‍යාත්මක චින්තනය තුළ ආගමින විශ්වාසය නිශේධනය වන බවට ද බොහෝ දෙනා තර්ක කරති. එහෙත් විශ්වයේ ඈත කොන් වල පවතින ග්‍රහලෝකවල ජීවය සෙවීමට වෙහෙසෙන විද්‍යාඥයන් සිටින  මේ සමයේ පවා කිතුනු විශ්වාසයට සාක්ෂි දරන ඉහල පෙලේ විද්‍යාඥයන් රැසක් සිටින බවට මෙම සංගමය හා

වතිකාන ක්‍රිකට් කණ්ඩායම පෘතුගාලයේ ක්‍රිකට් සංචාරයක

Image
Vatican Cricketers head to Fatima for an Interfaith Tournament  (2017 අප්‍රේල් 19) වතිකාන ක්‍රිකට් කණ්ඩායම පෘතුගාලයේ ක්‍රිකට් සංචාරයක් සඳහා අද (අප්‍රේල් 19)  රෝමයෙන් පිටත්ව යයි. ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ලොව පුරා කතෝලිකයන් ගේ මහත් භක්ති ප්‍රේමයට පාත්‍ර වී ඇති පාතිමා නුවරයි. දේවමාතා වහන්සේ 1917 දී දිළිඳු ගොපලු දරුවන් තිදෙනෙකුට දර්ශනය වීම නිසා ශුද්ධත්වයට පත් වූ  ලෝක ප්‍රකට දේව මාතා සිද්ධස්ථානය බැහැදැකීම හා සමයාන්තර සම්බන්ධතා ශක්තිමත් කෙරෙන ක්‍රිකට් තරග මාලාවකට සහභාගී වීම ඔවුන් ගේ මෙම සංචාරයේ අරමුණ බව වතිකාන ගුවන් විදුලිය කියයි. වතිකාන ක්‍රිකට් කණ්ඩායම පාතිමාවට යන්නේ තවත් විශේෂ අවස්ථාවකට පූර්වගාමීවයි. එනම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ පාතිමා ගමනයි. පාතිමාවේ දේවමාතාවහන්සේ  දර්ශනය වී  වසර 100ක් සපිරීමේ ජයන්තියට එක්වීම සඳහා සුදොතුම් පියතුමා මැයි මස 12-13 දිනවල එම සිද්ධස්ථානයේ අපෝස්තලික ගමනක නිරත වෙයි. ( මරිය මෑණියන් පාතිමාවේ ප්‍රැන්සිස් සහ ජසින්තා යන සොයුරු-සොයුරි දෙදෙනාටත්, ලුසියා නම් වූ  ඔවුන් ගේ ඥාති සොයුරියටත් ප්‍රථම වරට දර්ශනය වූයේ 1917 මැයි 13 වනදායි.) වතිකාන රාජ්‍යයේ ක්

ඛේදවාචක හමුවේ වුව ද නොසැලෙන සත්‍යය: ජේසු සමිඳුන් ගේ උත්ථානය

Image
Resurrection is not a fantasy; It is the Mystery of the rejected stone which  became the source of Eternal Life. (2017 අප්‍රේල් 18) නූතන ලෝකය තුළ දක්නට ලැබෙන විවිධ වූ විස්තර කළ නොහැකි ඛේදාන්තයන් හා දුක වේදනාව හමුවේ පවා අපට එක් කරුණක් නිශ්චිතව ප්‍රකාශ කල හැකියි: එනම් 'ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වූ සේක' යන්නයි. මේ ප්‍රීතිමත් ඇදැහිල්ල තුළ අචලව රඳා පවතින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කිතුනුවන්ගෙන් ගෙන් ඉල්ලා සිටියේ ය. සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ අප්‍රේල් 16 වනදා, පාස්කු ඉරිදා ක්‍රිස්තු උත්ථාන මංගල්‍ය දින දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. මෙම දිව්‍ය පූජාව පැවැත්වුණේ වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දිය. පූජාව පැවැති පුදසුන හා ඒ අවට ඕලන්දයෙන් ගෙනා වර්ණවත් ටියුලිප් මල්වලින් සරසා තිබිණ. මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩමින් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය කලේ ලියාගත් පිටපතක් නොමැතිව ය. "ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම හුදු මනඃකල්පිතයක් නොවේ. එය සිහිනයක් හෝ මායාවක් හෝ නොවේ." යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "උත්ථානය මලින් සරසා උත්සවයක

"අඩ සඳ ළඟ කුරුස තරුව"- සුදොතුම් පිය ඊජිප්තු ගමනේ නිල ලාංඡනයේ කේන්ද්‍රය

Image
The Crescent and the Cross at the centre of the official logo for Pope Francis' visit to Egypt  (2017 අප්‍රේල් 17) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ මස 28-29 දිනවල ඊජිප්තුවේ අපෝස්තලික ගමනක නිරත වෙයි. එතුමා එහි යන්නේ ඊජිප්තුවේ කොප්ටික ඔතඩොක්ස් කිතුනු  පෙත්‍රියාක් තුමා වන දෙවැනි තවාද්‍රොස් පාප් තුමන්, ජනාධිපති අබ්දෙල් ෆාටාහ් එල්-සිසී සහ  අල්-අසාර් ඉස්ලාම් සරසවියේ සහ එම ප්‍රධාන පල්ලියේ නායක ශීක් අහ්මඩ් එල්-තයෙබ් අග්‍ර ඉමාම් තුමා ගේ ආරාධනයෙනි. සුදොතුම් පියතුමන් ඊජිප්තුවට යන්නේ සාමයේ දූතයකු ලෙසය. කාලාන්තරයක් තිස්සේ අන්තවාදීන් ගේ හිංසනයට ලක්ව සිටින එරට කිතුනුවන් දිරිගැන්වීම හා කතෝලික-ඉස්ලාම් සංවාදයට උනන්දුවෙන් සහාය දෙන අග්‍ර ඉමාම් තුමන් හා එක්වී සමයාන්තර සංවාදය ශක්තිමත් කිරීම මෙම ගමනේ අරමුණු අතර වේ. මෙම අරමුණු පාදක කරගනිමින් මෙම සුදොතුම් පිය අපෝස්තලික ගමනේ නිල ලාංඡනය ඊජිප්තු කතෝලික සභාව විසින් ඉකුත්දා ප්‍රකාශයට පත්කෙරින. මෙම වාර්තාවට ඉහලින් දැක්වෙන්නේ එම නිල ලාංඡනය යි. මෙම නිල ලාංඡනය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත බව වතිකාන රේඩියෝව කියයි. එනම් ඊජිප්තුව, ප්‍රැන්සිස් සුදොතුම් පියත

කොලෝසියමේ පාදනමස්කාරයට නව ස්ථාන කිහිපයක්: භාවනා රචනා කලේ ගිහි බයිබල් විශාරදවරියක්

Image
New topics for meditation introduced at Pope's Via Crucis at Colosseum  (2017 අප්‍රේල් 14) පාප්  වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ ඓතිහාසික කොලෝසියමේදී සාම්ප්‍රදායිකව මහ සිකුරාදා සන්ධ්‍යාවේ පැවැත්වෙන කුරුසියේ පාද නමස්කාර භාවනාව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 14) සිදුකෙරිණ. සුපුරු පරිදි දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් ද කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන් හා පූජක-පැවිදි විශාල පිරිසක් ද ඊට සහභාගී වීම සඳහා පැමිණ සිටියහ. කිතුනුවනට කිසිදා අමතක නොවන සිහිවටනයක් වන කොලෝසියම ජේසු සමිඳුන් ගේ කුරුසියේ ගමන භාවනා කෙරෙන පාද නමස්කාරය සඳහා අතිශයින් උචිත ස්ථානයකි. මන්ද ක්‍රි. ව. 50 වැනි සියවසේදී පමණ එවකට සිටි නීරෝ සහ දියෝක්ලෙෂියානෝ වැනි රෝම අධිරාජයන්  විසින් මුල් සමයේ කිතුනුවන් විව්ධාකාරයෙන්  කුරිරු ලෙස මරණයට පත් කරන ලද්දේ මෙම ස්ථානයේ දී වීම නිසාය. මෙවර පාද නමස්කාර භාවනාව රචනා කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් භාර දෙනු ලබා තිබුනේ ප්‍රංශ ජාතික, හැත්තෑ හැවිරිදි, ඈන්-මරී පෙල්ටියර් මහත්මියටයි. ඕ දේවධර්මවේදය හා බයිබල්වේදය පිලිබඳ ආචාර්යවරියකි. දේවධර්ම

"ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි" 2016 මහ සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔප්පු කළ ගැඹුරු යැදුම

Image
"O, Cross of Christ," A Meditation before the Cross for Good Friday  (2017 අප්‍රේල් 13) අද මහ සිකුරාදායි.  රෝමය ද අද පස් වරුවේ පැවැත්වෙන ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්ති භාවනාවට සූදානමින් සිටියි. ජනවන්දනා පිළිවෙතට අනුව එහි ප්‍රමුඛත්වය ගන්නේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පැවැත්වෙන සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය අනුස්මරණය කිරීමයි. ඉන් පසු අද සන්ධ්‍යාවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ කොලොසියමේ දී කුරුසියේ පාද නමස්කාර බැති පිළිවෙත සිදුකෙරේ.  දයා කරුණාවේ වසර ලෙස නම් කරන ලද  2016 මාර්තු 25 මහ සිකුරාදා සන්ධ්‍යාවේ ද  ද සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ රෝමයේ කොලොසියමේ දී කුරුසියේ පාද නමස්කාරය මෙහෙය වූහ. මෙය කලක් තිස්සේ එතුමන් ගේ පූර්වගාමී පාප් වහන්සේලා විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදායකි. ගිය වසරේත්  මෙම මෙහෙයට දස දහස්  සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.  ගිය වසරේ  පාදනමස්කාරයේ  දී ජේසු සමිඳුන් ගේ දුක් විඳීම හා සම්බන්ධ කොට භාවනා කරන ලද ලෝක සිද්ධීන් අතර සරණාගතයන් හා සාන්ක්රමනිකයන් ගේ  ඉරණම, කිතුනුවන් ඇතුළු සුළුතර ආගමික හා වාර්ගික ජනතාවට වද

"හොඳම ඔසුව ආදරයයි; වැළඳ ගැනීමයි" සුදොතුම් පියතුමා ළමා රෝහල් කාර්යමණ්ඩලයට කියයි.

Image
"Love is the best medicine": Holy Father tells pediatric hospital officials and families සුදොතුම් පියතුමා රෝහලෙන් ආ අමුත්තන් හමු වූ අවස්ථාව  (2017 අප්‍රේල් 12) "හොඳම ඖෂධය  ආදරයයි. හොඳම ප්‍රතිකාරය ආදරයෙන් උපත ලබන ආලිංගනයයි" යයි රෝගී දරු පැටවුන් රැසක් සහ ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ඔවුන් ගේ දෙමාපියන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. එතුමා මෙම උපදේශය දුන්නේ රෝමයේ "ළමා ජේසු" ළමා රෝහලේ  (Bambino Gesu Pediatric Hospital) රෝගීන්, ඔවුන් ගේ දෙමාපියන් හා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අප්‍රේල් 10 සඳුදා වතිකානයේ දී එතුමන් හමු වූ අවස්ථාවේ දී ය. වයස අවුරුදු 5-18 අතර රෝගීන් පිරිසක් සමග සුදොතුම් පියතුමන් හමුවීමට ඔවුහු පැමිණ සිටියහ. සිරිත් පරිදි ලියාගත් පිටපතකින් තොරව සුදොතුම්  පියතුමා පියකු සේ ඔවුන්ට උපදෙස් දුන්නේ ය. "පවුලකට ලබා දිය හැකි වැදගත් ම සහ හොඳම ඖෂධය අපට අමතක වීමේ අවදානමක් තිබෙනවා. කුමක් ද මේ බෙහෙත? ආලිංගනය යි ( වැළඳගැනීම යි). එය ඉතා මිළ අධික ම බෙහෙත් වර්ගයක්. මන්ද, එම බෙහෙත ලබා ගැනීමට, එම ප්‍රතිකාරය කිරීමට, ඔ

බෝම්බ ප්‍රහාර නොතකා සුදොතුම් පියතුමා මේ මස අවසානයේ ඊජිප්තුවට

Image
Pope will visit Egypt as scheduled despite Palm Sunday terrorist attacks පාප් වහන්සේ සහ එල්-ටයෙබ් ප්‍රධාන ඉමාම් තුමා වතිකානයේ දී මුණ ගැසුණු මොහොත  (2017 අප්‍රේල් 11) ඊජිප්තුවේ කතෝලික දෙව්මැදුරු දෙකකට සති අන්තයේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර නොතකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඊජිප්තු අපෝස්තලික ගමන යොදා ගත් අයුරින්ම සිදු කෙරෙන බව වතිකානය නිවේදනය කරයි. ඊයේ (අප්‍රේල් 10 වනදා) වාර්තාකරුවන් අමතමින් ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් මහතා මේ බව කියා සිටියේ ය. ඊජිප්තු සංචාරය සැලැසුම් කළ  අයුරින් ම සිදු කෙරෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද තහවුරු කර තිබේ. එතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රන්සිස්කාන නිකායේ ප්‍රධානීන් සමග පැවැති හමුවක දීය. සුදොතුම් පියතුමා මේ මස 28-29 දිනවල ඊජිප්තුවේ කයිරෝ අගනුවර අපෝස්තලික සංචාරයක යෙදීමට නියමිතය. මෙම සංචාරය,  එතුමන් ගේ දිරිගැන්වීම මත සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව  දීර්ඝ කාලයක සිට දරමින් සිටි උත්සාහයක ප්‍රතිඵලයකි. විවිධ අතවර හා හිංසනයන්ට භාජනය වෙමින් සිටින ඊජිප්තු කිතුනුවන්ට සමීප වී ඔවුන් දිරිගැන්වීම මෙම ගමනේ ප්‍රධාන අ

"පින්තූර තුළ නොව පීඩාවට පත් මිනිසුන් හා ගැහැණුන් තුළ වැඩවසන ජේසු සමිඳුන් හඳුනා ගෙන ආදරය කරන්න": සුදොතුම් පියතුමා ගේ ශුද්ධවූ සතියේ අභියෝගය

Image
"Look for Jesus in those who suffer and love him..." Holy Father's challenge for the Holy week (2017 අප්‍රේල් 9) මේ ශුද්ධ වූ සතිය තුළ, දුක් විඳින, තනි වූ, මානව හිමිකම් අහිමි කරන ලද, අසරණ වූ  ජනතාව තුළ ජීවත්වන ජේසු සමිඳුන් සොයන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනුවන් ගෙන් ඉල්ලා සිටියි. කිතුනු ජනවන්දනා වර්ෂයේ අති පරිශුද්ධවත් මෙම සතිය තුළ අප භාවනා කළ යුත්තේ එදා  රජකු සේ මහිමයෙන් යුතුව ජෙරුසලෙමට ඇතුළු වූ ජේසු සමිඳුන් පමණක් නොවේ. මරණයට පෙර උන්වහන්සේ දරා ගත් වචනයෙන් විස්තර කල නොහැකි වූ වේදනාවන් ද අපගේ භාවනාවට යොමු විය  යුතු ය. උන්වහන්සේ එදා විඳි වේදනා අද ද යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා, සහ නූතන වහල්බව තුළ අපට දැකගත හැකි බව සුදොතුම් පියතුමා පෙන්වාදෙයි. " ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය හා මරණයට පෙර සතියට සභාව ඇතුළු වන විට ජේසු සමිඳුන් අපගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ  සම්බන්ධයෙන් නිර්මාණය වූ චිත්‍ර, සිතුවම් හා ඡායාරූප තුළ හෝ අන්තර්ජාලය තුළ සංසරණය වන වීඩියෝ තුළ හෝ තමන්වහන්සේ දැක භාවනා කරන ලෙස නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ අපට පවසන්නේ අද දවසේ උන්වහන්සේ සේ ම විවිධාකාරයෙන් දුක්