Posts

Showing posts from February, 2020

සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් හේතුවෙන් සුදොතුම් පියතුමා ගේ හමුවීම් දෙවන දිනටත් අවලංගු කරයි

Image
Holy Father sick for the second day; audiences cancelled. (2020 පෙබරවාරි 28) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය නිල හමුවීම් සහ වැඩසටහන් අද දෙවන දිනටත් අවලංගු කළේය. එතුමා සුපුරුදු පරිදි අද උදාසනත් සාන්තා මාර්තා ගෙදර පුංචි දෙව්මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කළේය. පූජාව අවසන් කල එතුමා ඊට සහභාගී වූ පිරිසට ආචාර සමාචාර කර නික්ම ගියේය. එතුමා අද දවසේ සිය පෞද්ගලික රැස්වීම් වෙනසකින් තොරව පවත්වන නමුත් නිල හමුවීම් අවලංගු කර ඇතැයි වතිකානය ප්‍රකාශ කළේය. ඊට හේතුව සුළු රෝගී තත්වයක් බව එම ප්‍රකාශයේ සඳහන් විය. එහෙත් එම රෝගී තත්වය කුමක් දැයි වතිකානය ප්‍රකාශ කළේ නැත. අළු බදාදා දිව්‍ය පූජාව පවත්වද්දී මෙන් ම බදාදා පොදු හමුවේ දී ද එතුමා කැස්ස සහ නාසය පිස දැමීම වැනි සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ පෙන්වුයේ ය. එසේ වුව ද එතුමා සිරිත් පරිදි පොදු හමුවට සහභාගී වූ ජනතාව අසලට ගොස් ඔවුනට කතා කලේ ය. ඉතාලියට තර්ජනයක් වී ඇති නව කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳගෙන සිටි කිහිප දෙනෙක් ද එම පොදු හමුවට එක්ව සිටියහ. "කොරෝනා රෝගීන් හමුවීමෙන් පසු" ශුද්ධෝත්තම පියතුමා රෝගී වූ බවට ඇතැම් සිංහල කතෝලික සම

පරිගණකය සදාතනය හා යා කල යොවුන් තාක්ෂණවේදියා නිල භාග්‍යවර ලැයිස්තුවට එක් කිරීමට සසුන් පිය අනුමැතිය

Image
Computer Tech Wizard's beautification approved by the Holy father  (2020 පෙබරවාරි 26) වයස අවුරුදු 15ක් තරම් සුන්දර ගැටවර වියේ දී ලියුකේමියා රෝගයෙන් මිය ගිය ඉතාලි ජාතික කාර්ලෝ ඇකුටිස් භාග්‍යවරයට එසැවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුමැතිය දෙයි. දැන් "වන්දනීය කාර්ලෝ ඇකුටිස්තුමන් " යන සභා ගෞරව නාමයෙන් හැඳින්වෙන මෙම ගැටවරයා ගේ මැදිහත් කමින් සිදු වූ අලුත් ම ප්‍රාතිහාර්යය සභා නීතියට අනුව පිළිගනිමින් සුදොතුම් පියතුමා මෙම අනුමැතිය දානය කලේ ය. එතුමා මෙම තීරණය ගත්තේ සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානි ජියොවන්නි ඇන්ජෙලෝ බෙකියු කාදිනල් හිමිපාණන් සමග පෙබරවාරි 22 වනදා පවත්වන ලද සාකච්ඡාවක දී ය. සුදොතුම් පියතුමා මීට සම්බන්ධ සසුන් නියෝගයට අත්සන් තබන ලද බව වතිකානය නිවේදනය කලේ ය. පරිගණක තාක්ෂණවේදී ගැටවරයා කාර්ලෝ ඇකුටිස් කුඩා කළ සිටම පරිගණක විද්‍යාඥයකු තරම් විශිෂ්ට ලෙස පරිගණක තාක්ෂනය ගැනත් ඊට සම්බන්ධ ඩිජිටල් තාක්ෂනය, අන්තර්ජාලය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිළිබඳවත් මනා දැනුමකින් යුතුව සිටියේ ය. මේ නිසා බොහෝ ගුරුවරුන් මෙන් ම ඔහුගේ ලබැඳි මිතුරන් ඔහු හැඳින්වුයේ &quo

"ප්‍රේමවන්ත ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන

Image
"Querida Amazonia": the Pope’s Post-Synodal Exhortation for the Amazon Church faced with ecological injustices and pastoral challenges   (2020 පෙබරවාරි 17) 2019 ඔක්තෝබර 6 සිට 27 දක්වා රෝමයේ මුළු දුන් ඇමසෝන් කලාපීය රදගුරු හිමිවරුන් ගේ සිනොඩ් සමුළුව පාදක කර ගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ලියූ අපෝස්තලික සංදේශය පෙබරවාරි 12 වන දා වතිකානයේ දී නිකුත් කරනු ලැබිණි. එය නම් කර ඇත්තේ  “ Querida Amazonia ”  හෙවත් "දයාබර ඇමසෝනියාව" ("Beloved Amazon") ලෙසයි. මෙය පශ්චාත්-සෛනොඩීය සංදේශ ඉතිහාසයේ සුවිශේෂ තත්වයක් ගන්නා අපූර්ව සහ අසමසම ලේඛනයක් ලෙස සසුන්වේද විශේෂඥයෝ හඳුන්වති. ඊට ප්‍රධාන හේතුව වන්නේ සභාවේ ගුරු බලය සහිත මෙම ලේඛනය විසින් තවත් ලේඛනයක් "කැටුව එනු" ලැබීමයි . එම වැදගත් දෙවැනි ලේඛනය නම් ඇමේසන් සිනොඩ් සමුළුව අවසානයේ නිකුත් කරන ලද "ඇමේසන්: සභාව සඳහා සහ පූර්ණ පාරිසරික තුලනයක් සඳහා නව මාවත්"   ("The Amazon: New Paths for the Church and for an Integral Ecology")  නමැති අවසන් ප්‍රකාශනය යි. මෙම සමස්ත සංදේශය තේරුම් ගත හැකි &

"ජුවාම් පාවුළු පාප්තුමා ඇත්තෙන් ම විශිෂ්ඨයෙක්" අලුතෙන් ම නිකුත් වන පොතක ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි: විවාහක පූජකවරුන්, ලිංගිකත්ව න්‍යාය වැනි 'දැවෙන ප්‍රශ්න' ගැනත් කතා කරයි

Image
‘He was a great,’ Pope Francis says of St. John Paul II in the new book; Speaks about topics including priesthood and gender identity  (2020 පෙබරවාරි 8) ඉතා විශිෂ්ඨ විශ්වාසයත් ශුද්ධවන්ත භාවයත් පවතින්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ පූර්ණ සම්බන්ධතාවයකින් ජීවත් වන තැනැත්තකුගේ ජීවිතයේ පියෙවි බව තුළ ය යන්න  ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ලෝකයට උගන්වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "එතුමන් ගේ හැම ක්‍රියාවකම - එනම්, හිම මත ලිස්සා යාම හෝ යාච්ඥා කිරීම වේවා, ඇවිදීම හෝ දුක් විඳීම හෝ වේවා, ඒ සියල්ල තුළ - තමන් සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස හඳුනා ගැනීමට එතුමා ජනතාවට ඉඩ දුන්නා. එතුමා ගේ සෑම ඉඟියක ම, සෑම වචනයක ම, එතුමා කළ සෑම තෝරා ගැනීමක ම වඩා ගැඹුරු වටිනාකමක් නිතර ම තිබුණා; ඒ මගින් එතුමා නොමැකෙන සටහනක් තැබුවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සඳහන් කරයි. සුදොතුම් පියතුමා මේ අදහස් ප්‍රකාශ කරන්නේ අලුතින් ම නිකුත් වීමට නියමිත පොතක ය. පොත පදනම් වී ඇත්තේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් ගේ ජීවිතය  පිළිබඳව ය. "San Giovanni Paolo Magno" ( "ශාන්ත මහා ජුවාම් පාවුළු')

" 'ලාසරස්ලා' දොරකඩින් ගෙදර කෑම මේසයට" - වතිකානයේ ඉපැරැණි සුන්දර මාලිගාවක් දුප්පතුන් ගේ නිවහනක් බවට පරිවර්තනය කෙරේ

Image
"Lazaruses at the Table": 19th century Palazzo Migliori in the heart of Vatican, converted into a homeless shelter (2020 පෙබරවාරි 6) 'ලාසරස් සහ අසංවේදී ධනවතා ගේ උපමාව' කතෝලික සමාජ ධර්මයට පදනම්  වන ජේසු සමිඳුන් ගේ මූලික ඉගැන්වීමෙකි. ලූක් සුබ අස්නේ එන මෙම උපමාවෙන් ජේසු සමිඳුන් උගන්වන්නේ යම් තැනැත්තෙකු පල්ලි කණුවක් වුනත්, අසහාය ධර්ම ධරයෙක් හෝ දේවධර්මය පිලිබඳ දේශකයෙකු වූවත්, දෙව්මැදුරු අලංකාරයට කෙතරම් මුදල් පරිත්‍යාග කළත්  තමාගේ ගේ දොරකඩ, අසල්වාසියේ සිටින දුප්පතාට ආදරය නොදක්වන්නේ නම්, ඔහුගේ දුකට වේදනාවට අසංවේදී නම් සහතිකව ම  එම තැනැත්තාගේ  අවසානය පිපාසයට දිය පොදක් නොමැති නිරය බවයි. Preferential Option for the Poor, එනම්, "දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහ පූර්වක තෝරා ගැනීම" කතෝලික සමාජ ධර්මයේ මූලික ඉගැන්වීමෙකි. මේ අනුව කතෝලික සමාජ ධර්මය අවධාරණය කරන්නේ "ලාසරස් ලා ගෙදර කෑම මේසයට ගත යුතු" බවය. එනම් දුප්පතුන්, පීඩිත වූවන්, කොන්කරන ලද්දන්, අයුක්තියට සහ අසාධාරණයට ලක්වූවන්, කුසගින්නෙන්, නිවාස රහිතව, රෝගීව සිටින්නන් වැනි විවිධාකාරයෙන් වේදනාවට පත් වූවන් ව