Posts

Showing posts from August, 2017

"දිව්‍ය පූජාව පිලිබඳ දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකියි": සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
Holy Father is emphatic: "Reforms of Vatican II 'Irreversible'" (2017 අගෝස්තු 29) ජනවන්දනාව (දිව්‍ය පූජා යාගය) සම්බන්ධයෙන් දෙවන වතිකාන කතිකාවේ දී ඇතිකරන ලද ප්‍රතිසංස්කරණ යළිත් වෙනස් කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එම ප්‍රතිසංස්කරණ ගැන යළි සිතා බැලීමට උත්සාහ දරනු වෙනුවට කතෝලික සභාව කල යුත්තේ  එම ප්‍රතිසංස්කරණ තේරුම් ගැනීමටත් ඒවා සිදුකරන ලද්දේ මන්ද යන්න වටහා ගැනීමටත් නොකඩවා කටයුතු කිරීම යයි එතුමා කියා සිටියේය. "මෙම උපදේශයෙන් පසුව, (වතිකාන කතිකාවෙන් පසුව පැමිණි) මෙම දීර්ඝ  ගමනින් පසුව, ජනවන්දනා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බව අධිකාරී ගුරු බලයෙන් යුතුව සහ නිශ්චිතවම අපට තහවුරු කළ හැකියැ" යි  සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "දෙවන වතිකාන කතිකාවේ ප්‍රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේවවන්දනාවේදීන් කල යුත්තේ,  දේවවන්දනාව ප්‍රතිසංස්කරණය කිරීමට ගත් තීරණ යළි අනාවරණය කර ගැනීමයි; එම තීරණවලට පදනම් වූ  දේව අනුප්‍රානීය ප්‍රතිපත්ති ආත්ම ගත කර ගැනීමයි; එසේම ඒවා පාලනය කෙරෙන විනය නීති අනුගමනය කිරීමයි" යයි එතුමා සඳහන් කළේ

ප්‍රැන්සිස් පාප් වහන්සේ 'කදිම' කෙනෙක්ද? 'දැඩි' කෙනෙක් ද?

Image
Pope Francis: 'Nice guy' or a 'tough guy'?  (2017 අගෝස්තු 26) බොහෝ දෙනෙකුට, ප්‍රැන්සිස් පාප් වහන්සේ යනු වර්තමාන කතෝලික සභාව්  දයා කරුණාබර මුහුණුවරයි. එතුමා තුළින් ගලා එන්නේ ක්‍රිස්තු ධර්මයේ මූලික හරයාත්මක පණිවිඩය වන දෙවි සමිඳාණන් ගේ මෘදු කරුණා ගුණයයි. 'දුප්පතුන්ට සරණ වන්න' යන්න එතුමා සිය ප්‍රථම අපෝස්තලික ලේඛනයේ කේන්ද්‍රීය පනිවිඩය කරගත්තේය.එයින් නොනැවතී, දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන්නැයි  තමන් හමුවන්නට වතිකානයට පැමිණෙන සෑම රාජ්‍ය නායකයකුගෙන් ම එතුමා ඉල්ලා සිටියි. එතුමා ඉතාලි වෙරළට සේන්දු වූ අසරණ වූ  සරණාගතයන්  බේරා ගත්තේය. ග්‍රීසියේ ලෙස්බොස් දූපතට ගිය එතුමා, එහි සිටි සරනාගතයනට  පිළිසරණ වන්නැයි සංවර්ධිත කිතුනු රටවලට ආයාචනා කිරීමෙන් නොනැවතී එහි සිටි මුස්ලිම් සරණාගත පවුල් කිහිපයක් තම ගුවන් යානයෙන් ම කතෝලික කේන්ද්‍රස්ථානය වන රෝමයට ගෙනාවේය. මීසම් සේවක  පියතුමකු සේ රෝමයෙන් බැහැර දුප්පත් මීසම් වල පවුල් බැහැදැක ගෙවල් ආශීර්වාද කරන්නට ගියේය. ගෙවල් නැති ජනයාට වතිකානයේ දොරටු විවර කළේය. දෙවියන්  වහන්සේ සමාව නොදෙන පාපයක් නැතැයි උන්වහන්සේ ගේ මෘදු කරුණා ගුණයේ අසීමිත

ප්‍රැන්සිස් පාප් වහන්සේ ම්‍යන්මාවට - එරටට පා තබන ප්‍රථම සුදොතුම් පියතුමා

Image
Pope Francis to visit Myanmar: The first Pope to visit the country  අවුන් සාන් සු කී මේ වසරේ මැයි මාසයේ වතිකානයේ දී සුදොතුම් පියතුමා හමු වූවා (2017 අගෝස්තු 8) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික අපෝස්තලික සංචාරයකට සූදානම් වන බව ආසියානු  සහ ජේසු නිකායට සමීප ඇමෙරිකානු  ආරංචි මාර්ග වාර්තා කරයි.  මේ අනුව දැන් ම්‍යන්මාව ලෙස හඳුන්වන බුරුමයට පා තබන ප්‍රථම පාප් වහන්සේ ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතිහාසයට එක්වනු ඇත. ආසියාවේ ප්‍රමුඛතම කතෝලික  මාධ්‍ය ජාලය වන යූකාන් ප්‍රවෘත්ති සේවාව වාර්තා කරන අන්දමට එතුමා එන නොවැම්බර 27 වනදා ම්‍යන්මාවේ අපෝස්තලික සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ කතෝලික ආරංචි මාර්ග උපුටා දක්වන එම පුවත් සේවාව කියන්නේ එතුමා ම්‍යන්මාවේ දින හතරක් ගතකරනු ඇති බවයි. එතුමා එම මාසයේම බංග්ලාදේශයේ  අපෝස්තලික සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. එහෙත් මෙය තහවුරු වන්නේ නම් බුරුම හෙවත් ම්‍යන්මා සංචාරය ඊට කලින් යෙදෙනු ඇත. මෙම වාර්තා අනුව අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුලින්ම සැපත් වන්නේ ම්‍යන්මාවේ නව අගනුවර වන නේපිඩෝවට යි. එහිදී සූ මහත්මිය සමග නිල සාකච්ඡා වලින් පසුව