Posts

Showing posts from May, 2016

"දුවේ පුතේ, අද (ජුනි 1) සාමය වෙනුවෙන් යදින්න එක් වන්න" සුදොතුම් පියතුමා ලොව පුරා දරුවන්ගෙන් ඉල්ලයි

Image
"Dear Children, Join the Syrian Children today to pray for peace"  සුදොතුම් පියතුමා ග්‍රීසියේ ලෙස්බොස් දුපතේ දී සිරියාවෙන් පලා එන්නට සිදු වූ පුංචි පුතෙකු වැළඳ ගත් මොහොතක් (2016 මැයි 31) ආදර දුවේ පුතේ, අද ජුනි පළමු වැනි දා, ඔයාලාගේ දිනය යි. එනම්, ජාත්‍යන්තර ළමා දිනය යි. අද දවස යුද්ධය නිසා සිය ළමා කාලයත් අධ්‍යාපනයත් අහිමිව සිටින සිරියාවේ ඔයාල වගේ අයියලා, මල්ලිලා, අක්කලා නංගිලා වෙනුවෙන් යාච්ඥා කරන්න යොදා ගන්න කියා, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටිනවා. තනිකරම බල ලෝභයේ ප්‍රතිඵලක් ලෙස සිරියාවේ වැඩිහිටියන් ආරම්භ කරපු යුද්ධය නිසා වැඩියෙන් ම දුක් විඳින්නේ ඒ රටේ ඔයාල වගේ මල් කැකුළු. ළමයින් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට හැමදාම වෙඩිවලින්, බෝම්බ වලින් බේරෙන්නට  තැන තැන දුවන්න වෙලා. උන්හිටිතැන් අහිමි වෙලා. සරණාගතයන් වෙලා. ඊටත් වඩා දවස් පතා තවත් ළමයින් විශාල සංඛ්‍යාවක් බෝම්බ  ප්‍රහාරවලින් මිය යනවා. දරුණු ලෙස තුවාල ලබනවා. "ජුනි පළමුවැනි දා ලොව පුරා සෑම තැනකම සිරියාවේ ළමයින් වෙනුවෙන්, සාමය වෙනුවෙන්  යාච්ඥා කරන්න" කියා ගිය ඉරිදා (මැයි 29) තේවාචාරීතුමන් ලාගේ ජුබිලි

"ඔබ ජේසු ගේ ශ්‍රාවකයෙක් ද? එසේ නම් ඔබ අනිවාර්යයෙන් සේවකයෙකු විය යුතුයි"

Image
"Are you a disciple of Christ? Then you must be a servant": Holy Father tells Deacons   (2016 මැයි 30) කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන් හා පුජකවරුන් ගේ සම්මන්ත්‍රණ හා රැස්වීම්වලදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ  නිතර අවධාරණය කරන කරුණක් තිබේ. එනම් "සේවක නායකත්වය" නොහොත් "එඬේරික නායකත්වය" යි. සභාවේ ගිහි, පැවිදි පූජක නායකත්වය කළමනාකරුවන් හෝ පරිපාලකයන් නොවී සේවකයන් විය යුතුය යන්න එතුමා පුන පුනා පෙන්වා දෙන කරුණයි. උන්වහන්සේ පසුගිය ඉරිදා (මැයි 29) යලිත් මෙම තේමාවට ප්‍රවිෂ්ට වූහ. ඒ වතිකානයේ දී පැවැති "තේවාචාරීන් ගේ ජුබිලියේ" දී ය. "යහපත් සේවකයකු යනු තමන් අමතක කොට, තම ස්වාර්ථකාමී සැලසුම්වලට යන්නට හැර, තමන් සේවාව කිරීමට කැඳවීම ලබා ඇති ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැපකරන්නෙකි. යහපත් සහ විශ්වාසවන්ත සේවකයකු වීමේ එක් ප්‍රථම පියවරක් වන්නේ අන් අයගේ සේවාව වෙනුවෙන් නිතරම සූදානම්ව සිටීමයි. සැබෑ සේවකයකු සියල්ල තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමේ උවමනාවෙන් වියුක්ත වී තමාට ලැබී ඇති කැඳවීමට අනුව ජීවත්වීමට දිනපතා ඉගෙනගනියි. සේවය කරන්නෙකුට තමන් ගේ විවේකකාලය රැස්

"වෙන රටක, වෙන ආගමක, වෙන භාෂාවක අය අපේ සතුරන් ලෙස සලකන්නේ නෑ" - ළමා කැළක් සුදොතුම් පියතුමාට කී දේ

Image
"People of different countries, languages or religions are not our enemies": A group of children write to Pope Francis  (2016 මැයි 29) ඉකුත් දා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ බලන්නට  එතුමන් ගේ ලබැඳි අමුත්තන් පිරිසක් පැමිණියහ. ඒ ලබැඳියෝ ළමයින් පිරිසකි. මැයි 28 වැනි දා සෙනසුරාදා මෙසේ සුදොතුම් පියතුමා බලන්නට පැමිණියේ ඉතාලියේ දකුණු දිග කැලිබ්‍රියාවේ සිට පැමිණි ළමයින් 400 දෙනෙකු ගේ නඩයකි. ඔවුන් රෝමයට ආවේ  "Treno per Bambini” හෙවත් "ළමා දුම්රියෙනි". මේ නඩයේ විශේෂත්වයක් තිබුනේ ය. එනම් විවිධ  ආගම්, ජනවර්ග සහ සංස්කෘතීන් වලට අයත් ළමයින් ඊට ඇතුලත් ව සිටීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියා ගත් කතාවකින් තොරව, ඉතා සුහදව, සරලව ඔවුනට කතා කල අතර, තමන් ගෙන් ප්‍රශ්න අසන්නට ද ඔවුන්ට අවස්තාවක් ලබා දී තිබිණි. එහෙත් සුපුරුදු ලෙස පුංචි අයට තේරෙන පුංචි වචන හා ඔවුන් ගේ හදට කා වදින ජීවිත අවස්ථා තෝරාගනිමින් සුදොතුම් පියතුමා ඔවුන්ට දුන් පණිවිඩය ළමයිනට සේ ම වැඩිහිටියනට ද ප්‍රබල පණිවිඩයකි. එය වර්ගවාදී හා අන්තවාදී මානසිකත්වයෙන් තවමත් පෙලෙන ශ්‍රී ලංකාව ට ද කදිම  පණිවිඩයකි. අපේ හ

"පූප වගේ අපිත් කැඩෙමු " දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දින දේශනය

Image
"Let yourselves be broken for others": Homily at the Corpus Christi feast  (2016 මැයි 27)  සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ ශ්‍රී ශරීරයේ සහ අති අමිල වූ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දින  (දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය)  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම උතුම් දේව ප්‍රසාද නිධානය ගැන සොඳුරු භාවනාවක් කළහ. උන්වහන්සේ මෙදින කතා කලේ මෙම ප්‍රසාද නිධානය ජීවත් කිරීමේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳවයි. දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජේසු සමිඳුන් අප වෙනුවෙන් කැඩෙන්නා සේ අප ද අන් අය  වෙනුවෙන් කැඩිය යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. ශු. ජුවාම් තුමා ගේ සුබ අස්නේ එන පූප වැඩිකිරීමේ ප්‍රාතිහාර්යයේ බයිබලීය සංකේත කිතුනු ජීවිතයට කතා කරන ආකාරය එතුමා විග්‍රහ කළේය. කන්නට යමක් සොයා ගැනීම සඳහා කුසගින්නේ සිටින ජනතාව ඔහේ නගරයට යැවීම ජේසු සමිඳුන් ගේ අභිමතය නොවේ. ඔවුනට "කන්නට යමක්" සොයා දීම අපගේ වගකීමයි. එහෙත් විශාල ජනකායකට කන්නට දෙන්නට තරම් ආහාර අප සතුව නැත. සමිඳුන් අපෙන් අසන්නේ "ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද?" කියා ය. වෙන වචන වලින් කියන්නේ නම් උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ අප සතුව තිබෙන "සුළු  දේ" (සුබ අස්නේ එන

"යාච්ඥාව මැජික් යෂ්ටියක් නොවේ; පියාණන් සමග ඒකාබද්ධ වීමේ මාර්ගයයි" - බදාදා පොදු හමුව

Image
"Pray without ceasing; even when it seems it is ineffective" - Wednesday General Audience (2016 මැයි 26) යාච්ඥාව යනු සිතූ පැතූ දේ ලබා ගත හැකි 'මැජික් යෂ්ටියක්' නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දෙයි. එය අපට අවශ්‍ය අවස්ථාවල පමණක් භාවිත කල හැකි සරල දෙයකුත් නොවේ. යාච්ඥාව යනු විශේෂයෙන් දුෂ්කර අවස්ථා වලදීත්, ජීවිතයේ සෑම මොහොතකමත් අපගේ විශ්වාසය  පෝෂණය කරන  ශක්තිය ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යාච්ඥාවේ ආධ්‍යාත්මිකත්වය ගැන මෙම මෙනෙහි කිරීම කලේ (මැයි 25 වැනිදා) බදාදා පොදු හමුවේ දී ය. මෙවර  එතුමාගේ බදාදා පොදු හමුවේ ධර්මෝපදේශයට පාදක වූයේ යාච්ඥාවේ ආධ්‍යාත්මිකත්වයයි.ඊට සහභාගී  වීමට ලොව නන්  දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන් වසන්තයේ හිරු රැසින් නැහැවුණු සාන්ත පීතර චතුරශ්‍රය පිරී ගොස් තිබිණි. "වෙහෙසට පත් නොවී අප නිරන්තරයෙන් යාච්ඥා කරනු දැකීම ජේසු සමිඳුන් ගේ බලාපොරොත්තුවයි. හුදෙක් අපට අවශ්‍ය වූ වෙලාවල පමණක් නොවෙයි. නැහැ. නිරන්තරයෙන්."එතුමා කීවේය. "යාච්ඥාව තුළ අප වෙහෙසට පත්වන, අධෛර්යයට පත්වන අවස්ථා වලට අප සෑම කෙනෙකුම මුහුණ දෙමු. මෙය අපට විශේෂයෙන් ම  දැන

"ත්‍රස්තවාදය ලෝකයට ම තර්ජනයක්. ඉස්ලාම් දහමේ අපගමනයක්. එය තුරන් කිරීමට අත්වැල් බැඳ ගනිමු" ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා වතිකානයේ සිට කියයි

Image
"Let's join hands to end terrorism" Grand Imam of al-Azhar appeals at the Vatican  වතිකාන රේඩියෝවේ සම්මුඛ සාකච්චාව  (2016 මැයි 24) ත්‍රස්තවාදය සැබෑ ඉස්ලාම් දහමේ "අපගමනයක්" (පිට පනින ලද්දක්) බව සුන්නි මුස්ලිම් ශ්‍රෙෂ්ඨ ඉමාම්තුමා කියයි. එය බටහිරට සේ ම පෙරදිගට ද තර්ජනයකි. එබැවින් ත්‍රස්තවාදය තුරන් කිරීමට ගෝලීයව එක් වන්නැයි. එතුමා ලෝක ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරති. ඊජිප්තුවේ අල්-අෂර් මහ පල්ලියේ  හා විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන අහමඩ් අල් ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමා ඊයේ (මැයි 23 දා ) වත්කානයේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමෙන් පසුව මේ ඉල්ලීම කළේය.  එතුමා මේ කරුණු  ප්‍රකාශ කලේ වතිකාන ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. "මම මැද  පෙරදිග කෙනෙකි. එහි  ගලායන රුධිර ගංගා සහ ඉතිරි වන මල සිරුරු රාශිය නිසා දුක් විඳින සෙසු ජනතාව ද සමග මම ද මේ කලාපයේ ජීවත් වෙමින් දුක් විඳිමි. අප දිවා රෑ මුහුණ දෙන මෙම ව්‍යසනයට කිසිදු තාර්කික හේතුවක් නැත" යැයි වතිකාන රේඩියෝවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේ ය. ත්‍රස්තවාදයක් පවත්නා බව ශ්‍රෙ

සුදොතුම් පියතුමා හා සුන්නි මුස්ලිම් ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා අතර තීරණාත්මක හමුවක්: " මේ හමුවීමමයි පණිවිඩය"

Image
"The meeting is the message" Pope tells the Grand Imam of al-Azhar   (2016 මැයි 23) ගැටළු නිරාකරණයේ දී සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා ඉගැන්වූ  සාමයේ, සංහිඳියාවේ හා සංවාදයේ  ජීවිත ක්‍රමය අනුගමනය කරන සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ අද (2016 මැයි 23) තවත් සංහිඳියා ක්‍රියා මාර්ගයක වැදගත් කඩ ඉමකට පිවිසුනහ. එනම්, මුස්ලිම් ලෝකයේ ගෞරවයට පත් ප්‍රමුඛතම නායකයකු වතිකානයේ දී පිළිගෙන මුහුණට මුහුණ සාකච්ඡා කිරීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙලෙස මුණගැසුනේ සුන්නි මුස්‌ලිම්  ලෝකය තුළ සුවිසල් බලපෑමක් කළ හැකි නායකයකු ලෙස සැලකෙන ඊජිප්තුවේ අල්-අෂර් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී, අහමඩ් එල්-ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමාවයි. පාප් වහන්සේ සාම්ප්‍රදායිකව විදේශීය ප්‍රභූන් පිළිගන්නේ  එතුමන් ගේ අධ්‍යයන කාමරයේ දිය. එම කාමරය වෙත ප්‍රවේශ වෙමින් සිටි  ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමා  වෙත ගිය සුදොතුම් පියතුමා "මෙම හමුවීමමයි පණිවිඩය " යයි කියමින් එතුමන් උණුසුම්ව පිළිගත් බව ලොව සියලුම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වාර්තා කරයි. ඉස්ලාම් චින්තනයේ හා ඉගැන්වීමේ මූලස්ථානයක් ලෙස ප්‍රකට අල්-අෂර් සරසවිය හා වතිකානය අතර නිල ස

"ආදරය ඇත්තේ කොතැනද, ත්‍රිත්ව-එක දෙවිඳුන් එතැනය"

Image
"Where there is love there is God": Holy Father explains the Mystery of the Holy Trinity (2016 මැයි 22) "ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය යනු සහභාගිත්වය, සැනසිල්ල සහ දයා කරුණාව ප්‍රවර්ධනය කිරීම මගින් අපගේ එදිනෙදා ජීවිතය පිරිපුන් කරගැනීමට කෙරෙන ආරාධනයකි. දෙවියන් වහන්සේ ගේ සහභාගිකමට සමානව හා එම ස්වරූපයට අනුව අප මවනු ලැබීම මගින් අප කැඳවීම් ලබා සිටින්නේ, අප සම්බන්ධතාවලින් යුත් සත්තාවන් බව අවබෝධ කර ගැනීමටයි; එසේම අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා, සහෝදරත්වයෙන් සහ අන්‍යොන්‍ය ප්‍රේමයෙන් ජීවත් කරවීමටයි. මෙම දූත මෙහෙවරේ දී ශුද්ධාත්මයානන් වහන්සේ විසින් දානය කරනු ලබන ශක්තියෙන් අපි පෝෂණය කරනු ලබමු. එම ශුද්ධාත්ම ශක්තිය, අයුක්තිය, අසාධාරණය, පීඩාකිරීම , වෛරය සහ තෘෂ්ණාව නිසා තුවාල ලබා ඇති මානව දේහය සුවපත් කරයි." ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යය සැමරුණු ඊයේ (2016 මැයි 22) දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට එක්රැස් වූ දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් හමුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. සාම්ප්‍රදායික ලෙස සුදොතුම් පිය මාළිගයේ අධ්‍යයන කාමරයේ කවු

"බොදුනු-කිතුනු අපි මිහි මව විනාශයෙන් මුදා ගන්නට අත්වැල් බැඳ ගනිමු" සුදොතුම් පියතුමා ගේ වෙසක් සුබපැතුම් පණිවිඩය

Image
"Let us join hands to liberate humanity from the suffering brought about by climate change"   (2016 මැයි 19) "ශාන්තිදායක බුදුන්  වහන්සේගේ ජීවිතයේ තෙමඟුල වන වෙසක් උත්සවය පවත්වන ඔබේ හදවත් තුළත් ඔබගේ පවුල් හා රට තුළත් සාමය, ශාන්තිය හා ප්‍රීතිය වර්ධනය වේවා!" යි ලොව පුරා බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ ප්‍රාර්ථනා කරමින් වතිකානය ප්‍රකාශ කරයි. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙම වෙසක් සුබ පැතුම නිකුත් කර තිබෙන්නේ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. එහි සභාපති ජාන් ලුයි ටෝරන් කාදිනල් හිමිපාණන් සහ ලේකම් මිගෙල් ආන්ජෙල් අයුසෝ ගියුක්සෝ රදගුරු හිමිපාණන් සුදොතුම් පියතුමන් වෙනුවෙන් එම සුබ පැතුමට අත්සන් තබා ඇත. බොදු දහමේත් කිතු දහමේත් ඉගැන්වීමක් වන සොබා දහම හා මිහිතලය ආරක්ෂා කරගැනීම කෙරෙහි මෙවර වෙසක් සුබ පැතුම මගින් වතිකානය අවධානය යොමු කර තිබේ. ඉකුත් වසරේ පාප් වහන්සේ  විසින් නිකුත් කරන ලද "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනය මෙන්ම ලෝක බෞද්ධ නායකයන් විසින් නිකුත් කරන ලද "ක්‍රියාත්මක වීමට කාලයයි: කාලගුණ විපර්යාස පිලිබඳ බෞද්ධ ප්‍රකාශනය" ද උපුට

"බල තන්හාව, ධන තණ්හාව මීසම් හා පදවි විනාශ කරයි. එය දේව රාජ්‍යයේ සතුරෙක්" සේවාවේ නායකත්වය ගැන සුදොතුම් පියතුමා යළි මතක් කරයි

Image
"Money and power: enemy of God; They destroy the Church" - Santa Martha Homily (2016 මැයි 18) "ජේසු සමිඳුන් ගේ මග සේවයේ මගයි. නායකත්වය සේවයේ නායකත්වය යි. ලෞකිතත්වයත්  උන්නති කාමයත් සමාජය සේ ම සභාව ද විනාශ කරයි. ඉහළට ළඟාවීම සඳහා අනෙකා විනාශ කිරීමේ දුර්පරික්ෂාව ගැනත් පරෙස්සම් වන්න. මුදල්  සහ බලය ඕනෑම ආයතනයක් මෙන් ම අපේ මීසම් ද රදගුරු පදවි ද විනාශ කිරීමට හේතු වෙයි." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම සිතිවිල්ල ඉදිරිපත් කලේ අඟහරුවාදා (මැයි 17 ) එතුමා ජීවත් වන සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ උදාසන දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. එතුමා සිය භාවනාවට පාදක කර ගත්තේ එදිනට නියමිත මාර්කු තුමාගේ සුබ අස්නයි. තමන් අතරේ  ශ්‍රේෂ්ඨයා කවුරුන් ද යන්න ගැන ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන් අතර විවාදයක් ඇතිවූ අවස්ථාව මෙම සුබ අස්නට ඇතුලත් ව තිබිණි.  "ඒ අවස්ථාවේ ජේසු සමිඳුන් ඔවුන්ට කියා දෙමින් සිටියේ තමන් වහන්සේ ගේ දුක් විඳීම සහ මරණය පිළිබඳවයි.  උන්වහන්සේ සිය දුක් විඳීම ගැන කතා කරන අතර ශ්‍රාවකයන් ගේ කතා බහට මාතෘකා වී තිබුනේ තමන් අතරේ ශ්‍රේෂ්ඨයා  වන්නේ කවුරුන් ද යන්න" බව සුදොතුම

"තාත්තා ඈත ඉඳං මග බලං ඉන්නවා. ගෙදර එන්න"

Image
“Father's overflowing and unconditional  mercy......"  (2016 මැයි 17) දේව දරුවන් ලෙස අප සතු ගරුත්වය කිසිවෙකුට  හෝ කිසිවකට හෝ  පැහැර ගත නොහැකිය. නාස්තිකාර පුත්‍රයා නොහොත් කරුණාවන්ත පියාණෝ උපමාවෙන් ජේසු සමිඳුන් අපට උගන්වන්නේ මෙයයි. අපගේ පාප නිසා අපට අහිමි වන දේව දරුකම අපට යළි ලැබෙන්නේ අපගේ යහපත්කම හෝ පුණ්‍යවන්ත බව හෝ නිසා නොවේ. පියාණන් වහන්සේ ගේ අසීමිත ආදරය හා දයා කරුණාව නිසා ම ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේ දී ය. මෙම පොදු හමුවේ ධර්මෝපදේශය සඳහා එතුමා මෙවර තෝරාගෙන තිබුනේ නාස්තිකාර පුත්‍රයා උපමාවේ එන කරුණාවන්ත තාත්තා, තමා වෙත ආපසු හැරී එන අකීකරු බාල පුතා ඈත සිට දැක, ඔහු එන පෙර මගට දුව ගොස් ඔහු උණුසුමින් තරයේ වැළඳගෙන, ඔහු යළිත් සිය දරවා ලෙස බාරගැනීමේ ජවනිකාවයි. "මෙම කරුණාවන්ත තාත්තා සිය අකීකරු බාල පුතා ආපසු එන අයුරු ඈත සිට මෘදු නෙතින් දුටුවේය යන කියමනෙන් අදහස් කරන්නේ, එම තාත්තා ඔහුගේ පැමිණීම ස්ථිරසාරව, නිරන්තරයෙන් ඈත සිට බලාපොරොත්තුව සිටි බවයි," යැයි සුදොතුම් පියතුමා විස්තර කලේ ය. &q

"ජේසු සමිඳුන් ගේ කුරුසියේ පූජාවෙන් ගලා හැලෙන දේව වරප්‍රසාදයේ අපරිමිත දිය දහර: ශුද්ධාත්මයාණෝ " - පෙන්තකොස්ත දින ධර්ම දේශනාව

Image
"Holy Spirit: The vast torrent of grace poured out on humanity from Jesus’ death on the cross"  (2016 මැයි 16) "පාපය දෙවියන් වහන්සේගෙන් අප වෙන්කරන නමුදු අප අනාථ දරුවන් වී නොමැත. ජේසු සමිඳාණන්ටත් ශුද්ධාත්මයාණන් වහන්සේටත් ස්තුති ප්‍රශංසා වන්නට අපට යළිත් සමිඳුන් වෙත හැරී ගොස් සමගි සන්ධානය වී දේව දරුවන් ලෙස ජීවත් විය හැකිය. ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ තිළිණයෙන් මුදුන් පත්වූ ජේසු සමිඳුන් ගේ මෙහෙවරේ කේන්ද්‍රීය අරමුණ වූයේ, පාපය නිසා බිඳ වැටි තිබූ පියාණන් හා අප අතර සම්බන්ධය නව ජීවනයට පත් කිරීමයි; අනාථ භාවයේ සිටි අප යලිත් දෙවියන් වහන්ස් ගේ දූවරුන් හා පුතුන් බවට පත් කිරීමයි. මුලින් ම අප මවන ලද්දේ දේව දරුවන් වීමටයි. අපගේ DNA අනුවේ, ජානයේ ලියා තිබෙන්නේ එයයි. මේ අරමුණින් පියානන් වහන්සේ විසින් ම අපට දෙන ලද ආත්මයාණෝ අපව යළිත් පියාණන් වහන්සේ වෙතට රැගෙන යන සේක." පෙන්තකොස්ත මංගල්‍යය නොහොත් ශුද්ධාත්ම මංගල්‍යය පැවැත්වුණු ඉකුත් ඉරිදා (2016 මැයි 15) දිව්‍ය පුජාවේ ධර්ම දේශනය පවත්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. මෙම මංගල්‍ය දිව්‍ය පුජාවට පැමිණි බැතිමතුන් ගෙන් සා

"කාන්තාවන්ට තේවාචාරීන් විය නොහැකි ද? - "පුළුවන් වේවි; ඒ ගැන අධ්‍යයනය කරමු." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික විවෘතභාවයකට යොමු වේ.

Image
Holy father to create a commission to study the issue of women diaconate  (2016 මැයි 13) කතෝලික සභාව තුළ කාන්තාවන්ට තෙර්වාචාරීන් ලෙස සේවය කල හැකිද යන්න විමර්ශනය කර අධ්‍යයනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන බව  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති. එතුමා මෙම ප්‍රකාශය කලේ බ්‍රහස්පතින්දා (මැයි 12) වතිකානයේ පැවැත්වුණු ලොව පුරා කතෝලික සභා පැවිදිවරියන් ගේ නිකායයන්වල නායිකාවන් ගේ සම්මන්ත්‍රණයක් අවසානයේ එම නායිකාවන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ජාත්‍යන්තර කාන්තා ශ්‍රේෂ්ඨාධිපතීන් ගේ මහා සමුළුවක් සෑම තෙවසරකට වරක් ම රෝමයේ දී පැවැත්වේ. මේ වසරේ පැවැති එම සමුළුව අවසානයේ 900ක් පමණ වූ එම නායිකාවන්ට සුදොතුම් පියතුමා සමග හමුවක් ලැබිණ. මෙම හමුවේ දී, සුදොතුම් පියතුමා නිතර කරන ලෙස, එතුමාගෙන් ප්‍රශ්න ඇසීමට කාන්තා පැවිදි නිකාය නායිකාවන්ට ඉඩ ලබා දුන්නේ ය. එහිදී සුදොතුම් පියතුමාගෙන් ඔවුන් ඇසූ එක ප්‍රශ්නයක් වූයේ:"කාන්තාවනට තේවාචාරීන් ලෙස සේවය කිරීමට සභාව ඉඩ නොදෙන්නේ මන්ද? මෙම ප්‍රශ්නය ගැන අධ්‍යයනය කිරීම සඳහා නිල කොමිෂන් සභාවක් පත් නොකරන්නේ මන්ද?" යන්නයි. ඊට පිළිතුරු දුන් ප්‍

ජෝර්දානයේ ඉරාක සරණාගතයන් සඳහා රැකියා ව්‍යාපෘතියක් ඇරැඹීමට වතිකානයෙන් අරමුදලක්

Image
Vatican funds job-creation project for refugees in Jordan ජෝර්දානයේ කරිටාස් ආයතනය ඉරාක සරණාගතයන් පිළිගත් අවස්ථාවක්  (2016 මැයි 12) ජෝර්දානයේ රැඳී සිටින ඉරාක සරණාගතයනට රැකියා උත්පාදනය කිරීම සඳහා අරමුදලක් සැපයීමට වතිකානය ඉදිරිපත් වෙයි. ඉරාකයේ සහ සිරියාවේ පවතින යුද්ධ සහ ප්‍රචණ්ඩ වාතාවරණය හේතුවෙන් එම රටවලින් පලා ආ 15 ලක්ෂයක පමණ සරණාගතයන් පිරිසක් ජෝර්දානයේ ජීවත් වෙති. ඔවුන් බොහෝ අසහනයෙන් සිටින අතර ඔවුන්ට රැකියා සැපයීම ජෝර්දානයට මහත් ගැටලුවක්ව පවතියි. වතිකානය මේ සඳහා යොදා ගන්නේ 2015 මිලාන් නුවර පැවැත්වුණු ලෝක සල්පිලේ වතිකාන කුටියට ජනතාවගෙන් ලැබුණු ඩොලර් 150,000ක මුදල් ආධාර ප්‍රමාණයයි. සුදොතුම් පියතුමා ගේ නිල පුණ්‍ය ආයතනය ලෙස සැලකෙන කරිටාස් ආයතනයේ ජෝර්දාන් ශාඛාව මගින් මෙම අරමුදල ජෝර්දානයට යැවීමට පියවර ගෙන තිබේ. වැඩපිළිවෙල  මැයි  12 වන දින, බ්‍රහස්පතින්දා  ආරම්භ වීමට නියමිතයි. අරමුදල බෙදී යන ආකාරය "කොර් ඌනුම් ' ශුද්ධාසන මන්ත්‍රණ සභාව නිකුත් කල නිවේදනයක විස්තර කර තිබේ. ඒ අනුව ඉරාක සරණාගතයන් 10 දෙනෙකුට එළවලු වගාකිරීම, තෙල් නිෂ්පානය හා වෙළෙඳාම සඳහා පුර්ණකාලීන රැකියා ලැබේ. තම

"රිදුනු, බිඳුණු, තුවාල වූ හදවත් සුවපත් කරන ජේසු සමිඳුන් ගේ කඳුළු....."- 'කඳුළු වියලන්නට' සැඳෑ මෙහෙයේ භාවනාව

Image
"No one is alone in their suffering" - Holy Father's meditation at "To Dry Tears" Vigil  (2016 මැයි 10) "කඳුළු වියලන්නට" ක්‍රිස්තුන් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය යෙදී තිබුණු මැයි 5 වැනි දින (බ්‍රහස්පතින්දා) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වුණු  විශේෂ සන්ධ්‍යා මෙහෙයේ තේමාව එයයි. මෙහෙයේ අරමුණ: විවිධාකාර දුක්වේදනා වලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයා කරුණාවේ උනුසුම් ආලිංගනයත් උන්වහන්සේ තුළ සැනසීමත් ලබා දීමයි. මෙම සන්ධ්‍යා මෙහෙය දයාවේ ජයන්ති වසරේ තවත් වැඩසටහනක් විය. මෙහෙය ආරම්භයේ විවධ  දුක් වේදනා වලින් දුක්විඳි පවුලක් සහ තවත් දෙදෙනෙක් තමන් අත්දුටු දුක් වේදනාවලට සාක්ෂි දැරුහ. තම වේදනාබර අත්දැකීම් විස්තර කල ඔවුහු එයින් මිදීම සඳහා තමන්ට "ඉහලින්" ආධාර ලැබුණු අයුරු පහදා දුන්හ. මෙම සන්ධ්‍යා මෙහෙයේ භාවනාව කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ජීවිතයේ දුෂ්කර කාලවලදී අප කෙතරම් කදුළු සැලුවත්, අප කිසිසේත්  තනි වී නොමැති බවයි. දිනපතාම, ලොව පුරා සෑම තැනෙකම, පිරිමින්, කාන්තාවන් සහ දරුවන් ගේ නෙතින් ගලන කඳුළු ගඟ,ඉල්ලා

"ජේසු සමිඳුන් අප සමගයි; කිසිදා අප හැරදා නොයයි.මේ ගැන සෑම තැනෙකම, සෑම මොහොතක ම සාක්ෂි දරන්න" - ස්වර්ගාරෝහණ මංගල්‍ය දින භාවනාව

Image
"Jesus is alive.He is with us: never leaves us. Be witness to this fact every day" - Angelus meditation   (2016 මැයි 9) ජේසු සමිඳුන් සහ සුබ අස්න වෙනුවෙන් සාක්ෂි දැරීම සෑම කිතුනුවකු ගේ ම වගකීම හා යුතුකම බ ව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. එක දිනෙකට - එනම් ඉරිදාට - එක මොහොතකට - එනම් දිව්‍ය පූජාවට - පමණක් සිමා නොකර, සෑම දිනෙකම, සෑම මොහොතකම සාක්ෂි දැරීමට කතෝලිකයන්ට වගකීමක් ඇති බව උන්වහන්සේ සිහිපත් කරති. "අප සෑම සතියකම අපේ සාක්ෂි දැරීම ඉදිරියට රැගෙන යා යුතුය: එනම්, ක්‍රිස්තුන් වහන්සේ අප සමග ය; ස්වර්ගයට වැඩිය ක්‍රිස්තුන් වහන්සේ අප සමග සිටින සේක; ක්‍රිස්තුන් වහන්සේ ජීවමානය යන්නයි."  ඉරිදා (අප්‍රේල් 8) දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර භාවනාව කරමින් සුදොතුම් පියතුමා මෙම සිතිවිලි ඉදිරිපත් කලේ ය. මේ ඉරිදා එතුමන් ගේ තුන්කාල ආරාධනා භාවනාවට තේමාව  වූයේ  ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහණයයි. මෙම මංගල්‍යය රෝමයේ  සමරනු ලබන්නේ එය නිල වශයෙන් යෙදී ඇති ජේසු සමිඳුන්ගේ උත්ථානයෙන් පසු 40 වන දිනයි. මෙවර එය දී තිබුනේ අප්‍රේල් 5 වන බ්‍රහස්පතිදාටයි. එහෙත් එය ණය මංගල්‍යයක

"සියල්ලන් අන්තර්ග්‍රහණය කෙරෙන නව සමාජයීය ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි" - ශාලමන් ත්‍යාගය සහ සුදොතුම් පියතුමා ගේ 'මම සිහිනයක් දකිමි' දේශනය

Image
"I have a Dream for Europe" - Pope Francis speaks his heart about a Europe giving birth to a "New Humanism"  (2016 මැයි 7) "නව යුරෝපීය මානුෂවාදයක් පිළිබඳව මම සිහින දකිමි" "නූතන ද්‍රවශීලි ආර්ථිකය වෙනුවට සියල්ලන් ඇතුලත් කරගන්නා නිර්මාණශීලි සමාජයීය ආර්ථිකයක් ගැන මම සිහින දකිමි" යුරෝපයේ කීර්තිමත් ශාලමන් ත්‍යාගය පිරිනැමීම වෙනුවෙන්  සිකුරාදා (2016 මයි 6) වතිකානයේ පැවති උත්සවයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ  මෙම "සිහින වැල" ප්‍රකාශ කළහ. 2016 වසරේ  යුරෝපීය ශාලමන් ත්‍යාගය පිරිනමන ලද්දේ ප්‍රැන්සිස් පාප් වහන්සේට  ය. 'ආහන් හි ජගත් ශාලමන් ත්‍යාගය' යනුවෙන් නිල වශයෙන් හැඳින්වෙන මෙම ත්‍යාගය  වසරක් පාසා පිරිනමනු ලබන්නේ යුරෝපය එක්සත් කිරීම සඳහා ක්‍රියාකළ පුද්ගලයන්ට ය.  ප්‍රැන්සිස් පාප් වහන්සේ ශාලමන් ත්‍යාගයෙන් පිදුම් ලද දෙවැනි ආගමික නායකයා ය. මීට කලින් 2004 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහ්න්සේට "අති  විශේෂ" ශාලමන් ත්‍යාගයක් පිරිනැමිණ. ඒ වසරේ ත්‍යාගය සඳහා අයර්ලන්ත දේශපාලනඥ පැට්‍රික් කොක්ස් තෝරාගෙන තිබු අතර, ජුවාම් පාවුළු පාප්

දයාවේ වසර සමාප්ත කිරීමට දුප්පතුන් සඳහා වතිකානයේ වන්දනා ගමනක්

Image
  A Pilgrimage for the Poor to close out the Year of Mercy  රෝමයේ ගෙයක් නැති ජනයා හමුවූ මොහොතක් (2016 මැයි 5) යුරෝපයේ දුප්පත් සහ සමාජයෙන් බැහැර කරන ලද දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිරිසකට  ලබන නොවැම්බර මාසයේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන භාග්‍යවන්ත අවස්ථාවක් උදාවෙයි. එනම්, දයාවේ ජුබිලි වසර වෙනුවෙන් වතිකාන වන්දනා ගමනකට සහභාගී වීමටයි. වන්දනා ගමන යොදාගෙන තිබෙන්නේ නොවැම්බර 11 සිට 13 දා දක්වයි. එය සංවිධාන කරනු ලබන්නේ ෆ්රැටෙල්ලෝ නමැති ප්‍රංශ සංවිධානයයි. දුප්පතුන් සහ සමාජයෙන්  බැහැර කරන ලද්දවුන් 6000 ක් ඊට එක්වන බව එම සංවිධානය කියයි. ෆ්රැටෙල්ලෝ සංවිධානය "විවිධ ආකාරවලින් සමාජයෙන් බැහැර කරන ලද්දවුන්"වෙනුවෙන් විවිධ අවස්ථා සහ ගමන් සම්බන්ධීකරණය කරන සංවිධානයකි. මෙම ගමන සංවිධානය සඳහා ඔවුන් තවත් වෘත්තීය සංචාර ආයතන කිහිපයක ද ආධාර ලබා ගැනීමට නියමිතයි. "සමාජයෙන් බැහැර කරන  ලද්දවුන් ලෙස සැලකෙන  ජනතාවට ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමටත් මේ ජයන්ති වසරේ දී වතිකානයේ යාච්ඥා කිරීමටත්  ලැබෙන මෙම අවස්ථාව  ඔවුන් දෙවියන් වහන්සේ ගේ හදවත තුළත් සභාවේ හදවත තුළත් සිටින බව සිහිපත් කිරීමට අවස්ථාවක

"නැතිවූ සහෝදර බැටළුවන් සොයා රැලට ගෙන ඒම: සෑම කිතුනුවකු ම ලබා ඇති දයාවේ කැඳවීම"

Image
"The Good Shepherd can always be found where the lost sheep is" - Wednesday General Audience  සුදොතුම් පියතුමා පැරගුවේ කුප්‍රකට සිරගෙදර දී  (2016 මැයි 4) යහපත් එඬේරා ගේ උපමාව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව තේරුම් ගැනීමට ආධාර වන වැදගත් නිදර්ශනයකි. මෙම උපමාව මගින් නියෝජනය වන්නේ කිසිම කෙනෙකු නැති නොවන තරමට උන්වහන්සේ අප වෙත දක්වන අතිශය ගැඹුරු සැලකිල්ලයි. යහපත් එඬේරා උපමාවෙන් විදැහෙන දෙවියන් වහන්සේ ගේ අපරිමිත දයා කරුණාව ගැන විස්තර කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ බදාදා (මැයි 4) එතුමන් ගේ සතිපතා පොදු හමුවට සහභාගී වූ වන්දනාකරුවනට අනුශාසනා කරමිනි. මෙම ධර්මෝපදේශ දේශනාව සඳහා එතුමා පාදක කර ගත්තේ ජේසු සමිඳුන් වදාළ තමන් සමග සිටින බැටළුවන් 99 දෙනා තබා, නැතිවුණු බැටළුවා සොයා යන 'යහපත් එඬේරා'  ගේ උපමාවයි. "ජේසු සමිඳුන් වදාළ මෙම උපමාවෙන් පිළිබිඹු වන්නේ උන්වහන්සේ පව්කාරයන් කෙරෙහි දක්වන අසීමිත සැලකිල්ලයි. එසේ ම කිසිදු අයෙකු තමන්ට අහිමි වීමට ඉඩ නොතබන තරමට සියුම් වූ දෙවියන් වහන්සේ ගේ දයාවේ ස්වරූපයයි. මෙම උපමාව අසන අප ජේසු සමිඳුන් පව්කාරයන්ට දක්වන සු