Posts

Showing posts from September, 2023

සමාජයේ අන්තවල ජීවත් වන්නන් "ආදරයෙන් පිළිගැනීමේ" නව සංස්කෘතියක් ගොඩ නගමු." - 2023 සැප්තැම්බර් සසුන් පිය යැදුම් අදහස

Image
Let us build a culture "of hospitality, of providing shelter, of giving a home, of offering love, of giving human warmth" - Pope Video September 2023  (2023 සැප්තැම්බර 3) නූතන ආර්ථික ක්‍රමයේ අයපත් ප්‍රතිඵල නිසා සමාජයේ "අන්තවලට වීසිවී සිටින ජනතාව" දෙස නෙත් සහ හදවත් යොමු කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් ලොව පුරා සිටින කිතුනු ජනතාවට අභියෝග කරයි. සමාජයේ  අන්තවල (margins of society  ) වෙසෙන  මේ ජනතාව මිනිසත් බවට නොගැලපෙන පහත් තත්ත්ව වල ජීවත් වන බව  (subhuman living conditions) එතුමා පෙන්වා දෙයි. ඒ තත්වය නවත්වා ඔවුන් උණුසුමින් පිළිගැනීමේ සංස්කෘතියක් ආරම්භ කල යුතු බව එතුමා අවධාරණය කරයි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අදහස් ප්‍රකාශ කරන්නේ 2023 සැප්තැම්බර මාසයේ සිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි. මේ මාසයේ සසුන් පිය වීඩියෝවේ තේමාව " සමාජයේ අන්තවල වෙසෙන  මනුෂ්‍යත්වයට නොගැලපෙන පහත් තත්ත්ව වල ජීවිත ගත කරන  ජනතාව නොසලකා නොහරිනු පිණිසත්, ඔවුන් අහක  දමනු නොලබන පිණිසත් අපි යාච්ඥා කරමු" යන්නයි.  ඒ මගින් එතුමා කිතුනු ජනතාවට අභියෝග කරන්නේ "