Posts

Showing posts from July, 2015

"පාර්ලිමේන්තු මැතිවරණවලින් පමණක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ" බුරුමයෙන් නැගෙන කතෝලික නායකත්වයේ දිවැසිවර හඬ

Image
"Can Elections alone bring about true democracy?" Asks the Church in Myanmar 2013 ඔක්තෝබර 28 වැනිදා අවුන් සාන් සු කි මහත්මිය වතිකානයේ දී පාප් වහන්සේ හමු වූ අවස්ථාව (2015 ජූලි 24) "පාර්ලිමේන්තු මැතිවරණ පැවැත් වූ පමණින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා කර ගත හැක්කේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආගමික නිදහස හා විවිධ ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව තහවුරු කිරීම, සුළුතර ජනවාර්ගික කොටස් සමග සහජීවනයෙන් හා සාමයෙන් ජීවත්වීම මෙන්ම සෑම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමටත් රැකියාවක් කිරීමටත් අවශ්‍ය අවස්ථා උදා කිරීම වැනි මානව ගරුත්වය තහවුරු කෙරෙන කරුණු සාක්ෂාත් කර ගැනීමෙනි." මෙම ප්‍රකාශය කරන්නේ මියන්මාවේ (බුරුමයේ) යැන්ගොන් පදවියේ අගරදගුරු අති උතුම් චාල්ස් මාවුං බෝ කාදිනල් හිමිපාණෝ ය. පන් ලක්ෂයක් පමණක් - එනම් සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණක් - වන කතෝලික ජනගහනයක් වෙසෙන මියන්මා දේශයේ ඉතා පුංචි  කතෝලික සභාවේ නායකයා වන බෝ කාදිනල් හිමිපාණන් මෙම ප්‍රකාශය කර ඇත්තේ, ලබන නොවැම්බර මාසයේ පැවැත්වීමට නියමිත එරට ප්‍රථම "නිදහස්" මැතිවරණය හා රටේ ඉදි

කොමියුනිස්ට් කුරුසිය "විරෝධාකල්ප කළා කෘතියක්" - පාප් වහන්සේ පවසති; "මගේ සිත රිදුනේ නැහැ"

Image
Pope calls "Communist Crucifix" Protest Art; "I wasn't offended" he affirms  (2015 ජූලි 13) බොලිවියාවේ ජනාධිපති ඉවෝ මොරාලෙස් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට පිරිනැමූ "දෑකැති-මිටි කුරුසය" හෙවත් "කොමියුනිස්ට් කුරුස" තිළිණය "විරෝධාකල්ප කළා කෘතියක්" ලෙස පාප් වහන්සේ හඳුන්වති. එයින් තම සිත රිදුනේ නැති බවද එතුමා සඳහන් කරයි. පැරගුවේ සිට ආපසු වතිකානය බලා එන අතර ගුවනේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු එමින් එතුමා මේ බව කියා සිටියේ ය. බොලිවියා රාජ්‍ය මන්දිරයේදී නායක දෙපොළ තෑගී හුවමාරු කරගන්නා අවස්ථාවේ ජනාධිපති මොරාලෙස් මහතා පාප් වහන්සේට පිරිනැමුවේ දෑකැත්ත හා මිටිය පදනම් කොට තැනූ කුරුසියකි. ඒ පුවත මෙතැනින් කියවන්න :වතිකානය උභතෝකෝටිකයකට මැදි කල බොලිවියා ජනපති ගේ "දෑකැති - මිටි කුරුස" තිළිණය. එය බොලිවියාවේ ධර්මදුත පියනමක් ලෙස සේවාව කල ස්පාඥ්ඥ ජාතික ජේසු නිකායික ලුවිස් එස්පිනාල් පියතුමා ගේ නිර්මාණයක් බව ද ජනාධිපතිවරයා පාප් වහන්සේට කිවේ ය. ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය නායකයකුගෙන් ලැබූ මෙම තිළිණය මාධ්‍යවේදීන්ගේ ප්‍රධ

"අපේ ප්‍රශ්න විසඳා දෙන්න කියලා අපේ ජනාධිපතිතුමාට කියන්න." පැරගුවේ දරුවෙක් සුදොතුම් පියතුමාට ලියූ ලියුම

Image
Letters to Pope open window to Paraguayan kid's concerns  පාප් වහන්සේට දරුවන් ලියූ ලියුම් හා සිතුවමට නැගූ දෑ  (2015 ජූලි 12) "මම  ඔයා ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම ආදරේ නම්, උදව් කරනවා නම්, විදී වල ඉන්න අපි වගේ පුංචි ළමයි දුක් විඳින්නේ ඇයි ?   ඔයා දන්නවා කියලා මං හිතනවා." "අපේ ප්‍රශ්න ගැන බලලා ඒවා විසඳා දෙන්න කියලා අපේ ජනාධිපතිතුමාට කියන්න. නැති නම් එයා වෙනුවට වෙන කෙනෙක් පත් කරලා දෙන්න" පැරගුවේ රාජ්‍යයේ අන්ත දුප්පත් ප්‍රදේශයක පාසල් යන ළමයින් දෙදෙනකු ශුධෝත්තම ප්‍රැන්සිස් පාප්  වහන්සේට ලියූ ලියුම් දෙකකින් උපුටන දෙකකුයි ඒ. පාප් වහන්සේ සිය ලතින් ඇමෙරිකා සංචාරයේ අවසන් දිනයේ පැරගුවේහි අගනුවර වන එසන්ෂන් හි අන්ත දුප්පත් ප්‍රදේශයක් වන බඥාඩෝ නෝර්තේ පැල්පත් නගරයේ ජනතාව බලන්නට ගියහ.  පැරගුවේ ගංගා තීරය දිගේ පිහිටා ඇති මෙම ප්‍රදේශය වසරකට කිහිප වතාවක් ගංවතුරට යටවෙයි. ලක්ෂයක් පමණ ජීවත්වන මෙම ප්‍රදේශයේ සංවර්ධනය ආණ්ඩුව විසින් අතහැර දමා තිබේ. එහි වෙසෙන ජනයා  අධික දරිද්‍රතාවෙන් පීඩා විදිති. පාප් වහන්සේ පැමිණීමට පෙර එම ප්‍රදේශයේ කතෝලික මිසම් ව

ලතින් ඇමෙරිකාවේ කුප්‍රකටම සිරගෙදරට ගිය පාප්වහන්සේ

Image
"I will share what I have and love: Jesus " Pope tells Bolivian prison inmates (2015 ජූලි 11) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ බොලිවියාවෙන් පිටත් වීමට පෙර ලතින් ඇමෙරිකාවේ කුප්‍රකටම හිරගෙදරට ගියහ. බොලිවියාවේ සාන්තා කෘස් ඩි ලා  සියෙරා හි පිහිටි පැල්මසෝලා බන්ධනාගාරය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හැඳින්වෙන්නේ එම මහාද්වීපයේම පවතින කුප්‍රකටම බන්ධනාගාරය ලෙසය. "ඔබ නොදක බොලිවියාවෙන් පිටත්වෙන්න මට හිත දෙන්නේ නැහැ," එහි සිටි රැඳවියන් අමතමින් පාප් වහන්සේ පැවසුහ. "කුරුසිය මත විකසිත වූ බලාපොරොත්තුව හා විශ්වාසය ඔබ සමග බෙදා නොගෙන මට පිට වී යා නොහැකියි" යැයි එතුමා කියා සිටියේය. පැල්මසෝලා බන්ධනාගාරය විශාලතම සේ ම සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය බන්ධනාගාරය ලෙස ද සැලකේ. එහි රැඳවියන්ගේ සංඛ්‍යාව 5000කට අධිකය. සිරකරුවන්ගේ කුඩා දරු දැරියනට ද සිය මව් පියන් සමග එහි විසීමට ඉඩ දී තිබේ. එය 'අපූරු' සිර ගෙදරකි. කඩ සාප්පු, කෑම කඩ වැනි 'සේවාවන්'ගෙන් සමන්විත අභ්‍යන්තර ආර්ථිකයක් ද ඊට තිබේ. එයින් තමන් ලබා ගන්නා සියලු දේ වලට, කෑම හා නිදන තැනක් වැනි දේ වලට පවා, මුදල් ගෙවා

වතිකානය උභතෝකෝටිකයකට මැදි කල බොලිවියා ජනපති ගේ "දෑකැති - මිටි කුරුස" තිළිණය. (Video)

Image
Hammer-sickle crucifix raises eyebrows during Pope Francis' visit to Bolivia  බොලිවියා ජනපති පාප්වහන්සේට  "දෑකැති - මිටි කුරුස" තිළිණ කරමින් (2015 ජූලි 10) රාජ්‍ය නායකයකු දුන් තිළිණයක් හේතුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රථම වරට උභතෝකෝටිකයකට මුහුණ පෑමට ඊයේ (ජූලි 9 දා) සිදුවිය. මෙය සිදුවූයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ බොලිවියාවේ රාජ්‍ය මාලිගයේ දී  එරට ජනාධිපති ඉවෝ මොරාලෙස් මහතා මුණගැසුණු අවස්ථාවේ දී ය. නායක දෙපොළ  අතර සාකච්ඡාවෙන් පසුව දෙදෙනා තිළිණ හුවමාරු කරන අවස්ථාව එළඹුණේ ය. ඒ මොහොතේ ජනාධිපති මොරාලෙස් මහතා පාප් වහන්සේට පිරිනැමූ තිළිණය දුටු, පාප් වහන්සේ ඇතුළු එහි සිටි සියල්ලන් ගේ "ඇස් උඩ ගිය බව" එරට සිටින වාර්තා කරුවෝ පවසති. මොරාලෙස් මහතා පාප් වහන්සේට දුන් තිළිණය වූයේ දෑකැත්ත සහ මිටිය පදනම් වන ලෙස සැකසූ කුරුස ප්‍රතිමාවකි. ජනාධිපතිවරයා විස්තර කල ආකාරයට මේ ත්‍යාගයේ පසු බිම ඇසූ පිරිසගේ ඇස් කන් සියල්ල යලිත් උඩ ගියේය. මෙම "දෑකැති-මිටි කුරුසිය" බොලිවියා ජනතාව  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල අරගලයේ දී එහි පුරෝගාමියකු වූ ජේසු නිකායික ලුවිස

"දුකින්,පවින් බරවූ ජනතාව පුබුදුවන වසන්තයක් වන්න" පාප් වහන්සේ ගෙන් රදගුරු - පූජක තුමනට උපදෙස්

Image
"Be a spring to your people" - Pope tells Ecuador's Bishops, priests and the religious   තමන් මුළුමනින්ම සේවයේ ජිවිතයක් තෝරාගෙන ඇති බව කතෝලික සභාවේ රදගුරු හිමි වරුන් සහ පූජකවරුන් පිළිගත යුතු යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. එය කිසිදු ලාබ ලැබීමකින්  හෝ විවේකයකින් හෝ තොර සේවා ජීවිතයක් බව ද ඔවුන් අවබෝධ කරගත යුතු යැයි උන්වහන්සේ පෙන්වා දෙති. පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ඉක්වදෝරයේ සිය අවසන් ප්‍රසිද්ධ යැදුම් මෙහෙය හා හමුවට එක්  වෙමිනි. ඊයේ (ජූලී 8) කිටෝ අගනුවර එල් කින්චෝ දේව මාතා ජාතික සිද්ධස්ථානයේ දී පාප් වහන්සේ ඉක්වදෝරයේ රදගුරු හිමිවරුන්, පූජකතුමන්ලා, පැවිදි වරුන්,පැවිදිවරියන් හා දෙව්සත්හල් සිසුන් සමග මෙම හමුවට සහභාගී වූහ. එහිදී සිය ලිඛිත කතා පිටපත ඉවතට දැමූ පාප් වහන්සේ "මා සහෝදරයකු හා පියෙකු" සේ ඔබට කතා කරන්නම්" යැයි කියමින්  සිය අනුශාසනය ආරම්හ කළහ. තමන් තෝරාගනු ලැබූයේ දෙවියන් වහන්සේ විසින්ය යන්න මතක්  කර  ගැනීමට සභාවේ පුජකවරුන් නිතර කටයුතු කල යුතු යැයි සුදොතුම් පියතුමා කිවේ ය. "අපගේ කැඳවීම එන්නේ අපගෙන් නොව එය දෙවියන් වහන්සේ ගේ කැ

"අධ්‍යාපනය මගින් වඩාත් කාරුණික වූත් මානව හිතවාදී වූත් පරපුරක් බිහිකළ හැක්කේ කෙසේ ද?" සුදොතුම් පියතුමා සරසවි ඇදුරන්ගෙන් විමසයි

Image
"How can we create a more humane world through education" Holy Father asks academics   (2015 ජූලි 8) "මා ජීවත්වන රෝමයේ ශිශිර ඍතුව අධික සීතලයි. එසේ අධික සීත ඇති ඇතැම් දිනක වතිකානය අසල වයසක කෙනෙක් සීතලෙන් මිය යනවා. එම මරණය ගැන පුවත්පත්වල පලවන්නේ නැහැ. එය ප්‍රවෘත්තියක් වන්නේ නැහැ. ඒ අතර කොටස් වෙළෙඳපොළ දශම දෙකකින් පහල වැටෙනවා. එය ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත් වෙනවා. .......'ඔබේ සහෝදරයා කොහිද?' දෙවියන් වහන්සේ කායින් ගෙන් එසේ ඇසුවා.  මම (කතෝලික) විශ්ව විද්‍යාලයක ආචාර්යවරුන් හා සිසුන් වන ඔබට ඒ ප්‍රශ්නය යොමු කරනවා. 'ඔබේ සහෝදරයා කොහිද?' කායින් ඊට පිළිතරු දුන්නේ 'මා මගේ සහෝදරයාගේ ආරක්ෂකයා ද?' කියායි. ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද?" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කලේ එතුමන් දැන් අපෝස්තලික ගමනක දී සිටින ඉක්වදෝරයේ අධ්‍යාපනඥයන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව ඉදිරියේ යි. එතුමා ඊයේ (ජූලි 7)  කිටෝ අගනුවර පිහිටි කතෝලික විශ්ව විද්‍යාලයට පැමිණියේය. කිටෝ රදගුරු පදවියට අයත් මෙම සරසවිය පාලනය කරනු ලබන්නේ ජේසු නිකායික පියවරුන් ව

"රදගුරු කතිකාව සාර්ථක කරගැනිමට කානාවේ බඳු ප්‍රාතිහාර්යයක් අවශ්‍යයි; දැඩිව යාච්ඥා කරන්න"- ඉක්වදෝරයේ දී පාප් වහන්සේ ඉල්ලති (video)

Image
A Cana-like miracle needed for the success of the Synod; Intensify your prayers - Pope tells in  Guayaquil (2015 ජූලි 7) "පවුල දරුවන් ගේ පාසලයි. පවුල ළඟම රෝහලයි. පවුල වැඩිහිටි දෙමාපියන් ජීවත් වීමට වැඩියෙන්ම ආශා කරන ස්ථානයයි. පවුලේ (විවාහ මංගල්‍යයට මිදි යුෂ) අඩුපාඩු වූ විට ඒ ගැටලුව මරිය මෑණියන් ගේ දෑතින් ජේසු සමිඳුන්ට බාර දෙන්න." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ඉක්වදෝරයේ සිය ප්‍රථම දිව්‍ය පුජා මෙහෙයේ කල දේශනාවේ සාරාංශය එසේ ය. උන්වහන්සේ ඉක්වදෝරයේ ගත කල සිය ප්‍රථම සම්පුර්ණ දිනය ආරම්භ කලේ ඊයේ (ජූලි 6 සඳුදා) , ගුවායාකිල් නුවර ලොස් සමානොස් උද්‍යානයේ පැවැත්වූ දිව්‍ය පූජා යාගයකිනි. ගුවායාකිල්, එරට විශාලතම නගරයයි. මෙම සුවිශාල උද්‍යානයේ පැවති දිව්‍ය පූජාවට දස ලක්ෂයක ජනතාවක් සහභාගී වූ බව එරටින් ලැබෙන නිල වාර්තා සඳහන් කරයි. සුදොතුම් පියතුමා සිය දේශනාවේ තේමාව කර ගත්තේ මෙහෙයේ සුබ අස්න වූ කානා නුවර විවාහ මංගල්‍යය අවස්ථාවේ ජේසු සමිඳුන් විසින් සිදුකල ප්‍රථම ප්‍රාතිහාර්යයේ සිද්ධියයි. පවුල කුඩා 'ගෘහාශ්‍රිත සභාවක්' බව ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. "අපි අපගේ

"මරණයේදී අප එක්සත් කරනු ලබන්නේ නම්, ජීවිතයේ දී බෙදී සිටීමට අප කවුරුන්ද" කිතුනු එක්සත් යැදුම් මෙහෙයේ දී පාප් වහන්සේ විමසති

Image
"Christians share the same Baptism; so, must pray together" Pope tells the Ecumenical gathering  "දේදුන්න"  පෑයූ මොහොත (කතාව කියවන්න ) (2015 ජූලි 6) ලතින් ඇමෙරිකාව බලා පිටත් වන්නට පෙර සති අන්තයේ සිකුරාදා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ තවත් සුන්දර අත්දැකීමකට එක් වූහ. ඒ, එතුමන් ගේ හදවතට සමීප,සිය  දූත මෙහෙවරේ ඉහලින්ම ඇති වැඩපිළිවෙලකට එක්වීමටය. එනම් කිතුනු සමගි යැදුම් මෙහෙයකට එක්වීමටය. ඒ, ජූලි 3 වැනි සිකුරාදා සන්ධ්‍යාවයි. රෝමයට පොද වැස්සක් වැටෙමින් තිබුණේය. එහෙත් පොද වැස්ස නොතකා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය විශේෂ බැතිමතුන් පිරිසකගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුනේ ය. තිස් දහසකට අධික පිරිසක් තම කුඩ ඉහලා ගෙන යාච්ඥාවට සම වැදී සිටියහ.අහස වැහි වලා වලින් වැසී තිබිණ. එහෙත් චතුරශ්‍රය මැද පිහිටා ඇති වතිකාන ඔබෙලිස්ක් කුළුණට ඉහලින් අහසේ සප්ත වර්ණ දේදුන්නක් පායා තිබුනේ ය. (ඡායාරුපය බලන්න) මේ දේදුන්න, එදා සාන්ත පීතර චතුරශ්‍රයට එක් රැස්ව සිටි 'විශේෂ' වන්දනා කරුවන් පිරිස ගැනත් ඔවුන් ගේ මෙහෙවර කුමක් විය යුතු ද යන්න ගැනත් ඉඟි කළා වැන්න. විවිධ කිතුනු සභා සහ ඉවැ

"සූර්යයා ඔබට කෙතරම් සමීප ද? සිතා බලන්න" - පාප්වහන්සේගෙන් ඉක්වදෝර ජනතාවටඅභියෝගයක්

Image
"How close is the Sun who dawns upon us from on High.....!": Pope's opening reflection in Ecuador  ඉක්වදෝර්හි කුවිටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී කුඩා ළමයින් පිරිසක් විසින් පාප්වහන්සේ පිළිගත් අයුරු (2015 ජූලි 5) ලතින් ඇමෙරිකාවේ සතියක සංචාරයක් ආරම්භ කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ  ඉක්වදෝරයට පැමිණෙති. "මා ඉක්වදෝරයට පැමිණියේ දෙවියන් වහන්සේ ගේ කරුණාවේ සහ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ සාක්ෂි කරුවකු ලෙසයි" පිළිගැනීමේ උත්සවයේ දේශනයේ දී සිය අපෝස්තලික ගමන සාරාංශ කරමින් උන්වහන්සේ පවසති. ඉක්වදෝරයේ කුවිටෝ අගනුවරට සැපත් වූ ප්‍රැන්සිස් පාප්වහන්සේව පිළිගන්නා ලද්දේ එරට ජනාධිපති රෆායෙල් කොරෙයා මහතා විසිනි.ඔහුගේ පිළිගැනීමේ කතාවෙන් පසු සිය පිළිතුරු කතාව කල පාප්වහන්සේ සමාජයේ දුර්වල හා කොන් වූ ජනකොටස් ශක්තිමත් කිරීම, සංවාදය සහ රටේ කතෝලික උරුමය ගැන කතා කළහ. "නුතන අභියෝග වලට මුහුණ දීමේ යතුරක්  සුබ අස්න (දේව වාක්‍යය) තුළ අපට හමුවන" බව පාප් වහන්සේ පැවසුහ. "එසේම, වෙනස් කම් වලට ගරු කිරීමේත්  සහ සංවාදය සහ පුර්ණ සහභාගිත්වය වර්ධනය කිරීමේත්  යතුරක් ද ස

'දුප්පත් සභාවක්': පාප්වහන්සේ දුප්පත් කම සමග සටන් කරන ලතින් ඇමෙරිකා රටවල් තුනක සංචාරයක

Image
Pope Francis to highlight "Poor Church" mission in Latin America පාප්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටින බොලිවියා ජනතාව (2015 ජූලි 5) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ අද (ජූලි 5 ඉරිදා) ලතින් ඇමෙරිකාවේ අපෝස්තලික සංචාරයක් ආරම්භ කරති. මෙය ලතින් ඇමෙරිකානු ජනතාව බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ගමනකි.සතියක් ගතවන මෙම සංචාරයේදී එතුමා ඉක්වදෝරය, බොලිවියාව සහ පැරගුවේ යන රටවල ජනතාව හමුවීමට නියමිතය. ආජන්ටිනාව ඊට යත නොවූවත් ලතින් ඇමෙරිකාව මෙය දකින්නේ පාප්වහන්සේ ගේ "ගෙදර පැමිණීමක් " ලෙසය.එතුමා  ලතින් ඇමෙරිකානු ජනතාවත් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නත් ඉතා හොඳින් හඳුනන, එම කලාපිය ජනයාට 'අපේ කෙනෙක්' සේ සමීප වී සිටින් ආධ්‍යාත්මික නායකයකු වීම  ඊට හේතුවයි.  එතුමන් ගේ මෙම අපෝස්තලික ගමනේ දී කලාපය මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාප්වහන්සේ ලෙස පත් වීමේ සිද්ධියේ සිට ලොව මවිත කරමින් සිටින මෙම ප්‍රථම ලතින් ඇමෙරිකානු පාප්වහන්සේ , නොබෝ දා ලතින් ඇමෙරිකානු දේශපාලනයට දැඩි ලෙස බලපාන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. එනම් කියුබාව සහ ඇමෙරිකාව අතර රාජ්‍

"මානව ගෞරවය ඕනෑම දේශපාලන විවාදයක කේන්ද්‍රය විය යුතුයි"

Image
"human dignity must be center of political debate" - Pope on Greek debt crisis පාප් වහන්සේ ග්‍රීක වන්දනාකරුවන් කණ්ඩායමක් සමග (2015 ජූලි 2) "සෑම දේශපාලන සමාජ ආර්ථික විවාදයකම කේන්ද්‍රස්ථානය විය යුත්තේ මානව ගෞරවයයි" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ බදාදා (ජූලි 2) මේ බව කියා සිටියේ ග්‍රීසියේ ආර්ථික අර්බුදය වෙනුවෙන් යාච්ඥා කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමිනි. "ග්‍රීසියේ සමාජ හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් එරටින් ලැබෙන වාර්තා සිත් කම්පා කරවනසුලුයි. දයාබර ග්‍රීක ජනතාව වෙනුවෙන් යාච්ඥා කිරීමට තමන් සමග එකමුතු වන්නැයි ශුද්ධෝත්තම පියතුමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි" යැයි ශුද්ධාසනයේ මාධ්‍ය ප්‍රකාශක ෆ්රෙද්රිකෝ  ලොම්බාඩි ජේ.නි. පියතුමා නිවේදනයක් මගින් කියා සිටියේය. ග්‍රීසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගත් ඩොලර් බිලියන 300කට අධික ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරියේ ය. එය ගෙවීම පිණිස ලබා දී තිබූ කාලය ඉකුත් ජුනි 30 දායින් අවසන් විය. මේ නිසා රට දැවැන්ත මුල්‍ය අර්බුදයකට ඇද වැටි තිබේ. මෙම තත්වයෙන් රට මුදා ගැනීම සඳහා අරමුදල් සැපයීමට යුරෝපිය සංගමය ඉදිරිපත් වුවද

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

Image
The Supreme court ruling and the future of religious freedom in USA (2015 ජූලි 1)) විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි. මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නොහැකිවේ. ම