Posts

Showing posts from August, 2016

රෝමයේ ගෙදරක් නැති ජනයාගේ ග්‍රීෂ්මය නිවන්න මුහුදේ 'ස්වීම්' එකක් සමග පීට්සා රෑ කෑම වේලක්: සුදොතුම් පියතුමා ගේ අනුග්‍රහයෙන්

Image
A swim in the sea and a Pizza dinner: Another Papal gift to Rome's Homeless ගෙදරක් නැති ජනයා සුදොතුම් පියතුමා හමු වූ මොහොතක්  (2016 අගෝස්තු 17) මුහුදේ 'ස්විම්' එකක් දාල, 'පීට්සා ඩිනර්' එකක් ලැබුනොත් කොහොමද? හිතන්න මුහුදු වෙරළට යන "ට්‍රිප්' එකේ ඔබව ගෙන යන වෑන් එකේ රියැදුරු  අගරදගුරු තුමෙක් කියල? හිතා ගන්නත් බැහැ නේද? ප්‍රැන්සිස් සුදොතුම්  පිය සමයේ රෝමයේ මේ කතාව දැන් ඇත්තටම සිදුවෙනවා. හැබැයි, කතන්දරේ හෙළිදරව් වුනේ මේ සිද්ධිය පටන් ගෙන හුඟ කලක් සිදු වුනාට පස්සේ ය. මේ යුරෝපයේ ග්‍රීෂ්ම රිතුවයි. ඉතාලියේ ග්‍රීෂ්ම ඍතුව බොහෝ උණුසුම් ය. මේ නිසා බොහෝ ඉතාලි වාසීහු සිය නිවෙස්වලින් පිටමංව ටිකක් සිසිලස  ඇති පෙදෙස්වල චාරිකා කරති. ඔවුන් බොහෝ ප්‍රිය කරන්නේ මුහුදු වෙරලට ගොස් පීනන්නට ය. එහෙත් ජීවත් වන්නට ගෙදරක් නැති, අතේ සතේ නැති රෝමයේ  "ගෙදරක් නැති" (Homeless) ප්‍රජාවට නම් මේ වාසනාව මෙතෙක් ලැබී  තිබුනේ නැත. කෙසේ නමුත්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් උදා කරදී තිබේ. මේ අනුව රෝමයේ "ගෙදරක් නැති ජනතාවට"  මේ දිනවල මුහු

"ලෝකය 'ගිණි' තැබීමට ඔබ සූදානම් ද? නැතිනම් 'සීතල, උදාසීන' කිතුනුවෙක් ද?" සුදොතුම් පියතුමා විමසයි

Image
"Are you a 'cold' christian? Or are you ready to set the world on 'Fire'", asks Pope Francis  (2016 අගෝස්තු 15) "බියෙන් පසුබසින 'සීතල හෝ උදාසීන කිතුනුවන්' සභාවට එපා!  සභාවට අවශ්‍ය වන්නේ ශුද්ධාත්මයානන් ගේ ගින්න තමන් තුළ  බුර බුරා නැගෙන, එම ගින්නෙන් ලොව ගිනි තැබීමට  එඩිතර වන කිතුනුවන් ය; එනම් තම ජීවිතය පරදුවට තැබීමට සිදුවූවත්, තමන් තුළ දැල්වෙන ශුද්ධාත්ම බලයෙන් සුබ අස්න ප්‍රකාශ කිරීමට කැපවන කිතුනුවන් ය.ජේසු සමිඳුන් ගේ සැනසිලිදායක වචනය සහ උන්වහන්සේ ගේ වරප්‍රසාදය සෑම කෙනෙකුටම රැගෙන යාමේ උද්යෝගයෙන් දැවෙන ධර්මදූතයන් සභාවට අවශ්‍යය."  වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී සිරිත් පරිදි පැවැත්වෙන තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා ඊයේ,ඉරිදා (2016 අගෝස්තු 14) දහවල් රැස්ව වන්දනාකරුවන් හමුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිදුකල භාවනාවේ සාරාංශය එයයි. මෙදින සුදොතුම් පියතුමන් ගේ තුන්කාල ආරාධනා භාවනාවට පාදනම් වුයේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. ශු.ලූක් තුමා  ගේ සුබ අස්නෙන් උපුටාගත් එම සුවිශේෂ ප්‍රකාශනයේ ජේසු සමිඳාණෝ අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරති.

මුදා ගන්නා ලද ගණිකා කතුන් වෙත ගලා ආ සුදොතුම් පිය දයා සෙනෙහස

Image
Women rescued from prostitution get a special visit from the Holy Father (2016 අගෝස්තු 13) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පිහිටි විශේෂ ප්‍රජාවක් බැහැදකින්නට යති. ගණිකා වෘත්තියෙන් සහ දැඩි ශාරීරික හා හිංසනයෙන් ගලවාගන්නා ලද කාන්තාවන් රැකබලා ගන්නා විශේෂ නිවෙසක් බැහැදකින්නට එතුමා ඊයේ (අගෝස්තු 13, සිකුරාදා) ගියේය. මෙම නිවෙස රැකබලාගනු ලබන්නේ "23 වැනි ජුවාම් සංඝය" විසිනි.   එම සංඝයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්වුහ. ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් රැගෙනැවිත් ගණිකා වෘත්තියේ යොදවනු ලැබ සිටියදී සහ දැඩි ශාරීරික හිංසනයට ලක්ව සිටියදී මුදාගන්නා ලද කාන්තාවෝ මෙම නිවසේ රැකබලා ගැනෙති. ඔවුන් මුදා ගන්නා ලද බැවින් ඔවුනට අවශ්‍ය ආරක්ෂාවද මෙම ගෙදර තුළ ඔවුන්ට සැපයේ. සුදොතුම් පියතුමා මෙම නිවෙසට ගියේ සිය මාසික "දයාවේ සිකුරාදා" දයා කරුණාවේ ක්‍රියාව ඉටුකරනු පිණිසය. දයාවේ ශුද්ධ වසර නිමිත්තෙන් ඉකුත් ජනවාරි මාසයේ සිට එක් සිකුරාදාවක් එතුමා මෙම දයාවේ ක්‍රියාවේ නිරතවෙයි. "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම නිවෙස බැහැදකින්නට යාම,  නීති විරෝධී මානව ජාවාරම එතුමන් විසින් පුණ පුණා විවේචනය

සුදොතුම් පියතුමා සිරියානු සරණාගතයන් සමග දිවා කෑම ගනියි

Image
Holy Father invites 21 Syrian refugees to lunch (2016 අගෝස්තු 12) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ (ජූලි 11 බ්‍රහස්පතින්දා) විශේෂ අමුත්තන් කණ්ඩායමකට තමන් සමග දිවා කෑමට ආරාධනා කළේය. එතුමන් සමග දිවා ආහාරයට පැමිණි මෙම කණ්ඩායම සිරියානු සරණාගතයන් පිරිසකි. ළමයින් හා වැඩිහිටියන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට 21 දෙනෙක් ඇතුලත් වූහ. දිවා භෝජන සංග්‍රහය පැවැත්වුනේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ගෙදර වන වතිකානයේ "කාසා සාන්තා මාර්තා" තානායමේ ය. කෑමට අමතරව  සුදොතුම් පියතුමා මෙහිදී ළමුන් සමග තෑගී ද හුවමාරු කර ගත්තේය. මෙම දිවා භෝජනයට සහභාගී වුයේ ඉකුත් අප්‍රේල් මාසයේ සුදොතුම් පියතුමන් ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනට ගිය අවස්ථාවේ, එහි සිට එතුමාගේ ම ගුවන් යානයෙන් වතිකානයට කැටුව  එන ලද සිරියානු සරණාගත පිරිසයි. තවත් සිරියානු සරණාගත කණ්ඩායමක් ජුනි මාසයේ මැද වතිකානයට පැමිණියහ. "දිවා ආහාරය අවස්ථාවේ  ඉතාලියේ සිය ජීවිතය ආරම්භ කිරීම පිළිබඳව ශුද්ධෝත්තම පියතුමන් සමග දීර්ඝ වශයෙන් කතා කිරීමට මෙම වැඩිහිටියන්ටත් ළමයිනටත් අවස්ථාව ලැබුන" බව මේ සම්බන්ධයෙන් වතිකානය නිකුත් කල නිවේදනය ප්‍රකාශ කරයි.

කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනයට කොමිසමක් පත් කෙරේ; පිරිමි-කාන්තා සාමාජිකයන් 6 දෙනා බැගින් සම සමව

Image
Pope Francis Institutes a Commission to study female deacons; with a gender balanced membership  (2016 අගෝස්තු 2) කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනය කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොමිෂන් සභාවක් පත්කරයි. 2016 අගෝස්තු 2 වනදා වතිකානයේ දී එතුමන් විසින් පත් කරන ලද  මෙම කොමිසමේ සාමාජික සංඛ්‍යාව 12 දෙනෙකි. පිරිමි 6 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ලෙස සමානාත්මතාව රැකෙන ලෙස  සාමාජිකයන් පත් කරනු ලැබ තිබීම මෙහි විශේෂත්වයකි. එසේම එය හුදෙක්ම පූජක-පැවිදි සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කොමිසමක් නොව උගත් සහ සභාව පිලිබඳ ඇසූ පිරූ තැන් ඇති ගිහියෝ කිහිප දෙනෙක් ද ඊට ඇතුලත් වෙති. මෙම කොමිසම පිහිටුවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් තීරණය කරන ලද්දේ "දැඩි යාච්ඥාවෙන් හා පරිනත භාවනාවෙන් පසුව" යයි මෙම කොමිසම ප්‍රකාශයට පත් කරමින් වතිකානය විසින් ඊයේ (අගෝස්තු 2) නිකුත් කෙරුණු නිවේදනයේ සඳහන් වේ. වෙනත් කටයුතු අතර "සභාවේ මුල් සමයේ කාන්තා තේවාචාරීවරයේ ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීම මෙම කොමිසමෙන් සුදොතුම් පියතුමා බලාපොරොත්තු වන බව" එම  නිවේදනය කියයි. වතිකානයේ විශ්වාස ධර්මය පිලි

"ඉස්ලාම් ධර්මය ත්‍රස්තවාදී යයි කීම වැරැදියි", සුදොතුම් පියතුමා කියයි; "ත්‍රස්තවාදයේ මුල මුදල දේවත්වයට පත් කිරීමයි"

Image
"It is not right to equate Islam with violence", says Pope Francis  (2016 අගෝස්තු 1) ඉස්ලාම්  ධර්මය ප්‍රචණ්ඩකාරීත්වය සමග අනන්‍ය කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. ISIS සංවිධානය ('ඉස්ලාම් රාජ්‍ය' හෙවත් 'අයිසිස්' ) කරන ක්‍රියා ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ කල නොහැකි බව එතුමා කියයි. එතුමා කියා සිටින්නේ අයිසිස් සංවිධානය එම ආගමේ මුලධර්මවාදී කොටසක් බවයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෝලන්තයේ ක්රැකෝ නුවර සිට රෝමය බලා ආපසු එන අතර ගුවනේ පැවැති මාධ්‍ය හමුවක දිය. "ඉස්ලාම් ධර්මය ප්‍රචණ්ඩක්‍රියාවලට සමාන කිරීම නිවැරදිය කියා මා හිතන්නේ නැහැ. එසේ කිරීම නිවැරදි නැහැ. එය සත්‍ය නොවේ" යි එතුමා කීවේය. "ඉස්ලාම්  ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරන්නට මම කැමති නැහැ. මන්ද සෑම දිනකම පුවත් පත් කියවන විට මා දකිනවා බෞතීස්මය ලබා ඇති කතෝලිකයන් විසින් පවා සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන. ප්‍රචණ්ඩකාරී කතෝලිකයනුත් සිටිනවා. මේ නිසා මම ඉස්ලාමීය ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා නම්, කතෝලික ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් මම කතා කළ යුතුයි" යයි එතු