Posts

Showing posts from May, 2023

"නිරන්තරයෙන් ඔබේ දූත මෙහෙවර අලුතින් සොයා ගන්න ! ගමනේ යෙදෙන්න !" මැයි මාසයේ යැදුම් අදහස නිකුත් කරමින් සුදොතුම් පියතුමා සභාවේ දූත ව්‍යාපාර වලට උපදෙස් දෙයි.

Image
Holly father invites Ecclesial movements to rediscover their evangelizing mission and be always on the move in the impulses of the Holy Spirit- Pope Video, May 2023 (2023 මැයි 12) මැයි මාසය සඳහා ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  මේ මාසයේ ශුද්ධෝත්තම පියතුමන් ලොව පුරා  වෙසෙන කතෝලික ජනතාවට ආරාධනා කරන්නේ සියලුම ශාසනික දූත ව්‍යාපාර  (Ecclesial movements) සහ ඒවායේ ස්වේච්ඡා සේවාවේ නියුතු සෑම සාමාජික සාමාජිකාවක් වෙනුවෙන් ම යාච්ඥා කරන ලෙසයි. ඒ සමගම එතුමා සුපුරුදු පරිදි ශාසනික දූත ව්‍යාපාර ගැන ඉතා කටි එහෙත් ඉතා අරුත්බර භාවනාවක්  කරයි.  මෙවර යැදුම් අදහස සුදොතුම් පියතුමා සකස් කර ඇත්තේ  ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුව සමග ද සම්බන්ධ වීමෙනි.  ශාසනික දූත ව්‍යාපාර - එනම් අපේ මීසම්, කලාප සහ රදගුරු වසම් පුරා ව්‍යාප්තව ඇති විවිධ ගිහි සමිති, සමාගම් සහ ව්‍යාපාර - යනු මොනවා ද? ශාසනික දූත ව්‍යාපාර යනු සභාව තුළ කිසියම් සුවිශේෂී අපෝස්තලික මෙහෙවරකට කැප වී, තමන් ගේ ම කැරිස්මාවකට අනුව සේවාව කරන කණ්ඩායම් සහ සංවිධාන වේ. සභාවේ පොදු යහපත ස