අප ගැන

අප ගැන
වතිකාන සුළග 

"වතිකාන සුළග" වෙබ් අවකාශයේ මුලික අරමුණ වන්නේ ලොව කුඩාම රාජ්‍ය  ලෙස සිටිමින් ලොවට වැඩිම බලපෑම කල හැකි වතිකානයේ සිට නිකුත් වන සුදොතුම් පියතුමන්  මුල් කරගත් විශාල පණිවුඩ ප්‍රමාණය හැකි පමණින් ,නොසඟවා,නොවලහා  ලාංකික  කිතුනු නොකිතුණු ජනයා වෙත තම මව් බසින් ගෙන  ඒමයි
 
මුල් අදියරේදී අප සිංහල බසින් ඒ පණිවුඩ ඔබ වෙත ගෙන එන අතර හැකි ඉක්මනින් දෙමල බසින් ද ලිපි පලකිරීමට කටයුතු කරමින් සිටිමු (ඒ සදහා ඔබට ද දායක විය හැක )

වතිකාන සුළග 

මෙම නම යෙදීම පිටුපසද විශාල අරුතක් ඇත ,
වතිකානය යනු  සමස්ථ කතෝලික බැතිමතුන්ගේ දෘශ්‍යමාන නායකයා හෙවත් ශුද්ධෝත්තම පාප් වහන්සේ වැඩ වාසය කරන රාජ්‍යයයි. එමෙන්ම කතෝලික සභාවේ පරිපාලන කේන්ද්‍රයයි
ඊට අමතරව කතෝලික සසුන තුළ  මැතකාලින මහා වෙනස හෙවත් දෙවන වතිකාන කතිකාව සිදුවූ ස්ථානයයි. කථිකාව ඔස්සේ සිදුවූ නවෝදය ද එකල හැදින්වුයේ "වතිකාන සුළග" " Vatican Wind" ලෙසිනි

අප යොදන සුළඟ  පිටු පසද මහා අරුතක් ඇත.  එනම්  ශු . බයිබලය තුළ දෙවියන් වහන්සේ ගේ පැමිණීම සනිටුහන් කරීමට සුළඟ යන සංකේත අර්ථය යොදා ගැනේ. එමෙන්ම ශුද්ධාත්ම ආගමනය සිදුවන්නේද සුළගක් ලෙසිනි. ශුද්ධාත්මයාණන් හැඳින්වීමට ගරු මර්සිලිනු ජයකොඩි පියතුමා යෙදු වඩාත්ම නිවැරදි වහර නම් "සුසුමාණෝ ' යන්නයි.
ඒ සමග තවත් වැදගත්ම කාරණයක් වන්නේ ඉතිහාසයේදී ශ්‍රී ලංකාව වෙත කිතු දහම පැමිණීම සදහා "සුළඟේ ' දායකත්වයයි

මේ කී නොකී අර්ථයන් ඔස්සේ වතිකාන සුළග හමා  යනු ඇත

එය චණ්ඩ මාරුතයක් කර ගැනීම හෝ මද පවනක් කරගැනුම තනිකරම ඔබ සතු කාරියකි ...

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. this is a great work. you have filled up a vacuum that was in the church of Sri Lanka. I would like if you can further give information to our SL catholics regarding the church and its news

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය