Posts

Showing posts from July, 2023

ලෝකය තුළ තමන් කඩා බෙදා ගන්නා දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් වෙත යොමු වෙමු : ජූලි මාසයේ සසුන් පිය යැදුම් අදහස

Image
For a Eucharistic life : Holy Father's prayer intention for the month of July    (2023 ජූලි 6)  ජුලි මාසය තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සහ   පණිවිඩය ඇතුළත් මාසික සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  සැබෑ "දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් වෙනුවෙන්" අපි යාච්ඥා කරමු, ක්‍රියා කරමු යන්න මේ මාසයේ සුදොතුම් පියතුමා ගේ යැදුම් පණිවිඩයේ ආරාධනයයි.  සැබෑ දිව්‍ය සත්ප්‍රසාදීය ජීවිතයක් යනු කුමක්ද ? ඉරිදා දිව්‍ය පූජාවට හෝ සතියේ දිනවල දිව්‍ය පූජාවට හෝ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවට හෝ  ඔබ සහභාගී වන්නේ මන්ද ? ණය යුක්තිය නිසා ද? එය වත්පිලිවෙතකට පමණක් සීමා වී තිබෙනවාද ? දේව වන්දනාවට පමණක් සීමා වී තිබෙනවා ද? හුදෙක් ආත්මීක තෘප්තියට ද?   මේ මාසයේ යැදුම් පණිවිඩයෙන් ශුද්ධෝත්තම  පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට අභියෝග කරන්නේ මේ සම්බන්ධයෙන් භාවනා කර "සත්ප්‍රසාදීය ජීවිත පරිවර්තනයක්" ඇති කරගන්නා  ලෙසයි.  එතුමා ඒ අභියෝගය සිය පණිවිඩය ආරම්භයේ මෙසේ සඳහන් සාරාංශ කරයි: "දිව්‍ය පූජාව අවසානයේ දී සිටින්නේ දිව්‍ය පූජාව ආරම්භයේ සිටි ඔබ ම නම්, එහෙනම් එහි යම් වැරැද්දක් තිබෙනවා." මෙයි