Posts

Showing posts from October, 2019

කතෝලික ධර්මයට 'පරිසර පාපය' හඳුන්වා දෙයි; සම්මානිත විවාහක පිරිමින්ට පුදැදුරු වරය ලබාදීමට පරීක්ෂාකාරී අනුමැතිය; කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනය යළි ඇරඹීමට යෝජනා; මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කිතුනු වගකීමක් බව අවධාරණය කෙරේ; "පූර්ණ පරිසර තුලනයක්" සහ ඇමේසන් ජන ප්‍රජාව කේන්ද්‍ර කරගත් නව ධර්මදාන තීරණ රැසක් සමග ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාව නිමාව දකියි

Image
Synod ends offering  cautious support for married priests, suggesting further study of women deacons, introducing "Ecological Sin" and emphasizing Church's duty to defend human rights  ඇමේසන් සිනොඩ් අවසන් සැසිය  (2019 ඔක්තෝබර 26) ඇමේසන් සිනොඩ් කතිකාවේ අවසන් මහා සැසිය ඔක්තෝබර 26 වැනි සෙනසුරාදා පස්වරුවේ පැවැත්විණ. සිකුරාදා  පස්වරු සැසියේ දී නිකුත් කරන ලද සැසියේ අවසන් ලේඛනය සම්මත කරගැනීමේ ඡන්ද විමසීම මෙහිදී සිදු කෙරින. පිටු 33 කින් සමන්විත එම ලේඛනයට ඇතුලත් වූ වගන්ති   ම වැඩි ඊට අවශ්‍ය වැඩි ඡන්ද 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත විය. ඉන් අනතුරුව, පැවැති  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සමාප්ති කතාවෙන් පසුව එම සැසිය පිලිබඳ තොරතුරු ජනමාධ්‍ය වේදීන්ට නිවේදනය කෙරිණි. පරිසර සංරක්ෂණය සභාවේ වගකීමක් - 'පරිසර පාපය' නිර්වචනය කෙරේ පරිසරය විනාශ කිරීම දෙවියන් වහන්සේටත් අසල්වැසියාටත් එරෙහි පාපයක් ය යන්න සිනොඩ් කතිකාවේ සාකච්ඡා  වූ ප්‍රධාන මාතෘකාවකි. මේ අනුව පරිසර පාපය මේ ලේඛනය මගින් නිර්වචනය කර තිබේ. " පරිසර පාපය යනු දෙවියන් වහන්සේටත්, සෙසු ජනතාවටත් ජන ප්‍රජාවට සහ 

සොරකම් කර ටයිබර් නදියට හෙළන ලද ඇමේසන් මුර්ති ඉතාලි පොලිසිය සොයා ගනියි. පැහැර ගැනීමේ සිද්ධිය ගැන සුදොතුම් පියතුමා ඇමේසන් සිනොඩ් සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලයි

Image
Pope Francis announces retrieval of indigenous statues; asks  pardon. (2019 ඔක්තෝබර 25) රෝමයේ දෙව්මැදුරක ප්‍රදර්ශනය කර තිබියදී  පැහැරගන්නා ලද "පචමමා" නමැති ස්වදේශික ප්‍රතිමාව ඇතුළු ප්‍රතිමා කිහිපය රෝම පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිවේදනය කරයි. එසේ ම මෙම ප්‍රතිමා පැහැර  ගැනීම  හේතුවෙන් සිත් රිදීමක් ඇති වූ සියලු දෙනා ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ද එතුමා ප්‍රකාශ කරයි. මේ සිද්ධිය සිදු වූයේ රෝම පදවිය තුළ දී බැවින් තමා සමාව ඉල්ලා සිටින්නේ පදවිය භාර රදගුරු තුමා ලෙස බව ද එතුමා සඳහන් කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රකාශය කලේ ඇමේසන් සිනොඩ් කතිකාවේ 15 වැනි මහා සභාවේ පස්වරු සැසිය ඔක්තෝබර 25 වැනි සිකුරාදා පස්වරුවේ ආරම්භ වූ අවස්ථාවේ දී ය. එතුමා කල එම ප්‍රකාශයේ පිටපතක් ශුද්ධාසන මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේ ය: "සුභ දහවලක්! මිථ්‍යා වන්දනාවක් නොවන ආකාරයෙන් රෝමයේ ට්‍රාන්ස්පොන්ටිනා  දෙව්මැදුරේ තබා තිබිය දී සොරකම් කරන ලද  ස්වදේශික ආදිවාසි ප්‍රතිමා පිළිබඳව වචනයක් කියන්නට අවශ්‍යව තිබෙනවා. ප්‍රථමයෙන් ම, ම

"පාප් වහන්සේ ලෙස තේරී පත් වුණාය කියා කෙනෙකු ගේ පව් සේදෙන්නේ නැහැ.මට එදා වගේම පාප පරීක්ෂා එනවා," සුදොතුම් පියතුමා ජේසුනු පියවරුනට කියයි: "පේදුරු තුමා ගේ කෛරාටික කම මා සනසනවා; උණුසුම් කරනවා."

Image
"Being elected pope doesn’t wash away one’s sins" Pope Francis tells Jesuits (2019 ඔක්තෝබර 25) පාප් වහන්සේ ලෙස තමා ගේ වගකීම් වඩා  විශාල වී ඇති අතර සිය යාච්ඥා ලේඛනය දීර්ඝ වී ඇති නමුත් මූලික වශයෙන් තමා 2013 මාර්තු මාසයට පෙර සිටි පුද්ගලයා ම යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. තමා  දෙසතියකට වරක් පාපොච්චාරණයට යන්නේ ඒ නිසා යැයි එතුමා පෙන්වා දෙයි. " මා දැන් සම්පූර්ණයෙන් ම සුදු ඇඳුමක් ඇඳීම  එදාට වඩා මගේ පව්කාරකම අඩු  කිරීමට හෝ මා  ශුද්ධවන්ත කිරීමට හෝ හේතුවක් වී නැහැ. එදා වගේම මට  පාප පරීක්ෂා පැමිණෙනවා " යි එතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සැප්තැම්බර් මාසයේ මොසැම්බික්හි කළ අපෝස්තලික ගමන අතරතුර එරට ජේසු නිකායික පියවරුන් සහ සහෝදරවරුන් සමග පැවති සුහද පිළිසඳරේ දී ය. සුදොතුම් පියතුමා ජේසු නිකායිකයකු බැවින් එතුමා අපෝස්තලික සංචාරවල යෙදෙන රටවල දී එතුමන්ට සිය නිකායිකයන්  සමග විවේකීව සුහද කතාබහෙන් ගත කිරීමට කාලය වෙන් කර දෙනු ලැබේ. (එම අවස්ථාව එතුමන්ට ලබා නොදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ දී පමණි.) එය මාධ්‍යයට විවෘත නොවන පෞද්ගලික එකක් වන නමුත් එම

සුඛෝපභෝගී ජීවිතය ප්‍රතික්ෂේප කර දුප්පත්කම වැළඳ ගැනීමට, බසයෙන් දුම්රියෙන් ගමන් බිමන් යන්නට, ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කරන්නට ඇමේසන් රදගුරු හිමි වරු ගිවිස ගනිත; 'දුප්පත් සභාවක්- දුප්පතුන් උදෙසා වූ සභාවක්' පිලිබඳ ඇමේසන් ප්‍රඥප්තියකට අත්සන් තැබේ

Image
Amazon bishops pledge poverty, spurning plastics and taking the bus; The Amazon Pact on a "Poor Church" signed by 40 Synod Bishops  කිතුනුවන් ගේ රුධිරය සිඳ හෙලුනු 'කැටකුම්බ්' සොහොන් ගැබේ ක්ලවුඩියෝ හියුමෙස් කාදිනල් හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ඉරිදා අලුයම දිව්‍ය පූජාව   (2019 ඔක්තෝබර 20) වතිකානයේ දැන් පැවැත්වෙන ඇමේසන් සිනොඩ් කතිකාවට සහභාගී වන රදගුරු හිමිවරු 40 නමක් පුදැදුරුවරුන් සහ ගිහි සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සමග ඔක්තෝබර 20 වන ඉරිදා හිමිදිරියේ රෝමයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි ඓතිහාසික සහ පූජනීය සාන්ත දොමිටීලියා සොහොන් ගැබ වෙත ගියහ. එහි රැස්ව ඉරිදා දිව්‍ය පූජාව ඔප්පු කළ ඔව්හු තවත් ඓතිහාසික කටයුත්තකට එක් වූහ. එනම් 1965 පැවැත්වුණු 2 වන වතිකාන කතිකාව අතරතුර ඊට සහභාගී වූ කතිකා රදගුරු වරුන් කණ්ඩායමක් විසින්   "දුප්පත් සභාවක්" ඉල්ලා අත්සන් කරන ලද "සොහොන් ගැබ් ගිවිසුම" (“Pacts of the Catacombs”) අලුත් කිරීමයි . 1965 ගිවිසුම අනුප්‍රාණය ලැබුවේ දෙවන වතිකාන  කතිකාවේ නැවුම් සුළඟින් ශකිත ලබා 'දුප්පත් සභාවක්-දුප්පතුන් උදෙසා වූ

සංවාදය පාගා දමන තක්කඩි දේශපාලනය වතිකානයටත් ඇතුළුවෙයි; සිනෝඩ් විරෝධීහු ආන්දෝලනාත්මක ඇමේසන් ප්‍රතිමාව පැහැරගෙන ටයිබර් ගඟට දමති

Image
Controversial Amazon statue stolen from church, thrown into  River Tiber in  Rome 'ගැබිණි නිරුවත් ස්වදේශික ගැහැණිය' (2019 ඔක්තෝබර 22) ඇමේසන් සිනොඩ් කතිකාව ආරම්භයේ සිට ආන්දෝලනයක් ඇති කරන ලද සංකේතාත්මක ඇමේසන් ප්‍රතිමාව සොරකම් කරගත් පිරිසක් එය කැබලි කොට රෝමයේ ටයිබර් නදියට හෙලා ඇතැයි රෝමයෙන් ලැබෙන වාර්තා පවසයි. මෙම මුර්තිය "නිරුවත් ගැබිණි ස්වදේශික ආදිවාසී ගැහැණියක ගේ" දැවමුවා මුර්තියකි. මුලදී ඇමේසන් සිනොඩ් කතිකාවේ ආරම්භක යැදුම් මෙහෙයක ප්‍රදර්ශනය කරන ලද  මෙම ප්‍රතිමාව ඇමේසන් මිථ්‍යා දෙවියකු ගේ බවටත් ඒ මගින් එම මිථ්‍යා ඇදහිලි කතෝලික සභාවට ඇතුළු කරන්නට උත්සාහ කරන බවටත් මුල සිටම සිනොඩ් කතිකාවට අකුල් හෙලන්නටම බලා සිටි සසුන් පිය ප්‍රැන්සිස් විරෝධීහු චෝදනා කරන්නට පටන් ගත්හ. එහෙත් වතිකාන ප්‍රකාශකයා එම මතය මුළුමණින්ම  ප්‍රතික්ෂේප කළේය. එම මුර්තිය සිනොඩ් සමුළුව වෙත ගෙන ආ කණ්ඩායමේ සාමාජික ජේසු නිකායික ෆර්නැන්ඩෝ ලෝපේස් පියතුමා කියා සිටියේ එය   "ජීවිතයේ ම නිරූපනයක්" බව  ය. එම කතාව මෙතැනින් කියවන්න:  සිනොඩ් කතිකාවට පැමිණ ආන්දෝලනයක් ඇති කළ 'ගැබිණි නිරුවත් ගැ

සිනොඩ් කතිකාවට පැමිණ ආන්දෝලනයක් ඇති කළ 'ගැබිණි නිරුවත් ගැහැණිය' ගේ පසුබිම: "ඈ ජීවිතයේ පිළිබිඹුවයි. දෙවියන් වහන්සේ යම් ආකාරයකින් මවක් ලෙස සංකේතවත් කරන ජීවිතයේ ම අභිරහස යි" - ඇමේසන් පරිව්‍රාජක කණ්ඩායමේ පියතුමා කියයි.

Image
"The image of the pregnant woman 'represents life',” Says Itinerant Priest: "It’s a mystery, life itself, signifies in a way that God is also mother." පාද නමස්කාරය ආරම්භ වූ අවස්ථාව - "නිරුවත් ගැබිණි ගැහැණිය" ගේ මුර්තිය වම් පස යට කෙලවරේ දැකිය හැකිය  (2019 ඔක්තෝබර 19) ඇමේසන් සිනොඩ් කතිකාවට මුල පිරෙන මොහොතේ දක්නට ලැබුණු ඇමේසන් ස්වදේශික ගැහැණියක ගේ රුව ගත්  "ගැබිණි නිරුවත් ගැහැණිය" ගේ දැවමුවා කුඩා පිළිරුවක් සසුන් පිය ප්‍රැන්සිස් විරෝධීන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඇමේසන් කලාපීය සිනොඩ් කතිකාවේ නායක රදගුරු හිමි වරුන් සමග ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් යැදුම් මෙහෙයක් කළ වතිකාන උයනේ  මෙම පිළිරුව මුලින් ම දක්නට ලැබිණි. එය ඇමේසන් ආදිවාසී ස්වදේශිකයන් භාවිත කරන කැනූ ඔරුවක් මත අඹා තිබූ නිරුවත් ගැබිණි මවක ගේ දැවමුවා කුඩා පිළිරුවකි. මුල සිට ම ඇමේසන් කතිකාවේ ඇද ම කතා කරන්නට පුරුදු වී සිටින විවේචකයන්  මේ පිළිරුව දුටු වහා ම කියා සිටියේ එය  ආදිවාසීන් ගේ මිථ්‍යා දෘෂ්ටික දෙවි කෙනෙකු බව ය. මේ මගින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මිථ්‍යා දෘෂ්ටික ඇදහි

විවාහ වූ පුදැදුරු වරුන් සහ කාන්තා ස්ථිර තේවාචාරී වරුන් : ඇමේසන් සිනොඩ් කතිකාවේ සාකච්ඡා වන අනෙක් උණුසුම් මාතෘකා දෙක

Image
Married Priests and Women Deacons: Two "hot" topics in Amazon Synod (2019 ඔක්තෝබර 15) ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් කතිකාව තුළ පසුගිය සතියේ සාකච්ඡාවට ගැණුනු කරුණු අතර උණුසුම් මාතෘකා දෙකක් වූ බව වතිකාන නිල නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා වලින් හෙළිදරව් වේ. එම මාතෘකා දෙක නම් විවාහක  පිරිමින්ට පුදැදුරුවරය දානය කිරීම සහ කාන්තා තේවාචාරී වරය එම ප්‍රදේශ සඳහා ස්ථාපිත කිරීම යි . මෙම "උණුසුම් මාතෘකා" දෙක එක් අතෙකින් මෙම සිනොඩ් කතිකාව කෙරෙහි සභාවේ සම්ප්‍රදාය මතවාදී කණ්ඩායම් වපරැසින් බැලීමේ හේතුවක් ද වී තිබේ. ඊට හේතුවකතෝලික පූජක වරුන් ගේ අනන්‍යතාවක් වන පූජක බඹසර නීතිය වෙනස් කිරීම 'දුර්ලබ්ධියක්' තරම් වරදක් බවට වොඋන් තර්ක කිරීමයි. එහෙත් ඇමේසන් කලාපයේ පුදැදුරු වරුන්, රදගුරු හිමිවරුන් සේ ම ගිහියන් ද පවසන්නේ විවාහක පූජක වරුන් එම කලාපයේ ධර්ම දානය හා සක්‍රමේන්තු දානය සඳහා මේ වන විට අත්‍යවශ්‍යම කරුණක් වී තිබෙන බවයි. ඉකුත් සතියේ බදාදා සාකච්ඡා වලදී මෙම මාතෘකා කෙරෙහි පුළුල් අවධානය යොමු වූ බව ඒ පිළිබඳව නිකුත් කරන ලද  වතිකාන නිල නිවේදනයේ සඳහන් විය. එම මාතෘකාව සාකච්ඡාවට ගැණුනේ ඇම

ඇංග්ලිකාන-කතෝලික සභා දෙකේම ගෞරවාදරයට ලක් වූ ඉංග්‍රීසි ජාතික කාදිනල් ජෝන් හෙන්රි නිව්මන් සාන්තුවරයට: "නව සාන්තුවරු අන්ධකාරයෙන් වට වූ ලෝකය කරුණාබරව ආලෝකවත් කරති"- එතුමන් ඇතුළු පස් දෙනෙකු සාන්තුවරයට ඔසවමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

Image
Pope at Canonization Mass: New saints "kindly lights" in the gloom of the world (2019 ඔක්තෝබර 13) මනහර සූර්යාලෝකයෙන් නැහැවී ආලෝකවත් වූ  සාන්ත පීතර චතුරශ්‍රය තුළ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැහැමි කතෝලික ජීවිත වලට සාක්ෂි දැරූ පස් දෙනෙකු සාන්තුවරුන් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  ඊට සහභාගී වීම සඳහා ලොව පුරා රටවලින් දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් වතිකානයට  පැමිණ සිටියහ. 19 වන වන සියවසේ එංගලන්තයේ ජීවත් වූ විශිෂ්ට දේවධර්මශාස්ත්‍රවේදියකු වූ කාදිනල් ජෝන් හෙන්රි නිව්මන් හිමි, සහ මාරියන් තෙරේසියා, ජිසේප්පිනා වන්නීනි, ඩුල්සේ පොන්ටෙස් හා මාර්ගරයිට් බේස් යන කන්‍යා  සොහොයුරියෝ එම පස් දෙනා ය. මේ අතරින් ලොව පුරා සෑම රටකම ජනතාව ගේ නෙත් සිත් ආකර්ෂණය කර ගත්  නව සාන්තුවරයා වූයේ ඉංග්‍රීසි ජාතික ජෝන් හෙන්රි නිව්මන් කාදිනල් තුමා ය. ජෝන් හෙන්රි නිව්මන් කාදිනල් තුමා විද්වතකු, දේව ධර්ම ශාස්ත්‍ර වේදියකු මෙන් ම කවියකු ලෙස ගෞරවාදරයට පත්ව සිටි  ජෝන් හෙන්රි නිව්මන්, මුලින් ඇංග්ලිකාන සභාවේ දේවගැති තුමෙක් විය. ඔහු එංගලන්තයේ සහ ලෝකයේ අවධානයට ලක් වූයේ 1830 ගණන් වලදී ය. විද්වතක

"පාපොච්චාරණයේ දී සොබා දහමට එරෙහි පාප පිළිගන්න; ඒවාට සමාව ඉල්ලන්න" -සිනොඩ් කතිකාවේ දී ඇමේසන් අගරදගුරු හිමි නමක් ඉල්ලයි

Image
"Admit sins against nature during confession" - An Amazon Archbishop says at the synod ඇමේසන් සිනොඩ් කතිකාවේ ආරම්භක පෙරහරේ අවස්ථාවක්  (2019 ඔක්තෝබර 12) සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය හෙවත් පාපොච්චාරණ සක්‍රමේන්තුවේ දී කතෝලිකයන් සොබා දහමට - එනම් පරිසරයට - එරෙහිව තමන් කල පාප පිළිගත යුතු යැයි  වතිකානය් දී මේ දිනවල පැවැත්වෙන ඇමේසන් සිනොඩ් කතිකාවේ දී යෝජනා වී තිබේ. අප යුගය තුළ යථාවක් බවට පත්ව තිබෙන "විසිකිරීමේ සංස්කෘතියේ" ප්‍රතිඵලයක් ලෙස මිනිසා සොබා දහම  බරපතල ලෙස විනාශ කරමින් තිබේ. මෙය මැවුම්කාරයාණන්ටත් අසල්වැසියාටත්  එරෙහි පාපයකි. මේ නිසා එම පව් පාපොච්චාරණය අවස්ථාවේ පිළිගෙන සමාව ඉල්ලා ගත යුතු බව ඊට  සහභාගී වන අගරදගුරු හිමි නමක් කියා සිටියේය. "අද දක්නට ලැබෙන පාරිසරික තත්වය භේද වලට පෙළඹවීමක් වී තිබෙනවා. එහෙත් පරිසරය අපට කෙතරම් වැදගත් ද යන්න සැලකිල්ලට ගැනීම වෙන කවරදාටත් වඩා අද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙනවා," යි බ්‍රසීලයේ පල්මාස් හි අගරදගුරු පෙද්රෝ බ්‍රිටෝ ගිමාරයෙස් හිමි ප්‍රකාශ කළේය. " පාරිසරික පාප. එය අපට නව වචනයකි. එසේ ම එය සභාවට ද නව වචනය

"කතෝලිකයන් 'පාරිසරික පාප' පිළිගත යුතුයි" - සිනොඩ් සාමාජිකයෝ පවසති; "පරිසර ඝාතය දෙවියන්ටත් අසල්වසියාට්ත් එරහිව කරන වරදක්"

Image
 Catholics need to recognize 'ecological sins,' synod members say (2019 ඔක්තෝබර 10) "පාරිසරික පාප" කතෝලික සභාව විසින් පිළිගන්නා ආකාරයෙන් කතෝලික සභාව සිය දේවධර්ම ශාස්ත්‍රය ගැඹුරු කළ  යුතු බව වතිකානයේ දී  මේ දිනවල මුළු දෙන ඓතිහාසික ඇමේසන් කලාපීය සිනොඩ් රදගුරු කතිකාවේ සාමාජිකයෝ පවසති. මෙය මේ දිනවල කතිකාව අමතන රදගුරු හිමිවරුන් සහ ගිහි වියතුන් විසින් අවධාරණය කරනු ලබන්නකි. " පරිසරයට එරෙහිව කරන පාපයේ බරපතල කම දෙවියන් වහන්සේට එරෙහි පාපයක් ලෙසත්, එය සිය අසල්වසියාට මෙන්ම අනාගත පරම්පරා වලට ද එරෙහි පාපයක්  ලෙසත් සහතික කෙරෙන ආකාරයේ 'පාරිසරික සිත් මාරුවක්' ("ecological conversion") අවශ්‍ය බව සමුළුවේ දේශකයන් පෙන්වා දෙන්නේ" යයි ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද වතිකාන පුවත් සාරාංශයක  සඳහන් වේ. "තිරය දෙස බලා සිටින ප්‍රේක්ෂකයකු ලෙස යථාර්ථය දෙස බලා ස්වාර්ථවාදයට  සහ උදාසීනත්වයට නැවැතීමේ තිත තැබිය යුතු ය. නිරන්තරයෙන් පාගා දමනු ලබන මානව ගරුත්වය කේන්ද්‍රය  වූ  වගකීම සහ පූර්ණ පාරිසරික සංහිඳියාව කේන්ද්‍ර කොටගත්  පාරිසරික සිත් මාරුවකට ආරාධනා කරමු," යි

"ශුද්ධාත්මයානන් වහන්සේ ශාලාවෙන් පිටතට පන්නා නොදමන්න!" - ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාව ආරම්භ කරමින් සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලයි.

Image
"Let us not kick the Holy Spirit out of the hall’- Pope Francis requests Synod participants  (2019 ඔක්තෝබර 7) ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් කතිකාව වතිකානයේ සිනොඩ් ශාලාවේ දී ඔක්තෝබර 7 වැනිදා උදාසන ආරම්භ විය. සිය ආරම්භක දේශනය කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ස්වදේශීය ආදිවාසී සංස්කෘතීන්ට අගෞරව කරන දෘෂ්ටිවාදයන් හෙලා දුටුවේය. එම සංස්කෘතීන් පහත්කොට සැලැකීම යථාර්ථයෙන් අප දුරස්කරන බව එතුමා පෙන්වා දුන්නේය. සිනොඩ් කතිකාවේ කර්තෘවරයා ශුද්ධාත්මයානන් වහන්සේ බැවින් උන්වහන්සේ ශාලාවෙන් පන්නා නොදමන ලෙස ද එතුමා එහි රැස්ව සිටි රදගුරු හිමිවරුන් 185 දෙනා සහා සියයක් පමණ වන සෙසු සමාජිකයන් ගෙන් ඉල්ලා සිටියේ ය. " දෘෂ්ටිවාදය (Ideology) යනු භයානක ආයුධයකි. එය ලඝුකාරකයක් වන අතර සංස්කෘතියකට ගෞරව කිරීමෙන් හෝ එය පිළිගැනීමෙන්  තොරව එම සංස්කෘතිය  බුද්ධිමත් ව තේරුම් ගෙන ඇති බව ව්‍යාජයෙන් පෙන්වීමට එය අප යොමු කරයි. එවැනි සටන් පාඨවල ප්‍රතිඵලය වන්නේ බෙදීම, විනාශ කිරීම සහ (සංස්කෘතියක්) මුලිනුපුටා දැමීම යි. ඇමේසන් කලාපයේ ජීවත් වූ ස්වදේශික ජනතාව ගෙන් බහුතරයක් මුලිනුපුටා දමනු ලැබීම තුළ මෙහි බියකරු  ප්‍රතිඵලය දැ

"ගින්න 'ගින්නෙන්' නිවන්නට එක්වෙමු" - ඓතිහාසික ඇමේසන් සිනොඩ් රදගුරු කථිකාවේ සමාරම්භක දිව්‍ය පූජාව ඔප්පු කරමින් සුදොතුම් පියතුමා ඇරියුම් කරයි- "නුවණක්කාර බව යනු පවත්නා තත්වය රැක ගැනීමට සැකයේ අළු තුළ ආත්මයාණන් සිර කිරීම නොව ආත්මයාණන් ගේ නව්‍යතාවයට ඉඩ දීමයි"

Image
"Prudence is the virtue helping to discern, to be receptive to the newness of the Spirit" Pope tells Amazon Synod Fathers; "Fight fire with 'Fire' " - He invites them  සිනොඩ් කථිකාවේ ආරම්භක දිව්‍ය පූජාවේ පඬුරු  පෙරහරට සිය ආදිවාසික ඇඳුමින් පැමිණි තරුණ තරුණියන් (2019 ඔක්තෝබර 06) මීට මාසයකට කළින් සමස්ත ලෝකයම බියෙන් තැතිගෙන දැවැන්ත බියකරු ගින්නක් දෙස බල සිටියේ ය. එනම් ලැව් ගිණි 80,000කට ආසන්න සංඛ්‍යාවක් විසින් ඇමේසන් වැසි වනාන්තරයේ වර්ග කිලෝ මීටර 4000 කට ආසන්න ප්‍රමාණයක්  ගිණි ගෙන දැවී විනාශ වන අකාරය යි. මිහිතලයේ වාතය පිවිතුරු  කරන  ඇමේසන් වැසි වනාන්තරය සැලකෙන්නේ පෘථිවියේ එක් පෙනහල්ලක් ලෙසයි. ලෝක ජෛව විවිධත්වයෙන් සියයට 10කට වැඩි ප්‍රමාණයක් හුස්ම ගන්නේ ද මේ වනාන්තරය තුළ වන අතර එය කෝටි  සංඛ්‍යාත සවදේශික ආදී වාසී ජනතාවක ගේ නිජ බිම ද වී තිබේ. ගින්නෙන් එය විනාශ වීම විශේෂයෙන් ම අමසෝනියන් කලාපීය ජනතාවට දැවැන්ත හානියකි. ඇමසෝනියාන කලාපීය ජනතාව මේ වන විට ඉතිහාසයේ දැවැන්ත පාරිසරික, සමාජයීය, ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිති. මේ ගැටළු වලට ක

දයානුකම්පාවේ සහ කරුණාවේ දූත සේවාවට 'පක්ෂපාතී' වන්නැයි කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගන්වමින් සුදොතුම් පියතුමා අනුශාසනා කරයි

Image
Holy father exhorts new cardinals to be 'loyal' to ministry of compassion and  kindness (2019 ඔක්තෝබර් 5) මීළඟ සුදොතුම් පියතුමන් තෝරාගන්නා කාදිනල් කණ්ඩායමට ඇතුලත් වන 10 නමක්  ඇතුළු 13 නමක් කාදිනල් හිමිවරුන් ලෙස නිල ගන්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලයේ මුල් ගලක් බඳු වූ ගුණධර්මයෙන් පිරිපුන් වන්නැයි ඔවුනට අනුශාසනා කළේය. එම ගුණ ධර්මය නම්, දයානුකම්පාව යි.  ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයන් අතර දයානුකම්පාව ගැන කතා කළත් එය ජීවිතයෙන් ජීවත් කරන්නට අසමත් වන අයගේ දීර්ඝ ඉතිහාසයක් ඇති බව ද එතුමා කියා සිටියේ ය. "දෙවියන් වහන්සේ සිය ජනතාව වෙත ඇති ප්‍රේමය දයානුකම්පා දියෙන් පෙඟී තිබේ. එය කෙතරම් දයා දියෙන් පෙඟී ඇත් ද යත් මෙම ගිවිසුම් සම්බන්ධය තුළ දිව්‍යමය වූයේ කවරක් ද එය කරුණාවන්ත ය; අනුකම්පා සහගත ය. එසේම, මනුෂ්‍යමය වූයේ කවරක් ද එය  දයානුකම්පා විරහිත බව පෙනී යන්නේ යයි අපට කනාගාටුවෙන් ප්‍රකාශ කළ හැකි යැ "යි  එතුමා පෙන්වා දුන්නේය. (“God’s love for his people is drenched with compassion, to the extent that, in this covenant relationship, what is divine is compassi

"ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබගේ සැලසුම් ප්‍රකාශයට පත් කරන්න": - 2019 ජනාධිපති වරණය පිළිබඳව කරිටාස් ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ නිවේදනය

Image
ජාතික දේහයේ ඉදිරි ගමනට  ඉතා තදින් බලපා ඇති කාරනා කිහිපයක් පිළිබඳව සියලුම ජනාධිපති  අපේක්ෂකයන් ගේ ස්ථාවරය හා ප්‍රතිපත්තිය දැන ගැනීමට රටේ කතෝලික ජනතාවට අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා ජාතික කරිටාස් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.  එම ආයතනය ජනාධිපති අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්තිය දැනගැනීමට බලාපොරොත්තුවන ක්ෂේත්‍ර අතර මේවා ද වේ: ජනවාර්ගික සහ ආගමික ගැටුම් නිරාකරණය කිරීම සහ  අතුරුදන් වූවන් හා පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම වැනි කාරණා විසඳීම යන කරනු සම්බන්ධයෙන් අපේක්ෂකයන් ගේ  ක්‍රියාකාරී සැලැස්ම කවරේ ද? බලය විමධ්‍ය ගත කිරීම ඇතුළු සියලු කොටස් වල අභිලාෂයන් ඉටුවන ආකාරයෙන් සියලු කොටස්වල සහභාගීත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම; නීති විරෝධී මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීම; අල්ලස් සහ දුෂණ සම්බන්ධයෙන් චෝදනා පවතින සියලුම දේශපාලකයන් ඇතුළු  නිලධාරීනට එරෙහිව අපක්ෂපාතී නෛතික  ක්‍රියා මාර්ග ගැනීම; සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල යහපාලනය සහතික කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රනයක් සැකසීම; යුක්තියේ